අක්‍රමවත් ආර්තව පද්ධතියක් ඇති ඔබටත් දරු සුරතල් බලන්න පුළුවන් පහසු ක්‍රම

Share this article with other mums

ඔබත් දරු සුරතල් බලන්න මග බලාගෙන ඉන්නවද? නමුත් ඔබේ ආර්තව පද්ධතිය ක්‍රමවත් නැද්ද?

ඔබත් දරු සුරතල් බලන්න මග බලාගෙන ඉන්නවද? නමුත් ඔබේ ආර්තව පද්ධතිය ක්‍රමවත් නැද්ද?

නමුත් ඊට ඇති පිළියම් හුඟක් තිබෙන බව විශේෂඥයන් පවසනවා. ක්‍රමවත් ආර්තව චක්‍රයක් පැවතීම ඔබට ගැබ් ගැනීමට ඇති හැකියාව කියාපානවා. මේ අතරම මේ ක්‍රියාවලියේදී ශරීරය තුළ ඊස්ට්‍රජන් හෝර්මෝනය නිපදවෙනවා. ඒ නිසා ශරීරය හැම මාසයකම ආර්තවහරණයට ශරීරය සුදානම් කරනවා.

සාමාන්‍ය ආර්තව චක්‍රය වැඩිහිටියන්ට දවස් 28 ක් හා යෞවනියන්ට දින 21-45 දක්වා වෙනවා. නමුත් හැම කාන්තාවකටම මෙය නිසි ලෙස සිදුවන්නේ නැහැ.

අක්‍රමවත් ආර්තව චක්‍රයක් වැඩිහිටියන්ටත් යෞවනියන්ටත් තිබෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් එය ගැටළුවක් වන්නේ නැහැ. නොදන්නා දිනයක ආර්තවහරණය සිදුවීම හා ගැබ්ගැනීම අපහසු කරවීම මේ මගින් වෙන්නට පුළුවන්.

මේ පිළිබඳ ඒෂියන් පේරන්ට් සිංගප්පුරුවේ සාපල්‍යතා මධ්‍යස්ථානයේ වෛද්‍ය චියෝන්ග් ගෙන් විමසා සිටියා. වෛද්‍යවරයාට අනුව මෙවැනි ගැටළු ඇති අයට මග පෙන්වීම කළ හැකි බව පවසනවා. ඇය මෙම මාතෘකාවේ සෑම පැතිකඩක් ගැනම ප්‍රවීණත්වයක් දරනවා.

අක්‍රමවත් ආර්තවහරණයට හේතු මොනවද?

මෙම අක්‍රමවත් ආර්තවහරණයට ඇතුලින් විය හැකි රුධිර වහනය ඇතුළු හේතු ගණනාවක් තිබෙන්නට පුළුවන්.

අක්‍රමවත් ආර්තවහරණය

  • පොලිප්ස් (polyps) හෝ ෆයිබ්‍රොයිඩ්ස් (fibroids) ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව ඇතිවීම
  • හෝර්මෝන වල ඇති අසමතුලිතතාවන් හා පොලිසිස්ටික් ඔවේරියන් සින්ඩරෝම් (polycystic ovarian syndrome) තත්වය
  • දියවැඩියාව හා වකුගඩු පිළිබඳ ගැටළු නිසා ඇතිවන්න පුළුවන්

නමුත් නිසි සත්කාර මගින් ගර්භණි භාවය ලබා ගන්න පුළුවන්.

ප්‍රශ්නය :

කාන්තාවකට ගැබ් ගැනීමට අක්‍රමවත් මාස් ශුද්ධිය බලපාන්නේ ඇයි?

ඩිම්බනිහරණයෙහි ඇති ගැටළු මීට හේතු වෙන්න පුළුවන්. ඩිම්බනිහරණ මගින් දරුවෙකු පිළිසිඳ ගැනීමට අවශ්‍ය ඩිම්බ නිකුත් කිරීම සිදුවෙනවා. ඉන් ඩිම්බය පිළිසිඳ ගැනීමක් දක්වා ගමන් කරනවා.

ප්‍රශ්නය :

ගැබ් ගැනීමකට උත්සාහ කරන කාන්තාවක් අක්‍රමවත් ආර්තවහරණයක් ඇත්නම් කළයුත්තේ මොනවද?

පළමුව සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු ලවා අක්‍රමවත් ආර්තවහරණයට හේතු දැනගැනීම කළයුතු වෙනවා. මේ නිසා සුදුසුම ප්‍රතිකාරය වෙත යොමු කළහැකි වෙනවා. නිසියාකාර ලෙස මාස් ශුද්ධිය සිදුවීම සාර්ථක ගැබ් ගැනීමකට ප්‍රමාණවත් වෙනවා.

ප්‍රශ්නය : චර්යාවේ වෙනස්කම් කළයුතුද?

අධික ස්ථුලතාවයද අක්‍රමවත් ආර්ථවහරණයට හේතු විය හැකියි. නිසි ව්‍යායාම මගින් මනා ශරීර සෞක්‍යක් පවත්වා ගැනීමත් මෙහිදී වැදගත් වෙනවා. බොහෝ සෞක්‍ය ගැටළු නොමැතිව (BMI) උසට සරිලන බර වැඩිවීමක් ඇත්නම් නිසි ආර්තවහරණයට ප්‍රතිකාර කිරීම මගින් තත්වය සමබර කරගත යුතු වෙනවා.

ප්‍රශ්නය : පොලිසිස්ටික් ඔවේරියන් සින්ඩරෝම් තත්වය ඇත්නම් ප්‍රතිකාර මාරු කළයුතුද?

රෝග තත්වය ඩිම්බනිහරණය අක්‍රමවත් වීම නිසා ඇති වෙනවා. මේ නිසා අධික කුරුලෑ, මුහුණේ අනවශ්‍ය රෝම, අධික ලෙස බර වැඩිවීම ඇති වෙනවා.

මේ නිසා මෙවැනි කාන්තාවන්ට ඩිම්බනිහරණයට ප්‍රතිකාර ලබා ගෙන ගර්භණි භාවය ලබා ගැනීමට හැකි වෙනවා. බලාපොරොත්තු වන ලෙස ගැබ් ගැනීමක් නොවන්නේ නම් ප්‍රතිකාර සමග ව්‍යායාම, දිගුකාලින සෞක්‍යමය

පැවැත්මක් සිදුකළයුතු වන අතර නැතිනම් පසුකාලීනව හෘද ආබාධ හා පිළිකා වැනි තත්ත්ව වලට ගොඳුරු වීමේ අවදානමක් තිබෙනවා.

ප්‍රශ්නය : අක්‍රමවත් ආර්තවහරණයක් සඳහා කළයුතු විශේෂ දේවල් තියෙනවද?

පළමු කාරණය අපට ඇති ගැටලුව වෛද්‍ය විද්‍යානුකූලව සොයාගැනීමයි. ඉන් පසුව ඊට ගැලපෙන සත්කාර හා ප්‍රතිකාර ඉක්මනින් සිදුකළ හැකියි.

මව් පදවිය හැම කාන්තාවකගේම සිහිනයක්. ඒ සිහිනය වෙනුවෙන්  theAsianparent Sri Lanka මේ අගනා ලිපිය ඔබට තිලිණ කරනවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

Getting pregnant