අක්‍රමවත් ඔසප් චක්‍රයක් ඇති කාන්තාවන් දරු පිළිසිඳ ගැනීමකට කළ යුත්තේ මොනවද?

අඹු සැමියන්ගේ අපේක්ෂාව නිරෝගී දරුවන් ලැබීමයි. තාක්ෂණය ඉතාම දියුණු ලෝකයක් තුළ අද ඔබගේ ගැටළු වලට පිළිතුරු තියෙනවා. ඒ වෙනුවෙන් මේ දැනුවත් කිරීම ඔබට කරන්නට සිතුවා.

සාමාන්‍යයෙන් වැඩිහිටියෙකුගේ මාසික ඔසප් චක්‍රය දින 28 ලෙසත් යෞවන වියේ දියණියකගේ දින 21-45 දක්වා විය හැකි ලෙස සඳහන් වෙනවා. නමුත් හැම කාන්තාවකටම ක්‍රමවත් ඔසප් චක්‍රයක් නැහැ.

මෙලෙස අක්‍රමවත් වීම තරම් ගැටළුකාරී තත්වයක් නොවුනත් එය පිළිසිඳ ගැනීමකදී ගැටළුකාරී තත්වයක් බවට පත්වීමට පුළුවන්. නමුත් එවැනි තත්වයක් ඇති කාන්තාවකට මවක් වීමට නොහැකි වන්නේ නැහැ. නමුත් ඊට මනා සැලසුමක් තිබීම අවශ්‍ය වෙනවා.

මෙම තත්වය පිළිබඳ සිංගප්පුරුවේ සාපල්‍යතා මධ්‍යස්ථානයේ වෛද්‍ය චෙයින්ග් විසින් අදහස් දක්වා තිබුණා. ඔහුට නිතර මෙවැනි ගැටළු සහිත අඹු සැමියන් මුණ ගැහෙනවා. ඔහු නාරිවේදය, පිළිසිඳ ගැනීමේදී ඇතිවන සංකූලතා, නිසරු බව වැනි අවස්ථාවන් පිළිබඳ ප්‍රවීනත්වයක් උසුලනවා.

ප්‍රශ්නය : අක්‍රමවත් ඔසප් චක්‍රයකට හේතු මොනවද?

පිළිතුර : අක්‍රමවත් ආර්තව චක්‍රයක් ඇත්නම් ඒ පිළිබඳ නිසි පර්යේෂණයන් කිරීම වැදගත්.

බොහෝ විට

  • පොලිප්ස් හා ෆයිබ්‍රොයිඩ් තත්වය ගර්භාෂය ආශ්‍රිත පද්ධතිය තුළ ඇතිවීම.
  • සමහර හෝර්මෝන වල සමබරතාවය නැතිවීම පොලිසිස්ටික් ඕවරියන් සින්ඩ්‍රොම් තත්වය.
  • දියවැඩියාව හෝ වෙනත් රෝගාබාධ වැනි හේතුන්ද මිට මූලික ගැටළු ලෙස ඇතිවන්න පුළුවන්.

නිතරම අක්‍රමවත් ආර්තවහරණය, ඩිම්බනීහරණය අක්‍රමවත් වීම නිසා සිදුවෙනවා. ඩිම්බනීහරණය ප්‍රතිකාර කිරීමෙන් මෙම තත්වයෙන් මිදෙන්න පුළුවන්.

ප්‍රශ්නය : අක්‍රමවත් ඔසප් චක්‍රයක් ඇතිවිට එය ගැබ් ගැනීමකට බලපානේ කෙසේද?

පිළිතුර : එමගින් ඩිම්බනීහරණයේ ඇති ගැටළු කියාපානවා. ඩිම්බ නිෂ්පාදනය වීම ගැබ් ගැනීමක මූලික ක්‍රියාවලියක් නිසා, නිසි කළ මෙම ක්‍රියාවලිය සිදුනොවිමෙන් ගැබ් ගැනීමක් සිදුවෙන්නේ නැහැ.

ප්‍රශ්නය : ගැබ් ගැනීමක් අපේක්ෂා කිරීමට පෙර අක්‍රමවත් ඔසප් චක්‍රයක් ඇති කාන්තාවන් කළ යුත්තේ මොනවද?

පිළිතුර : සාපල්‍යතා විශේෂඥයෙකු හමුවීම පළමුව සිදුවිය යුතු අතර අක්‍රමවත් ආර්තවහරණයට හේතු දැනගැනීම වැදගත්. නිසි ගැටලුව හඳුනාගැනීමෙන් නිසි ප්‍රතිකාර සිදුකළ හැකි වෙනවා.

ප්‍රශ්නය : කාන්තාවකට අක්‍රමවත් ඔසප් චක්‍රයක් ඇත්නම් ප්‍රතිකාර වලට අමතරව කළහැකි දේවල් මොනවද?

පිළිතුර : සාපල්‍යතාවය මීට ප්‍රධාන හේතුවක් වන්නට පුළුවන්. ඔබේ BMI දර්ශකය ගැන දැනුවත් වීම, ආහාර පාලනය වැනි දේවල් ඊට උදව් වන්නට පුළුවන්.

පර්යේෂණ වලින් බොහෝ ගැටළු නැතත් සාපල්‍යතාවය පමණක් දකින්නට ඇත්නම් එය පාලනය කිරීම මගින් ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

ප්‍රශ්නය : වර්තමානයේ හුඟක් කාන්තාවන් අක්‍රමවත් ඩිම්බානුහරණය (PCOS) යන ගැටලුවෙන් පඩා විඳිනවා. මේ තත්වය ඇත්නම් ප්‍රතිකාර වෙනස් කළ යුතුද?

පිළිතුර : මේ තත්වය ඇතිවිට අධික කුරුලෑ, මුහුණේ අනවශ්‍ය රෝම, අනවශ්‍ය ලෙස බර වැඩිවීම වැනි තත්වයන් දක්වන්න පුළුවන්. ඉක්මනින් දරුවෙක් බලාපොරොත්තු වන්නේ නම් ශරීර බර අඩුකර ගැනීම මගින් PCOS මගින් දීර්ඝකාලීනව ඇතිවිය හැකි බොහෝ ගැටළු අඩුකර ගැනීමට පුළුවන්. ඉන් ඇතිවෙන රෝග දියවැඩියාව, ගර්භ ක්ෂේත්‍ර පිළිකා වැනි රෝග වලින් වැළකීමට පුළුවන්.

ප්‍රශ්නය : අක්‍රමවත් ඔසප් චක්‍රයක් ඇති අයෙකුට ගැබ් ගැනීමක් අවශ්‍ය කරයි නම් ඔබ දෙන උපදෙස් මොනවද?

පිළිතුර : වැදගත්ම අවවාදය නිසි වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගැනීම. එක් එක් අයට සුවිශේෂී ප්‍රතිකාර මගින් ඔබේ බලාපොරොත්තු ඉටු කරන්න පුළුවන්.

අඹු සැමියන්ගේ අපේක්ෂාව නිරෝගී දරුවන් ලැබීමයි. තාක්ෂණය ඉතාම දියුණු ලෝකයක් තුළ අද ඔබගේ ගැටළු වලට පිළිතුරු තියෙනවා. ඒ වෙනුවෙන් theAsianparent Sri Lanka මේ දැනුවත් කිරීම ඔබට කරන්නට සිතුවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ