අඬන පැටියා නළවන්න හොඳම ක්‍රමය

lead image

වෛද්‍ය හැමිල්ටන්ගේ මේ උපායන් මගින් ඔබට මිනිත්තුවක් වැනි කෙටි කාලයකින් පැටියාගේ හැඬීම නතර කරන්න පුළුවන්.

වෛද්‍ය රොබට් සී හැමිල්ටන් සැන්ටා මොනිකා කැලිෆෝර්නියාවේ හි ඉතා පිළිගත් ළමා වෛද්‍යවරයෙක්. අන්තර්ජාලයට මුදාහල මේ වටිනා වීඩියෝවෙන් දරුවෙකු නළවාගන්න හැටි හරි ලස්සනට පැහැදිළි කරනවා.

ඔබ මෙය අසා ඇතැයි සිතුවත් හැමිල්ටන්ගේ “Hold” එක නැතිනම් දරාගැනීම ඊට වඩා බොහෝ ප්‍රතිඵල දායකයි.

මේ ක්‍රමය වෛද්‍ය හැමිල්ටන් හඳුන්වා දෙන්නේ වසරක් පමණ අත්දැකීම් හා පර්යේෂණ වලට පසුවයි. වෛද්‍ය ප්‍රතිකාර වගේම එන්නත් කිරීම් වලින් පසු දරුවන් නැළවීම ඉතා අපහසුයි. නමුත් ඔහු සතුව තිබූ ඉවසීමේ ශක්තිය ඊට මේ උපාය මාර්ග ටික කරගන්න මග පෑදුවා.

මේ සරල දරා ගැනීම ඔවුන්ගේ වේදනාවන් අපහසුතාවයන් මගහැරියා. ඉතින් දෙමාපියන්ට එය අත්හදා බලන්න පුළුවන්.

 way to soothe a crying baby

මෙහි ප්‍රධාන ක්‍රමයන් ගැන අවධානය යොමු කරමු. මෙම වයිරල් වීඩියෝව තුළ දරුවට වෛද්‍යවරයා විසින් එන්නතක් ලබා දීමත් ඉන් දරුවා වේදනාවෙන් හා බිය නිසා අඬන බව දැක්වෙනවා. දැන් හැමිල්ටන් විසින් ඔහුගේ  ක්‍රමය ක්‍රියාත්මක වන ආකාරය පෙන්වනවා.

 way to soothe a crying baby

වෛද්‍යවරයාට අනුව දරුවා සෙලවීම හෝ පැද්දවීම කිසිසේත්ම නොකළ යුතු වන අතර අතේ මස් පිඬු අත ප්‍රදේශයේ මස් ඇටකටු ඇදෙන ස්වභාවයෙන් දරුවා දරාගැනීම නොකළ යුතුයි.

මෙසේ කියන අතරතුර දරුවාගේ පිටුපස අතේ භාහුව මත තබා සුරක්ෂිතව තබා ගතයුතුයි.

දෙවනුව දරුවාගේ වමත හා දකුණු අත කතිරයක් සේ මාරු කර දරුවාගේ අත් එක් ආකාරයකට අල්ලා ගන්න. දරුවා 45˚ ආකාරයට තබන්න අමතක කරන්න එපා.

 way to soothe a crying baby

ඉන් පසු දරුවාව ඉදිරියට පිටුපසට සෙමෙන් පද්දන්න. දරුවා සන්සුන් වේවි. හැමිල්ටන්ගේ ඉවසීමේ වැදගත්කම ඔබට දැනේවි. අනෙක් අතට එය අමාරු කාර්යයක් ලෙස දැනුනත් ඉවසීම වැදගත් යැයි අපි පවසන්නේ ඒ නිසයි.

 way to soothe a crying baby

මෙම වීඩියෝව නැවත නැවත නරඹා ඔබට ඒ ගැන හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන් වේවි. theAsianparent Sri Lanka තවත් වැදගත් මාතෘකාවක් ඔබ වෙනුවෙන් කතා කළේ ඔබේත් දරුවාගේත් සතුට වෙනුවෙන්මයි.

Video එක දැන් බලන්න 

Written by

theAsianparent