අත් වල රැඳෙන විෂබීජ ඔබේ බිළිඳාගේ මරණය වුවත් ළඟා කරයි

lead image

පිරිසිදු නොකළ දෑත් නිසා තම දරුවෙකුට ඇති වු භයානක ඉරණම ගැන පියෙකුගේ පසු සටහන.

‘RSV’ රෝගය ගැන ඔබ අහල තියෙනවද? නොතිබෙන්න පුළුවන්. මේ මාරාන්තික ස්වසන රෝගය ඇමෙරිකාවේ මිචිගන් නගරයේ එක තාත්තා කෙනෙකුගේ පුංචි බබාට ළඟදී හදුනා. ඒ චූටි පැටියා නැතිවෙන්නත් ගියා මේ රෝගය නිසා. මේ, ඒ තාත්තාගේ කතාවයි.

සමහරවිට අප කල යුතු ඉතා සුළු දේවල් පවා අපිට විටෙක අමතක වෙනවා. දෑත් සේදීමත් ඒ අතර විශේෂයි. කෑමට පෙර, වැසිකිලි යාමෙන් පසු, නිවෙස පිරිසිදු කිරීමෙන් පසු අදී විවිධ අවස්ථාවන් වලදී අපිට ගොඩක් කුණු අතේ රැදිලා තියෙනවා. නොදැක්කත් නොපෙනෙන බොහෝ විෂබීජ අත තුළ රැදෙන්න පුළුවන්.

අපේ කතාවේ තාත්තාටත් මේ අත පසු වීමෙන් ඉතා අමිහිරි අත්දැකීමකට මුහුණ දෙන්න සිදුවුණා. ඔහු දෑත් පිරිසිදු නොකර තම බිලිඳු දරුවා වඩාගෙන තිබුණා. ඔහුගේ දරුවා RSV නිසා මාරාන්තික ස්වසන රෝගයෙන් බේරුණේ අනුනවයෙන්.

RSV කියන්නේ ශ්වසන නාල අවහිර කරමින් මාරාන්තික තත්වයක් දක්වා වැඩිකරන රෝග තත්වයක්. එමගින් පෙනහළු අකර්මන්‍ය  වි මරණය ඇතිවෙනවා.

අපි ඉහතින් සඳහන් කල තාත්තා ඔහුගේ දරුවාව මෙනින්ජයිටිස් රෝගය නිසා ඉස්පිරිතාලාගත කරලා තිබුනා. ඔහුගේ සමාජ වෙබ් අඩවියක සදහන් කර තිබුණේ “සඳුදා වන විට අපිට අපේ දරුවා ගැන විශ්වාසයක් තැබිය නොහැකි තරමට ඇය දුර්වල වුණා. වෛද්‍යවරු පවා ඒ ගැන විශ්වාසය අත්හැරලයි තිබුනේ වාසනාවකට ඇගේ ජීවිතය බේරුණා”.

මේ දරුවා RSV ට අමතර මේ සමගම තවත් දරුණු ස්වසන රෝග ගණනාවකටම ගොදුරු වි තිබුණා. දකුණු පෙනහැල්ල සම්පුර්ණයෙන් ම වගේ අකර්මන්‍ය වෙලා තිබුණා.

“ඇය හුඟක් දුක් වින්දා. එත් දැන් ඇය හුඟක් හොඳින් ඉන්නවා. ඇය මේ අභියෝගය අශිර්වාදයකින් වගේ ජය ගැනීම නිසා මට මගේ දුව ගැන තවත් ආඩම්බර හිතෙනවා”.

ඔහු තව දුරටත් කියා සිටියේ “RSV කියන්නේ විහිළුවක් නෙමෙයි. මගේ දුව පසුගිය සතියේ ජීවිතයත් මරණයත් අතර යෙදුන සටනේදී තමයි මම මේකේ භයානකකම අත්දුටුවේ”.

“පුංචි දරුවොත් එක්ක වැඩ කරන්න පෙර අත් සෝදන්න කියල මම හැම කෙනෙකුගෙන්ම ඉල්ලන්නේ අපි එහි භයානකකම අත්දැකපු නිසාමයි” කියා ඔහු පැහැදිලි කරයි.

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2016/11/rsv2.jpg අත් වල රැඳෙන  විෂබීජ ඔබේ බිළිඳාගේ මරණය වුවත් ළඟා කරයි

මේ චූටි පැටියා RSV රෝගයෙන් බේරුණේ අනූනවයෙන්

ටෙක්සාස් හි ළමා රෝග විශේෂඥ වුරි බ්‍රවුන් පවසන්නේ මෙය ඉතාම දරුණු වෛරසයක්. 97% ක් දරුවන්ට ඉතා දරුණු කැස්ස, හෙම්බිරිස්සාව වැනි රෝග ලක්ෂණ වලින් පසු සති 6 කට පමණ පසුව සුවය ලබන්නට පුළුවන් වුවත් සමහර දරුවන්ට එය එසේ වෙන්නේ නැහැ.

සමහර දරුවන්ට කෘතිම ලෙස ඔක්සිජන් ලබා දීම පවා සිදුකරන්න වෙනවා. එසේම RSV රෝගය වැළඳුන අයෙක් කැස්ස, කිවිසීම, වැනි රෝග ලක්ෂණ වලින් තවත් අයෙකුට එය බෝවීමේ අවදානම ඉතා වැඩි බව සොයාගෙන තිබෙනවා. ඒ නිසා මේ රෝග වලින් නිකරුනේ  විඳවනවට වඩා සැමවිටම දරුවන් ස්පර්ශයට පෙර අත සෝදන්න පුරුද්දක් කර ගැනීම අතිශය වටිනා කාරණයක් බව දැන් ඔබට වැටහෙනවා නේද?

මෙය ඉතා සුළු දෙයක් ලෙස පෙනුනත් අපේ දරුවන් වෙනුවෙන් මෙවැනි පුංචි පුරුද්දක් ඇති කර ගැනීම ඔවුන් ජිවිතයට අතිශය වැදගත්කමක් එක් කරන බව දැන් ඔබ තේරුම් ගෙන ඇති. අපි හැමදාමත් ඔබව මෙවැනි කරුණු වලින් දැනුවත් කරන්නේ දරුවන්ව රැක ගැනීම අපි හැමෝගෙම වගකීමක් ලෙස සිතන නිසයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ