අපේ අතීතයෙන් දරුවන්ට පාඩම්: රටේ ඉපැරණි තැන් ගැන දරුවන්ට කියා දෙන්න

පුංචි පුතාට රටේ ඉතිහාසය ගැන ගැන කියා දෙන්න මට පුළුවන් වුණා. ඔබත් එවැනි අවසථාවක් උදා කර ගැනීමේ වැදගත්කම මතක් කර දීමට මේ ලිපිය ලියන්නට සිතුවා.

ඔබේ දරුවාට රටේ ඉතිහාසය ගැන කියා දිය යුත්තේ ඇයි? පුංචි පුතාට ඒ ගැන කියා දෙන්න කටයුතු කරගෙන යන්න මට පුළුවන් වුණා.

ඔබත් එවැනි අවසථාවක් උදා කර ගැනීමේ වැදගත්කම මතක් කර දීමට මේ ලිපිය ලියන්නට සිතුවා.

ලොකු සුදානමක් නැතත් එදා මම කාර්යාලයෙන් නිවාඩුවක් අරගෙන කොළඹ කෞතුකාගාරය බලන්න යන්න මගේ පුංචි පුතත් එක්ක තීරණය කළා. එය ඔහුට ඉතා කුතුහලයෙන් පිරි දවසක් වුණා.

ඔබට කෞතුකාගාරයට පිවිසීමට ඉතා කුඩා මුදලක් ගෙවා ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන බොහෝ අතීතයේ කරුණු දරුවන්ට පෙන්වා දෙන්න පුළුවන්.

ගල්කණු, රජවරු, ඔවුන්ගේ ඇඳුම් වගේම අපේ සම්ප්‍රදායික ගොවිතැන් ක්‍රම, පුරුදු ජනකවි මේ හැම දෙයක් ගැනම කොළඹ කෞතුකාගාරයට ගියහම ඔබට දැනගන්නත් පුළුවන්.

කිසිදා දැක නැති අතීතය වුන රසබර කතාවක් දරුවන්ට කියනවා සේ කියා දෙන්න

දරුවන් කතා අහන්න කැමතියි. ඉතිහාස කතා ගැන ඔවුන්ට ලොකු වැටහීමක් නැතත් මෙය ඊට මුලාරම්භයක් දෙන උත්තේජනයක් වනවා. එතැන් පටන් ඔහු දකින රජවරු, සිංහාසන, ඇඳුම් පැළඳුම් ආදිය ගැන ඔහු කියවන්නත් සොයන්නත් යොමු වෙනවා.

නිර්මාණශීලිත්වයට අතීතයෙන් අභියෝග ඇති බව දරුවා දැනගන්නවා

කෞතුකාගාරයක තැම්පත් කර ඇති අතීත අසමසම නිර්මාණ දැකීම නිසා තම කුසලතා වර්ධනය කර ගැනීමට තමන් උත්සාහ කළයුතු ආකාරය හා ඈත අතීතයේ එවැනි ශ්‍රේෂ්ඨ මිනිසුන් කොතෙකුත් සිටිය බවද දරුවන්ට මතක් කර දීමක් වෙනවා.

මිනිසුන් තුළ තිබූ දක්ෂතා හඳුනා ගන්න

එදා කළ බොහෝ නිර්මාණ අදහගන්නත් අමාරුයි. ගල්කැටයම්, ලීකැටයම්, බුදුපිළිම ආදිය දෑතින් නිමකළ කලාකරුවන් හා වර්තමනයේ කලා නිර්මාණ සසඳන්න ඔවුන්ට කියා දෙන්න. එහි උසස් බවත් තමන්ගේ නිර්මාණ වලට ඒවා උපයෝගී කර ගත හැකි ආකාරයත් කියා දෙන්න.

අතීතයේ දේවල් ආවර්ජනය කළහැකි ලෙස කටයුතු කරන්න උගන්වන්න. එදා අපේ මිනිසුන් ආදර්ශවත් ලෙස රට දියුණු කළ සැටිත් අද නවීන තාක්ෂණයෙන් ඉතා පහසු වැඩ ඔවුන් සමගිය සහජීවනය නිසා අවසන් කළ බව ඔවුන්ට කියා දෙන්න.

කැපවීම, අධිෂ්ඨානය, නොපසුබස්නා උත්සාහය

දෑතින් කළ සුවිසල් දාගැබ්, වැව් මිනිස් ශ්‍රමයෙන් සිදු කළේ ඔවුන් තුළ වූ කැපවීම, අධිෂ්ඨානය හා උත්සාහය නිසා බව ඔවුන්ට කියා දෙන්න. ඔවුන් තුළ වගේම ඒ සමාන විර්යයක් අප තුළද ඇතිකර ගැනීමෙන් විරුවන් ලෙස ලෝකය දිනන්න හැකිවන බව දරුවන්ට කියා දෙන්න.

රටක් ලෙස අපටම හිමි දේවල් ගැන කියා දෙන්න

අපට පමණක් අවේනික දේවල් කෞතුකාගාරයක රඳවන නිසා අපේ රටේ ආවේනික වටිනා වස්තූන් එය තුළ තැන්පත් කර ඇත්තේ එහි ඇති වටිනාකම අමිල නිසයි. එලෙස අමිල වස්තූන් වන්නට ඔබටත් පුළුවන් බව දරුවන්ට කියා දෙන්න.

මියගියත් අමරණීය විය හැකි බව කියා දෙන්න

බොහෝ පුරාතන විරුවන් කෞතුකාගාර වල තවමත් අමරණීයව සිටින්නේ ඔවුන්ගේ ශ්‍රේෂ්ඨත්වය හා විශිෂ්ඨත්වය නිසා බව කියා දෙන්න. ලෝකයට මතු දින අමරණීය මිනිසෙකු වන්නට කුඩා කළ සිට අපට වැඩකළ හැකි බව දරුවන්ට කියා දෙන්න.

අතීත සටහන් සුරැකීමේ වටිනාකම

අපිට ඇති අතීත සම්පත් කෞතුකාගාරයක රැඳවීමේ වැදගත්කමත් එය ලෝකයක්, සහ පරම්පරා ගණනාවක් දැක අධ්‍යනය කිරීමට ඉඩ සැලසීමට ඒවා සංරක්ෂණය වන බැවින් දරුවන් ලෙස අතීතයේ පෞරාණික දේ රැකගැනීම අපේ යුතුකම බව කියා දෙන්න.

කෞතුකාගාරය පුරා නිදහසේ ඇවිද ගිය මගේ පුතාට මට මේ දේවල් ඉතා සරලව කියා දෙන්න පුළුවන් වුණා විතරක් නෙමෙයි මේ නිසා ඔහු අතීතය ගැන කියවන්න, ඉතිහාසය ගැන උනන්දු වෙන්නත් ඒ හරහා ලෝක ඉතිහාසය ගැන විමසිලිවන්ත වෙන්නත් යොමු කරන්න මට පුළුවන් වුණා.

නිරෝගී දරුවන් හදන්නට නිතර කැපවෙන අපේ අම්මලා වෙනුවෙන් thetheAsianparent Sri Lanka මේ ලිපිය සකස් කළේ දැනුමෙන් පිරිපුන්ව දරුවෙක් බිහිකරන්න ඔබට අත්වැලක් වෙමිනුයි.