theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කතරගමදී දැරියක් අතුරුදහන් වී දින කිහිපයකින් නැවත හමු වේ

4 අවම කියවීම
කතරගමදී දැරියක් අතුරුදහන් වී දින කිහිපයකින් නැවත හමු වේකතරගමදී දැරියක් අතුරුදහන් වී දින කිහිපයකින් නැවත හමු වේ

සෙනග ගැවසෙන ස්ථාන වල හෝ අමුත්තන් වැඩි ස්ථාන වල දරුවා අතරමං වීම හෝ මග හැරීම වැලැක්විය හැකි ක්‍රම කිහිපයක්.

පසුගිය 21 වනදා නින්දේ සිටියදී  අතුරුදහන් වූ සින්ගිත්තියකගේ පුවතක් කතරගම තිස්සමහාරාමයෙන් වාර්තා වන්නේ හිරු ප්‍රවෘත්තියකට අනුවයි. තුන් හැවිරිදි නෙතුමි අනුෂ්කා ඇතුළු ඇගේ සිව් හැවිරිදි සොහොයුරාත්, මවත් කතරගම සියඹලා ගසක් යට නින්දට ගියේ ඔවුන් ඒ අසලම මල් වෙළඳම් කරන බැවිනි. ඉතාමත්ම දිළිඳු තත්වයේ සිටින මෙම මව හා දරු දෙදෙනා සල්මල් විකුණමින් ජිවත් වන්නේ එම පදික වේදිකාව මතයි. මෙම මවට අනුව දරුවන්ගේ පියා සිරගතව සිටින අතර ඔහු බෙරා ගැනීමට සල් මල් විකුණන බව පවසනවා.

කෙසේ නමුත් ඉකුත්  24 වනදා උදෑසන හිරු ප්‍රවෘත්ති වලට අනුව මෙම දැරිය සිවිල් ආරක්ෂක කඳවුර මගින් පවත්වනු ලබන වෙළඳසැලක් අසල රෙද්දකින් වසා දමා ගොස් තිබියදී සොයා ගෙන තිබෙනවා. වාසනාවකට මෙන්රි දැරියට කිසිඳු අනතුරක් සිදු වී නැහැ. 

මේ පුවතත් සමඟ සෙනගක් අතර සිටින අවස්ථා වල කුඩා දරුවකුගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වන ආකාරය ගැන ලියන්නට සිතුවේ දරුමල්ලන් හදිසියේ අතුරුදහන් වීම, විශේෂයෙන්ම සෙනග ගැවසෙන තැන් වල දෙමාපියන් බොහෝ දෙනෙක් මුහුණ දෙන බොහෝ සුලභ අත් දැකීමක් වන නිසයි.

සෙනග වැඩි තැන් වල, නිවසේ අමුත්තන් රැසක් සිටින අවස්ථාවන් වලදී ආදිය අප අවධානය ලෙහෙසියෙන්ම බිඳෙනවා. පොඩ්ඩා පහසුවෙන් මග ඇරෙන්න යන්නේ ඇසි පිය ගැටෙන කාලය පමණයි. ඉතින් මෙවන් අවස්ථා වල දරුවාගේ ආරක්ෂාව සැලකිය හැකි ක්‍රම කිහිපයක් ගැන සලකා බලමු.

1. නිවසේ සාදයක් හෝ අමුත්තන් පිරිසක් ආ අවස්ථාවක දරුවාගේ රැකවරණය

මගේ දරුවාට යන්තම් මාස අටක් පිරුණු කාලෙ මට මතකයි අමුත්තන් කිහිප දෙනෙක් ගෙදර ඇවිත් බබා අප ලඟින්ම එහෙට මෙහෙට බද ගාමින් සිටිය. අප සතුටු සාමිචියේ ඉද්දි එක් වරම පොල් ගෙඩියක් වැටෙන්නා සේ ශබ්ධයක් ඇවිත් බලන විට බබා හිට ගන්නට තැත් කිරීමේදී පිටුපසට වැටී තිබෙනවා. මට එදා අමතක නොවන දවසක්. අදටත් දුකයි මතක් වෙනකොට. ඉතින් ඇහැක් වාගේ ලඟින් ඉඳන් අවධානය බිඳක් එහෙ මෙහෙ වූ විට මෙවන් අනතුරු සිදු වන්නට පුළුවන්.

මීට විසඳුම නම් කල් තියාම නිවසට කවුරු හෝ එන්නේ නම් දරුවා පසු පසින්ම සිටීමේ වගකීම නිවසේ කෙනෙක්ට භාර දිය යුතුයි. හැමෝම දරුවා පසු පස කවුරු හෝ ඇතැයි උපකල්පනය කරනවාට වඩා මේ ක්‍රමය ඉතා යෝග්‍යයි.

2. සංචාරයක යෙදෙන විට දරුවාගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්නේ කෙසේද?

මගේ දරුවා කුඩා කල ඇයගේ ගෙලේ පැළඳවූ සුදු යකඩ මාලයක් තිබුනා. එහි පුංච් ටැග් එකක අපගේ දුරකථන නොම්මරය පලඳවා තිබුනා. මෙය පාවිච්චියට ගැනීමට සිදු නුවත් සංචාරය කරන විටෙක හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනවත් විය හැකි විකල්පයක්. බටහිර රට වල දරුවාගේ අතේ නොම්මරය ලියා තැබීම වැනි දේවල් කළත් එතරම් විවෘත ලෙස පුද්ගලික තොරතුරු සඳහන් කිරීම හානිකර වන්නටද පුළුවන්.

මෙයට අමතරව දරුවාට ඇන්දවිය  හැකි ආරක්ෂක පටියක් මා පාවිච්චි කර තිබෙනවා. මෙය පාවිච්චිය හැමෝම අනුමත නොකරන අතර ඒ ගැන විවිධ මත දරනවා. නමුත් අතින් ඇදන් යනවාට වඩා මෙම පටිය දරුවාගේ චලනයටත් විශාල පරාසයක් දෙන අතර මවට හෝ පියාටත් පරිහරණය කිරීම පහසු වනවා.

කතරගමදී දැරියක් අතුරුදහන් වී දින කිහිපයකින් නැවත හමු වේ

3. විනෝද චාරිකාවක හෝ සංගීත සංදර්ශන වැනි ස්ථාන වල දරුවාගේ ආරක්ෂාව සැලකිය හැකි ක්‍රම

මෙවන් අවස්ථා සඳහාද ඉහත කී පරිදි වැඩිහිටි භාරකරුගේ දුරකථන අංකය ගෙල වටා පළඳවන්නට පුළුවන්. මිට අමතරව කුඩා කල පටන්ම හදිසි අවස්ථාවක දෙමාපියන් මග හැරුණහොත් එහෙ මෙහෙ සක්මන් නොකර, කලබල නොවී වැඩිහිටි කාන්තාවක් වෙත හෝ ආරක්ෂක බලධාරියෙක් වෙතට යොමු වන්නට දරුවා හොඳින් දැනුවත් කර තැබිය යුතුයි.  

4. සාප්පු සංකිර්නයකදී දරුවා මග නොහැරෙන්නට කටයුතු කිරීම

බටහිර රට වල නම් සාප්පු සංකීර්ණ වල අතරමං වන සදරුවන් සංක්‍යාව එමටයි. ලංකාවේ තවම එපමණක් සාප්පු සංකීරණ නැති වුවද පුජනීය ස්ථාන වල, වෙළඳපළවල් වල දරුවන් බොහෝ සේ අතරමං වනවා.  

ඉහත කී ක්‍රම මෙහිදීත් අනුගමනය කල හැකි අතර මීට අමතරව දරුවා මදක් තේරෙන වයසක නම් මවගේ හෝ පියාගේ දුරකථන අංකය දරුවාට කට පාඩම් කර දිය හැකියි. හදිසියකදී වැඩිහිටි කාන්තාවක් හෝ ආරක්ෂක නිලධාරියෙකු වෙත හෝ යොමු වී දුරකථන ඇමතුමක් ලබාගෙන මව හෝ පියා අමතන්නට දරුවා දැනුවත් කල යුතුයි.

මෙකී ක්‍රම ඔබේ දරුවාගේ ආරක්ෂාවත් උපකාර වේ යැයි විශ්වාස කරන අතර, මගේ දරුවා කුඩා කල (අවුරුදු හතරක් පමණ) මා හැමදාටම ප්‍රයෝජනවත් වූ පුංචි ප්‍රයෝගයක් මගේ දුවට කළා. හිතුමතේ සාප්පු සංකීර්ණය පුරා දුවන පුරුද්දක් ඇයට තිබුණු අතර අප ළඟම රැඳෙන්නට යැයි කෙතරම් පහදා දුන්නද එය එතරම් සාර්ථක වුයේ නැහැ.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

දිනක් ඇය මා අතහැර ගිය විටෙක මා උවමනාවෙන්ම හැංගි හැංගි ඇය පසු පසින් ගොස් මුවා වී සිටියා. වටපිට බලමින් හැකි තරම් අප සෙවූ ඈ මොහොතකින් බිය වී හඬන්නට ගත්තා. මාද ඇය සැබවින්ම අතරමං වී සම්බ වූවා සේ හැසිරුනා. ඇය වැළඳගෙන අප සමගම සිටිය යුත්තේ ඇයි දැයි පහදා දුන්නා. එදින පටන් ඇය මග නොහැරී ඉන්නට අදිටන් කර ගත්තා. මෙය සැම විටම සාර්ථක විය නොහැකි වුවත් උත්සාහ කර බැලුවාට හානියක් නෑ.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • කතරගමදී දැරියක් අතුරුදහන් වී දින කිහිපයකින් නැවත හමු වේ
බෙදාගන්න :
  • පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

    පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

  • විදුලි පඩිපෙල තුළ ඔබේ දරුවාට ආරක්ෂාව ලබාදෙන්නේ කොහොමද?

    විදුලි පඩිපෙල තුළ ඔබේ දරුවාට ආරක්ෂාව ලබාදෙන්නේ කොහොමද?

  • පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

    පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

  • විදුලි පඩිපෙල තුළ ඔබේ දරුවාට ආරක්ෂාව ලබාදෙන්නේ කොහොමද?

    විදුලි පඩිපෙල තුළ ඔබේ දරුවාට ආරක්ෂාව ලබාදෙන්නේ කොහොමද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it