අධිකව රූපවාහිනිය හා i පෑඩ් භාවිතයෙන් පුංචි දියණියකට වලිප්පුව හදුනා

lead image

ඕනෑම දෙයක් ඕනෑවට  වඩා වැඩිවීම  නරක දෙයක් විය හැකිය. නමුත්,අධිකව රූපවාහිනිය හා i පෑඩ් භාවිතය දරුවා තුළ වලිප්පුවක් ඇති වීමට හේතු විය හැකි  දන්නේ කවුද?

මෑතකදී  ෆේස්බුක් හි ෆිලීෂියානු මවක් වන Maricon Molvizar Collamar සිය දියණිය වු Mikayla  විසින් මුහුණ දුන් විට බිහිසුණු අත්දැකීමක් බෙදාගත්තා.

ඒ අධික යාන්ත්‍රික උපකරණ භාවිතයෙන්  වෛද්‍ය වරුන් පවසන පරිදි වලිප්පු තත්වයක් හා තාවකාලික අංශභාග තත්වයක් ඇතිවීම ගැනයි.

"අම්මා, මගේ වම් අත හොල්ලන්න බැහැ."

Maricon අනුව ජුනි මස 27 වන දින උදෑසන 10-11: 30 ට ඇයගේ සය හැවිරිදි දියණිය වන  Mikayla කියමින් උදව් ඉල්ලනවා ඇයගේ සවනත වැකිනි.

ඇය මුලින්ම  හිතුවේ ඇයගේ  දියණිය කැරපොත්තෙක්ව දැක බිය වන්නට ඇතිය කියාය. එහෙත් ඇයගේ දියණිය දිගින් දිගටම කෑගසමින් ඇයගේ නම කියා කෑගසන විට යමක් සිදුවී ඇති බව දැනුනා.  

ඇය Mikayla ඔවුන්ගේ කාමරයේ නිරුවත් සිටියදී  (ඇය නෑම අවසන් කළ බැවින්) සොයා ගත් අතර ඇය ඒ වන විට වලිප්පුවෙන්  පිඩා විදිමින් සිටියා.  

වලිප්පුව හේතුවෙන්  තම දියණිය ලිස්සා බිම වැටී ඇත්දැයි Maricon විමසිලිමත් වුවාය. නමුත් ඇය වැටුනු බවට කිසිදු සාධකයක් නොවීය.

ඇය ඇගේ දියණියව ඇඳ මත ඉන්දවු අතර, සිදුවූ දේ ඇගෙන් ඇසුවාය.

ඇයගේ දියණිය ප්‍රතිචාරය දැක්වූයේ, "අම්මා, මට මගේ වම් අත හොල්ලන්න බැහැ."

මෙය මීට පෙර කවදාවත් සිදු නොවූ නිසා Maricon වඩාත් කනස්සල්ලට පත් වූවාය. ඇයගේ අතැගිලි සෙලවිය හැකිදැයි ඇය ඇසුවාය. එහෙත් ඇයට එසේ කල නොහැකි වුනා.

ජූනි 28 වනදා උදෑසන 12.30 ට පමණ  ඇයව රෝහලට වෙත ගෙන ගිය අතර ඇයව පරීක්ෂා කර ඇයගේ වලිප්පුව තත්වයට හේතුව සොයා  බලන ලදී. ඇයගේ  අධිකව රූපවාහිනිය හා i පෑඩ් භාවිතය  එයට හේතු විය.

ඇයව  CT පරීක්ෂණ සහ xray ඇතුළු පරීක්ෂණ වලට ලක්කර ඇයගේ අභ්‍යන්තර තුවාල තිබේ දැයි පරීක්ෂා කර බලන ලදී.  

ඒ වගේම ඇයගේ මොළය පරීක්ෂා කිරීමට ECG සහ MRI පරීක්ෂණ   කළ අතර, එමගින්  හේතුව හඳුනාගත හැකි විය.

ළමා ස්නායු වෛද්‍යවරයකු  වන ඇයගේ වෛද්‍යවරයාට අනුව අධිකව රූපවාහිනිය හා i පෑඩ් භාවිතය නිසා Mikayla ට  වලිප්පුව වැලදී ඇත.

Maricon විසින් බෙදාගත් විදියට පසුගිය නිවාඩුවේ සිටම ඇයගේ දියණිය නොනවත්වාම i පෑඩ් භාවිතය හා රූපවාහිනිය නැරඹීම  වැනි උපකරණ දිගින් දිගටම භාවිතා කලාය.  

තමන්ට අධික රාජකාරි තිබුන බැවින් දියණිය වැඩක යෙදවිය යුතු බැවින් ඇය එම උපකරණ දියණියට භාවිතා කිරීමට ඉඩ දුන් බව Maricon පැවසුවා.

ඇගේ දියණියට  සිදු වූ දෙය සම්බන්ධයෙන් ඇයටද දෝෂාරෝපණයෙන් කොටසක් පැමිණෙන බව  Maricon තවදුරටත්  පැවසුවාය.

ඇය නිවසේදී ඉතා කාර්යබහුල වු බැවින් ඇයගේ දියණියට වේලාව ගත කිරීමට ඇය එම උපකරණ ඇයට භාවිතා කිරීමට ඉඩ දුන්නා.

මෙම භයංකර බලපෑමෙන් පසු Mikayla ට තවදුරටත් වලිප්පු තත්වයන් ඇති වී නොමැත. ඇයට  ඖෂධ නියම වූ අතර ඇයගේ උපකරණ භාවිතය දිනකට පැය 2 කට සීමා විය.  

තමන්ගේ  උපකරණ  භාවිතය සීමා කිරීම නිසා Mikayla විසින්  උපකරණ භාවිතයෙන් තොරව තමන්ගේ කාලය ගත කිරීමට  වෙනත් මාර්ගයන් ගැන සිතා ඇති බව Maricon තව දුරටත් පැවසුවාය.

ඔවුන්ගේ කථාව තම අධිකව රූපවාහිනිය හා i පෑඩ් භාවිතය  සදහා  ඉඩ නොදෙන

ලෙස දෙමාපියන්ට උගන්වන අපූරු  පාඩමකි.

දරුවන්ගේ අධිකව රූපවාහිනිය හා i පෑඩ් භාවිතය  පිලිබඳ මේ අනතුරු හැගවීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී