theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබ මිලදී ගන්න හිතන අනවශ්‍ය ළදරු භාණ්ඩ 8ක් ගැනයි මේ

5 අවම කියවීම
ඔබ මිලදී ගන්න හිතන අනවශ්‍ය ළදරු භාණ්ඩ 8ක් ගැනයි මේඔබ මිලදී ගන්න හිතන අනවශ්‍ය ළදරු භාණ්ඩ 8ක් ගැනයි මේ

මෙම ළදරු භාණ්ඩ ගන්න කලින් දෙවරක් හිතන්න...

ඔබ ගැබිනියක් , සුභ පැතුම්, දැන් ඔබට සාප්පු ගානේ ගොස් ඔබේ පුංචි පැටියා උපත ලද විට අවශ්‍ය බව හැමෝම කියන දේවල් එකතු කරන්න ඉවසිල්ලක් නැහැ.

පුංචි කකුල් උණුසුම්ව තබන්න අවශ්‍ය පුංචි මේස් ,දරුවා නළවා නිදි කළ හැකි පෑඩ් එකක් සහිත සෙලවෙන ළදරු කරත්තයක් "අනේ මාව ගන්න, අනේ මාව ගන්න" කියලා දෙමාපියන් වෙන්න ඉන්න ඔබට කථා කරන  බොහෝ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තියෙනවා.

නමුත් ලබාදිය යුත්තේ  කාරණා දෙකක් පමණයි - ඔබේ සදාකාලික ආදරය හා මූලිකව මව්කිරි දීම වේ.  

මම සමහරු පළපුරුදු දෙමව්පියන් සමග  කතා  කර පහත දැක්වෙන ළදරු නිෂ්පාදන භාවිතයෙන් තොරව ඔබේ මුදල් නාස්ති කරනවා මෙන්ම ඔබේ නිවසේ ඉඩකඩ අසුරා දමනවා දමන බව අපි හඳුනාගත්තා.

1. විසිතුරු කෑම කවන පුටු අත්‍යවශ්‍ය ළදරු භාණ්ඩයක් නොවේ.

ඒවා උපරිම සුවපහසු ලෙස නිෂ්පාදිත, හොඳින් කුෂන් ඇතිරු , රෝද සහිත, බ්‍රේක් හා සුසිනිඳු කවර සහිත වන අතර ඒවා සම්පූර්ණයෙන් ම මුදල් හා ඉඩකඩ නාස්තිකර දමයි. (මම  මගේ පළමු දරුවා සමග මෙය අසීරුවෙන් ඉගෙන ගත්තා.)

කුඩා දරුවන් ඔවුන්ගේ ඝන ආහාර පටන් ගත් විට සම්පූර්ණයෙන්ම ආහාර ගැනීමේ චර්යාවන් නැති වෙනවා.  ආහාර හැමතැනම තවරමින් සිතාගත නොහැකි සෑම මතුපිටකටම අතුල්ලනවා. (හිසකෙස් ,සම, පොළොව , බල්ලන් සිවිලිම) ආහාර ගන්නා පුටුව වුව ද සුරැකිව තිබෙන එකක් නැත.

මේ මතුපිටවල් හා සුන්දර රෙදි ආහාර වලින් ඉවත් කළ නොහැකි ඇලෙනසුලු පැල්ලම් වලින් වර්ණවත් වේවි. ඉක්මනින් ඔබේ දිලිසෙන සුළු හා මිල අධික ආහාර ගන්නා පුටුවේ දීප්තියෙන්, අඩු දුර්ගන්ධයෙන් යුතු වීම හා ඔබ ආහාර දීමට බොහෝ ප්‍රායෝගික ක්‍රම වලට යොමු වීම නිසා භාවිතයට නොගත් එකක් බවට පත්වෙනවා.

විකල්ප :

මිල අඩු, පහසුවෙන් පිරිසිදු කළ හැකි, සැරසිලි වලින් තොර පුටුවක් තෝරාගන්න. 

2. අලුත් ළදරු ඇඳුම් විශාල ප්‍රමාණයක්

හරිම සුරතල් නමුත් ප්‍රායෝගික නැහැ.

අලුත උපන් පුංචි දරුවන්ගේ ඇඳුම් ඇත්තෙන්ම ආදරණීයයි. ඒවා  බොහෝ ප්‍රමාණයක් මිලදී ගැනීමට පෙළඹේ. නමුත් දරුවන් ඉතා ඉක්මනින් වර්ධනය වන බව මතක තබා ගන්න. ඔහු ඉක්මනින් වැඩෙන නිසා අලුත් ඇඳුම් විශාල ප්‍රමාණයෙන් භාගයක් හෝ ඇඳීමට ඇති අවස්ථාව අඩුයි.

විකල්ප : අලුත උපන් දරුවාට ඇඳුම් ටිකක් ගන්න.ඔබව ප්‍රමාණයෙන් වැඩි ඇඳුම් සොයා දිගින් දිගටම සාප්පුව වලට  දිවීම වැළැක්වීමට විවිධ ප්‍රමාණයේ ඇඳුම් මිලදී ගන්න. රැලි සායවල්, හැට්ට හරිම හුරතල් ඒවා ඉතා කුඩා දරුවෙකුට  ප්‍රායෝගික නැහැ. 

3. අලුත උපන් දරුවන්ග් මේස් හා තොප්පි අත්‍යවශ්‍ය නැහැ.

දරුවන් ඔවුන්ගේ  දෙමව්පියන්ගේ උණුසුමේ තබා ගන්නා තාක් අළුත උපන් දරුවාට  තොප්පි අවශ්‍ය නොවේ.

මම  මගේ  පළමු දරුවා සඳහා ගර්භණීව සිටින විට  ඉතා සුන්දර යැයි පෙනුන අලුත උපන් දරුවන් සඳහා වූ මේස් පැකට්ටුවක් මිලදී ගත් අයුරු  මට මතක් වෙනවා.  මගේ පුංචි පිරිමි දරුවා ඉන් එකක්වත් පැලදුවේ නැහැ.  

එය  තොප්පි වලටද අදාළ වෙනවා. නමුත් හේතුව වෙනස්, නමුත් අධ්‍යනයකට අනුව අලුත උපන් දරුවාට තොප්පි පැළඳ වීමෙන් එය මව හා දරුවා අතර සම්බන්ධතාවයට බාධා පමුණුවනවා. මේ ගැනත් කියවන්න.

3. විසිතුරු ඇඳුම් මාරු කරන මේසය (changing table)

දියුණු කරන ලද (මුදල් ඉතිරි කරන) ඇඳුම් මාරු කළ හැකි මුදු කොටසක් ඇති විසිතුරු ඇඳුම් මාරු කරන මේසය නමුත් දරුවාගේ ආරක්ෂාවට සියල්ලටම වඩා අංක එකේ ප්‍රමුඛතාවය දෙන්න.

ඒ දහස් ගණනින් මිල අධික වන අතර අතර එය ඉතා ඉක්මනින් මුදල් හා ඉඩකඩ නාස්තියක් බවට හැරෙනවා. ඔවුන්ට එක කාර්යයකට  පමණක් භාවිතා කළ හැකි ඉක්මනින් යල් පැන යන දෙයකට මෙතරම් මුදලක් වැය කිරීම ඇති ඵලය කුමක්ද ?

විකල්ප : ඇඳුම් මාරු කරගත හැකි පැදුරක් / අතුරනයක් මිලදී ගන්න. (ආරක්ෂාව සඳහා උස් පැති සහිත එකක්  තෝරා ගන්න).

ඒවා ඇඳ හෝ පොලොව  මත තබා ඔබේ දරුවාගේ ඇඳුම් මාරු කිරීමට භාවිතා කරන්න. ඔබ ඔබට මෙසේ කරන්නට වෙන සියලුම දේ ගැන කණගාටු වෙනවා නම් ඇඳුම් මාරු කිරීම සඳහා නිවැරදි උසක් සහිත ගෘහ භාණ්ඩයක් භාවිතා කිරීමට  මතක තබා ගන්න.

ඔබේ දරුවා ඇඳුම් මාරු කරන මේසය හෝ පැදුර මතකිසිම ආරක්ෂාවක් සලසන්නේ නැතුව කිසිවිටෙක මොහොතක් වත් තනි කරන්න එපා.

5. වෝකර් එක අත්‍යාවශ්‍ය ළදරු  භාණ්ඩයක් නොවේ.

මෙවැනි සාම්ප්‍රදායික ළදරු වෝකර් ඔබේ දරුවාගේ සෞඛ්‍යයට බොහෝ පැතිකඩ වලින් අනතුරු දායක විය හැකිය.

ඔහු යමක නිරත කර තැබීම  ඔබේ ප්‍රීතිමත් පුංචි පැටියා ෆ්ලෑෂ් ලයිට් හා ඝෝෂාකාරිත්වය ඇති සීමිත ඉඩ කඩක තබා ගැනීමට අදහසක් ව (සාම්ප්‍රදායික වෝකර් )  වෙනවා .ඒ අතරතුර වෝකර් එක ඔබේ පුංචි දරුවාට ලස්සනට ඇවිදීමට කියා දෙන්නට හොඳ පොරොන්දුවක් වෙනවා.

නමුත්  සාම්ප්‍රදායික වෝකර්ස් අනතුර විශාල ප්‍රමාණයකට දායක වෙනවා.වැඩි විස්තර සඳහා කියවන්න .

කෙටියෙන් කියනවා නම් ඔබේ දරුවා ඇවිදීමට සඳහා වර්ධනය වී සූදානම් වූ විට  ඔහු එය කරාවි.  ඒ සඳහා අවශ්‍ය  සංවර්ධනය නොවූ මාංශපේශීන්, සමබරතාවය පිලිබඳ  හැඟීම් , සම්බන්ධීකරණයේ දක්ෂතා නොමැතිව ඔහු ඉදිරියට තල්ලු වී යන්නක තැබීම බොහෝ අනතුරුදායක විය හැකිය.

විකල්ප: තල්ලු කරන වෝකර්ස්

6. අලුත උපන් දරුවන්ගේ හා ළදරුවන්ගේ සපත්තු අත්‍යවශ්‍ය ළදරු උපාංග නොවෙයි.

ඒවා අනිවාර්යයෙන්ම පෙනෙන පරිදි ම සුරතල් වෙයි. මේ පුංචි නිර්මාණ සම්පූර්ණයෙන්ම ඵල රහිතයි.

අලුත උපන් දරුවාගේ ළදරුවාගේ සපත්තු ඔහුගේ පුංචි යටි පතුල් වලට රස්නය හා දහඩිය දැනේවි. ඔහු ඇවිදින තුරු ඒවා අනවශ්‍ය වේවි. සමහර විශේෂඥයන්  පාවහන් රහිතව යෑම  දරුවෙකුට පළමුවරට ඇවිදීමේදි සුදුසු බව තර්ක කරනවා.

7. තොටිලි ඇතිරිලි

තොටිල්ලක හෝ එවැනි උපකරණයක බොහෝ ඇතිරිලි තැබීම ඔබේ දරුවාට අනතුරුදායක විය හැක.

නිවාස සැරසිලි කරන සඟරාවකින් ගත් පරිදි ඔබේ දරුවාගේ තොටිල්ල පිලිවෙල  කරනවා විය හැකිය. නමුත් කොට්ට, බම්පර්ස්, ඇතිරිලි අත්‍යාවශ්‍ය  නොමැති අතර ඒවා බොහෝ අනතුරුදායක වේ.

අධ්‍යයනයක් බොහොමයක් ඇතිරිලි වැනි  දේවල් භාවිතය නිසා SIDS (ක්ෂණික ළදරු මරණය) ඇති වීමේ අධික අවදානමක් ඇති බව පෙන්වා දී තිබෙනවා.

විකල්ප:

සරල තොටිල්ලට  තදව පවතින කොට්න් ඇතිරිල්ලක් ඔබේ දරුවාගේ අවශ්‍යතාව අනුව යොදන්න. ෆෑන් එකක් හෝ වායුසමීකරණයක් භාවිතා කර ඔබේ කාමරය උණුසුම පාලනය කරන්න. වයසට ගැලපෙන රාත්‍රී ඇඳුමින් ඔබේ දරුවා තබන්න.

8. Soft toys අත්‍යවශ්‍ය ළදරු භාණ්ඩ නොවේ.

ඒවා හරි ලස්සනයි. ඒ වගේම සුරතල්, අනෙක් ළදරු භාණ්ඩ එක්කම තියෙනවා. නමුත් විශාල, සිනිදු, මෘදු සෙල්ලම් බඩු (soft toys) ඇත්තෙන්ම අසාත්මිකතා අනෙකුත් පීඩාකාරී තත්ත්වයන් ඇතිකළ හැකි අවලස්සන දුවිල්ල දහස් ගණනක් රඳවා ගනිවි.

ඔබට අවශ්‍ය නම් යුවලක් පමණක් ගන්න. ඒ වගේම ඒවා නිතර සෝදමින් දුහුවිල්ලෙන් තොර බවට සහතික කරගන්න. ඒ වගේම ඒවා දරුවාගේ තොටිල්ලේ තබන්න එපා. ඒ ඒවා නිදා සිටින විට දරුවාගේ මුහුණට තද වී  හුස්ම ගැනීමේ අපහසුතාවයන්ට ඔහු පත්විය හැක.

දෙමව්පියන් වීමට සිටින්නනි, ඔබේ පුංචි පැටියට මුදල් වියදම් කිරීමට ඔබ දෙවරක් සිතන්නේ නැති බව ඇත්තයි. නමුත් අප විශ්වාස කරන්න. මේ ලිපියේ ඇති දේවල් සලකන විට ඔබේ දරුවාගේ පාසැල් කටයුතු සදහා එකතු කරමින් සිටින  මුදලට ඔබ මෙම  මුදල් බැර කිරීම සුදුසුයි.

ඔබට මෙම ලැයිස්තුවට එකතු කිරීමට අත්‍යවශ්‍ය නැති තවත් ළදරු භාණ්ඩ තිබේද? එසේනම් පහලින් සටහනක් යොදා අපටත් කියන්න.

ඔබේ දරුවා වෙනුවෙන් මේ අත්‍යවශ්‍ය නොවන  ළදරු භාණ්ඩ වෙනුවෙන් අනවශ්‍ය ලෙස මුදල් වියදම් කරමින් අවට ඉඩකඩද අසුරා ගත යුතු නැති බව ඔබට ආදරයෙන් මතක් කර දෙන්නේ The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
  • /
  • ඔබ මිලදී ගන්න හිතන අනවශ්‍ය ළදරු භාණ්ඩ 8ක් ගැනයි මේ
බෙදාගන්න :
  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

  • ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: තුන්වෙනි  මාසය

    ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: තුන්වෙනි මාසය

  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

  • ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: තුන්වෙනි  මාසය

    ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: තුන්වෙනි මාසය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it