theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගොදුරු සොයන විලෝපිකයන් සමාජ ජාල වල දරුවන්ගේ ඡායාරූප වලින් සොයන්නේ මොනවාද!

4 අවම කියවීම
ගොදුරු සොයන විලෝපිකයන් සමාජ ජාල වල දරුවන්ගේ ඡායාරූප වලින් සොයන්නේ මොනවාද!ගොදුරු සොයන විලෝපිකයන් සමාජ ජාල වල දරුවන්ගේ ඡායාරූප වලින් සොයන්නේ මොනවාද!

සමාජ ජාල ඔස්සේ ගොදුරු සොයන්නන්ගේ මනස කෙතරම් අප්‍රියජනක ලෙස ව්යාකුලද යන්න දන්නේ නම් ඔබ විමතියෙන් විමතියට පත් වනවා නියතයි.

නූතන ඩිජිටල් යුගයක ජීවත් වන අපගේ සමීපතම පවුල් සාමාජිකයින් හා මිතුරන් ජීවත් වන්නේ ලෝකය පුරා රටවලය. අන්තර්ජාලයේ දරුවන්ගේ ඡායාරූප පමණක් නොව පවුලේ සමීපතයින්ගේ ඡායාරූප හුවමාරු කරගන්නවා.

ඔවුන් සමීපව ජීවත් වුවද, දෛනික ජීවිතය (විශේෂයෙන්ම ළමයින් සමග) නොනිමෙන වැඩ කන්දරාවකට හසු වී ගෙවන ඇති කාර්යබහුල ජිවිතයේ අන්තර්ක්‍රියා සහ සන්නිවේදනය ඉතා කලාතුරකින් සිදු වන්නක් වෙන්නට පුළුවන්.

මේ නිසා ෆේස්බුක් සහ ඉන්ස්ටග්රෑම් වැනි විවිධ සමාජ රූපවාහිනී මාධ්යයන්, තම දූ දරුවන්ගේ පින්තුර ප්‍රියයන් සමඟ බෙදාගැනීමට අපූරු තෝතැන්නක් වී තිබෙනවා.

අපේ දරුවන්ගේ හුරුබුහුටි පින්තූර බෙදාහදා ගැනීමට මෙම මාධ්‍ය කෙතරම් උපකාර වුවත්, බොහෝ (නැතහොත් සියලුම දෙමාපියන්) මේ සඳහා සමාජ මාධ්ය භාවිතා කිරීමේ අවදානම ගැන හොඳින්ම දැන සිටිති.

අන්තර්ජාලය ඔස්සේ අපගේ දරුවන් පින්තූර බෙදා හදා ගැනීමේදී මුහුණ දෙන්නට සිදුවන ලොකුම තර්ජනය වන්නේ ඒවා ගොදුරු සොයන විලෝපිකයන්ට  නිරාවරනය වීමයි.

භයානක දෙය නම්, මෙම විලෝපිකයන් තමන් කරන දේ පිලිබඳ මනා දක්ෂතාවයකින් කටයුතු කිරීමයි. එවන් අපරාධකරුවන්ට ඔවුන්ගේ කෘරතර ක්‍රියාවන් ප්‍රගුණ කරගැනීමට උපකාර වන විවිධ වෙබ් අඩවිද තිබීමත් භීතියට මෙන්ම කනගටුවටද කරුණක්.

නමුත් ඔබ, නිසි ලෙස දැනුවත් වගකීමෙන් යුතු මවක් හෝ පියෙකු ලෙස මෙම ගොදුරු සොයන්නන්ගේ අවශ්‍යතා ගැන දැනුවත් ව්රුිය්ව ය්ගුතු වනවා.

දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ගමන්ම ප්‍රියයන් සමඟ දරුවාගේ ඡායාරූප බෙදාගැනීමේ බෙදාගැනීමේ දිගටම යෙදිය හැකි වනවා.

ඉතින් අපිත් මේ සම්බන්ධයෙන් විද්වතුන් වෙමු.  අම්මේ තාත්තේ! අන්තර්ජාලය ඔස්සේ විලෝපිකයන් සොයන ඔබේ දරුවන්ගේ මේ දේවල් ගැන දැනුවත් වන්න:

1. ස්ථානය

ක්ලික් කරනවා, පෝස්ට් කරනවා,  ක්ලික් කරනවා, පෝස්ට් කරනවා - අද කාලයේ ස්මාර්ට් ෆෝන් ආධාරයෙන් පින්තූර ගැනීමත් බෙදා ගැනීමත් කෙතරම් පහසුද කිවහොත් එය අතේ ඇඟිලි තුඩක් සෙලවෙන පමාවෙන් කල හැක්කක් නොවේද?

මෙහිදී වැදගත් වන්නේ ස්මාර්ට් ෆෝන් සහ ඩිජිටල් කැමරා වලින් ගන්නා ඡායාරූප වල භූගෝලීය සම්බන්ධීකරණ තාක්ෂණ ඇසුරින් මාපාංක, පින්තුර ගත් ස්ථාන, වෙලාවල් අඩිය ස්වයංක්රීයවම සටහන් වන බවත්, මෙම ඡායාරූප ෆේස්බුක් වැනි වෙබ් අඩවි ඔස්සේ පල කිරීමෙන් එම දත්ත පහසුවෙන් උපුටා ගත හැකි බවත්ය.

මෙහි තේරුම වන්නේ ඔබ ඉතාම සරල ලෙස පින්තුරයක් ගැනීම හා බෙදාගැනීම තුලින් විලෝපිකයාට මෙවන් සැඟවුණු තොරතුරු රැසක් සොයාගත හැකි බවයි.

2. පැහැදිලි ආකර්ෂණයක්

නිරුවත් හෝ අර්ධ නිරුවත් ළදරුවන් හුරුබුහුටියි, ලස්සනයි. බෝල ගෙඩි වන පිරිපුන් පැටියන්ගේ තට්ටම් හපන්නට හිතෙන තරම් සුන්දර බවකින් අපගේ හදවත් පිනවනවා.

වැඩිදුර නොසිතාම මාපියවරුන් මොළකැටියන්ගේ පැම්පස් ඇතිව හෝ නැතිව ගත් මෙවන් සුන්දර ඡායාරූප ප්‍රියයන් හා බෙදාගන්නේ  වැඩිදුර සිතන්නේ නැතිවයි.

නමුත් කාමාතුර විලෝපිකයන් මෙවන් ඡායාරූප දෙස බලන්නේ එවන් පිවිතුරු හැඟීමෙන් නොවේ. ඔබ උපක්‍රමශිලිව ඡායාරූපයේ ඔබේ දරුවාගේ පුද්ගලික කොටස් ආවරණය කළත්, විලෝපිකයා එයට පහසුවෙන් photoshop ආධාරයෙන් පින්තාරු කරගත හැකි අතර ඔවුන්ගේ ව්‍යාකුල කාමාශාවන් සඳහා ඒවා උපයෝගී කරගනී.

මෙම යථාර්තය පාසැල් යන දරුවන් පිහිනුම් ඇඳුම් වලින් සරසි ගන්නා ඡායාරූප වලටද පොදුය.

3. එතරම් ආකර්ශනීය සිතුවම් නොවේ

විලෝපිකයෙකුට විකෘති මනසක් ඇති අතර, ඔවුන් අහිංසකත්වය පමණක් පවතින සංවේදී අවස්ථාවක් දකින්නේද  කමතුර දෑස් වලිනි.

ඔබ ඔබේ කුඩා දියණිය හද වැඩ වී ගත් පින්තූරයක් පළ කරන විට විලෝපිකයෙකුට එම දැරිය ලිංගික ක්‍රියාවක යෙදෙන ආකාරයට ඡායාරූපය සංස්කරණය කළහැකි වනවා.

ඔවුන්ට මෙම ඡායාරූපය මත ලිංගිකව පෙලඹුණු වැඩිහිටි පුද්ගලයින්ද පහසුවෙන්ම ඇතුළත් කල හැකි අතර නොමනා වදන් ඒවායේ ලියා අන්තර්ජාලයේ සංසරණය කරන්නටද හැකියාව තිබෙනවා.

අන්තර්ජාලයේ දරුවන්ගේ ඡායාරූප

මෙවන් නොමනා ක්‍රියා වලින් විලෝපිකයන් පරාජය කරන්නේ කෙසේද?

මෙවන් තාක්ෂණික උපක්‍රම ගැන දැනුවත් වීම දෙමාපිය අපට ඇති ලොකුම ආයුධය වනවා. දැනුමෙන් ශක්තිමත් වන අතර විලෝපිකයන් පරාජය කරන ආකාරය දැන ගැනීමෙන් දෙමාපියන් අපට දරුවන් හමුවේ විලෝපිකයන්ගෙන් ප්‍රවේසම් වන්නට පුළුවන්.

අන්තර්ජාලයේ දරුවන්ගේ ඡායාරූප පල කරනවානම් මෙම උපදෙස් මතක තබා ගන්න:

පින්තුරු ගැනීමට පෙර ජංගම දුරකතනයේ භූතකරනය (geotagging) අක්‍රිය කරන්න.

ඔබ සිටිනා ස්ථානය, ඔබේ දරුවා සිටින ස්ථානය ආදිය දැන ගැනීමට උවමනා වන්නේ ඔබ අහල පහලම සිටින විලොපිකයෙකුට වන්නට පුළුවන්.

මක්නිසාද යත් බොහෝ ළමා ලිංගික අපයෝජන සිදුකරන අපරාධකරුවන් බොහෝ විට නාඳුනන කෙනෙකු නොව, දන්නා කෙනෙකු හෝ සමීප මිතුරෙකි.

ළමයින්ගේ නිරුවත් පින්තූර කිසි සේත් පල කරන්නට එපා.

අර්ධ-නිරුවත් හෝ නිරුවත් ඡායාරූප සමාජ මාධ්ය තුල කිසි සේත්ම පල නොකරන්නට වගබලා ගන්න.

ඔබ ඔබේ ආදරණීය සිඟිත්තාගේ ඡායාරූප ප්‍රියයන් සමඟ බෙදා ගන්නට අවශ්‍ය නම් ඒවා පුද්ගලික පණිවුඩ ලෙස හෝ ඊ-මේල් ආධාරයෙන් බෙදාගන්න.

ඡායාරූපය තුල ඔබේ දරුවාගේ ස්වරූපය සහ ඉරියව්ව ගැන සැලකිලිමත් වන්න.

විනෝදකාමී මවක් හා දියණියක් තාර මුහුණක් නොහොත් (Duck face) ඉරියව්වකින් විරිත්තාගෙන ගන්නා ඡායාරූපයක් ගැන සිතමු.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

එය කමාතුරයකු දිරිගැන්වීමක් සේ දැකිය හැකමෙවන් පින්තුරු ලිංගික උත්තේජන ලෙස සංස්කරණය කරන්නටද කමතුරයන්ට පුළුවන.

සමාජ ජාල වල පුද්ගලිකත්ව සැකසුම (privacy settings) දැඩි කරගන්න. විශේෂයෙන්ම ඔබේ දරුවට හෝ පවුලට සම්බන්ධ දේ පල කිරීමේදී පුද්ගලිකත්ව සැකසුම ‘පොදු’ තත්වයේ තබන්නට එපා.

ඔබේ ඡායාරූප පවුලේ හා මිතුරන් අතරේ පමණක් දිස් වන ලෙස සකස් කරගන්න.

මක්නිසාද යත් යමෙක් ඔබේ ඡායාරූප වල screenshot නොහොත් තිර රුපයක් ගතහොත් කෙනෙක් ඔබේ චයරුපය අනෙකෙකු හා බෙදගත්තාද යන්න ගැන ඔබ දැනුවත් වන්නේ නැහැ.

ඉතින් ආදර දෙමාපියනි, මේ ලිපිය ඔබ වෙත ගෙන ආවේ ඔබ බිය ගන්වන්නටවත් ඔබේ දරුවන්ගේ මෙම අහිංසක රූප හුවමාරු කිරීම නතර කිරීමටවත් නොවේ.  

 ඒ වෙනුවට එහි අරමුණ විලෝපිකයින්ගේ සැබෑ අරමුණු ගැන ඔබව දැනුවත් කිරීම තුළින් ඔවුන් අභිබවා එක් පියවරක් හෝ තැබීමෙන් අපගේ දරු පරපුර ආරක්ෂා කර ගැනීම සඳහායි.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • ගොදුරු සොයන විලෝපිකයන් සමාජ ජාල වල දරුවන්ගේ ඡායාරූප වලින් සොයන්නේ මොනවාද!
බෙදාගන්න :
  • අන්තර්ජාලය තුළ දරුවාගේ පින්තූර වලින් ගොඳුරු සොයන්නන් සොයන්නේ මොනවද?

    අන්තර්ජාලය තුළ දරුවාගේ පින්තූර වලින් ගොඳුරු සොයන්නන් සොයන්නේ මොනවද?

  • ගැබිණි මව්වරුනි, අන්තර්ජාලයේ ඡායාරූප බෙදාගන්නේ ප්‍රවේශමෙන්

    ගැබිණි මව්වරුනි, අන්තර්ජාලයේ ඡායාරූප බෙදාගන්නේ ප්‍රවේශමෙන්

  • අන්තර්ජාලය තුළ දරුවාගේ පින්තූර වලින් ගොඳුරු සොයන්නන් සොයන්නේ මොනවද?

    අන්තර්ජාලය තුළ දරුවාගේ පින්තූර වලින් ගොඳුරු සොයන්නන් සොයන්නේ මොනවද?

  • ගැබිණි මව්වරුනි, අන්තර්ජාලයේ ඡායාරූප බෙදාගන්නේ ප්‍රවේශමෙන්

    ගැබිණි මව්වරුනි, අන්තර්ජාලයේ ඡායාරූප බෙදාගන්නේ ප්‍රවේශමෙන්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it