මව්වරුන් කිසිවිටෙකවත් අන්තර්ජාලයේ මව්වරුන්ගේ සමුහයන් හා බෙදා නොගත යුතු දේවල් 5ක්

ඔබ මොනවාද අන්තර්ජාලයේ මව්වරුන්ගේ සමුහයන්  තුල පලනොකල යුත්තේ යන්න මේ ලිපිය කියවා දැනුවත් වෙන්න.

මේ ලිපිය කියවන ඔබලා ගෙන් කීදෙනෙක් අන්තර්ජාලයේ මව්වරුන්ගේ සමුහයක මේ වන විටත් සමාජිකත්වය දරනවාද? ඔබ මෙන්ම මමත් එකක නොවේ කිහිපයක සමාජිකත්වය දරනවා.

මගේ දරුවන් රැකබලා ගැනීමේ අදහස් බෙදාගන්න හා ප්‍රශ්න අසන්න  ඉඩක් ලබාදෙන නිසා මම මගේ මව්වරුන්ගේ සමුහයන්ට ගොඩාක් කැමතියි. හැමවිටෙකම මට පුදුමාකාර පිළිතුරු හා විශාල සහයක් ලැබුනා.

නමුත් පසුගිය අවුරුදු කිහිපය පුරාම මම මෙවැනි විවිධ සමුහයන් කිහිපයක සමාජිකයෙක් වෙලා ඉදලා තියෙනවා. මට කරන්න දෙයක් නොමැති වුවත් මම දැකලා තියෙනවා සමහර සමාජිකයින් අන්තර්ජාලයේ පලනොකල යුතු සමහර දේවල් පල කරනවා.

මව්වරුනි, මතක තියා ගන්න. මෙන්න මේ දේවල් පහ අන්තර්ජාලයේ මව්වරුන්ගේ සමුහයන් තුල පලකිරීම, ප්‍රශ්න ඇසීම නොකල යුතුය.

1. ඔබේ දරුවාගේ ඡායාරූප හා වීඩියෝ

මව්වරුන්ගේ සමුහයන් ආරක්ෂිත ස්ථාන (බොහෝ විට එසේ වේ) ලෙස දැනෙන බව සත්‍යයකි. ඒ වගේම අපි අපේ දරුවාගේ හුරුබුහුටි ඡායාරූප ලෝකයත් සමග බෙදාගන්න කැමතියි වගේම ඒකට හොදම ස්ථානය වන්නෙත් අපි ආරක්ෂිතයි කියා හිතන තැනම නොවේද?

නමුත් මව්වරුනි, ඔබේ දරුවා නාන බේසමක සිසිලස විදින ඡායාරූපයක් හෝ ඔහු පාසැල් ඇදුමෙන් මිහිරි ගීතයක් ගායනා කරන විඩියෝ එකක් අන්තර්ජාලයේ පල කිරීමට පෙර දෙවරක් හිතන්න.

අන්තර්ජාලයේ ඇති බොහෝ මවුවරුන්ගේ සමුහයන් තුල දහස් ගණන් සමාජිකයින් ඇති අතර පරිපාලකයින් අනුමැතිය දීමට පෙර  මෙම සමාජිකයින් නිරීක්ෂණය කරමින් මහගු සේවාවක් කලා වුනත් ඔවුන් අපරාධ පරීක්ෂකයින් නොවේ.

පරිපාලකයින්ට සෑම සමාජිකයෙක්ම වෙන වෙනම නිරීක්ෂණය කරන්න අපහසුයි. එක් ප්‍රෝඩාකාරී පුද්ගලයෙකුට ව්‍යාජ  ගිණුමක් සකස් කරගෙන මවක් ලෙස මෙම සමුහයට එකතු වෙන්න පුලුවන්. ඔබේ වටිනා දරුවාගේ ඡායාරූප හා විඩීයෝ ඇතුල් වීමට  එවැනි මිනිස්සුන්ට අවස්ථාව ලබා දී ඔබට සැනසීමක් දැනෙනවාද?

2. සෞඛ්‍ය උපදෙස්

" මගේ දරුවාට පසුගිය දවස් කිහිපයේම උණ , මං කල යුත්තේ කුමක්ද ?"

"මගේ දරුවාගේ යෝනී මාර්ගයේ ඇති බිබිලි දෙස බලන්න . මොනවාද ඔබ හිතන්නේ ?."

" මගේ  බබාට කිරි වමනේ යනවා.ඇයි?"

මව්වරුන්ගේ සමුහයන් තුල මා දැක ඇති නිතර අසන ප්‍රශ්න කිහිපයක් ඉහතින් දැක්වේ. ඔබේ දරුවාට සෞඛ්‍ය ගැටලුවක් ඇත්නම් හැකි ඉක්මනින්ම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු ගෙන් උපදෙස් ගන්න.

මෙවැනි සමුහයන් තුල සිටින වෛද්‍යවරුන් ගෙන්, ළමාරෝග විශේෂඥයන් ගෙන් සහ අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයන් ගෙන් නිර්දේශ ලබා ගැනීම සුදුසු අතර සංකීර්ණ සෞඛ්‍ය ගැටලු අසමින් ඔබේ දරුවාගේ බිබිලි වල, තුවාල හෝ වෙනත් සෞඛ්‍ය තත්වයන්හි ඡායාරූප බෙදා හරිමින් වටිනා කාලය නාස්ති කර නොගැනීමත් වැදගත් වෙනවා.

ඒ වෙනුවට එම කාලය ඔබේ දරුවා වෛද්‍යවරයකු වෙත ගෙන යෑමට යොදවන්න.

3. මලපහ වල ඡායාරූප

සමහරුන්ට මේ පිලිබඳ මිශ්‍ර හැගීම් තිබෙන්න පුලුවන්. මම බොහෝ විට මෙවැනි ඡායාරූප දකින්නේ ආහාර ගනිමින් සිටින විට ඒ වගේම ඔබේ දරුවාගේ මලපහ හරහා රෝග විනිශ්චයට සුදුසු පුද්ගලයා වන්නේ අනෙකුත් මව්වරුන් නොව වෛද්‍යවරයකු වන බැවින් මම එවැනි ඡායාරූප මව්වරුන්ගේ සමුහයන් තුල පල කිරීම ගැන තදින්ම විරුද්ධයි.

4. අනෙක් මව්වරුන් විවේචනය

අපි හැමෝම අනිත් මවක් සමහර අවස්ථා වල විනිශ්චය කර තිබෙන බව  ඇත්ත නමුත් ඔබ විවෘතව මව්වරුන්ගේ සමුහයන් තුල මව්වරුන්  විවේචනය කරන විට මෙම සමුහය තුල ඉන්න අනෙක් මව්වරුන්ට ඒක ඔවුන්ව සමුහයේ අරමුණු වලින් ඉවතට ගෙන යෑමක් වෙනවා.

ඒක මව්වරුන්ට සහය ලබාදෙන සමුහයක් වන අතර ඒවා සමුහය විවේචනය පිනිස නොවේ.

5. තොරතුරු  පිටතට අනාවරණය වීම

මේ ඩිජිටෙල් යුගය තුල, නිවසින් පිටත  යන්න අපහසු  මව්වරුන්ට තමන් ගෝත්‍රයක කොටසක් බව හැගීමක් ඇති කරගැනීමට මෙම මව්වරුන්ගේ සමුහ පහසු ක්‍රමයක් වෙනවා. මෙම මාතෘ ගෝත්‍ර අපි බොහෝ දෙනෙක්ට පහසුව සලසන අතර අපේ ෆේස් බුක් පිටුව තුල බෙදා ගන්නට අපහසු බව දනවන සිදුවීම් හා අත්දැකීම් අපි අපේ ගෝත්‍රිය සමාජිකයින් සමග බෙදා ගන්නවා.

එසේ බෙදා ගන්නා  තොරතුරු සමුහය තුල පමණක් තබා ගැනීම මෙම මව්වරුන්ගේ සමුහයන් තුල සිදුවිය යුත්තකි. වෙනත් සමාජිකයෙකුගේ එවැනි ඡායාරූප හා පෝස්ට් සමුහයෙන් පිටත කිසිවිටෙක බෙදා හරින්න එපා.

උදාහරණයක් විදියට සෞඛ්‍ය උපදෙස් වැනි බොහෝ දෙනෙක්ට වැදගත් බව සිතෙන දේවල් සමුහයෙන් පිටත බෙදා හැරීමට පෙර එහි මුල් හිමිකරුගෙන් ඒ සදහා එකගතාවය ලබා ගන්න.

අනෙක් සෑම අවස්ථාවකම සමූහය තුල දේවල් සමූහය තුලම තිබිය යුතුය.

මව්වරුනි දරුවෙකු හදාවඩා ගැනීමට එය ගමක් තුල සිදුවෙන අතර සමහර විට අන්තර්ජාලයේ මව්වරුන්ගේ සමූහයන් තුලද සිදුවෙනවා.

එමනිසා ඔබේ ගෝත්‍ර සමාජිකත්වය නුවණැතිව භාවිතා කරන්න. ඒ වගේම  මව්වරුන්ගේ සමුහයන් තුල  ඇති මිත්‍රත්වය හා සහය පිරි අපූරුව ආකෘතිය  ඒ තුල සිටීම තුලින්  ඔබ තේරුම් ගනිවි.

ඔබගේ අදහස් අප හා බෙදා ගන්න. මව්වරුන්ගේ සමූහයන් තුල ඇසීමට සුදුසු නැති, බෙදා නොහැරිය යුතු  හෝ පල නොකල යුතු තවත්  මොනවාද හරි තියෙනවාද ?

මේ ලිපිය කියවන ඔබත් අන්තර්ජාලයේ නිතර ඉන්න අම්මා කෙනෙක් වෙන්න පුලුවන්. ඔබ මෙන්ම ඔබේ පුංචි පැටියාගේ සුරක්ෂිතතාවය නිතර හිතන theAsianparent Sri Lanka මේ තොරතුරු ගෙන එන්නේ අන්න ඒ නිසයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී