අනාචාරයට ලිංගික හේතු හැර තවත් හේතු 3ක්

Share this article with other mums

ප්‍රවේසම් වන්න... අනාචාරය යනු ලිංගික සබඳතා පමණක් ම නොවේ.

ලිංගික සබඳතා නිසා බොහෝ අය අනාචාරයේ හැසිරීම හුවා දක්වතත්, වෙනත් අයුරින් වුව ද ඔබ නොදැනුවත්ව අනාචාරයෙහි හැසිරි තිබෙන්නට පුළුවන්. ඔබ එය දන්නවද?

අනාචාරය විග්‍රහ කරන්නේ නම්, සදාචාරයට පටහැනි ලෙස කෙනෙක් තවත් අයෙකු සමග හැසිරීම අනාචාරය ලෙස හැඳින්වීමට පුළුවන්. සබඳතාවයක දී ඔබ ඔබේ සහකරුට හෝ සහකාරිය සමග ඇති එකිනෙකාව නොරවටමින් ජිවත් වීම, විශේෂයෙන් ලිංගිකත්වයේ විශ්වාසය කඩකිරීමක් විදිහට හඳුන්වන්නත් පුළුවන්.

සම්ප්‍රදායික වශයෙන් විශ්වාසය කඩකිරීම ලෙස බොහෝ විට තම සහකරු හැර ලිංගිකව වෙනත් අයෙකු සමග හැසිරීම හඳුන්වනවා. එහෙත් දියුණු වන ලෝකය තුළ මෙම විශ්වාසය තවත් බොහෝ අයුරින් අප නොදැනුවත්වම වුවත් කඩ කරන්න පුළුවන් අවස්ථා බහුලයි.

woman-smartphone-girl-technology

1. වස්තූන් සමග ඇති වන සබඳතා

ඔබත් නිවසේ සිට වැඩ කරන මවක් ද? ඔබ දන්නව ද?  අපි නොසිතන ලෙස විවිධ වස්තූන් සමග බැඳීම් ඇති කරගන්න පුළුවන්. එයත් අනාචාරයේ හැසිරීමක් වගේම තමයි. මේ නිසා එමඟින් සාමාන්‍ය ජිවිතයට බොහෝ බලපෑම් එල්ල විය හැකියි. ඉතින් එය අනාචාරයේ හැසිරීමක් ලෙස සැලකීම පුදුමයට කාරණයක්ද?

වස්තූන් සමග ඇතිවන මෙම සමීප සබඳතා  ඇතිවන්නේ ඔබේ බිරිඳ හෝ සැමියා තම පවුල වෙනුවෙන් ඇති කාලය මේ වස්තූන් කෙරෙහි යොමු කිරීමත් සමගම යි. එය රාජකාරියක, සමාජ වෙබ් අඩවි හෝ ස්මාට් ෆෝන් එකක් වුවත් වෙන්න පුළුවන්.

ඔබත් ඔබේ දුරකථනයත් සමගම ජීවිතය ගෙවන කෙනෙක්ද? එහෙනම් මෙයත් රැවටීමක් තමයි.

උදේ අවදි වුන වෙලාවේ ඉඳන් නින්දට යන තුරුත්, කෑම මේසයේ දී, සමහරුන් වැසිකිලියේ දී පවා, ඒ වගේම තම බිරිඳ වැදගත් දෙයක් කතා කරන්න සුදානම් වෙනකොටත් ඔබ මේ අලුත් ආදරය සමග ඇලී ගැලී හිඳිම ඔබ නොසිතත් ඔබේ සහකාරිය රැවටීමක් බවට පත් කරනවා.

මෙය ඉතා අහිංසක කාටවත් කරදරයක් නොවන චර්යාවක් වුවත් එමගින් ඔබ අතර ඇති සබඳතා ටිකෙන් ටික ඔබෙන් ඈත් කරන්නක් විය හැකියි.

මෙම ඇබ්බැහි වීම් ඔබ කෙරෙහි ඔහු කෙරෙහි තිබු අකර්ශනයේ සිට බොහෝ වටිනා දේ පළුදු කරන්නට සමත් වෙනවා. ඒ නිසා යම් වස්තුවක් සමග ආදරෙන් බැඳීම සැබවින් ම අනාචාරයේ හැසිරීමක් තරම් භයානකයි.

lkr_sri_lanka_rupee_currency

2. මුල්‍යමය අනාචාරය

ඔබත් ඔබේ සහකරුත් අතරට මුදල් අවොත්?

බොහෝ සබඳතා අතරට මුදල් මදි වීම නිසා ගැටළු ඇති වීම බහුල කාරණයක්. විහේෂයෙන් මුදල් සම්බන්ධ බොරු කීම විශේෂයි. මේ හේතුවත් අනාචාරයක් ලෙස හඳුන්වන්නේ ඒ නිසයි. ඔබත් පරිස්සම් නොවුනොත් ඔබේ මේ නරක පුරුද්ද විනාශයකට ආරම්භයක් වෙන්න පුළුවන්.

එක්තරා මවක් සමාජ වෙබ් අඩවියක් හරහා තම අත්දැකීම් විස්තර කරමින් කියා තිබුනේ එක වකවානුවකදී අයත් ඇගේ සැමියත් ඔවුන්ගේ අදායම් හා වියදම් ගැන එකිනෙකට සඟවා ගනිමින් ජිවත් වු බවයි.

මෙයට හේතුව හැටියට ‘ ඒ මගේ සල්ලි’ වශයෙන් ඔවුන් යමක් මිලදී ගත් විට කියන්නට පුරුදු වී සිටියා. වාසනාවකට ඔවුන්ට මේ පුරුද්දෙන් මිදෙන්න හැකි වුනා. ඇය මේ කරණය ගෙනහැර දක්වා තිබුනේ ඇය වගේම මේ පුරුද්ද නිසා දුක් විඳින අනෙකුත් අය වෙනුවෙන්.

ඔබ යමක් මිලදී ගන්නට යන විට ඒ ගැන ඔහුට හරි ඇයට හරි කියන්න (විශේෂයෙන් වටිනාකමින් ගොඩක් වැඩි දෙයක්). නැතිනම් අවසානයේ එය ගෙවා දමන්නට යන විට ඔබ දෙදෙනාටම ඉන් දුක් විඳින්න සිදුවෙන්න පුළුවන්.

3. සංවේදී වීමෙන් වන අනාචාරය

සංවේදී බව නිසා සමහරුන් සීමාවට වඩා ළංකර ගැනීම

මෙය කරදරයක් නොවේ යැයි  සිතුවත් එය ඔබේ විවාහ ජිවිතයට ඔබ නොදැනුවත්වම කරදරයක් වන්න පුළුවන්.

“හැඟීම් වලින් පමණක් ඇතිවන බැඳීම් අනචාරයේදී හැඳින්විය හැකි භයානකම අවස්ථාවක්” වර්චුවල් ඇසිස්ටන්ට් වරියක ලෙස සේවය කරන මර්ජ් අබේරස්ටුරි පවසනවා. මන්ද හැඟීම් කියන්නේ බොහොම බලවත් දෙයක්.

ශාරීරික වශයෙන් වන බැඳීමක දී ඔවුන්ට ඒ කාර්යයේ නිරත වෙන්න සමහර හැඟීම් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මානසික වශයෙන් යමෙකු හරි ගනුදෙනු කිරීමට ආදරය, කැමැත්ත, සෙනෙහස වැනි දේ දැඩිව බලපානවා. ඉන් ගැලවීම ලෙහෙසි නැහැ.

මෙහි අනෙක් භයානක පැත්ත වන්නේ එය සැඟවීම පහසුයි. ඔබේ සහකරු හෝ සහකාරිය මානසිකව හෙවත් හැඟීම් වලින් පමණක් යමෙකුට බැඳී ඇති බව සෙවීම හරිම අමාරුයි. සමහර විට ඔබ එය දැනගන්නා විට බොහෝ දුර ගොස් තිබෙන්නට පුළුවන්.

එවැනි සිදුවීමක් ගැන කියනවනම් මේ බිරිඳත් ඇයගේ සැමියාගේ සබඳතාවය දැනගන්නා විට හුඟක් ප්‍රමාද වැඩයි. ඔහු ඇය සමග නොකියන බොහෝ දේවල් මෙම තුන්වෙනි පාර්ශවය සමග බෙදාගෙන තිබුනා.

අවසානයේ ඔහු ඔහුගේ තුන්වන පාර්ශවය ලෙස ඔවුන්ගේ ජිවිතයට සම්බන්ද වූ කාන්තාව ඇගේ බිරිඳව නොසලකා හරිමින් සම්බන්ධ කරගත්තා.මෙය ඉතා හොඳ මිත්‍ර කමක් වැඩි වර්ධනය වෙලා සීමාව ඉක්මවා ගිය සබඳතාවක් බවයි පැවසෙන්නේ.

“මට මෙය මහ පාවාදීමක් ලෙස දැනුනා”. බිරිඳ කිව්වා. ඊට ඔහු පමණක් නොවෙයි ඇයත් වගකිව යුතුයි. “මම ඇයව දන්නවා ඇයව මගේ දරුවනුත් දන්නවා”. මේ කරණා අනුව අනාචාරය අපි නොදැනම අපේ ගෙදරට එන්න පුළුවන් බව වැටහේවි.

මෙවැනි පුද්ගලයන් ඔබේ සහ ඔබ දරුවන්ගේ ජිවිත වලට ඉතා දරුණු ලෙස වින කරන හේතුවක් බවට පත් වෙන්න පුළුවන්.

ඉතින් ඔබත් ඔබ කරන ඉහත කියූ සබඳතා ඔබේ විවාහ ජිවිතයට තදින්ම අනතුරු කරන බව සිතට ගත යුතුයි. එය ඔබේ විවාහයේ මාරයා වන්නට පුළුවන්.

සියල්ල ඇත්තේ අපේ සිත ප්‍රමුඛ කරගෙනයි. සිතුවිලි පාලනයෙන්, හරි වැරැද්ද තේරුම් ගන්න පහසුයි. නැතිනම් ඉන් අපේ දරුපැටවුන් සහ අපේ සමීපතමයන් අනතුරට බඳුන් වෙනවා.

theAsianparent Sri Lanka අපි ඔබට එය මතක් කලේ ඔබේ හොඳම මිතුරිය ලෙසින් ඔබේ සතුට අපිට හරිම වටින නිසයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

Marriage