theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අඳුරු ලප වලින් ගැලවෙන්න ස්වභාවික පිළියම් 5 ක්

4 අවම කියවීම
අඳුරු ලප වලින් ගැලවෙන්න ස්වභාවික පිළියම් 5 ක්අඳුරු ලප වලින් ගැලවෙන්න ස්වභාවික පිළියම් 5 ක්

සමේ ඒකාකාරී පැහැය පවත්වා ගන්නට වගේම අඳුරු ලප නැති කරගන්න ඔබ කෙතරම් උපායන් යොදා ඇතිද? ගෙදරදීම මෙලෙස යොදාගත් ක්‍රමයන් ඇත්නම් අපිටත් කියන්න. මේ ලිපිය කියවා අපිත් සමග ඔබේ අදහස් බෙදා ගන්න.

මැදිවියට යත්ම කාන්තාවන් කාටත් සමේ අඳුරු ලප ඇතිවීමේ අඳුරු අවස්ථාවකට මුහුණ දීමට සිදුවෙනවා.

අපේ ශරීරය තුළ උවමනාවට වඩා මෙලනින් නිෂ්පාදනය වීම නිසා සමේ ඒකාකාරී බව නැතිවීම හා සම මත අඳුරු ලප ඇතිවීමට හේතු වෙනවා. ඒ නිසා අපේ සමේ ඒකාකාරී වර්ණයට එය බාධාවක් වෙනවා.

මෙහි ප්‍රතිඵලයක් ලෙස අඳුරු ලප විශේෂයෙන් මුහුණේ ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම හිරු කිරණට නිරාවරණය වීම නිසාත් ගර්භණි කාලය තුළ හා උපත්පාලන පෙති භාවිතය නිසාත් මෙවැනි ලප ඇතිවීමට පුළුවන්.

ගර්භණි කාලය තුළ ඇතිවන අඳුරු ලප ගර්භණි සමයේ ලප ලෙස හඳුන්වනු ලබනවා.

මෙහි සතුටුදායක එක් කාරණයක් වන්නේ ගර්භණි සමයේ ඇතිවන ලප දරුවා බිහිවීමත් සමගම යළි නැතිවී යාමයි.

මේ තත්වය නැති කිරීමට හා පාලනයට බොහෝ ප්‍රතිකර්ම වෙළඳපළේ දක්නට ලැබෙනවා.

ඒ වගේම අපිට ස්වභාව ධර්මය තුළිනුත් අනගි බෙහෙත් වට්ටෝරු සොයාගන්න පුළුවන්.

ඉතින් ස්පා එකකට හරි සැලෝන් එකකට හරි නොයා ඔබට මේ පුදුම සත්කාරයන් ගෙදරදීම කරගන්න පුළුවන්.

ඕනෑම ආලේපයක් ආලේපයට පෙර එහි සංවේදී බව පරීක්ෂා කිරීමට වැලමිට හෝ කණ පිටුපස අලේප කර බලන්න.

අඳුරු ලප වලින් ගැලවෙන්න ස්වභාවික පිළියම් 5 ක්

lemon

අඳුරු ලප වලට ලෙමන්

ලෙමන් වල ඉතා බහුල ලෙස විටමින් C හා සිට්‍රික් ඇසිඩ් ද අඩංගු වන බව බොහෝ දෙනෙක් දන්නවා. මේ මගින් සමේ අඳුරු ලප ස්වභාවිකව ලා පැහැයට හරවනවා.

ලෙමන් ගෙඩියකින් පෙත්තක් කපා දිනපතා මුහුණේ අඳුරු ලප ඇති තැන්වල ආලේපකර බලන්න. ඒ වගේම ලෙමන් හා මී පැණි පැක් එකක් ආකාරයට ආලේප කිරීමත් ඉතාම හොඳයි.

අඳුරු ලප වලට කෝමාරිකා

සමේ ඇති හුඟක් ගැටළු සඳහා කෝමාරිකා සොබාදහමේ ඇති විශ්මිත ප්‍රතිකාරයක්. පිළිස්සුම්, ලපකැළැල්, අව්වට පිළිස්සීම කෝමාරිකා වලට ස්වභාවිකව සුව කරන්න පුළුවන්.

ඉතින් අඳුරු ලපත් කෝමාරිකා මගින් සුවකිරීමට හැකිවීම පුදුමයට කාරණයක් නොවේ.

ඉතින් ඔබටත් ගෙදර කෝමාරිකා පැළයක් ඇත්නම් එහි ජෙලි වැනි මදය ගෙන සුරා කෙලින්ම සම මත ආලේප කරන්න.

අඳුරු ලප වලට අර්තාපල්

චිප්ස් වලට වඩා අර්තාපල් වලින් අපට ගත හැකි හුඟක් ප්‍රයෝජන තියෙනවා. අල බොහෝ අඳුරු ලප කැළැල් හා ඇස් වටා කළුවීම වැනි ගැටළු වලට හොඳ පිළියමක්. අර්තාපල් ගෙඩියක් ග්‍රේට් කර එහි යුෂ ලබාගන්න.

එම යුෂ මුහුණ මත තවරා පැය භාගයක් පමණ තබන්න. මෙය නිතර කිරීමෙන් මුහුණේ අඳුරු ලප නැතිවී යනු ඔබට අත්දකින්න ලැබේවි.

පිපිඤ්ඤා

අපි ඕනෑ තරම් කාන්තාවන් පිපිඤ්ඤා පෙති ඇස් මත තියාගෙන ඉන්න රූප සඟරාවල දැකලා තියෙනවා. පිපිඤ්ඤා ශරීරයේ අභ්‍යන්තරයට වගේම බාහිරටත් හුඟක් යොදා ගන්න සත්කාරයක්.

එහි ඇති සෞම්‍ය සුදු කිරීමේ ගුණය මුහුණේ ඇති අඳුරු ලප හා ඇස් යට කළු වීමට ගුණදායක වෙනවා.

ශීතකළ පිපිඤ්ඤා පෙති මුහුණේ හා ඇස් වටා තබා කෙටි වේලාවක් නින්දට යාමෙන් ඔබට නැවුම් බවක් හා සමට අලුත් බවක් දැනෙනවා.

මී පැණි

මී පැණි බැක්ටීරියා වලට එරෙහිව ක්‍රියා කරන අතර එහි පිරිසිදු කිරීමේ සහ තෙතමනය රඳවා තබා ගැනීමේ ගුණයත් බහුලයි. එහි ඇසිඩ් සහිත බවක්ද තිබෙනවා.

ඒ වගේම ග්ලුකොනික් ඇසිඩ් අඩංගු වෙනවා. එම ස්වභාවයන් සමේ ඇති පිග්මන්ටේෂන් හෙවත් අඳුරු ලප අඩුකිරීමට සමත්කම් දක්වනවා.

මී පැණි ගෙදරදී හදාගන්නා පැක් එකකට යොදා ගත්තට වරදක් නැහැ.

මී පැණි හා ඕට්ස් , මී පැණි හා අර්මන්ඩ් , මී පැණි හා ලෙමන් ඔබට මේ අතර අත්හදා බැලිය හැකි සත්කාර කරන අමුද්‍රව්‍ය මිශ්‍රණ කිහිපයක්.

almond-oil2

ආර්මන්ඩ්

හුඟක් අපි භාවිතා කරන ක්‍රීම් වර්ග වල ආර්මන්ඩ් අඩංගු බව සඳහන් වෙනවා. ආර්මන්ඩ් වල ස්වභාවික ෆැටි ඇසිඩ් අඩංගු වන අතර සමේ තෙතමනය රැකදෙමින් වියළි බව නැති කර සම ආරක්ෂා කරනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

ආර්මන්ඩ් ඇට ටිකක් වතුර කෝප්ප භාගයකට දමා රාත්‍රියක් පෙඟෙන්නට හරින්න. මෙය ශීතකරණයක දැමීම වඩාත් හොඳයි.

තලපයක් වන ආකාරයට කිරි සමග මිශ්‍ර කර අඹරා ගන්න. මෙම සත්කාරය ඔබට මී පැණි හා දෙහි එක්කර හෝ නොගෙන වුවත් මුහුණේ අලේප කරන්න පුළුවන්.

පැපොල්

පැපොල් කෑමට කෙතරම් ගුණදායක පලතුරක් දැයි අපි දන්නවා. එහි ෆයිබර් බහුල අතර සීනි අඩුයි.

ආහාර පාලනයට ඉතා හොඳ පළතුරක් වන අතර රසිනුත් ඉහළයි. ඉතින් පැපොල් ශරීරය අභ්‍යන්තරයට වගේ බාහිරටත් හරිම ගුණදායකයි.

මෙය පුරාතනයේ පටන් සමට හිරුගෙන් වන හානි වලට කරන ප්‍රචලිත සත්කාරයක්. පැපොල් වල ඇති ගුණයන් විශේෂයෙන් පිග්මන්ටේෂන් සඳහා ඉතාම හොඳයි.

පැපොල් කැබැල්ලක් පොඩි කර නිකම්ම මුහුණේ ගාන්න. ඔබට යෝගට් ටිකක් සහ මී පැණි ටිකක් ඊට එක්කරගන්න පුළුවන්නම් තවත් වටිනවා.

අඳුරු ලප වලින් ගැලවෙන්න ස්වභාවික පිළියම් 5 ක්

අලිගැටපේර

තවත් විශ්මිත පලතුරක්. විටමින් E බහුල, ෆැටි ඇසිඩ් හා විටමින් C අඩංගු නිසා එය මුහුණේ ආලේපයට වගේම කෑමටත් ඉතාම හොඳයි.

අලිගැටපේර වල විටමින් E හා C අඩංගු නිසා එය පිග්මන්ටේෂන් තත්වයට ඉතාම හොඳයි.

ඉදුණු අලිගැටපේර ගෙඩියක කොටසක් පොඩි කර යෝගට් හා මී පැණි සමග එක්කර පැක් එකක් ආකාරයට ගල්වන්න.

කිරි හා යෝගට්

කිරි හා යෝගට් වල ලැක්ටික් ඇසිඩ් අඩංගු අතර එමගින් සමේ පැහැය ඒකාකාරී කරනවා. ඒ වගේම අඳුරු බව හා අඳුරු ලප ඉවත් කරන්න උදවු වෙනවා.

දිනපතා අපි ගන්න මෙවැනි අමුද්‍රව්‍යකින් ඔබට ඉහළ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

රසඛාරක හා සීනි නොයොදා කිරි එක් කිරීමෙන් ඔබට හොඳ ෆේස් පැක් එකක් හදාගන්න පුළුවන්.

නිසි ආහාර ගැනීමේ පිළිවෙත්

ඉහතින් මේ කතාකරන හැම පලතුරක්ම කෑමටත් ඉතාම හොඳයි. ඉතින් ආලේපන වගේම අභ්‍යන්තර සත්කාරයන් නිරෝගිව ලස්සනට ඉන්න හරිම වැදගත්.

කැරට්, බතල, බ්ලූබෙරි, ඔලිව් ඔයිල් හා අඹත් සමේ පෙනුම වැඩිකරගන්න ඉහළින්ම උදවු වෙනවා.

ඉතින් ලස්සනට ඉන්න කොට ඔබේ සතුට වැඩිවෙනවා. ඉන් ගෙදර සතුට වැඩිවෙනවා. කරදරයක් නැතිව ලස්සනට ඉන්න ඔබට theAsianparent Sri Lanka  මේ ගෙනා අදහස් හුඟක් වටීවි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • රූපලාවන්‍ය
  • /
  • අඳුරු ලප වලින් ගැලවෙන්න ස්වභාවික පිළියම් 5 ක්
බෙදාගන්න :
  • බබාගේ සම පැහැපත් කර එහි ඇති වැඩිපුර රෝම ඉවත් කරගන්නේ කෙසේද?

    බබාගේ සම පැහැපත් කර එහි ඇති වැඩිපුර රෝම ඉවත් කරගන්නේ කෙසේද?

  • කොරල සම නැතහොත් වියළි සමට ප්‍රතිකාර

    කොරල සම නැතහොත් වියළි සමට ප්‍රතිකාර

  • ගැබිනි සමයේ යෝනියෙන් ගන්ධ පිටවීමට  හේතු 5 ක්

    ගැබිනි සමයේ යෝනියෙන් ගන්ධ පිටවීමට  හේතු 5 ක්

  • බබාගේ සම පැහැපත් කර එහි ඇති වැඩිපුර රෝම ඉවත් කරගන්නේ කෙසේද?

    බබාගේ සම පැහැපත් කර එහි ඇති වැඩිපුර රෝම ඉවත් කරගන්නේ කෙසේද?

  • කොරල සම නැතහොත් වියළි සමට ප්‍රතිකාර

    කොරල සම නැතහොත් වියළි සමට ප්‍රතිකාර

  • ගැබිනි සමයේ යෝනියෙන් ගන්ධ පිටවීමට  හේතු 5 ක්

    ගැබිනි සමයේ යෝනියෙන් ගන්ධ පිටවීමට  හේතු 5 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it