අම්මලාගේ කෝපය පාලනයට අපුරු හෙයාර් බෑන්ඩ් ක්‍රමයක්

lead image

මව්වරුනි ඔබට කෝපය පාලනය කර ගැනීම අපහසුයිද? ඔබ කොච්චර උත්සහ කලත් ඔබ කෝප ගන්නා මවක්ද? ඒ වගේම ඔබ ඒ ගැන හැමවිටම පසුතැවීමට පත්වෙනවාද?

මව්වරුනි ඔබට කෝපය පාලනය කර ගැනීම අපහසුයිද? ඔබ කොච්චර උත්සහ කලත් ඔබ කෝප ගන්නා මවක්ද? ඒ වගේම ඔබ ඒ ගැන හැමවිටම පසුතැවීමට පත්වෙනවාද?

එහෙනම් මෙන්න, එක අම්මා කෙනෙක් අම්මලා තාත්තලාට ධනාත්මකව හා තමා පාලනය කර ගෙන දරුවන් සමග ගණුදෙනු කල හැකි අපුරු සුවිශේෂී නමුත් පුංචි හෙයාර් බෑන්ඩ් ක්‍රමයක් සොයා ගෙන තියෙනවා. ඒවගේම දෙමාපියන්ට ඒ මගින් සත්‍ය වශයෙන්ම ජීවිතයේ සිදුවන දේවල් පිලිබඳව මතක් කරලා දෙනවා.

ඇය මේ විද්‍යාත්මකව  සනාථ කරලා තියෙන්නේ මොකද්ද කියලා ඔබට හිතාගන්න වත් පුලුවන්ද ?

මෙම හෙයාර් බෑන්ඩ් ක්‍රමය ඔබට සංවේදී වීමට හා සිහි කල්පනාවෙන් වැඩ කිරීමට උදව් වේවි.

ටෙක්සාස්හි තිදරු මවක් වන කෙලී හෝල්ම්ස් නිතර දරුවන් සමග කෝප ගැනීම නිසා අපහසුතාවයටත් පසුතැවීමටත් පත් වුනා.

එමනිසාම ඇය විසින් දෙමාපියන් දරුවන් අතර හොද සම්බන්ධතාවයක් පවත්වා ගන්නේ කෙසේද යන්න පරීක්ෂණ කර හෙයාර් බෑන්ඩ් පහක් ඔබේ අතේ පැලැදගත යුතු මෙම ක්‍රමය සොයා ගෙන තියෙනවා.

මෙන්න මෙහෙමයි හෙයාර් බෑන්ඩ් ක්‍රමය ක්‍රියා කරන්නේ

* ඔබගේ අතේ පැලදිය හැකි හෙයාර් බෑන්ඩ් පහක් සොයා ගන්න. එහි වර්ණය හෝ වර්ගය ගැටලුවක් නැත. ප්‍රමාණය පමණක් පහක් විය යුතුය.

* ඔබේ දරුවන් අවදි  වී දවස පටන් ගත් වහාම එක අතක එම හෙයාර් බෑන්ඩ් පහ පැලද ගන්න .

* ඔබ ඔබේ  දරුවන් සමග කෝප ගන්නා සෑම විටෙකම එක හෙයාර් බෑන්ඩ් එකක් අනෙක් අතට මාරූ කරන්න .

* කෝපය පාලනය කරගෙන ඇත්නම් මෙම හෙයාර් බෑන්ඩ් දෑත් අතර හුවමාරු නොවී ආරම්භක අතේම තිබෙන බව කෙලී හෝල්ම්ස් සටහනක් තබමින් කියා සිටියාය .

* ඒ වගේම  මේ ඔබ කෝපගත් සෑම  වාරයක්  වෙනුවෙන්  දරුවා සදහා යහපත් ක්‍රියාකාරකම් පහක් කල යුතු වෙනවා. උදාහරණ ලෙස දරුවා සමග එක්ව කියවීම හෝ දරුවා සිප ගැනීම හෝ දරුවාට ආදරය ප්‍රකාශ කිරීම වැනි ක්‍රියාකාරකම් වල ඔබට යෙදිය හැක.

මේක ඔබගේ කෝපය පරීක්ෂා කර ගන්න සරල , විනෝදජනක ක්‍රමයක් නේද ? ඔබට තරහා ගියොත් බෑන්ඩ් එකක් නැති වෙනවා .ඔබට ඔබගේ දරුවන් සමග තරහා යන වාර ගණන අවබෝධ කරගන්නත් මෙය හොද ක්‍රමයක් වේවි.

කෙලීගේ මෙම ක්‍රමය ලොව පුරා බොහෝ මව්වරුන් අත්හදා බැලු අතර එහිදී ලැබුන විස්මිත ප්‍රතිඵල හේතුවෙන් ඔවුන්ගෙන් ඇයට යහපත් ප්‍රතිචාර ලැබුනා .

ඇය මෙවැනි වටිනා අදහසක් ලැබුනේ කෙසේදැයි දැන ගන්නට ඔබ කැමති ඇති.

හෙයාර් බෑන්ඩ් ක්‍රමයේ විද්‍යාත්මක පැත්ත

Gottman නැමති ආයතනයේ magic 5:1 ratio නැමති පරීක්ෂණයන්ට අනුව කෙලී විසින් මෙම හෙයාර් බෑන්ඩ් ක්‍රමය දරුවන් හා මවුවරුන් සදහා නිර්මාණය කරනු ලැබුවා.එම මුල් පරීක්ෂණයේදී  සතුටුදායක වැඩිහිටි සම්බන්ධතාවයක් සදහා ඔබ විසින් සහකරු සමග ඍනාත්මක සම්බන්ධතාවයක්  ඇති කරගන්නා සෑම වරකදීම හොද අන්තර් සම්බන්ධතා පහක් පැවැත්වීය යුතු විය.

 Dr.Gottman විසින්  අසතුටුදායක යුවල අතර ධනාත්මක අන්තර් සම්බන්ධතාවයන්ට වඩා ඍනාත්මක අන්තර් සම්බන්ධතාවයන් වැඩි වීම විවාහයෙන් නීතියානුකූල වෙන්වීමට හේතුවී ඇති බව ඉහත අනුපාතය පාදක කර ගෙන  පෙන්වා දී ඇත. සමහර සම්බන්ධතාවයන් තුල යම් ප්‍රමාණයකට ඍනාත්මක අන්තර් සම්බන්ධතාවයන් ඇතිවීම නොවැලැක්විය හැකි වුවද ධනාත්මක අන්තර් සම්බන්ධතාවයන් වැඩි වු විට සම්බන්ධතාවය ස්ථාවර වේ.

ඒ වගේම තමයි කෙලී හෝල්ම්ස් මෙය සරලව දෙමාපිය දරු සම්බන්ධතාවයට යොදා ගනිමින්  the magic 5:1 ratio ක්‍රමවේදය ඔබත් ඔබේ දරුවාත් අතර පරතරය අඩු කර ගැනීමට උදව් කර ගත හැකි බව පෙන්වා දෙයි.

ඉක්මනින්ම මේ ක්‍රමය ඔබත් අත්හදා බලන්න. ඒ වගේම ඔබත් ඔබේ දරුවාත් සමග සාර්ථක සම්බන්ධතාවයක් පැවැත්වීමට මෙම ක්‍රමය ප්‍රයෝජනවත් වුවාදැයි අපිටත් කියන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී