අම්මලා නිතර කරන රූපලාවන්‍ය අතපසුවීම් 5ක්

lead image

දරු ප්‍රසුතියෙන් පසුත් රූපය ආදරයෙන් රැකබලා ගනිමු නේද ?

මෙම ලිපියේ තොරතුරු සමඟ ඒවායින් වළකින්න ආකාරය සොයා බලන්න.

ඔබ අලුතින් අම්මා කෙනෙක් වෙලා ,  ඔබට නියම ආහාර වේලක් අනුභව කිරීම සඳහා වේලාව හෝ ශක්තිය පවා නැති බව අපි දන්නවා.

නමුත් ඔබ  අලුත් මව්වරුන්  නිතර කරන පහත දැක්වෙන රූපලාවන්‍ය අතපසුවීම් වලින්  වලින් වැලකෙන්නේ නම් පසු කාලීනව, ඔබේ සම, කෙස් සහ සිරුර ඔබට ස්තුතිවන්ත වේවි.

1. ප්‍රමාණවත් ජලය පානය නොකිරීම

කිරීමට ඇති මිලියනයක් වැඩ අතර ඔබේ උදෑසන ආහාරය ලබා ගන්නවා.  දවස පුරා ජලය ප්‍රමාණවත් තරම් බොන්න පහසුවෙන්  අමතක වෙන්න පුළුවන්. මෙය නොකරන්න.

ඔබේ කුඩා දරුවා සඳහා ප්‍රමාණවත් මව්කිරි නිෂ්පාදනයට හා සජලනය වී සිටීමට  ඔබට ජලය අවශ්‍ය  වේ. හිසකෙස් සමේ සරල රැකවරණය සඳහා කාලය පමණක් ලබා ගත හැකි වුවද,  ඔබේ සම සහ හිසකෙස් ජලය ප්‍රමාණවත් පරිදි පානය කිරීමෙන් ප්‍රතිලාභ ලබාවී.

මතක තබා ගැනීමට : ඔබ දිගු කාලයක්  ඔබේ කුඩා දරුවාට මව්කිරි දීමට  එක් ස්ථානයක වාඩි වී සිටී නම්, ඔබට පහසු තැනක ජලය  බෝතලයක් තබා ගන්න. ඔබ එසේ කිරීමට  අමතක  වෙනවා  නම්, ඔබ වෙනුවෙන් එය කිරීම  ඔබේ සහකරුවාට පවරන්න.

2. හිරු ආවරණ පැළඳීමට අමතක වීම

උණුසුම්, නිවර්තන හිරුට ඔබේ සමට විශාල හානියක් කළ හැකිය. නමුත් කාර්යබහුල මවක්  ලෙස, ඔබ පිටතට යන විට ඔබේ සම ආරක්ෂා කිරීම පහසුවෙන්  අමතක වෙනවා . ඔබේ දරුවාගේ  සම ​​ආදරයෙන් ආරක්ෂා කරන ආකාරයටම ඔබේ සම ආරක්ෂා කරන්න.

එලියට යෑමට පෙර ඔබ ඔබේ සමේ නිරාවරණය වන ප්‍රදේශවල  අවම වශයෙන් SPF50 + සහිත  හොඳ හිරු ආලේපනයක්  භාවිතා  කරන්න. ඔබ රිය පදවනවා නම් ඔබේ දෑත් හා අත් දෙකෙහි ආලේප කරන්න  අමතක කරන්න එපා.

ඉඟිය: ඔබගේ වාහනයෙහි, ඔබේ අත්බෑගයේ හෝ ළදරු බෑගයේ සන්ස්ක්‍රීන් ආලේපනයක් තබා ගන්න. හිරු ආවරණ තොප්පියක් වුනත් හොදයි.

3. ව්‍යායාම නොකිරීම

ඔබේ පුංචි පැටියා සමග ජිම් එකට යන්න යැයි අපි කියන්නේ නැහැ. දෛනික වැඩ දරුවා වඩා ගෙන ඇවිදීම, බේබි කරත්තය තල්ලු කරන් ඇවිදීම වැනි මෘදු ව්‍යායාම වල යෙදෙන්න.

මෙමගින් ඔබේ වැඩි වු බර කිලෝග්රෑම් කිහිපයකිව් අඩු කර ගැනීම මෙන්ම ඔබේ පරිවෘත්තීය ක්‍රියා  වැඩි දියුණු කිරීමට උදව් වෙන අතර   ඔබ හා ඔබේ  පුංචි  පැටියා  අතර  සොදුරු  බැදීමක්   නිර්මාණය කිරීමටද මෙය ඔබට උදව් වනු ඇත.

මතක තබා ගැනීමට : ඔබ ළදරු කරත්තයකින් දරුවා එලියට අරගෙන  යනවිට , හිරුගෙන් දරුවා ආරක්ෂා කර ගැනීම සඳහා බ්ලැන්කට්ටුවක් ආවරණය නොකිරීමට මතක තබා ගන්න. මෙය කිරීමෙන්, ඔබ ඇත්තෙන්ම ඔබේ කුඩා දරුවා අවදානමක් හෙලනු ලබයි .

4. නින්දට යාමට  පෙර ඔබේ මුහුණ පිරිසිදු කිරීමට අමතක වීම

මෙම  සරල රූපලාවන්‍ය  සත්කාරය කිරීම පහසුවෙන්  අමතක වේ.  ඔබ ඇඳෙහි මව්කිරි ලබාදෙයි නම් දහඩිය සහ කුණු දුවිලි වලින් පිරුණු  ඔබේ මුහුණ සමගම ඔබට  නොදැනුවත්වම  නින්ද යනවා.

නින්දට පෙර ඔබේ මුහුණ සෝදා ගැනීම නොසලකා හැරීම නිසා කාලයත් සමඟ අඳුරු ලප කුරුලෑ  සහ වෙනත් සම තත්වයන් ඇති විය හැකිය.   ඔබට ඇත්තේ විප්ස් වලින් මුහුණ පිසදමා ගැනීමට තරම් කාලයක්  වුවත් මෙය වළක්වා ගැනීම සඳහා  රාත්‍රී  මුහුණ  පිරිසිදු කිරීමේ චර්‍යාවක්  පවත්වාගන්න.

මතක තබා ගැනීමට : පිරිසිදු කිරීමෙන් පසුව මොයිස්චරයිසින්  ක්‍රීම් ටිකක්  ආලේප කරන්න අමතක කරන්න එපා. ඒ ගැන ඔබේ සම ඔබට ස්තුතිවන්ත වේවි.

5. ඔබේ පාද නොසලකා හැරීම

බොහෝ විට මව්වරුන් සිටින්නේ සිටගෙනයි. එහෙත්, අපි දෙපා  නිතර භාවිතා කළත් අපගේ පාදවලට රැකබලා ගැනීම නොසලකා හැරීමට  නිතරම උත්සාහ දරනවා. ඔබේ පාදවලට නිසි රැකවරණය නොලැබීම නිසා  දෙපතුල් පැලීම , වියලිත්වය හෝ වෙනත් පාදවල තත්වයන් ඇති විය හැක. එය ලස්සන නැහැ.

මතක තබා ගන්න: ඔබ නාන විට ඔබේ දෙපා වලට ඉක්මනින් සම්බාහනයක් ලබා දෙන්න.  ඉන්පසුව ඔබේ පාද ඉහළ තත්වයේ තබා ගැනීම සඳහා මොයිස්චරයිසින් ක්‍රීම් ටිකක් ආලේප  කිරීමට අමතක නොකරන්න.

මව්වරුනි, ඔබගේ දරුවා ඔබේ ලෝකය බවත්  හා අන් සියල්ලම දෙවැනි තැන ඇති බවත් අපිට වැටහෙනවා. එහෙත්, ඔබ ගැන සැලකිලිමත් වීමට ඉගෙන ගන්න. එය ඔබට ඔබ   අමතක කර සියල්ල මාතෘත්වයට භාර දීම පහසුය. ඔයටත්  චුට්ටක්  ආදරේ කරන්න, එහෙම හොදයි නේද ?

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වූ බව අපි විශ්වාස කරනවා .  ඔබටත් මග හැරෙන තවත් රූපලාවන්‍ය ඉගි ඇතිනම් පහලින් සටහනක් යොදවන්න.

ඔයාගේ රූපය ගැනත් ටිකක් හිතුවොත් හොදයි කියන පණිවිඩය ඔබට ආදරයෙන් ගෙන එන්නේ The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී