theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අම්මාගේ ආදරය දරුවන් බුද්ධිමත් කරයි.

3 අවම කියවීම
අම්මාගේ ආදරය දරුවන් බුද්ධිමත් කරයි.අම්මාගේ ආදරය දරුවන් බුද්ධිමත් කරයි.

දරුවන්ට ආදරය හා සෙනෙහස පෙන්වීම දෙමාපියන් වශයෙන් අපිට ලෝකයේ තියෙන ස්වාභාවික දෙයක් වෙනවා. අම්මාගේ ආදරය ඇයගේ දරුවාගේ මොළය වර්ධනයට හේතු වෙන බව අධ්‍යනයක් පෙන්වා දී තිබෙනවා. ඉක්මනින්ම ගිහින් ඔබේ දරුවා තදින්  වැළදගන්න. දැන් මේ ලිපිය කියන්න.

අපි සියල්ලන්ම අපේ දරුවන්ට ආදරය කරනවා. නිසැකවම ඔවුන් අපේ ලෝකයම වෙනවා. ඔබ ඔබේ දරුවන්ට පෙන්වන අම්මාගේ ආදරය ඇයට හෝ ඔහුට බුද්ධිමත් වීමට උදව් වන බව ඔබ දැන සිටියාද?

ඔව් ඒක ඇත්තක්, ජීවිතයේ මුල් කාලයේ අම්මාගේ ආදරය ලබන ළමුන් ඉගනීමට හොද හැකියාවක් ලබමින් බුද්ධිමත් වෙනවා!

අම්මාගේ ආදරය දරුවන් බුද්ධිමත් කරයි.

ජීවිතයේ මුල් අවදියේ මව්වරුන් විසින් පෝෂණය කරන පාසැල් අවදියේ සිටින දරුවන්ට ඉගෙනීමට, මතකයට හා මානසික පීඩනයට ප්‍රතිචාර දැක්විම සදහා ප්‍රධාන සාධකයක් වන විශාල මතක හැකියාවක් ඇතිබව වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාඥයින් හා ස්නායු විශේෂඥයින් සොයා ගෙන තියෙනවා.

අම්මාගේ ආදරය දරුවාගේ මතක හැකියා ප්‍රමාණයට 10% ප්‍රතිශතයකින්  භෞතිකව බලපාන බව මොළයේ පිංතුර හෙලිකරනවා.

පරීක්ෂක කණ්ඩායම මෙම දරුවන් වයසින් වර්ධනය වන තුරු නිරීක්ෂණය කරමින් පෙර පාසැල් සමයේ දෙමාපියන්ගේ පෝෂණය දරුවාගේ මොළයේ කොටස් වලට බලපෑම් කරන්නේ කෙසේදැයි පරීක්ෂා කිරීමට බලාපොරොත්තු වෙනවා.

දරුවන්ගේ මුලීක පෝෂණය පරිසරය ඔවුන්ගේ යහපත් ,නිරෝගිමත් ප්‍රතිඵල සදහා වැදගත් බව අවුරුදු ගාණනක් තිස්සේ අධ්‍යනයන් අවධාරණය කරනවා.

දරුවාට ආදරය, පෝෂණය ලබාදීම ඔවුන්ගේ වර්ධනයට පමණක් නොව මොළයේ භෞතික වෙනස්වීම් වලට පවා යහපත් බව අපි කවදාවත්ම හිතුවේ නැහැ.

මුලික ළමා වියේ දරුවන් රැකබලා ගැනීම හා පෝෂණය වැදගත් කම පෙන්වා දෙන පූර්ව ළමාවිය සංවර්ධන සාහිත්‍යයේ  විශාල ප්‍රමාණයක්  අධ්‍යනයක සොයා ගැනීම  තහවුරු කරනවා.

එමනිසා අපි මෙම අධ්‍යනයේ ප්‍රතිඵල දරුවන්ගේ වර්ධනයට යොදා ගන්නේ කෙසේද?

මෙන්න ක්‍රම කිහිපයක් 

• ඔබේ දරුවාට පෝෂණය, සහය දෙන්න.

නිතර ඔබේ දරුවාගේ පෙර පාසැල් ගුරුවරිය හමු වී ඔබේ දරුවාට සහය විය යුත්තේ කෙසේදැයි සාකච්ඡා කරන්න.

නිවසේදී ලැබෙන පෝෂණය, ආදරය පෙරපාසැලේදීද ලැබිය යුතුයි. පෙර පාසැලේ දිගු වේලාවක් ගත කර නිවසට එන දරුවා ඔබෙන් ලැබෙන ආදරය හා අවධානය තුලින් ප්‍රීතිමත් විය යුතුයි.

• ආදරයයි ඒ සදහා මගයි

අම්මා සමග උණුසුම්ව බැදුනු සම්බන්ධතාවයක් තිබීමේ දරුවන්ගේ හැසිරීමේ ගැටළු ඇතිවීම වළක්වනවා.

වැඩිහිටියන් වශයෙන් අපි අපේ සම්බන්ධතා වර්ධනය කරන්නේ කෙසේද යන්න සදහා දෙමාපියන් හා දරුවන් අතර සම්බන්ධතාවය ඉතා වැදගත් වෙනවා.

අපේ දෙමාපියන් අපිට ආදර්ශ සපයනවා. දරුවෙකුට සිය දෙමාපියන් හා සමීප සම්බන්ධතාවයක් නොදැනෙයි නම් අනිවාර්යයෙන්ම ඔහු වැඩිහිටි වියේදී සම්බන්ධතාවයන්හි ධනාත්මක පැතිකඩආදර්ශ  කරගන්නේ නැහැ.

• ධනාත්මක ගුණාංග දෙස බලන්න 

අධ්‍යනයට අනුව ඔබට ඔබේ  ස්වභාවය දරුවන්ට ලබාදෙන්න පුළුවන් . එය ජාන වලින් වෙන්න අවශ්‍යම නැහැ.

එය ඔබේම හැසිරීමෙන් හා දරුවන් හදාවඩා ගැනීමේ ක්‍රමයෙන්ද කල හැකියි. හොද හෝ නරක දරුවන් සිය දෙමාපියන්ගේ හැගීම් අරගන්නවා. තවත් විදියකට කියනවා නම් ඔබ සිනාසෙන විට ඔබේ දරුවාද සිනාසෙනවා. ඔහුගේ මොළයට සිනාසෙන ලෙස සංනිවේදනය වෙනවා.

• ගුණාත්මක කාලයක් ගත කරන්න.

දරුවන් සමග නිදහසේ කතාබහ කරමින් හා දරුවන් පෝෂණය කිරීමට අර්ථවත් කාලයක් ගත කිරීම ගුණාත්මක කාලයක් ලෙස සරලව අර්ථ දක්වන්න පුළුවන්.

ළමා කාලයේ ප්‍රීතිමත් මතකයන් ඇති කරමින් දෙමව්පියන්ට දරුවන් සමග අර්ථාන්විත සබැඳියාවක් ගොඩ නගා ගත හැකි කාලයද මෙය වෙනවා.

රැකියාවක් කරන හා නිවසේ රැදි සිටින දෙවර්ගයේම දෙමාපියන්  දරුවන් සතුටුදායක ලෙස වර්ධනය වෙමින් විශ්වාසයෙන් හා වගකීමෙන් පිරි වැඩිහිටියන් බවට පත් කිරීමට ගුණාත්මක කාලයක් ඔවුන් වෙනුවෙන් කැප කරමින් ප්‍රයන්ත දැරිය යුතු වෙනවා.

ඔබ කොතරම් කාර්‍යබහුල වුනත් කමක් නැහැ . මේ පුංචි සිප වැළද ගැනීම් කිහිපයක් සදහා පොඩ්ඩ වේලාවයි යන්නේ.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

දරුවන් වැළද ගැනීම තුලින් ඔවුන්ට සුවිශේෂී හැගීමක් හා රැකවරණයක් දනවන අතර ඔවුන් සිටින්නේ තරහින් හෝ කෝපයෙන් නම් ඔවුන්ගේ ආත්මයන් යලිත් නැගී සිටවනු ඇත.

ඔබේ දරුවා බුද්ධිමත් කිරීමට ඔබේ ආදරය විශාල කර්තව්‍යයක් කරනවා.එමනිසා දැන් සිට මෙම ආදරණීය හැගීම් ආරම්භ කරන්න. ඔබේ දරුවාව වැළද ගන්න. සිප සනසන්න.

ඔබේ සුවිසල් ආදරය පවසන්න. ඔබ මේවා කරන අතර තුර එය ඔබේ දරුවාගේ මොළය වර්ධනයට බලපාන බවත් දැනගන්න. මෙය ඇත්තෙන්ම ජයග්‍රාහී අවස්ථාවක්ද වෙනවා.

ඔබ මේ ලිපිය පිලිබඳ සිතන දේ අපි දැනගන්න කැමතියි . ඔබේ අදහස් විවේචන පහලින් සටහනක් යොදන්න.

දරුවාගේ බුද්ධි වර්ධනයට මේ පහසු මග පෙන්වීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • අම්මාගේ ආදරය දරුවන් බුද්ධිමත් කරයි.
බෙදාගන්න :
  • අම්මාගේ තවත් අවුරුද්දක් මෙසේ ගෙවී ගියා... ඔබේ අම්මාගේ අවුරුද්දත් මේ වගේද?

    අම්මාගේ තවත් අවුරුද්දක් මෙසේ ගෙවී ගියා... ඔබේ අම්මාගේ අවුරුද්දත් මේ වගේද?

  • දරුවාගේ මොළයේ වර්ධනයට සුදුසු ආහාර වර්ග 6

    දරුවාගේ මොළයේ වර්ධනයට සුදුසු ආහාර වර්ග 6

  • අම්මාගේ තවත් අවුරුද්දක් මෙසේ ගෙවී ගියා... ඔබේ අම්මාගේ අවුරුද්දත් මේ වගේද?

    අම්මාගේ තවත් අවුරුද්දක් මෙසේ ගෙවී ගියා... ඔබේ අම්මාගේ අවුරුද්දත් මේ වගේද?

  • දරුවාගේ මොළයේ වර්ධනයට සුදුසු ආහාර වර්ග 6

    දරුවාගේ මොළයේ වර්ධනයට සුදුසු ආහාර වර්ග 6

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it