අම්මාගේ තවත් අවුරුද්දක් මෙසේ ගෙවී ගියා
බල බලා ලොකු වෙනා මාගේ කිරි කැටී
සැනසෙනා හිනා මල් මිදුලේ ඇති වැටී
දණ ගගා මොනවදෝ හොයා ගිය හැටී
ගුලිවෙලා මතක පොතේ ඇත හති වැටී
කැකුළු සිනහා පා ඇවිදලා අනේ නොවැටී
පුංචි දෙපා රිදුනා ඇනි ඇනි නපුරු ගල් කැටී
නොහෙලෙනා කදුලක් දැවටිලා තියෙන හැටී
ගිලිහිලා නෑ මගේ මතකයෙන් දන්නවාද පැටී
ලෙඩ වෙලා සුව සොයා ගුලි වෙලා උන්නු හැටී
සොය සොයා මා වටා ගැවසිලා හැඩුවා නුඹ වැටී
ආදරේ ගල ගලා හදවතින් අපි ලංවෙලා හිටි හැටි
වෙන්වෙලා දිනගණන් අතීතය හැඩ කලා පැටී
ආදරේ සොය සොයා අම්මාගේ හදවතේ ගැටී
හිටියා නුඹ අම්මාගේ ආදරයෙන් තෙමි තෙමි පැටී
ලොකු වෙලා හැඩවෙලා අම්මා ලග වැටී
ගතවෙලා අවුරුද්දක් නව වසරක් උදාවෙලා පැටී