theAsianparent Logo

අම්මාගේ දින පොතෙන් දවස් හතක්

බලන්න මේ අම්මාගේ සතිය ඔබේ සතිය වගේද කියලා...

අම්මාගේ දින පොතෙන් දවස් හතක්

සදුදා

තවත් සතියක් පටන් ගත්තා. හැමදාම වගේ පාන්දර හතරට නැගිට්ටා. එතැන ඉදන් මැෂිමක් වගේ මුලින්ම කෑම ටික ලෑස්ති කලා. ඊලගට ළමයි ඉස්කෝලේ යන්න ලෑස්ති කලා. කොහොම හරි ලෑස්ති වෙලා රතු ඉරට කලින් ඔෆිස් එකට දිව්වා.

එතැනත් නිවනක් නැහැ මටත් වඩා උස ෆයිල් කන්ද, ඒත් ඉතින් මට වැඩි නැහැ. හවස බස් එකට දුවන්නේ එක්ස්ප්‍රස් එකටත් වඩා වේගෙන්, පැය ගාණක් තිස්සේ බස් එකේ හිටගෙන ඊට පස්සේ හැතැම්මක් විතර ඇවිදින් ගෙදර ආවත් නිවනක් නම් නෑ.

ආයෙමත් උයන්න ඕනී. ගෙවල් අස් කරන්න ඕනී. දරුවාගේ පාසැල් වැඩ වලට උදව් කරන්න ඕනී. යන්තම් පුංචි වේලාවක් හොයාගෙන දරුවො දෙන්නා ඒක්ක හුරතල් වුනා. හිතට ලැබුන සහනය ඒච්චරයි.

අගහරුවාදා

අද පුතාගේ නහය බර වෙලා වගේ. ඇගත් රත් වෙලා. දරුවාට සනීප නැහැ. ලෙඩ පාට ඇස් කරකවලා මං දිහා බැලුවේ අම්මේ අද ගෙදර ඉන්න කියන්න වගේ, ඉතින් මං අද ඔෆිස් යන අදහස අතැරියා. දවසම ගෙවුනේ පුංචි පුතාට කරපු සත්කාරත් ඒක්ක.

ගෙදර අනෙක් වැඩ ටික නම් ගොඩ ගැහුනා. දරුවාට උණ නිසා ඒයා කන්නේ නැහැ. ඉතින් මටත් උගුරෙන් පහලට වතුර උගුරක් පෙවුනේ නැහැ. හවස යාන්තම් බත් කැද ටිකක් හදලා දරුවාට පෙව්වාට පස්සේ තමයි හිතට සහනයක් ලැබුනේ, නිදාගන්න කොට දොලහත් පහු වුනා.

බදදා

දරුවාට බෙහෙත් ටිකක් වැටුන නිසා හෙම්බිරිස්සාව ගතිය ඒක්ක උණ ගතියත් ටිකක් අඩුවෙලා. අද බදාදා නිසා ඔෆිස් ඒකට දුවලා ඒන්න හිතුවා. ඊයේ වැඩ ගොඩක් අත පසු වුන හින්දා මම අද නැගිට්ටේ උදේ තුනට, කුස්සිය චුට්ටක් අස්කරලා. වෙනදා වගේ කෑම උයලා ඉවර වෙද්දී වැඩට යන්න වෙලාවත් හරි.

දුවව ලෑස්ති කරගෙන ඉක්මනට ගිහින් ස්කූල් වෑන් ඒකට දැම්මා. ඊට පස්සේ හති දාගෙන ඔෆිස් ඒකට යනකොටත් මේසේ පිරෙන්න ෆයිල්, ඔන්න ඉතින් මේසේ වාඩි වෙලා ඊයේ ඒකතු වෙච්ච වැඩ ටික ගොඩක් ඉවර කලා.

දොලහා වෙද්දී හාෆ් ඩේ ඒකක් දාලා ගෙදර දිව්වේ දරුවාට හොදටම හොද නැති  නිසා. ගෙදර ඒද්දී දරුවාගේ ලෙඩ පාට ගිහින්. අම්මේ දැනුන සැනසීම, ඊයේ දවසේ ගොඩ වෙච්ච වැඩත් ඒක්ක දවස ගෙවුනා මට දැනුනේ නැහැ.

බ්‍රහස්පතින්දා

අද නිවාඩු දවසක්ලු , ඒත් මට වැඩ වැඩිම දවසක් තමයි. මොකද ළමා පාතාලයම අද ගෙදර.

"අම්මේ මල්ලී මගේ පොත ගත්තා "

"අම්මේ මල්ලී මට ගැහුවා "

"අම්මේ මල්ලී මට ඉන්න දෙන්නේ නැහැ "

"අම්මේ මල්ලී වතුර හලනවා "

"අම්මේ මෙන්න මල්ලී උඩ නැගලා "

අක්කාගේ නඩු නම් ඉවර නැහැ. හොද වේලාවට මල්ලීට තාම වැඩිය කතා කරන්න බැහැ. ගෙදර වැඩ කරන ගමන් මම සාලෙට කී පාරක් නම් ආවද? කමක් නැහැ ඇවිද්ද පය දහස් වටීනේ කියලා ගේ ඇතුලේ කිලො මීටර් ගානක් ඇවිද්දේ පුංච් දෙන්නත් ඒක්ක ඔට්ටු වෙන්න.

සිකුරාදා

රාජකාරී සතියේ අන්තිම දවසට කිව්වාට මට නම් දවස් හතට ජුලි හතයි. මගේ ඔලුවේ කැක්කුමක් අල්ලලා ඔලුව උස්ස ගන්න බෑ. මාර අමාරුවෙන් පාන්දර ඇහැරුනේ. මම බඩගින්නේ හිටියත් පැටවුන්ට මොනවා හරි තම්බලා යන්න ඕනී.

දුවන ගමන් වේදනා නාශක පෙත්තක් බීලා වෙනදා වගේම ගෙදර යුද්දේ ඉවර කරලා. ඔෆිස් ඒකේ ඇරියස් වැඩත් ඉවර වෙද්දී මගේ පණ ගිහින් , මොනවා කරන්නද? ඇගේ අමාරුවට ඔලුවේ කැක්කුම කොහේ ගියාද නැහැ.

සෙනසුරාදා

හැමොම ඉතින් සති අන්තය ඒනකම් බලා ඉන්නේ විවේක ගන්නනේ, මට නම් සෙනසුරාදා කියන්නේ ලොන්ඩරි දවස, උදේම උයලා තියලා මම රෙදි හොදන්න ගත්තා. දෙවියනේ සතියට හතර දෙනත් ඒක්ක රෙදි කන්දක් හදලා. පොඩ්ඩො දෙන්නත් නාවගත්තා.

අද ඉතින් මම දියකිදුරියක් වගේ, මගේ හුරතල්ලු දෙන්නා මුළු ගේ ම හැඩිකරන නිසා ගේ හොදින්ම පිරිසිදු කරන්න ලැබෙන දවසත් අද, මොනවා කරන්නද ගේ අස් කරලා දුවට පාසැල් පැවරුම් කරන්න උදවි කලා.

ඉරිදා

හෙට ඉදන් ආයෙමත් අලුත් දවසක්, අද තමයි මට ගමන් වැඩිම දවස, දුවව ක්ලාස් ඒක්ක ගියා. ගෙදරට බඩු ගන්න සාප්පු ගානේ ඇවිදලාම මහන්සියි. ඒත් මොනවා කරන්නද ? යන්තම් අතේ ඉතුරු කරගත්ත සල්ලී වලින් පුංචො දෙන්නට ඇදුම් දෙකක් ගත්තා.

හවස් වරුවම ගෙනාපු ඒළවළු සුද්ද කරලා සතියේ භාවිතා කරන්න ලේසි විදියට ඇසුරුවා. පොඩ්ඩො කන්න ආස නිසා රෑට නුල්ඩස් හැදුවා. සතියේම ඇදුම් අයන් කරලා . කුස්සිය අස් කරලා නිදාගන්න යනකොට වේලාව සුපුරුදු දොළහම තමයි.