අම්මාගේ ආදරණීය හඬ පළමු වතාවට කන වැකෙන පුංචි පැටියාගේ ප්‍රතිචාරය

අම්මාගේ හඩට දරුවන් මේතරම් සංවේදීද?

බලන්නකෝ ඇයගේ ආදරණීය පුංචි මුහුණේ පෙනුම

සුන්දර  චාලට් (චාලි) මෙම වසරේ අගෝස්තු මාසයේදී උපත ලැබුවා.  ඇය උපතින්ම  බිහිරි  දැරියක් වුනා. ඇයගේ ආදරණීය දෙමාපියන්  ඇය වෙනුවෙන්  විසඳුමක් සොයා ගැනීමට වෙහෙසුන  අතර  ඔවුන් අවසානයේදී ළදරු ශ්‍රවණ ආධාරක  වල උපකාරය ලබා ගත්තා.

ක්‍රිස්ටී නැමති මේ අම්මා  පළමු වතාවට පුංචි පැටික්කිය  ඇයගේ කටහඬට සවන් දෙන අපූරු මොහොත පටිගත  කර ගත් අතර අනිවාර්යයෙන්ම  එය ඔබේ දෙනෙත් කදුලින් තෙමාවි. පුංචි  චාලිගේ මුහුණ පළමුව ප්‍රීතියට පත් වුනා. ඉන්පසුව   ඇය  හැගීම්බර වී ඇයගේ නෙත් වලින් කඳුළු වැටීම නවත්වා ගන්න පුංචි සටනක් කලා.

අම්මා "මං ඔයාට ආදරෙයි" කියද්දී බිළිදිය ආයෙමත් හැගිම්බර වුනා.

"චාලිට ශ්‍රවණ ආධාරක ලැබුන පුදුමාකාර මොහොතේ මම දෙවියන් සිහි කලා. ඇයට කිසිම දෙයක් ඇසී තිබුන බව අපි සිතන්නේ නැහැ. ඒ මොහොත  මම විස්තර කලාට වඩා  පුදුම සහගත වුනා.  ඇයගේ ශ්‍රවණ උපකරණ සවිකිරීමේ  හා භාෂා සංවර්ධනයේ අපූරු  ආරම්භය එලෙස සටහන් වුනා."

ක්‍රිස්ටි ක්‍රේන් ඇයගේ Instagram මත සටහනක් යෙදුවාය.

පහත වීඩියෝවේ ඒ සුන්දර  මොහොත බලන්න:


 

ලස්සනයි වගේම හැගීම්බරයි නේද? මේ අපූරු මොහොත ඔබත් සමග බෙදා ගත්තේ The Asianparent sri lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී