අම්මායි පුතයි අතර අපූරු සබැඳියාවක්

lead image

පුතාගේ ස‌ෛල අම්මාග‌ේ ‌මොළයට ගමන් කරනවා. ඒ ගැන වැඩි විස්තර කියවන්න.

ළදරු නාම උත්පාදකය

ස්ත්‍රී පුරුෂ භාවය

අකුර

ප්‍රභේදය

සොයාගත් ළදරු නම්

සොයාගත නොහැක

අම්මායි පුතයි ගැන අධ්‍යනයකින් හෙලි වු මේ අපූරු තොරතුරු බලමු. ගැබිනි සමයේදී ඔබේ පුතාගේ සෛල සහ DNA ඔබේ මොළයට ගමන් කරන බව ඔබ දන්නවාද?

සියවස් ගණනාවක් තිස්සේ කාන්තාවන් තම දරුවන් සමඟ බුද්ධිමය සම්බන්ධතාවයක් පෙන්වනවා. මවගේ බුද්ධිය සැබෑ විය හැකි බව දැන් විද්‍යාව පවා අනාවරණය කර ගෙන තියෙනවා.

අම්මායි පුතයි අතර අපූරු සබැඳියාවක්

අම්මායි පුතයි අතර මෙම බුද්ධිමය සම්බන්ධතාවය තුල ශක්තිමත්

පුතුන්ගේ ජීවී සෛල ඔවුන්ගේ මව්වරුන්ගේ මොළයේ ඇති බව විද්‍යාඥයන්සො යා ගත්තා. ඒ මගින් මෙම සම්බන්ධතාවයද මෑතකදී සොයා ගන්නා ලදී.

මවගේ බුද්ධියට වඩා ‌මේ මව සහ පුතා අතර සම්බන්ධතාවය සත්‍යක් ‌වෙනවා. ගර්භනී මවකට තම දරුවා සමඟ තිබෙන්නේ ශාරීරික බැඳීමක් පමණක්ම නොවේ.

නූපන් දරුවාටද සිය මව වෙන්නට පෙරුම් පුරන්නිය හා මානසික බැඳීමක්  තියෙනවා. ඒ උණුසුම, සුවපහසුව සහ ආරක්ෂාව උදෙසායි. දරු ප්‍රසූතියෙන් පසුවද මවක් සහ ඇගේ දරුවා අතර ඇති බැඳීම දිගටම පවතින්න පුළුවන්  බව මෑතකදී සිදුකල අධ්‍යයනයකින් පෙන්වා දෙනවා.
 
PLOS ONE හි ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ කතුවරුන්,  නූපන් පුතුන්ගේ භ්‍රෑණයේ DNA සහ සෛල අම්මාගේ  මොළයේ රුධිර  බාධකය  හරහා ගමන් කරන බව සොයා ගත්තා. 
 
මොළයේ රුධිර බාධකය මඟින් මොළයට හානිකර ද්‍රව්‍ය ඇතුල් වීමෙන් ආරක්ෂා කරනවා. නමුත් ‌මේ මඟින් පිරිමි දරුවන්ගේ  සෛල හානිකර ලෙස හඳුනා නොගනියි. ඒ නිසා මෙම සෛල මවගේ මොළය තුළ වාසය කරන්න අවස්ථාවක් ලබනවා.

තව රසවත් දෙයක් 

මෙම සෛල එක් ප්‍රදේශයක පමණක් තැම්පත් වන්නේ නැහැ. ඒවා අම්මාගේ මොළය පුරා විසිරී ඇති ඇති බව විද්‍යාඥයන් සොයා ගනු ලැබුවා. වොෂිංටන් විශ්ව විද්‍යාලයේ පර්යේෂණයකින් අපූරු දෙයක් තහවුරු වුනා.
 
ඒ එම පරීක්ෂණය සඳහා සහභාගී වු මව්වරුන්ගේ මොළ වලින් 63% ක්ම තම පුතාගේ ඩී එන් ඒ තැම්පත් වී තිබු බවයි.
 
පුතුන්ගෙන් මෙසේ ලැබෙන සෛල හා ඩී එන් ඒ අම්මා සමඟ ඇයගේ  ජීවිත කාලය සිටින්නට වරම් ලබනවා.
 
මෙම “පුතුන්ගේ සෛල” කරන බලපෑම පිළිබඳව විද්‍යාඥයන් තවමත් පර්යේෂණ කරමින් සිටිනවා.
නමුත් විද්‍යාවෙන් පරිබාහිරව චුට්ටක් හිතමු. ඔබේ දරුවා ඔබ අසල නොසිටියද ඔහු කරන්නේ කුමක්දැයි ඔබ හරියටම දන්නේ ඒ නිසා වෙන්න පුළුවන් නේද?
 
ඔහු වේදනාවෙන් සිටින විට හෝ කනස්සල්ලට පත්වන විට සහ  ඔහුට සැනසිල්ලක් ලැබීමට  ඔබව  අවශ්‍ය වන්නේ ඒ නිසා වෙන්න පුළුවන් නේද? එය අම්මලා සතුව ඇති සයවෙනි සංනිවේදනය  හෝ බුද්ධිය වෙන්න පුළුවන්.
 
නැතිනම්  අම්මායි පුතයි අතර ඇති  මේ අපූරු බැදීම වෙන්න පුළුවන්. අම්මලාගේ දියණියනි වරුනි අපට ඔබ අමතක වී නැහැ. මෙම පර්යේෂයෙන් අවධානය යොමු කරන්නේ  අම්මායි පුතායි අතර  බැඳීමක් ගැන පමණක් වුවත් අම්මායි දුවයි අතර ඇති ගැඹුරු සම්බන්ධතාවය පැහැදිලි කරන අධ්‍යයනද තියෙනවා.
 
ඉදිරියේදී අපි ඒ ගැනත් සොයා බලමු. ඒ නිසා රැඳි සිටින්න.
 
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නදීශා ලක්මිණි