theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අසාඩ් ඛාන් රාවෝ දැනටමත් ක්‍රිකට් ක්‍රීඩාවට උනන්දුවක් දක්වන හැඩයි!

3 අවම කියවීම
අසාඩ් ඛාන් රාවෝ දැනටමත් ක්‍රිකට් ක්‍රීඩාවට උනන්දුවක් දක්වන හැඩයි!අසාඩ් ඛාන් රාවෝ දැනටමත් ක්‍රිකට් ක්‍රීඩාවට උනන්දුවක් දක්වන හැඩයි!

අමීර් තම පුතනුවන් ප්‍රදර්ෂනයකට ගෙන ඒමට තීරණය කළ අතර ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලිද එහි පැමිණියේය. ඉන්පසු සිදුවූ දෙය පුංචි පුතුගේ ක්‍රිකට් හැකියාව ගැන කියා පාවී...

“පුතා නම් තාත්තගෙම අච්චුවක්” අපිට ඇතැම් පුතුන් සහ පියවරුන් දකින තැන කියවෙනවා. එහෙත් ආමීර් ඛාන්ගේ පුත් අසාද් රාඕ ඛාන් නම්  කැමරාව දිහාව වෙනුවට දිගටම යොමු වුයේ සුප්‍රකට ක්‍රිකට්  ක්‍රීඩක විරාද් කෝලි වෙතයි.

මෑත දිනක එළිමහන් රුගත කිරීමකදී දක්නට ලැබුනේ ක්‍රිකට් පිත්තක් හසුරුවන දර්ශනයක යෙදෙන අමීර් ඛාන්ගේ පුංචි පුතු අසාඩ් ඛාන්වයි. මේ දර්ශනයේ විශේෂ නරඹන්නෙක් වුයේ අන් කිසිවෙක් නොව ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩා නායක විරාද් කෝලිය.

ඇත්ත වශයෙන්ම අමීර් ඛාන් හා විරාඩ් කෝලි යන දෙදෙනාම මෑතකදී රූපවාහිනිය ඔස්සේ ඩිවාලි වෙනුවන් විකාශනය කරන ලද විශේෂ චැට් වැඩසටහනක් නොහොත් සුහද සාකච්චාවකට ඉදිරිපත් වී සිටියා.

කෙසේ නමුත් ඉහත රුගත කිරීමට 5 හැවිරිදි පුංච් අසාඩ්ද තම පියා සමඟ පැමිණ සිටි අතර ඔහු එදා දවස ගෙව්වේ ක්‍රිකට් පිත්තත්, බෝලයත් සමඟයි. අමීර් ඛාන් මෙසේ තම පුතු මෙම වැඩසටහනට එක්කරගෙන එමෙන් පුතු අසාඩ් ක්‍රිකට් ක්‍රීඩා ලෝලියෙක් බවට පැහැදිලි වනවා. ඉන්දියාවේ සුප්‍රකට තරු දෙකක හමුව මලාඩ් නුවර පිහිටි ශ්‍රවනාගාරය අවට දැඩි උද්යෝගයක් ඇති කර තිබුනත් නොසිතු ලෙස වැඩි අවධානයට ලක් වූයේ ඒ තරු දෙක නොව පුංචි පුතු අසාඩ් ඛාන්ය.

සුප්‍රකට නළුවකු මෙන්ම මනා සමබරතාවයකින් තම පවුල් ජිවිතයද පවත්වාගෙන යන්නෙක් ලෙස හැමෝම හඳුනන අමීර් ඛාන් තම පුතනුවන් මෙම රූගත කිරීමට ගෙන ඒම තුලින් පියෙක් ලෙස ඔහුගේ මෘදු බව තවත් වරක් ලොවට පෙන්වා තිබෙනවා. පුවත්පත් සාකච්චාවකදී අමීර් පවසා තිබුනේ තම එකම කනගාටුව වන්නේ තම පවුල සමඟ ප්‍රමාණවත් කාලයක් ගත කිරීමට ඔහුට නොහැකි බවයි.

ඉතින් දැන් අමීර් මෙය කාලසටහන්ගත කොට ඔහු මුම්බායිහි සිටින සෑම දිනකම ඔහුගේ පුතු අසාඩ් සමඟ පැය දෙකක් (ප.ව. 6 සිට 8 දක්වා) ගත කිරීමට කාලය වෙන කරදෙන සිටිනවා. ඔවුන් දෙදෙනා එකට ස්නානය කිරීමටත්, එකටරාත්‍රී භෝජනය ගැනීමටත් පසුව ඔහුගේ බිරිඳත් සමඟ එක්ව අසාඩ්ට නිදා ගැනීමට පෙර කථන්දර කීමටත් පුරුද්දක් කරගෙන තිබෙනවා.

ඉතින් මේ අතර අමීර් ඔහුගේ කාලය පුතුට පමණක් දීමට සිමා කරන්නෙත් නැහැ. පුවත්පත් සාකච්චාවේදී අමීර් ඔහුගේ මව ගැනත් මහිමාන්විතව කතා කරන්නට අමතක කලේ නැහැ. "මගේ අම්මා තමා මගේ නිහඬ සුපිරි තරුව: මා අද ගොඩනගා ගත පෞරුෂත්වයක් තිබේ නම් ඒ ප්‍රතිරූපය ගොඩනැගීමේ සම්පුර්ණ කිර්තිය හිමිවිය යුත්තේ මගේ අම්මාටයි” ඔහු කීවේය.  

අමීර් අතිශයින් කීකරු පුත්‍රයෙක් ලෙස හැඳින්වීමේ වරදක් නැත්තේ මීට වසර කිහිපයකට පෙර ඔහුගේ මවව හජ් වන්දනාවට ඔහු ගෙන ගියේ තම කාර්යබහුල වේලාවෙන් කාලයක් වෙන් කරන්නට තරම් සංවේදී පුතකු ලෙසයි.

ධනාත්මක මාතෘත්වය සහ පීතෘත්වය

අමීර් සහ කිරන් දෙදෙනාම තම ආරක්ෂාකාරී දෙමාපියන් වෙති. තම පුතු වෙත වැඩි මාධ්‍යය අවධානයක් යොමු වීම ගැන ඔවුන් වැඩි මනාපයක් නොදැක්වුවත් ධනාත්මක ලෙස තම පුතු ලොකු මහත් කිරීම ගැනත් තම පුතනුවන් සමඟ වැඩිපුර කාලය ගත කිරීම ගැනත් විවෘත අදහස් දක්වන්නට ඔවුන් පැකිලුනේ නැහැ. තම පවුල ඉතාලියේ ගිම්හාන කාලය ගත කළ අතර පීසා කුළුණ වැනි සුප්‍රසිද්ධ ස්ථාන තම පුතුට පෙන්වීමටත් ඔවුන් අමතක කලේ නැහැ. අමීර් කාර්යබහුල වුවත් මෙසේ තම පවුල වෙනුවෙන් කාලය කැප කිරීම සඳහා දුන්නේ වැදගත් තැනක්. 

අමීර් ඛාන් මෙන් ඉඳහිට දරුවන් වැඩපොළට ගෙන ඒම සුදුසු වන්නේ ඇයි?

ඔබේ එදිනෙදා ජීවිතය ගැන වැටහීමක් එමගින් දරුවන්ට ඇති  වනවා. අප නොදැනුවත්වම දරුවන්ගේ යටිහිතේ දත්ත විශාල ප්‍රමාණයක් තැන්පත් වන බැවින් තම දෙමාපියන්ගේ ජිවන චරියාව ගැන දරුවට අවබෝධයක් තිබීම ඔහුගේ අනාගතයට විශාල පිටුවහලක් වනවා.  මෙමගින් ඔවුන්ට ඔබේ ජීවිතයේ වැදගත් කොටස්කාරයන් ලෙස කුඩා කල සිටම ඇති වන හැඟීම ඉතාමත් වටිනා දෙයක්.

 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • විදේශීය
  • /
  • අසාඩ් ඛාන් රාවෝ දැනටමත් ක්‍රිකට් ක්‍රීඩාවට උනන්දුවක් දක්වන හැඩයි!
බෙදාගන්න :
  • හදිසි දරු ප්‍රසුතිය: මහ මගදී සිදු වු තවත් දරු උපතක්

    හදිසි දරු ප්‍රසුතිය: මහ මගදී සිදු වු තවත් දරු උපතක්

  • විෂකර පැළෑටි: දරුවාට විෂකර විය හැකි පැළෑටි 5ක්

    විෂකර පැළෑටි: දරුවාට විෂකර විය හැකි පැළෑටි 5ක්

  • කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

    කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

  • හදිසි දරු ප්‍රසුතිය: මහ මගදී සිදු වු තවත් දරු උපතක්

    හදිසි දරු ප්‍රසුතිය: මහ මගදී සිදු වු තවත් දරු උපතක්

  • විෂකර පැළෑටි: දරුවාට විෂකර විය හැකි පැළෑටි 5ක්

    විෂකර පැළෑටි: දරුවාට විෂකර විය හැකි පැළෑටි 5ක්

  • කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

    කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it