ඔබ දකින අමුතු ගර්භණී සිහින සැබැවින්ම පවසන්නේ මොනවාද?

lead image

පුදුමසහගත අමුතු අසාමාන්‍ය ගර්භණී සිහින තරමක් බහුල වේ.  මේ අමුතු සිහින කියන්නේ මොනවාද යන්න දැනගැනීමට මේ ලිපිය කියවන්න.

අපේ යටිසිතට ඇතුල්  වෙන මාර්ග සිහින වේ. ඔබේ මනසේ යථා තත්වය හෝ ඔබේ මනසේ කිසිවක් වේ නම් එය ගැන බොහෝ දේවල් ඔබේ සිහින හරහා දැන ගන්න පුලුවන් වන්නේ අන්න ඒ නිසයි.

ඔබේ ගර්භණී කාලය තුල මදක් අමුතු නමුත් බහුල සිහින දකින්නට අවස්ථාව තියෙනවා. කොහොම නමුත් මෙම සිහින වලින් අදහස් වන්නේ මොනවාද යන්න ඔබ කවදාහරි පුදුම වී තිබෙනවාද ? ඔබ දකින අමුතු සිහින ගැන පුංචි අවබෝධයක් මෙන්න,

1. ඔබේ දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය පිලිබඳ සිහින 

වාහන, ක්‍රීඩා වැනි පිරිමි ළමුන්ට අදාල බොහෝ  දේවල් සිහිනෙන් දකිනවා නම් ඔබට පුතෙක් ලැබීමට අවස්ථාවක් ඇති බව බොහෝ මිනිස්සු පවසනවා. ඒ වගේම ඔබ  ගැහැණු ළමුන්ට අදාල දේවල් සිහිනෙන් දකිනවා නම් ඔබට දුවෙක් ලැබෙන බවත් ඔවුන් පවසනවා.

නමුත් ඇත්ත නම්, කිසිම කෙනෙකුට ඔවුන්ගේ දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය පිලිබඳ අනාවැකි කිව නොහැක. ඒ පිලිබඳව දැනගත හැක්කේ අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් එකකින් පරීක්ෂා කිරීම හෝ උපතින් පසුව පරීක්ෂා කිරීම තුලින් පමණකි.

ඔබ දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවයට අදාල සිහින දැකීමේ සත්‍ය තත්වය නම්  ඔබට ලැබෙන්නේ දුවෙක්ද පුතෙක්ද යන්න පිලිබඳව ඔබට දැන ගැනීමට ඇති උනන්දුවයි. එය ඔබේ යටි සිතේ සිතුවිලි මනස මගින් ඉදිරිපත් කරන ක්‍රමය වේ.

2. දරු උපත පිලිබඳ සිහින 

අමුතු ස්ථාන වල දරු උපත සිදුවීම, ඔබේ යහළුවන් හෝ පවුලේ අය ඉදිරියේ දරු උපත සිදුවීම වැනි දරු උපත් පිලිබඳ අමුතු සිහින කාරණා දෙකකින් එකක් නිසා සිදුවිය හැකිය.

පළමුවරට මව්වරුන් වෙන අය අතර තරමක් බහුල දරු උපත පිලිබඳ බය හෝ කණගාටු වීම ඔබට ඇතිවීම පළමු කාරණය වේ. සරලවම දරු උපත හා පවුලේ අලුත් සමාජිකයාගේ හමුව ගැන ඔබ තුල ඇති උද්‍යෝගය දෙවැනි කාරණය වේ.

3. වැස්ස හෝ ජලය පිලිබඳ සිහින 

මේවා සාමාන්‍යයෙන් දකින්නේ පළමු මාස තුන තුලය. ගංවතුර , වැස්ස, ජලය  හෝ එවැනි දේ පිලිබඳ සිහින දැකීමෙන් අදහස් වන්නේ ඔබේ ගර්භාෂය තුල ඇතිවෙන ඇමොටිනික් තරලයට ඔබේ සිරුර හුරු වෙමින් පවතින  බවයි.

ඒ මගින් අදහස් වන්නේ ඔබේ සිරුර දරු උපත ගැන හෙමින් දැනුවත් වීම ආරම්භ වී ඇති අතර  එය ඔබේ සිහින තුලින් පෙන්වාදෙන බවය. සමහර වේලාවට සමහර ගර්භණී මව්වරුන් විශේෂයෙන් ඔවුන් ප්‍රසුතියට ආසන්න වු විට ගලායන ජලය හෝ වේල්ලක් බිදියෑම වැනි සිටින දකිනවා. දරු උපත පිලිබඳ ඔවුන්ගේ උද්‍යෝගය ඉන් අදහස් කෙරෙන අතර එය ඔවුන්ගේ සිහින තුලින් පෙන්නුම් කරයි.

4. ඔබේ පුංචි පැටියාගේ මුහුණ පිලිබඳ සිහින 

සමහර මව්වරුන්ට ඔවුන්ගේ දරුවන්ගේ මුහුණ මොන වගේ වේවිදැයි සිතිම බොහොම උද්‍යෝගය ඇති කරන දෙයක් වෙනවා. පුංචි පැටියා තමන් වගේ වේවිද? නැතිනම් පැටියාගේ තාත්තා වගේ වේවිද?  

සමහර විට වෙනස් විශේෂාංග වල එකතුවක් වෙන්නත් පුලුවන්. අන්න ඒ නිසා  ඔබේ දරුවාව සිහිනෙන් දකින විට ඔබේ දරුවා ඔබේ සිහිනය තුල සිටින දරුවාම වෙන්න අවශ්‍ය වන බවක් ඉන් අදහස් වන්නේ නැහැ. බොහෝ වේලාවට ඔබ ඔබේ දරුවාගේ මුහුණ සිහිනෙන් දකින්නේ අවසානයේදී ඔබ ඔබේ දරුවා මොන වගේ වෙයිද කියලා ඉදිරිය බලන නිසාවෙනි.

5. සැමියා ඔබ අතහැර යෑම හෝ ඔබ සැමියාව අත්හැරීම පිලිබඳ සිහින 

මේ ගැන සිතීම පවා කණගාටුව දනවන අතර එය භයානක සිහිනයක් ලෙසත් සලකන්න පුලුවන්. සැමියා ඔබ අතහැර යෑම හෝ ඔබ සැමියාව අත්හැරීම සිහිනෙන් දැකීම බොහොම සාමාන්‍යයි.

ඔබේ දරුවා උපත ලද විට  ඔබ කෙරෙහි ඇති සැමියාගේ ආදරය වෙනස් වේවි යැයි ඇතිවෙන භය මෙයින් පිළිඹිබු කෙරෙනවා. ඒක නරක දෙයක් නොවේ. මෙවැනි හැගීම් ඇතිවීම අලුත් මව්වරුන් අතර බහුල අතර විශේෂයෙන්ම එසේ වන්නේ ගර්භණිත්වය හේතුවෙන් ඇතිවෙන හෝමෝන මෙයාට හේතු වීමයි.

මොනවා වුනත් දරුවෙකු ලැබීම මගින් ඔබේ බැදීම ශක්තිමත් වන අතර අනිවාර්යයෙන්ම ඔබේ සැමියා ඔබත් ඔබේ අලුත උපන් පැටියාත් ආදරයෙන් රැකගනිවි.

6. උගුලක සිරවුනා සේ දැනීම සිහිනෙන් දැකීම 

සමහර වේලාවට මහත් උද්‍යෝගයට පත් දෙමාපියන් තුල පවා දරුවෙකු ලැබීම පිලිබඳ බියක් පවතිනවා. උගුලක සිරවුනා සේ දැනීම සිහිනෙන්වත් දැකීම මෙය නොදැනුවත්වම සිදුවිය හැකි බව අදහස් වන අතර මවක් වීමට ඇති බය හා භිතිය වැනි දෙවැනි සිතුවිල්ලක් ඔබ තුල තිබිය හැක.

කනස්සල්ලට පත්වෙන්න එපා. මෙය සම්පුර්ණයෙන්ම සාමාන්‍යයි. සියලුම දෙනා තුලම ජිවිතයේ ඇතිවෙන විශාල වෙනස්වීම් කෙරෙහි බයක් පවතින අතර   දරුවෙකු ලැබීම විශාල කර්තව්‍යයක් වෙනවා.

7. ගමනක් යනවා හෝ ගුවන් ගමනක් සිහිනෙන් දැකීම 

ඔබේ ප්‍රසුතිය ලංවු විට සාමාන්‍යයෙන් ගමනක් යනවා හෝ ගුවන් ගමනක් යනවා වගේ සිහින පෙනෙනවා. මෙම සිහින මුලිකව ඔබ පිම්මක් පැනීමට සුදානම් බවත් අලුත් තැනකට ලගාවෙන බවත් පවසන අතර එය මවක් වීමේ නොදුටු දේශය වන්නට පුලුවන්.

මවක් වීම තුල එකවරම විනෝදය, උද්යෝගය හා බිය  අත්විදින්න ලැබෙන අතර දරුවා ලැබීමෙන් පසු සතුට ඔබ ලග නිරතුරුව රැදෙන හැගීම වන බවට නොඅනුමානය.

මුලාශ්‍ර : babycenter.com, huffingtonpost.com

සුව සිහින නම් අපි හැමෝටම සිතට සහනයක් ලබා දෙනවා. ඒත් සමහර සිහින  වලට ගැබිනි ඔබ බය වෙන්න පුලුවන්. theAsianparent Sri Lanka  ගැබිනි සමයේ ඔබට නිතර පෙනෙන සිහින වල සැබෑ තතු ඔබට ගෙන ආවේ අන්න ඒ නිසාමයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී