අයිශ්වර්යා හා අභිෂේක් ආරධ්‍යා බච්චන්ව ඇයගේ මුලාරම්භය වෙත ගෙන යයි.

lead image

මෙම යුවල ඔවුන්ගේ පුංචි ගැහැණු ළමයාව අල්ලාබාද්හි  ඇයගේ සීයා, අමිතාබ් බච්චන්ගේ පෞරාණික  නිවස වෙත ගෙන ගියා.

ආරධ්‍යා සීයාගේ අළු මිහිදන් කිරීමට ඇගේ මව අයිශ්වර්යා හා පියා අභිෂේක් සමග අල්හාබාහ්ද් වෙත ගියා. කොහොම නමුත් ඔවුන් නැවත මුම්බායි වෙත පැමිණිමට ප්‍රථම ආරධ්‍යාව ඇයගේ මුලාරම්භය ඇති  ප්‍රදේශ වලට කැදවාගෙන යෑමට අභිෂේක් අමතක කලේ නැහැ.

ආරධ්‍යාගේ සීයා වන සුප්‍රසිද්ධ නළු අමිතාබ් බචිචන්ගේ උපන් ගම වන්නේ අල්හාබාහ්ද්ය. එමනිසා ඔවුන් අල්හාබාහ්ද්හි සිටියදි පියා වන අභිෂේක මේ පුංචි ගෑනු ළමයාව ඔවුනගේ පවුලේ පෞරාණික නිවස වෙතද ගෙන යෑමට අමතක කලේ නැහැ. එබැවින් මහා කවියෙකු වු හරිවන්ෂ්යි බචිචන් නම් සිය පියා සමග අමිතාබ්  බචිචන් සිය ළමා කාලය ගත කල පැරණි නිවස වෙත බචිචන් පවුල ගියා.

www.instagram.com/p/BXhckzejjme/

මේ පවුල නිවසේ ඇතුලේ මෙන්ම පිටද ඡායා රූප අරගත්තා.   එම නිවස බචිචන් පෞරාණික නිවස   නොවන බවත් බචිචන්  වරු එහි හිටියේ කුලි පදනම මත යැයි පැවසු දැන් එහි හිමිකරු සමග ඇති වු වැරදි වැටහීමක් නිසා මුලදී ඔවුන්ට නිවසට ඇතුල් වීමට අවසර ලැබුනේ නැහැ.

කොහොම නමුත් අවසානය හොද නම් ආරම්භය වැඩක් නොමැති බැවින් බචිචන් වරු පෞරාණික නිවස   වෙත ඔවුන්ගේ රසිකයන් සමග ඡායා රූපද ලබා ගත්තා. තවද, සීයාගේ නිවසෙහි ආරධ්‍යා ගත කල හැම තතපරයකම ඇය විනෝද වු බව පෙනෙන්නට තිබුනා.

ඔවුනගේ දෙමාපියන්, සීයා හා ආච්චි  කාලයට පෙර වාසය කල නිවාස නැරඹීමට කුඩා දරුවන් එක්ක යාම නිසා ඔවුනගේ අත්දැක්ම් වැඩි දියුණු වේ. රූපවාහිනිය නැරඹීම හා නිවසෙහි රැදීමට වඩා ලෝකයේ තවත් බොහෝ දේ තිබෙන බව ඔවුන්ට කියාදෙන්න මෙය හොද ක්‍රමයක් වේ. සංචාරය දරුවන් කැමති විනෝදාංශක් බවට පත්විය හැකි අතර  නිසැකවම මෙවැනි සංචාර ඔවුන්ට ප්‍රීතිය ලබා දේවි.

පෞරාණික ප්‍රදේශ වෙත යෑම යා ඒවා නැරඹිමෙන් උද්යෝගය පමණක් නොව ඔවුන්ගේ මුලාරම්භය වෙත ගොස් අද කාලයට වැදගත් වන ඔවුන්ගේ පවුල් වල වටිනාකම් මෙන්ම සංස්කෘතියද තේරුම් ගැනීමට අවස්ථාවක්ද ලැබෙනවා. 

ඔබ ආස කරන ජනප්‍රිය චරිත වල මේ වගේ වටිනා දේවල් ඔබත් එක්ක ආදරයෙන් බෙදා ගත්තේ theAsianparent Sri Lanka වෙතිනි.

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී