අයිශ්වර්යා රායි නිතරම ආරධ්‍යා වඩාගෙනම දකින්නේ. ඇයි?

අයිශ්වර්යා රායි නිතරම ආරධ්‍යා වඩාගෙනම දකින්නේ. ඇයි?

ලෝකප්‍රකට අයිශ්වර්යා රායි හැමවිටම ඇගේ දියණිය වඩාගෙන ඉන්න හේතුව දන්නවද?

අපි  අයිශ්වර්යා රායි හා ඇගේ දියණිය දකින හැම විටකම ඇය දියණියව වඩාගෙන ඉන්නවා තමයි දකින්නේ. ඒ වගේම මාධ්‍යයේ දකින්න ලැබෙන හැම පින්තුරයකමත් ඇය ඉන්නේ ආරධ්‍යාව  වඩාගෙනමයි. ඒ කිසිම තැනක බබා ඇවිදින ඡායාරුපයක් අපිට ඇස ගැටිලා නැහැ.

මෙය වඩාත්ම පැහැදිළිව දකින්න ලැබුණේ කාන්ස් චිත්‍රපට උළෙලින් පසුව ඇය එන විටයි. ඇය ඒ සංචාරය පුරාම ඇය ඔසවාගෙන තමයි හිටියේ.  

අයිශ්වර්යා රායි ට මේකට හේතු වුනේ කුමක්ද? 

“එක් කාල පරාසයකදී ඇය සතුටින් ඇවිදිමින් මාධ්‍යවේදීන් පින්තුර ගන්න විට සිනාසෙමින් සතුටින් කතා කරමින් හිටියා. එත් ජනතාව ඇය වටා රොක් වෙන්න ගත්තම එයාට එය දරාගන්න බැරි වුණා. ඇය ඊට හුඟක් පුංචි වැඩියි. ඒ නිසා ඇයව වඩාගෙනම මට ජනතාව අතරින් ඇවිදගෙන යන්න සිදු වුණා. ඒක ඇගේ ආරක්ෂාව වෙනුවෙන් කරන දෙයක්. මම ඇයව නිතරම මගේ ළඟින්ම තියාගන්නේ”. ප්‍රමුඛ පෙලේ සඟරාවකට ඇය මෙලෙස පවසා තිබුණා.

මෙමගින් සනාථ වන්නේ අයිශ් කියන්නේ උවමනාවටත් වඩා දරුවාගේ ආරක්ෂාව ගැන හිතන අම්මා කෙනෙක් කියලායි. මේ මගින් අපිට පෙනී යනවා ඇයට මේ දෙය සිදු කරන්න වෙලා තියෙන්නේ විශේෂයෙන් උන්මත්තක ආකාරයෙන් හැසිරෙන මිනිසුන් මේ සමාජය තුළ සිටීම නිසයි.

ඒ වගේම පැපරාට්සින්ගෙන් බේරෙන එකත් අයිශ් වගේ ලෝ ප්‍රකට කාන්තාවකට ලෙහෙසි නොවන නිසා ඇය මේ තීරණය අරගෙන තියෙනවා වෙන්න බැරි නැහැ.

ආරධ්‍යා කාන්ස් උළෙල අවසන්ව එන විටත් එතරම් සතුටකින් පැමිණ නැති බවත්,  ඇය තරමක් කේන්තියෙන් හා කලහකාරී විදිහටත් හැසිරිලාත්  තියෙනවා.

“ආරධ්‍යා උපන් දවසේ ඉඳන්ම මිනිසුන් ඇයට හා අපට දක්වන විශේෂ සැලකිල්ල මේ දේවල් එයාට පුරුදුයි. ඒත් කැමරා කරුවන් ඇය දෙසටම එන කොට ඇයට ඔවුන්ව නවත්වන්න ඕනේ වුණා. මම දැනගත්තා ඇයව මම වඩා ගත්තොත් හොඳයි කියලා. මට ඕනේ උනේ මගේ දරුවා වගේම හැමෝම පරෙස්සම් වෙන්න”.

මේ අතර ඇගේ සැමියා අභිෂේක් කියන්නේ අයිෂ්වර්යා සහ ඔහුට උවමනා ආරධ්‍යා සාමාන්‍ය දරුවෙකු විදිහට හැදෙනවා බලන්නයි කියලා.

"අපි හොඳින්ම පැහැදිළි කරගෙන ඉන්නවා ඇය සාමාන්‍ය දරුවෙකු ලෙස හැදී වැඩිය යුතුයි කියලා. මම හිතන්නේ නෑ ඇය ඇගේ ආච්චිලා, සීයලා ප්‍රසිද්ධ අය කියලා දන්නවා ඇති කියලා. මගේ තාත්තා එයාට නත්තල් සීයා වගේ ඇති.

මොකද සීයාගෙන් හැමදාම ඇයට තෑගි ලැබෙනවා. අම්මා ඇයට සෙල්ලම් බඩුවක් වගේ. දෙන්නම උසින් පොඩි වෙනසක් විතරයිනේ.

ඒත් ඒකම තමයි අපිට අපේ දුවට ලැබිය යුතුයි කියලා හිතන්නෙ. ඉතින් ඒ ගොල්ලෝ කල් ගෙවන්නේ යාලුවෝ වගේ. ඔහු ප්‍රකට සඟරාවකට අදහස් දක්වා තිබුණා."

කොතරම් ප්‍රකට තරු වුවත් මේ යුවල තමන්ගේ දරුවා දිහා ඉතා සාමාන්‍ය දරුවෙකු ලෙස බලන විදිහටයි බලන්නේ. යථාර්තය එයයි. එය දෙමාපියන් ලෙස හැමෝටම ආදර්ශයක්. ඒ නිසයි theAsianparent Sri Lanka අපි මේ තොරතුරු ඔබට ගෙනාවේ. 

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

Written by

Deepshikha Punj