අලුත් අම්මෙකුගේ ජීවිතයට දෙදරු මවකගෙන් අත්දැකීම් පිරි උපදෙස් ටිකක්.

lead image

න් ඉස්සර වගේ වෙලාවට කෑම කන්න හුඟක් වෙලා ගන්න ඔබට වෙලාව නැතිවෙලා. යමක් කරන්න ගියහම  එතකොටම පුංචි පැටියා ඇහැරිලා අඬන්න ගන්නවා. මේ ලිපිය කියවන වෙලාවෙදිත් ඔබට වැඩ කන්දක් තිබෙන්නට පුළුවන්...

දැන් ඉස්සර වගේ වෙලාවට කෑම කන්න හුඟක් වෙලා ගන්න ඔබට වෙලාව නැතිවෙලා. යමක් කරන්න ගියහම  එතකොටම පුංචි පැටියා ඇහැරිලා අඬන්න ගන්නවා.

මේ ලිපිය කියවන වෙලාවෙදිත් ඔබට වැඩ කන්දක් තිබෙන්නට පුළුවන්. උදේ පාන්දර වුනත් දැනටමත් දවසම විඩාබර වෙලා. නිදි වරාගෙන පැටියට කිරි දෙමින්, නැපි මාරු කරමින් කාලය ගෙවනවා. පැය 8 ක නින්ද දැන් ඔබට හීනයක් වගේ. නිදහසේ තේ කෝප්පයක් බොන්න, කෑම වේලක් කන්න දැන් හිතන එකත් හීනයක් වගෙයි.

මේ වගේ වෙලාවකට හොඳම යාළුවෙකුට මේක කියලා හිත සනසවගන්න හිතුනත් ඇය තවමත් මවක් නොවන නිසා ඇයට ඔබේ සිතුවිලි නොතේරෙතැයි සිතෙන්න පුළුවන්. අනෙක් අතට යහළුවෙකුට දුරකථන ඇමතුමක් දීමට පවා කාලය වෙන් කරගැනීම ඔබට දැන් එතරම් පහසු නැහැ.

මගේ පැටියා පැය දෙකක් එක දිගට කවදා නිදාගනිවිද? මගේ ඇඟ ඉස්සර වගේ ලස්සනට ආයේ කවදා දකින්න ලැබේවිද? ඔබේ පියයුරු දැන් ඉස්සර වගේ නෙමෙයි. ඒවා හරියට ඔබේ නෙමෙයි වගේ. මට කියලා කාලයක් මටත් මගේ සැමියාටත් වෙන්වුණ කාලයක් ආයෙත් ලැබේවිද?

මගේ පැටියා මට මේ ලෝකෙටම වඩා වටිනවා වුණත් මම මේ හැමදේම කර ගන්නේ කොහොමද?

ඔබව මට වැටහෙනවා. මොකද ඔබේ යන කාලය ඔබ වගේම පහුකළ නිසා. හුඟක් වෙලාවට ෆේස්බුක් නිසා යහළුවන් හරිම සුන්දර ලෝකයක් මවා පාමින් පින්තූර පළකරන කොට ඔබ කළබල වෙන්න පුළුවන්. නමුත් ඇයත් ඔබ වගේම අමාරු කාලයක් පහු කරන කෙනෙක් බවට එයට සාක්ෂියක් වන්නට පුළුවන්. ඇය පෙලෙන දුක්ඛිත කොටස මකා දමා ඇය ලෝකයට සතුට පෙන්වන්න පුළුවන්. දරුවා ටික ටික වැඩි කාලයක් නිදියන්නට ක්‍රමයෙන් හුරුවෙනකොට ඔබට දැනෙන පීඩනය අඩුවෙනවා.

දවසක දරුවා අවදිව සිටින කාලය අඩුවෙනවා. එවිට ඔබට ටිකෙන් ටික යහළුවන් සමග කතා කරන්න පුංචි ඉඩක් ලැබෙනවා.

ඒ කියලා ඔබේ පැටියට ඔබ අමතක වෙන්නේ නැහැ. නැවතත් ඔබට ඔබේ පුරුදු පෙනුම ලබාගන්න පුළුවන්. වෙනස් අත්දැකීමක් වුනත් හැමදේම පරණ තත්වයට අරගන්න අමාරු නැහැ. ඔබට එදා ගෙවූ කාලය මතකයට නැගෙන්න පුළුවන්.

පුංචි පැටියා ඔබේ තනපුඩුවෙන් කිරි උරා බොන කොට හැම දුකක්ම නැති වෙලා යනවා. දරුවා පෙර පාසල් යන වයස එන විට ඔබට ටික ටික නිදහස ලැබෙනවා.

දරුවාගේ ජීවිතේ හැම කාලයක්ම අසමසමයි. ඔබ ඒ කාලය සමග ගණදෙනු කරන්න ඉවසීම පුරුදු විය යුතු වෙනවා. කළකිරීම්, තරහව, අනුකම්පාව ඔබටත් ඉගෙන ගන්න ලැබෙනවා.

දෙමාපිය පදවිය සමග ඔබට ජීවිතයේ මුහුකුරා යන්න පාඩම් උගන්වනවා. මව් පදවිය ඔබට ඉවසීම, කරුණාව කියා දෙනවා. අපිට අසීමිත ආදරය කියා දෙනවා. මේ දේවල් ඉගෙන ගනිමින් ජීවිතයට සතුට ළංවෙනවා. ඉන් ඔබට ජීවිතයේ සතුට සැනසීම ලැබෙන බව සහතිකයි.

මේ, දරුවන් දෙදෙනෙකුගේ ජීවිතයෙන් අත්දැකීම් පුරවා ගන්නා ඔබ වගේම අම්මා කෙනෙක්.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ