theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බැඳීම් අලුත් කරන අලුත් අවුරුද්දේ අරුමය ගැන දරුවන්ට කියාදෙන්න

4 අවම කියවීම
බැඳීම් අලුත් කරන අලුත් අවුරුද්දේ අරුමය ගැන දරුවන්ට කියාදෙන්නබැඳීම් අලුත් කරන අලුත් අවුරුද්දේ අරුමය ගැන දරුවන්ට කියාදෙන්න

අවුරුද්දේ වසන්ත කාලය සමග එළඹෙන සම්ප්‍රදායික සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලෙස හඳුන්වන මේ අපූරු උත්සවයේ ඇති වැදගත්කම ගැන ඔබ මොහොතක් සිතා බැලුවද?

අවුරුද්දේ වසන්ත කාලය සමග එළඹෙන සම්ප්‍රදායික සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලෙස හඳුන්වන මේ අපූරු උත්සවයේ ඇති වැදගත්කම ගැන ඔබ මොහොතක් සිතා බැලුවද?

එය ආගමකට ජාතියකට වෙන් නොවිය යුතු වටිනාකම් රැසක් රැගත් ඉතා සුවිශේෂ අවස්ථාවක් බව ඔබ මොහොතක් සිතුවාද? ඔබේ දරුවන්ට ඒ බව කියාදෙන්න මේ අවුරුද්ද අවස්ථාවක් කරගන්න පුළුවන්.

සමහර අය අලුත් අවුරුද්ද ගැන ඇහුවම අනේ අපි ඔය සිරිත් කරන්නේ නැහැ. නැහැ. අපි ක්‍රිස්තියානි. අපි අවුරුදු නිවාඩුවට නුවර එළියේ යනවා. අපි නම් ගෙවල් වහලා මහගෙදර ආච්චිලගේ ගෙදර යනවා. ගෙදර මොකුත් චාරිත්‍ර කරන්නේ නැහැ.

වර්තමානයේ වගේම අතීතයේත් මෙවැනි හෝ මීට සමාන පිළිතුරු ඔබ කොතෙකුත් අසා ඇති. සමහර විට ඔබේ පිළිතුරත් එයම වන්නට පුළුවන්.

නමුත් ඔබ ඒ මගින් දරුවන්ට දෙන ආදර්ශය එතරම් හොඳ දෙයක් නෙමෙයි.

බැඳීම් අලුත් කරන අලුත් අවුරුද්දේ අරුමය ගැන දරුවන්ට කියාදෙන්න

සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර යල්පැන ගිය සිරිතක්ද?

ඇත්ත. අවුරුදු ලිත සම්ප්‍රදායික ලෙස මේ සිරිත් වෙලාවල් ලියා තැබුවත්, අවුරුද්ද අපිව අලුත් කරන්න ස්වභාව ධර්මයෙන්ම යොදන උපායක් කිව්වොත් නිවැරදියි.

පරිසරයේ වෙනස්කම් නැවුම් බව සමග උදාවන අප්‍රේල් මාසයේ සුර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම මීට මූලිකව හේතු කරගන්නවා. ඒ නිසා එයට සූර්ය මංගල්‍ය කියාත් කියනවා. එදා නම් අලුත් අස්වැන්න අලුත් අවුරුද්දට කෑම පිළියෙළ කර ගනිමින් අලුත් අවුරුදු සිරිත් විරිත් ඉටු කරමින් විශාල පණිවිඩයක් ලබාදුන්නා.

සිරිත් විරිත් අපිට කියන පණිවිඩය කුමක්ද?

අවුරුද්ද ඇරඹෙන්නේ නොනගතයෙන්. නොනගතය කියන්නේ නැකත් නැති කාලයයි. ඒ කියන්නේ ශුභ නැකත් නැති කාලය කියන එකයි. මේ කාලයේ සියලු වැඩ අත්හැර පුණ්‍ය කටයුතු වල නිරත වෙන්නයි කියනවා. ඉතින් ඔබ නැකත් විශ්වාස නොකරන කෙනෙක් වුණාට කිසිම ගැටළුවක් නැහැ.

නමුත් ඉන් අපේ පවුලට දෙන පණිවිඩය ගැන හිතා බලන්න. ගෙදර ලිපේ සිට ගෙදර වැඩකරන අම්මට නිවාඩුවක් ලැබෙනවා. මුළු පවුලම වැඩවලින් මිදිලා එක තැනකට එක්කාසු වෙනවා. වෙනදා වෙන වෙන කාර්යයන් වල නිරත වුණ අය ගෙදර ඉතා විවේකයෙන් රැස්වෙනවා. ඉතින් ඒ කාලය පවුලටම එකතු වෙලා පන්සලට, පල්ලියට, කෝවිලට යාම කෙතරම් පවුලක සහජීවනය නැවත මතක්කර දීමක්ද?

මේ විදිහට අපි එක පවුලක් යන හැඟීම ආයෙත් අපිට මතක් කරලා දෙනවා. තම තමන්ගේ ලෝකවල ජීවත් වන සමහර දෙමාපියන්ට හා දරුවන්ට පවුලේ ඇති වැදගත්කම අවුරුදු සිරිත් ආරම්භයේම මතක් කර දෙනවා.

ඉන්පසු පුණ්‍ය කාලය අවසන් වෙන්නේ අලුත් අවුරුද්ද උදා වීමෙන්.

මෙතෙක් පසෙක දැමු වැඩ නැවත ඇරඹීමට අවුරුදු උදාව මෙසේ ආරම්භයක් දෙනවා.

ඒ සමග ලිප ගිනි මෙලවීම උදා වෙනවා.

සිංහල අලුත් අවුරුදු

සිංහල අලුත් අවුරුදු

මොහොතක් හිතන්න මුළු ලෝකයේම එකම රටකවත් එකම වෙලාවක ලිප ගිනි මොළවන සිරිතක් ඔබ අසා තිබෙනවද? ඔබේ දරුවන්ට මේ පණිවිඩය කෙතරම් අපූරු අත්දැකීමක් දැයි සිතන්න.

අනෙක් අතට වෙනදා වගේ නෙමෙයි අලුතෙන් කිරිබතක් ඉවීම හා කිරි ඉතිරවීමට විශේෂයෙන් පවුලේ කවුරුත් එක්වෙනවා. මුට්ටියෙන් කිරි ඉතිරෙන තුරු දරුවන්, තාත්තා, අම්මා ඒ අසල ඉඳගෙන ලිපට ගින්දර එක් කරනවා. ඉතින් හැමදාම ගිලිහෙන එකමුතුව ආයෙත් පවුලට මතක් කර දෙන්නේ නැවත පවුලේ බැඳීම් අලුත් කරගන්නයි. ඉතින් ඊට ජාති ආගම අවශ්‍ය නැතැයි මම යලි යලිත් කියන්නේ ඒ නිසයි.

ඉන්පසුව එළඹෙන්නේ නැකතට ආහාර අනුභවය හා ගණුදෙනු කිරීමේ නැකතයි.

පවුලේ සැවොම එකම වෙලාවක එක කෑම මේසයක මුළු රටක් සමග එකට කිරිබත් ඉඳුල් කරනවා. ලොව කොතනකවත් අසා නැති මේ චාරිත්‍රය අපිට නැවතත් පවුලක ඇති ආදරය බැඳීම වැඩි දියුණු කරගන්න, බිඳී ගිය සබඳතා නැවත අලුත් කරගන්න ලබාදෙන හොඳ අවස්ථාවක් වෙනවා. පළවෙනි කිරිබත් කට බිරිඳට සැමියාට දරුවන්ට පිළිගැන්වීම තුළින්ම පවුලේ දෝරගලන ආදරය හා බැඳීමට නව පණක් ලබාදෙනවා.

ගණුදෙනුවත් ඒ වගේමයි.

පුංචි දරුවන්ට නම් තෑගි බෝග ලැබෙනවා වගේම තෑගි දීමේ පුරුදු කියාදෙනවා. වැඩිහිටියන්ට ගරු කිරීම වගේම ගණුදෙනුව සමග බුලත් දී වැඩිහිටියන්ට අපි වඳිනවා. ගරුත්වයට වගේම පසුගිය වසර පුරා තරහා මරහා අමතක කර නැවත අලුතෙන් හිතන්නට එක්වෙමිනුයි මේ සිරිත සිදු වෙන්නේ.

ගණුදෙනුවට අලුතෙන් ගහක් සිටුවීම මගින් පරිසරය හා බැඳුනු ගණුදෙනු මගින් හැමදාමත් අපිව සුරකින පරිසරයට දෙන ගෞරවය දරුවන්ට කියාදෙන අපූරු පාඩමක් වගෙයි. පරිසරයේ සිදුවන වෙනස් කම් සමග අලුතෙන් අවුරුද්දක් ලබන්නේ එය හෑල්ලුවට ලක් කිරීමට නොව අපේ ජිවිත අලුතෙන් අරඹන්න බව අපි අවබෝධ කරගත යුතු වැදගත්ම කාරණයක්.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ඉතින් මේ වටිනා චාරිත්‍ර අපේ ගෙදර පවුලේ කිහිප දෙනා එක්ව කිරීම ඉතා වැදගත් වන්නේ ඒ නිසයි. සමහරුන් ලේසියට මහගෙදරට යන්නත් චාරිත්‍ර අමතක කර දමන්නටත්, සමහර වැඩිහිටියන් දරුවන්ට ගෙදර වසා දමා මහගෙදරට එන්නට කියන්නටත් පෙර පවුලක එක්වීමේ වටිනාකම අවබෝධ කර ගැනීම වැදගත්.

වැඩිහිටියන් දැකීමට යාම බුලත් දීම අලුත් අවුරුද්දේ වැදගත්කම අවබෝධ වුනත් ගෙදර සිදුවන මූලික සිරිත් තම මේ පුංචි දරු පැටවුන්ට කියා දීමෙන් මතු දවසක අම්මලා තාත්තලා වන ඔවුන්ට ඔවුන්ගේ දරුවන්ට කියන්නට දෙයක් ඉතිරි වෙනවා. ඒ නිසා ඔබ විවාහ වු දින සිට එළඹෙන හැම අවුරුද්දකම මේ සිරිත් ටික සුළුවෙන් හරි ගෙදරින් අරඹන්න. ඉන්පසුව ඒ සමගම වුනත් වැඩිහිටියන් නැමද ඔවුන්ට ගරුසරු කර තෑගි බෝග ලබාදී ඔවුන් සතුටු කිරීමේ වැදගත් අංගයනුත් ඉටු කරන්න.

නැතිනම් අපිට අමතක වෙමින් යන පවුලක එකමුතුව, ආදරය, අලුත් අවුරුද්දේ වත් මතක් කර ගන්න දරුවන් ඉගෙන ගන්නේ නැහැ.

මේ අලුත් පණිවිඩය theAsianparent Sri Lanka ඔබට ගෙන ආවේ අපේ එළඹෙන සිංහල අලුත් අවුරුදු වෙනුවෙනුයි.

img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • අවුරුදු
  • /
  • බැඳීම් අලුත් කරන අලුත් අවුරුද්දේ අරුමය ගැන දරුවන්ට කියාදෙන්න
බෙදාගන්න :
  • කරදර අතරින් උදාවෙන ‌මෙදා අලුත් අවුරුද්ද සමරන්නේ කොහොමද?

    කරදර අතරින් උදාවෙන ‌මෙදා අලුත් අවුරුද්ද සමරන්නේ කොහොමද?

  • අවුරුදු වසන්තයේ පරිසරය අපට කියාදෙන පාඩම් ගැන මගේ පුතුට පණිවිඩයක්

    අවුරුදු වසන්තයේ පරිසරය අපට කියාදෙන පාඩම් ගැන මගේ පුතුට පණිවිඩයක්

  • කරදර අතරින් උදාවෙන ‌මෙදා අලුත් අවුරුද්ද සමරන්නේ කොහොමද?

    කරදර අතරින් උදාවෙන ‌මෙදා අලුත් අවුරුද්ද සමරන්නේ කොහොමද?

  • අවුරුදු වසන්තයේ පරිසරය අපට කියාදෙන පාඩම් ගැන මගේ පුතුට පණිවිඩයක්

    අවුරුදු වසන්තයේ පරිසරය අපට කියාදෙන පාඩම් ගැන මගේ පුතුට පණිවිඩයක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it