2018 අලුත් අවුරුද්ද නව දැක්මක් එක්ක පටන් ගනිමුද ?

lead image

හැමෝම 2018 අවුරුද්ද පිළිගත්තේ හරිම ආදරයෙන් , දෙසැම්බර් මාසයේ අවසන් සති දෙක ගත වුන හැටි ටිකක් මතක් කරන්න. අපි අපේ ගේ දොර අස් කලා. මකුළු දැල් කැඩුවා.

පරණ කුණු ඔක්කොම විසි කලා. අලුත් අවුරැද්දේ අලුත් ඇදුම් ඇදලා අලුතින් ජීවිතය පටන්ගන්නේ කොච්චර සතුටින්ද?

ඒ විතරක් ඇතිද?

නැහැ .

අලුත් අවුරුද්ද සම්පුර්ණයෙන්ම අලුතෙන් පටන්ගනිමු.

1.හිතේ කුණුත් අස්කරන්න.

නිවසේ හැමතැනම තිබුනු කුණු අස් කලාම කොච්චර නම් පිරිසිදුද? ඒ් වගේම  සිතේ කුණුත් අස් කරගන්න. අනෙක් අය එක්ක තිබුන තරහා අමතක කරන්න.

හිතේ තියෙන ඊර්ෂියාව ,කුහකකම ඉවත් කරන්න. අනෙක් අයගේ දේවල් හිතෙන් හිස් කරන්න. හිත සැහැල්ලු කරන්න. දුක හිත් තුනි කරගන්න. වේදනාවන් අමතක කරන්න.

2.ධනාත්මකව ජීවිතය දකින්න

නොවෙන දේවල් ගැන හිතමින් දුක් වෙන්න එපා. හැමදෙයක්ම සිදුවෙන්නේ හොදට බව මතක තබාගන්න. ලැබීම් මෙන්ම අහිමිවීම්ද ජීවිතයේ ඇති බව වටහාගන්න.

ලද දෙයින් සතුටු වීම  ජිවිතය තුල සැනසීම ලගා කරයි.  ඔබට මෙන්ම දරුවාටද ධනාත්මක චින්තනය හුරු පුරුදු කරන්න.

3.ඉදිරි වසර සැලසුම් කරන්න

සැලසුම් කරනය කොහොමත් ඔබට ඔබේ ඉලක්ක වෙත යෑම පහසු කරයි. ඒ වගේම ඔබට ඇති සීමිත කාලය මනාව කළමනාකරණය කරගැනීමට ඔබට උදව් කරයි.

ඔබට ඔබ වෙනුවෙන්ද කාලයක් ඉතිරි කරගැනීමට මෙන්ම ඔබේ පවුලේ අය වෙනුවෙන්ද කාලයක් ඉතිරි කරගත හැකි වේ.

ඒ් වගේම ඔබේ ඉලක්ක කොතරම් අසීරු වුවද ඔබට ඒ්වා ඉටුකර ගැනීමට වෙහෙස මහන්සිය කැපකල හැකි වේ

4.හොද මිනිසුන් ලං කර ගන්න.

අයහපත් මිනිස්සුන්ව අනිවාර්යෙන්ම ඈත් කරන්න. යහපත් මිනිසුන් හදවතට තව තවත් ලං කර ගන්න.

ඔවුන් ඔබට හරි මග යෑමට උදව් කරනු ඇත. ඔවුන් ඔබ ලග දුකේදි මෙන්ම සැපේදිද සිටිනු ඇත. ඔබේ දුක බෙදා ගනු ඇත.

5.ගුණාත්මක භාවය වැඩිකර ගන්න

ඔබ තුල හොද ගුණාංග වර්ධනය කර ගන්න.  ඔබේ අයහපත් ගතිගුණ ඈත් කරගන්න. අනුන්ට ඊර්ෂියා කිරීම නවත්වන්න.

අනෙක් අයටද ඔබේ සහය දෙන්න. රටට බරක් නැති හොද මිනිසෙකු වන්න.

මේ නව වසර තුල ඔබ තුල ඇති කරගත හැකි වටිනාකම් කිහිපයක්, ඒ් තුලින් ඔබට අලුත් අවුරුද්ද තුල අලුත් වෙනසක් ඇති කර ගත හැකිය. නව වසර ඔබට සුභදායි වීම අපේද ඒකම පැතුමයි.

ඔබටත් මෙයට එකතු කිරීමට අදහස් තිබේ නම් පහලින් සටහනක් යොදන්න.