අලුත් බබාව බලන්න යන්න කලින් මේ ටික දැනුවත් වෙන්න

අලුත් බබාව බලන්න යන්න කලින් දැනුවත් විය යුතු මේ කරුණු ඔබත් දන්නවාද?

ඔබ අලුත උපන් බිළිඳකු බලන්න පැමිණෙන විට, ඔබ අලුත් බබා විතරක් නෙවෙයි අලුත් අම්මාවත් හමුවෙනවා. එය සුපරික්ෂාකාරී මෙන්ම මවකගේ ජීවිතයේ හැගීම් දෝලනය වෙන කාලයක් වෙනවා.

ඔබ ලගදී අලුත් බබා ලැබු මව නම්, ඔබ මෙය දන්නවා. ඒ වගේම ඔබේ අමුත්තන්ට හොඳ චේතනාවක්  පමණක් ඇති බවත් ඔබ දන්නවා.

එහෙත්, ඔබගේ සියුමැලි අලුත් බබා වටකර ගෙන ඔහු සිපගන්නා හා ඔබට බලෙන්ම උපදෙස් දෙන්න එන බහුශ්‍රැත නැන්දලාගේ බලාපොරොත්තු නොවු පැමිණීම අගය කරන්න නම් ටිකක් අමාරුයි

මෙවැනි තත්වයන් වලක්වා ගැනීම සඳහා, අලුත් බබා ව බලන්න යන්න යම් මූලික නීති රීති සැකසීම වැදගත් වේ.

ඔබගේ අමුත්තන්ට මෙම නීති රීති කියදෙන්න ඔබේ සහකරුට දැන් කාලය එළඹිලා. ඔබ අලුත උපන් බිළිඳකු බලන්න යනවා නම්, කරුණාකර මෙම වැදගත් නීති මතක තබා ගන්න.

අලුත් බබා බැලීම සඳහා නීති රීති

1. ඔබගේ ගමන සඳහා කාලයක් සකස් කර ගන්න.

අලුත් බබා හා මව බලන්න රෝහලට හෝ නිවසට යෑම දරුවා ලැබෙන්න ඉන්න අම්මාව බලන්න යනවා වගේ නම් නෙමෙයි.

ඔවුන්ට පෙර පුරුදු ආකාරයට  ඔබට සලකන්න බැරි වේවි. අලුත උපන් දරුවා අන් සියලුදෙනාටම හඳුන්වා දිමට ප්‍රථම දරුවා සමඟ ඉතා සමීපව බැඳීමට මව්වරුන්ට කාලය අවශ්‍ය  වේ.

මෙම කාලයට හැකි පමණ ගෞරව  කල යුතු අතර, දුරකථන ඇමතුමක් මගින් හෝ පණිවිඩයක් යවා ඔවුන්ගේ සැලසුම් මොනවා දැයි දැනුවත් වෙන්න. ඔබගේ ගමන සෑමවිටම ඔවුන්ගේ පහසුවට මුල් තැන දෙමින් යොදාගන්න.

2. වේලාවට වැඩ කරන්න 

අලුත් මව්වරු බොහෝ විට වෙහෙසට පත් වෙලා නින්ද මග හැරී ඉන්නවා.

මේ නිසා ක්ෂණික වෙනස්කම්වලට ඔවුන්ගේ කාලය හුරු කර ගන්න ඉතා අපහසු වෙනවා. එමනිසා ඔබ ඔබේ ගමන වෙනුවෙන් දිනය නියම කර ගත් පසු, ඔබ නියමිත වේලාවම යන්න.

වැඩිය වේලාසන හෝ වැඩිය ප්‍රමාද වී යන්න එපා. ඔබ අලුත උපන් දරුවෙකු බලන්න යනවා නම් ඇයගේ කාලසටහන අවුල් කිරීමට ඔබට අවශ්‍ය නැහැ නේද.

3. ගොඩාක් වෙලා එහි රැදෙන්න එපා.

අලුත් මව්වරුන්ට තම කාර්යබහුල කාලසටහනෙන් වැඩිපුර කාලයක් ගත කළ නොහැකි නිසා ඔවුන් සාමාන්‍යයෙන් ඔබ බොහෝ වෙලා නොරැදෙනවාට කැමති වේවි.

සමහර මව්වරුන් මෙය කල්තියාම ඔබට පවසාවි. නමුත් එසේ නොවන අම්මලත් සිටිවි. ඒ නිසා ඔබ මේ ටික මතක තබාගන්න.  

සාමාන්‍යයෙන් , අලුත් අම්මා දිගු වේලාවක් රැදෙන්න කියා ඉල්ලුවේ නැත්තම්  අලුත් බබා හමුවීම කෙටියෙන් හා රසවත්ව තබාගන්න .

4. අවශ්‍ය දෙයක් අරන් එන්න.

තම අලුත උපන් දරුවන් රැකබලා ගන්නා මවුවරුන්ට අවශ්‍ය දේවල් මිලදී ගන්න.

ඔවුන්ට ගෙදර පිසූ ආහාර හෝ ඇගේ ප්‍රියතම අවන්හලකින් මිලදී ගත් ආහාර ගෙනගිය විට ඔවුන් අගය කරාවි. ආහාර හැරුණු විට, ඔබ දන්නා ඇයට අවැසි ඕනෑම දෙයක් ගෙන යාහැකිය.

ඉවත නොදමන භාජන පිරිසිදු කිරීම වැනි අනවශ්‍ය කරදර වැළැක්වීමට හැකි පමණ ඉවත දැමිය හැකි භාජන වල බහා දෙන්න.

5. ඔබේ අත් පිරිසිදු කර ගන්න.

අලුත උපන් දරුවෙකු  බලන්න යන විට, ඔබ ඔබේ අත් සෝදා ගැනීමට හෝ සනීපාරක්ෂක දියරයක් රැගෙන  යන්න වග බලා ගන්න.

අලුත උපන් දරුවා  සැලකිය යුතු තරම් දුර්වල ප්‍රතිශක්තිකරන පද්ධතියක් සහිත ඉතා සියුම් හා සංවේදී වන බැවින් අමුත්තෙකුගෙන් පහසුවෙන් රෝග බෝවිය හැකිය.

6. ඔබ දරුවා ඔසවාගන්න කලින් විමසන්න.

මාස නවයක් කුස තුල දරාගෙන හිටි පුංචි පැටියා ගැන  අලුත් මව්වරුන් වැඩිපුර වදවෙනවා. ඕනෑම දෙයක් කිරීමට පෙර ඔවුන්ගෙන් විමසන්න. අලුත් අම්මාගේ අවශ්‍යතා , මුහුණේ ඉගි හා ශාරිරික භාෂාව  ගැන විමසිලිමත් වෙන්න.

7. දරුවා සිප ගන්න එපා.

කලින් සඳහන් කළ ආකාරයට, අලුත උපන් දරුවාගේ  ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය වෙමින් පවතින නිසා  දුර්වල වේ. සිප ගැනීමෙන් දරුවා විෂබීජ වලට නිරාවරණය වී බොහෝසෙයින් රෝගී විය හැකිය.

සිප ගැනීම වැනි ශාරීරික සම්බන්ධතා ඔස්සේ බොහෝ විට ආසාදන හුවමාරු වී උපන් බිළිදුන් මිය යන බවට බොහෝ වාර්තා වී ඇත.

සිරුරේ අනෙක් කොටස් සමඟ සසඳන විට බැක්ටීරියාවන් ඉහළම ප්‍රමාණයක් ඉන්නේ මුඛයේ බව  මතක තබා ගන්න.

8. උදව් කරන්න

ඔබ දරුවා අසල රැදි සිටින විට අලුත් අම්මාට නාන්න යන්න වැනි කටයුත්තක යෙදිය හැකි බව ඔවුන්ට දන්වන්න.

ඔවුන්ගේ ප්‍රතිචාරයක්  ලැබෙන තුරු  ඉන්න. ඔබ දෙදෙනා සමීප නම්, ඇය  ඔබට දරුවා භාර දෙනු ඇත. ඇය අවශ්‍ය නොවන බව පවසනවා නම්, බලකරන්න එපා.

9. ඔබගේ වැඩ පෙන්වන්න යන්න එපා

ඔබේ දරුවා ඔසවා ගෙන ඉන්නා විට දරුවා හඩනවා නම් දරුවා අම්මා අතට දෙන්න. ඔබට දරුවා නලවා ගත හැකි බව ඔප්පු කරන්න යන්න එපා. අම්මාට ඒක කරන්න ඉඩ දෙන්න.

10. ඔබට මොනවාත් අවශ්‍ය දැයි අලුත් මව ඇසු විට එපා යැයි පවසන්න.

අලුත් අම්මා ඔබ වෙනුවෙන්  කරන්න හදන හැම දෙයක්ම ගෞරවයෙන් ප්‍රතික්ෂේප කරන්න.

හැකිතාක් දුරට, උදව් කරන්න.  සහාය ලබා දෙන්න. ඔවුන්ට කරන්න ගොඩාක්  දේවල් තියෙන  නිසා ඔවුන්ට ඔබට සංග්‍රහ  කිරීමට ඉඩ නොදෙන්න.

වැඩිහිටියෙකු වශයෙන්, ඔබට අවශ්‍ය දේවල්  ඔබටම  කළ හැකිය. 

11. ඔබේ දරුවන් රෝගීනම්, රැගෙන යාම අවශ්‍ය නොමැති නම් ඔවුන්ව නිවසේ තබායන්න.

ළමයින් ගෙන යන විට ඔබ සහ මව කරදරයට පත් වනු ඇත. එබැවින් ඔවුන්ට අනවශ්‍ය පීඩනයක් එක් නොකරන්න.

අලුත උපන් දරුවාට ඔබේ  දරුවා ගෙන එන තමන්ට ප්‍රතිශක්තිය ඇති රෝගකාරක වලින් ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රමාණවත් එන්නත් ලබා දී නැහැ .

ඔබ දරුවන් රැකබලා ගන්නෙක් නොමැති නම්, ඔවුන්ව රැගෙන යන්නේ අවශ්‍ය නොවන ආකාරයකට එම ගමන යොදාගන්න.

ඔබ ඔවුන්  රැගෙන  ආවොත්,  ඔවුන්ට අලුත උපන් දරුවා ඔසවා ගැනීමට ඉඩ නොදිය යුතුය (අම්මා කැමති නොවේවි). සීමාවන්ට ගරුකිරීමේ අර්ථය ඔබේ දරුවන්ට පහදා දෙන්න.

12. අනවශ්‍ය උපදෙස් දෙන්න යන්න එපා.

ඇය ඔබගෙන් උපදෙස් ඇසුවේ නොමැති නම් අලුත් අම්මාට උපදෙස් දීමෙන් වළකින්න. මෙම ගමන ඔබ ආවේ ඇය හා දරුවා දකින්නයි. එයින් සතුටු වන්න.

අලුත උපන් දරුවා  බලන්න යන්න මෙම උපදෙස් සහ නීති ප්‍රයෝජනවත් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

අලුත උපන් දරුවා  බලන්න යන්න අවැසි මේ මග පෙන්වීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී