පළපුරුදු මවුවරුන්ගෙන් නව මව්වරුන්ට සඳහා වැදගත් පාඩම් අටක්

lead image

සෑම තැනකම සිටින  පළපුරුදු  මවුවරු  සතුව නව මව්වරුන් වෙනුවෙන් ඇති නැණවත් වචන හා උපදෙස් සොයාගන්න.

සෑම තැනකම සිටින  පළපුරුදු  මවුවරු  සතුව නව මව්වරුන් වෙනුවෙන් ඇති නැණවත් වචන හා උපදෙස් සොයාගන්න.

වයසින් වැඩි වන විට නුවණ  පැමිණෙන බව ඔවුන් පවසනවා.එබැවින්, පළපුරුදු  මවක් ඔබට කවදා හෝ හමුවිය හැකි ණැනවත් ආත්මයක් වනු ඇත. පළපුරුදු මවකගෙන් උපදෙස් ලබා ගැනීම සඳහා උත්සුක වෙන නව මව්වරුන් ගැන කථා කලා කරනවා නම් එය දෙගුණයක් වේ.

නව මව්වරුන් ගමන ආරම්භ කරන විට පළපුරුදු මවක් බොහෝ දුරක් ඇවිද ගොස් සිටිනවා  පමණක් නොව  නව මවකගේ මනසින් කවදාවත් මුණ නොගැසුනු නව හා රසවත් දැක්මක්ද ඔවුන් සතු වෙනවා.

ඇත්ත වශයෙන්ම, ඔබේ මව හෝ වෙනත් ඥානවන්ත, ජේ්‍යෂ්ඨ  මවක් සතුව ඔබ වෙනුවෙන් ප්‍රඥාවන්ත උපදෙස්  ඇත. විශේෂයෙන ඒවා ඔබේ අසීරු දවස ගෙවා ගන්න පහසුවෙන  සුළු තර්ජන හෝ වේවා, හෝ ඔබේ දරුවන් හදාවඩා ගැනීමේ කුසලතාවන්  සියල්ල වැඩි දියුණු කිරීමට උදව් කළ හැකි ගොඩනැගෙන විවේචන හෝ වේවා, ඒවා වටිනා කමින් ඉහල නිරීක්ෂණ වන අතර නොසලකා හැරිය නොහැකිය.

අද අපි පළපුරුදු මවුවරුන් නව මව්වරුන්  සමඟ බෙදා හදා ගැන්නා  වැදගත් පාඩම් සහ ප්‍රඥාවන්ත වචන දෙස  හා එවා කුමක් සදහා දැයි අපි අද සොයා බලමු.

වයස්ගත, පළපුරුදු මව්වරුන් සතු බෙදාහදා ගත යුතු හොඳම උපදෙස් දෙස බලන්න.

1. එහෙම වෙන්න දෙන්න

ඔබේ ජීවිතයේ කුමන ආකාරයේ දෘෂ්ටි කෝණය ඔබ බැලුවත් කමක් නැහැ, දේවල් සමහර අවස්ථාවලදී යමක් එලෙස සිදුවීමට ඉඩලබා දීම  හොඳම දේ වේ. කලින් කලට ඔබට නිරෝගී හා යහපත් බවක් ලගා කර දීමට අනාරක්ෂිත  ප්‍රවේශයක් අනුගමනය කරනවා.

එය සෑම විටම සෑම දිනක  සෑම කාර්යයක් නොසැලකිලිමත් ලෙස  සම්පූර්ණ කිරීමට උත්සහ කරනවා. ඔබේ දරුවාගේ ළමා කාලය, ජීවිත කාලයම පවතිනවා වගේ පෙනෙන අතර, සැබවින්ම ගෙවී යන අතර, ඔබ එය වින්දනයට  කාලය ගත නොකලහොත් ඔබේ සුන්දර කාලය නිකරුනේ  නාස්ති වී යනු ඇත. මේ කාලය  තුළ ජීවත් වීමට ඔබට ලැබෙනුයේ  එක් අවස්ථාවක් පමණි. මේ කාලය තුල ඔබ වඩාත් සැහැල්ලුවෙන් සිටීමට  ඉගෙන ගත යුතුය.

2. සැසඳීම නතර කරන්න

අපේ තරගකාරීත්වයේ ස්වභාවය වන්නේ අපි සියල්ලන්ම අපගේ මිතුරන්ව සැසදීම  (වඩා හොඳ හෝ නරක) කරා යොමු වීමයි. පළපුරුදු මව්වරුන් විසින් නව මවුවරුන් සමඟ බෙදාගැනීමට කැමති එක දෙයක් වන්නේ, ඔබේ අනෙක් හිතවත්  මව්වරුන්ට වඩා අඩු හෝ වැඩි හැඟීමක් ඇති නොකර ගත යුතු බවය. සෑම මවක්ම ලස්සනයි , අද්විතීයය, දක්ෂයි, කුසලතාවන් හා සසඳා බැලීමට යොදා ගන්නා  වෙහෙස හා උත්සාහය ඔබ යලි  කවදාවත් ආපසු නොලැබේ.

3. ඔබ කිසි විටෙක පරිපූර්ණ අම්මා කෙනෙක් නොවේවි.

පරිපූර්ණ අම්මා වීමට දරන ඕනෑම  උත්සාහයක් නිෂ්ඵල  බව

පළපුරුදු මවුවරුන් තේරුම් ගන්නවා. ඒ පරිපුර්ණ අම්මා කෙනෙක් පවතින්නේ නැහැ කියලා ඔවුන් දන්න නිසයි . ඔබේ පවුලට  යහපත් මවක් වීම සඳහා එක් ගැලපෙන  සූත්‍රයක් නැත. සෑම පවුලක් ම එකිනෙකට වෙනස් වන අතර ඔවුන්ගේ මවගෙන් බලාපොරොත්තු වන අවශ්‍යතාවයන් විශේෂ වේ.

ඒ අනුව  හොඳම මවකට කළ හැකි හොඳම දේ ඇයගේම පවුල වෙනුවෙන් පරිපූර්ණ මවක් වීමයි.එහෙත්, ඔබේ පවුල සඳහා විය හැකි හොදම ආකාරයේ මවක් වීම වැදගත් වන අතර  ඒ තුල අතපසුවීම් සිදුවීමද වැදගත් තේරුම් ගන්න.

4. දරුවන්ටත් අවස්ථාවක් දෙන්න.

සමහර වෙලාවට පුංචි අවස්ථාවක් ලබාදීම දිගු ගමනක් යනවා. දරුවන්ට පෝෂණය, සැකැස්ම සහ ස්ථාවරත්වය අවශ්‍ය වෙනවා. කෙසේ වෙතත්, තමන් විසින්ම දේවල් සොයා ගැනීමේ  හැකියාව ඔවුනට අවශ්‍ය වන අතර ඔවුන් තුල අනන්‍යතාව පිළිබඳ හැඟීමක් ගොඩනැංවීමට අවස්ථාවක් අවශ්‍ය වෙනවා.

පළපුරුදු මව්වරුන්ට නව  මව්වරුන් සමග බෙදා ගැනීමට අවශ්‍ය තවත් දෙයක්  වන්නේ, ඔබ ඔබේ ළදරුවන් ආදරණීයව ලගින්   තබා ගන්නා අතර, ඔබ ඔවුන්ට ඔවුන් තුලින්ම වෙනත් ආකාර වලින්  වර්ධනය වීමද ඉඩ දිය යුතු ය.

5. ඔබේ දරුවන්ට ඔබේ ආදරය ප්‍රකාශ කරන්න.

ඔවුන්ගේ  දරුවන්ගේ ළමා කාලය තුල (හෝ ඕනෑම වසර ගණනක් ) රැකියාවක් කළ ඕනෑම පළපුරුදු  අම්මා  එය ප්‍රමාණවත් යැයි කීමට නොහැකි දෙයක්ද  තිබේ. ඒ නව මවුවරුන් තම ආදරය හැකි සෑමවිටම ප්‍රකාශ කළ යුතුය යන්න වේ. නිසැකවම, සමහර දෙමව්පියන්ට තම රාජකාරි  ජීවිතය හා ඔවුන්ගේ පවුල් ජීවිත සමබර කිරීම සදහා කටයුතු කිරීමට  සිදු වනු ඇත.

එහි කිසිම වරදක් නැත. එහෙත්, හොද සමබරතාවයන් පවත්වා ගන්නා අතර ඔබේ දරුවන්ට ආදරය කරන්නට කාලයක් ගත කිරීමට අමතක නොකරන්න.නව මව්වරුන්  වැඩි වැඩියෙන්  දරුවන් සමග විශේෂ අවස්ථාවන්  හා අද්විතීයය  මතකයන් නිර්මාණය කිරීමට වැඩ කළ යුතුය. මන්ද, අවසානයේ දී, ඔබේ දරුවන් දරුවන් වන්නේ කෙටි කාලයක් සඳහා  පමණක් වන නිසයි.

6. වරදකාරී හැගීම් ඇතිකර ගන්න එපා

අවසාන සටහනේ සඳහන් කල පරිදි, සමහර දෙමාපියන්ට රාජකාරි ජීවිතය හා පවුල් ජීවිතය සමබර කිරීමේ අරගලයක් කරමින් සිටිනවා. දවස අවසානයේදී ඔබ වරදකාරී හැඟීමක් ඇති වීමට ඉඩ දෙන්න එපා.

විවිධ පවුල්වල වෙනස් සැකැසීම වල් තිබේ. ඔබගේ පවුලේ අය වෙනුවෙන්  ඔබේ රැකියාව කරගෙන යාමට අවශ්‍ය  නම්, ඔබට කවදාවත් වරදකාරී හැගීමක් ඇති නොවිය යුතුය. ඔබට ඔබගේ පවුලේ අයට ආදරය කිරීමට  හා සමීපව සිටීමට ඉඩ සලසන පරිපූර්ණ සමතුලිතතාවයක් සොයා ගැනීමට හැකි තාක් දුරට, ඔබගේ දරුවන් හදාවඩා ගන්නා ආකාරය ගැන ඔබට කිසිදාක නරකක් දැනෙන්නේ නැත.

7. ඔබේ දරුවාගේ අධ්‍යාපනය  සඳහා ක්‍රියාශීලීව කටයුතු කරන්න.

බොහෝ පාසල් හා ගුරුවරුන් ශ්‍රේෂ්ඨයි. එහෙත් දරුවාගේ අධ්‍යාපනය   දෙමාපියන්ගේ වගකීම් වල කොටසකි. පළපුරුදු මව්වරුන් ජීවිතය කාර්යබහුල වන බව දන්නා අතර  ඔබට හැකි නම්, පාසැලේ ස්වේච්ඡා කටයුතු වලට ඉදිරිපත් වීම හෝ ක්‍රියාකාරකම් වලට  සහභාගී වීම තුලින්  ඔබේ දරුවන්ට විශාල වෙනසක් සිදු වේ.

8. ඔබ ගැනත් සැලකිලිමත් වීමට අමතක නොකරන්න.

අනෙක් අයට වඩා බොහෝ ඈතින් තමන්ව තබා ගැනීමට මව්වරුන් ප්‍රවණතාවක් දක්වනවා. එය ස්වභාවිකයි, නමුත් ඔබ එම මාර්ගයේදී  ඔබ ගැනත් සැලකිලිමත් වීමට අමතක නොකරන්න. ඔබ ගැන සැලකිලිමත් නොවිය හැකි නම්, ඔබේ පවුලේ අය රැකබලා ගැනීමේදී ඔබට ඇතිවන ගැටලු ඇති වන බව පළපුරුදු මව්වරුන් දන්නවා. ඔබට හැකි සෑම අවස්ථාවකදීම ඔබව සතුටු කරන්න. නව මව්වරුනි තමන්ටත් කාලයක් වෙන් කරගන්න.

හරිම අපූරු අවවාද ටිකක් නේද? දෙමව්පියන් ලෙස ඔබට ශක්තියක් වීමට මේ තොරතුරු ආදරයෙන් ගෙන එන්නේ The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී