ඔබේ පුංචි බබා ගැන ඔබ නොදන්නා පුදුම හිතෙන කරුණු 5 ක්

දරුවන්ගේ සමහර අරුම පුදුම දේවල් ගැන දෙමාපියන් නොදන්නවා වෙන්න පුළුවන්. මේ ඒ දැනුවත් කිරීම ලබාදෙන්නයි.

දරුවන් කියන්නේ සතුට විතරක්ම නොවෙයි. ඔවුන් නිතරම අපව පුදුමයට පත් කරනවා. ඔබ පැටියෙකු කුස තුළ පිළිසිඳ ගත්දා පටන් මේ පුදුමයන් අත්දකිනවා. ඉතින් දරුවන් ගැන හුඟක් දෙමාපියන් නොදන්නා තොරතුරු තිබෙනවා. මේ ඉන් ටිකක්.

ඔබව පුදුම කරවන අලුත උපන් දරුවන්ගේ ලක්ෂණ:

අස්ථි

ඔබට වඩා දරුවන්ට අස්ථි පිහිටා ඇති බව ඇත්තක්. ඔවුන්ගේ අස්ථි වැඩීම ඇරඹෙන්නේ ඔහු ඔබ කුස තුළ සිටියදී සිටමයි. මේ වර්ධනය ඔහු වැඩිහිටියෙකු කරන තුරු සිදුවෙනවා. කාටිලේජ මගින් අස්ථි නිපදවෙන අතර බිළිඳුන්ට හුඟක් අස්ථි තිබෙනවා. නමුත් ඒවා අපේ අස්ථි වලට වඩා මෘදුයි. කාලය සමග මේ අස්ථි එකට එක්ව වැඩිහිටියන්ගේ මෙන් ශක්තිමත් වෙනවා.

ඇස්

වැඩිහිටියන්ට වඩා දරුවන්ගේ ඇස් 75% කින් විශාල බව ඔබ දැනගෙන හිටියාද? ඒ වගේ බිළිඳුන්ගේ ඇස් දෙකෙන් එකක් අනෙකින් නිදහස් බව මතක තබා ගන්න. ඒ නිසා තමයි ආරම්භයේ දරුවන්ට හරියාකාරව හඳුනාගැනීම් කිරීමට අපහසු වන්නේ. නමුත් කාලය සමග ඇස් දෙකම එකට ක්‍රියා කිරීමට ගැනීමෙන් මේ තත්වය වෙනස් වෙනවා.

රස

අනෙක් පුදුමයට කාරණය නම් බබාලට වැඩිහිටියන්ට වඩා රස වාහිනී වැඩි වීමයි. ඔබේ පැටියාට රසවාහිනී 10,000 ක් පමණ තිබෙනවා. ඒවා දිවේ කට ඇතුලත, උඩ හා දෙපැත්තේ තිබෙනවා. නමුත් කාලය සමග ඒවා අඩුවී යනවා. කොතරම් රස වාහිනී තිබුනත් දරුවන්ට මාස 4 ක් යනතුරු ලුණු රස දැනෙන්නේ නැහැ. මීට ප්‍රධාන හේතුව දරුවන්ගේ වකුගඩු තවමත් මෝරා නැතිවීමයි. ඒ නිසා ලුණු වෙන්කර ගැනීමේ ක්‍රියාවලිය හරි හැටි සිදු වන්නේ නැහැ.

ළදරු කිරි

දරුවන්ගේ තනපුඩු වල කිරි වැනි ද්‍රව්‍යක් වෑස්සෙනු දකින්න ලැබුනත් මේ තත්වය සාමාන්‍ය තත්වයක් වන අතර එය දින 5-7 දක්වා කාලයක් තුළදී පහව යනවා. මාසයක් යනතුරු මේ තත්වය පැවතුනත් මාස දෙකක් පමණ කාලයේදී නම් එය ඇතිවීමක් දකින්නට නැහැ. මෙය ප්‍රසුතිය සමග සිදුවන හෝර්මෝන ක්‍රියාකාරිත්වයන් නිසා හෙවත් ප්‍රෙජෙස්ට්‍රරෝන් නිසා ඇතිවන තත්වයක්. මෙය දරුවාගේ ශරීරයේ ක්‍රියාවලියේ බැහැර වීමත් සමගම කිරි වැනි ශ්‍රාවය වෑස්සීමද නවතිනවා. මේ තත්වය ගැහැණු, පිරිමි හැම දරුවෙකුටම ඇතිවෙන්න පුළුවන්.

හදවත

ඔබ හොඳින් අධ්‍යනය කළොත් ඔබේ පැටියාගේ හෘද ස්පන්දනය දකින්න ලැබෙනවා. නමුත් හුඟක් දෙමාපියන් මේ ගැන කලබලයට පත්වන්නේ එය ඉතා වේගවත් හා සමහර විට ඉතා සෙමින් සිදුවෙන නිසයි. ඔබේ දරුවාගේ හෘද ස්පන්දනය ඔබට වඩා වේගවත්. උදාහරණයක් ලෙස ඔබ ඉඳගෙන ඉන්න විට ඔබේ හෘදය 50-80 දක්වා ගැස්මකින් යුතු වුවත් දරුවෙකුගේ එය මිනිත්තුවකට 100 ක් පමණ වෙනවා. හෘද ස්පන්දනය වැඩිහිටියෙකුගෙන් වෙනස් වීමට හේතු සහ විවිධ අවස්ථා තිබෙනවා.

ඔබ නොසිතන බොහෝ දේ බිළිඳු අවධිය තුළ අපට නොපෙනී සිදුවෙන බව කියන්නට theAsianparent Sri Lanka ඔබේ හොඳම මිතුරිය මේ රසවත් තොරතුරු ඔබට සොයා ගෙන ආවා.  

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ