ඉක්කා ගැසීම: අලුත උපන් දරුවන්ට ඉක්කා ගැසීම සාමාන්‍යද?

lead image

සුරතල් විදියට පෙනුනට ඔබේ අලුත උපන් දරුවා ඉක්කා ගැසීම පටන්ගත් විට ඔබ සැලකිලිමත් වෙනවා නේද? මෙය නතර කිරීමට හෝ වළක්වා ගැනීමට ඔබට කල හැක්කේ කුමක්ද?

ඔබේ අලුත උපන් දරුවා ඉක්කා ගැසීම සුරතල් විය හැකියි. එත් ඔබේ දරුවන් ඉක්කා ගැසීම සාමාන්‍යද?  ඇයට සහාය වීමට ඔබට කල හැකි යමක් තිබේද?

අලුත උපන් දරුවා ඉක්කා ගැසීම ඇතිවීමට හේතු මොනවාද?

මහාප්‍රාචීරයේ  හැකිලීම (ඔබට ශ්වසනයට උදව් කරන පෙනහළු පාමුල ඇති මාංශපේෂිය)සහ  ඒ සෑම හැකිලීමක් සමගම ස්වර තන්ත්‍ර වල වේගවත් හැකිලිම සමග හික් ශබ්දයක් පිටවේ.

අලුත උපන් දරුවා ඉක්කා ගැසීම සදහා විවිධ හේතුන් තියෙනවා.

1.වාතය ගිලීම 

ඉක්කා ගැසීමට හේතුවෙන වාතය දරුවා මව්කිරි බොනවිට හෝ බෝතලයෙන් යමක් පානය කරන විට ගිලෙනවා. ඔබේ දරුවා කුසගින්නෙන් හෝ නිදිමතේ ව්‍යාකූලව සිටිනවා නම් ඇය නොසංසුන් වී හඩන්න ඉඩ තියෙනවා. ඒ තුලින් වාතය ගිලෙනවා.

2. කුස පිරී තිබීම

දරුවාගේ කුස පුංචියි. ඔබ ඒ කුස ඕනෑවට වඩා පුරවනවා නම් එම පිරුන කුස තුල පීඩනයක් ඇති කර ඉක්කා ගැසීමට හේතුවෙන පරිද්දෙන් මහා ප්‍රාචීරය ඉහලට තල්ලු වෙන්න ඉඩ තියෙනවා.

3 කුළුබඩු යෙදු ආහාර 

ඔබේ කුඩා දරුවාට කුළුබඩු යෙදු කරි හා සුප් ආහාරයට ගත නොහැකි බව අපිට සැකයක් නැහැ. ඒත් මව්කිරි දෙන ඔබ ඒවා ආහාරයට ගත්විට මව්කිරි හරහා එය දරුවා වෙතට ගමන් කර ඉක්කා ඇතිවීමට හේතු වේ.

ඔබේ දරුවාගේ ඉක්කා ගැසීම නවත්වන්නේ කෙසේද? 

මේ දේ කරන්න: 

  • විනාඩි කිහිපයකට පසු ඉක්කා ගැසීම එය විසින්ම නතර වෙනවා. නමුත් ඔබ ඔබේ ඉක්කා ගැසීම නවත්වා ගන්න සමහර ක්‍රම අහලා හා සමහර ක්‍රම උත්සහ කරලා ඇති. කොහොම නමුත් සමහර පිළියම් වැඩිහිටියන්ට හරි ගියත් කුඩා දරුවන්ට කොහෙත්ම සුදුසු නැත.
  • ඔබේ දරුවාට කිරි ටිකක් දෙන්න. නැතිනම් බෝතලයෙන් පොවන්න. ගිලීමේ ක්‍රියාව ඇයගේ මහා ප්‍රාචීරය යථා තත්වයට පත්වීමට උපකාරී විය හැකිය.
  • එම ධනාත්මක ප්‍රතිඵලයම ඇතිවිය හැකි සුප්පුව ඉරීම සදහා දරුවාට ඉඩදෙන්න.
  • ඔබේ දරුවා සැනසීම සදහා අතේ තබා පද්දන්න.
  • ඔබේ දරුවාගේ උදරයේ වාතය ඉවත් වීමට ගුඩුස් යවන්න.
  • ඔබේ දරුවා සංසුන්ව සිටින විට පෝෂණය කරන්න. ඇය නොසංසුන් වෙන පරිදි ආහාර ලබා දෙන වේලාවල් අතර වැඩි පරතරයක් නොතබන්න.

මේ දේ නොකරන්න: 

  • ඇයට රිදීමට හා හුස්ම හිරවීමකට ඉඩ ඇති බැවින් නාසය මිරිකා ඇයගේ හුස්ම කිහිපයකට නතර කිරීම නොකරන්න.
  • මාස හයට අඩු දරුවන්ට හානිකර විය හැකි බැවින් දරුවාට ජලය දීමෙන් වළකින්න.
  • හුස්ම හිරවීමකට ඉඩ ඇති බැවින් ඔබේ දරුවාගේ හුස්ම කඩදාසි බෑගයකට යන ලෙස මුව හා නාසය ආවරණය නොකරන්න.
  • දිරවීමේ ගැටළු ඇතිවිය හැකි බැවින් පේපර්මිට්, දෙහි,විනාකිරි , රටකජු බටර් විනාකිරි යුෂ දීමෙන් වළකින්න.
  • ඔබේ දරුවා තවදුරටත් නොසංසුන් විය හැකි බැවින්  කම්පනයට පත් කිරීමට ඉක්කා නැවැත්වීම සදහා  බිය නොකරන්න .
  • ඉක්කා ඇතිවෙන කාල පරිච්ඡේදය ඔබ දෙදෙනාම අපහසුතාවයෙන් පසුවෙන බැවින් ( නමුත් සත්‍ය ලෙසම හානිදායක නොවු) ඔබ ඉවසිලිවන්ත වීමෙන් ඉක්කා ගසන ඔබේ පුංචි පැටියා සැනසීම අවශ්‍ය  වෙනවා.

ඔබ බය විය යුතුද?

ඉක්කා ඇතිවීම සාමාන්‍යයෙන් විනාඩි කිහිපයක් පවතිනවා. නමුත් ඔබේ අලුත උපන් දරුවා පැය ගණනක් ඉක්කා ගසයි නම් ඔබ වහාම සෞඛ්‍ය සහය ලබා ගත යුතුය.

උගුරේ  හෝ කනේ කන් බෙරයේ ස්පර්ශ වන යමක් මෙන් නොව ඉක්කා ගැසීම හානිදායක නොවන බව වෛද්‍යවරයා පැවසුවද ඉක්කා ගැසීම දීර්ඝ කාලයක් පැවතීමට විවිධ සෞඛ්‍ය හේතු වෙන්න පුළුවන්.

Gastroesophageal Reflux (GERD)

•උගුරේ පිළිකාවක් හෝ අසාමාන්‍ය බුබුළක් 

•වකුගඩු ගැටළු 

•දියවැඩියාව

•නියුමෝනියාව

ආහාර ගැනීමේදී , නිදාගැනීමේදී හෝ නොසංසුන්තාවය වැඩිවීම වැනි ඇයගේ හැසිරීමේ හෝ රටාවේ වෙනස්වීම සටහන් කරගන්න. මෙම තොරතුරු ඔබේ වෛද්‍යවරයාට රෝගය හදුනාගෙන ප්‍රතිකාර කිරීමට උදව් වේවි.

මතක තබාගන්න: ඔබේ දරුවා පැය ගණනක් නොනවත්වා ඉක්කා ගසනවා නම් මෙය නිතර සිදුවෙනවා නම් සැගවී ඇති රෝග හදුනා ගැනීමට වෛද්‍යවරයකු හමුවීම සුදුසු වේ.

පැටියාගේ ඉක්කා ඔබටත් ප්‍රශ්නයක් නේද ? මේ දැනුවත් කිරීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී