අලුත උපන් දරුවා වමනය කිරීම සාමාන්‍යයද?

lead image

නිතර අලුත උපන් දරුවා වමනය කිරීම  පිලිබඳ ඔබ සැලකිලිමත්ද?  මෙය අලුත උපන් දරුවන්ට සාමාන්‍යද?

අලුත උපන් දරුවන් වමනය කිරීම ගැටලුවක්  වී සැලකිලිමත් විය යුත්තේ කොයි වගේ වේලාවන් වලද?

ඔබේ දරුවාගේ සෞඛ්‍ය හා ආරක්ෂාව පිලිබඳව දිගින් දිගටම කණගාටු වීම දෙමව්පියෙක් බවට පත්වීමේ කොටසක් වේ.

සෑම පුංචි කිවිසුමක් සමගම ඇයට රෝගයක් වැළදී ඇත්දැයි  ඔබ අවධානයෙන් පසුවෙන්න පුළුවන්.

අලුත උපන් දරුවන් වමනය කිරීම: දෙමාපියන්ට වැදගත් තොරතුරු 

 

අලුත උපන් දරුවෙකුගේ උගුරට ඒම හා වමනය යෑම අතර වෙනස හරියටම කුමක්ද?

උගුරට ඒම යනු උදරයේ අඩංගු දේවල් මුඛයෙන් එළියට වැගිරීමයි. සාමාන්‍යයෙන් කිරි ගුඩුස් යැවු විට සිදුවෙන අතර අවුරුද්දට අඩු දරුවන් අතර බහුල වේ.  වමනය යෑම යනු උදරයේ ඇති දෑ දැඩි වෑයමකින් ඉහලට විසිකිරීම වේ.

කුසය පහසුවෙන් තිබෙන අතර ප්‍රතික්‍රියාවක් ලෙස උදර පේශින් හා මහා ප්‍රාචීරය  හැකිලේ.

අලුත උපන් දරුවාට වමනය කිරීම ට හේතුව කුමක්ද?

පුංචි පැටියාගේ පළමු මාස කිහිපය ඇතුලත සෑම කෑම වේලකටම පසු ඇයගේ උගුරට ඒම හෝ වමනය ඇති වීම සිදුවිය හැක.

ඒ ඇයගේ උදරය හා උගුර සම්බන්ධ වන නලයේ කපාටය හරියට ක්‍රියා කිරීමට තරම් වර්ධනය වී නොමැති නිසයි.

ඔබේ පුංචි පැටියාට මාස හතරක් , පහක් වන විට මේ කපාටය වර්ධනය වීම ආරම්භ වන අතර ඇයට අවුරුද්දක් වන විට එය හරියට ක්‍රියා කල යුතු වේ.

අලුත උපන් දරුවා වමනය කිරීම සදහා හේතුවෙන තවත් කරුණු

•වාහන වල යන විට ඇතිවෙන වමනය 

• ආහාර දිරවීමේ අපහසුතා

• අධික හැඩීම 

• කැස්ස

• සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවීම 

• කනේ ආසාදනය 

• ආහාර අසාත්මිකතා 

• මුත්‍රා ආසාදන 

ඔබේ දරුවා දවසට පස් වරකට වඩා වමනය දැමීම හෝ උගුරට ඒම සිදුකරයි නම්  සෑම ආහාර ගැනීමකට පසු කැස්ස ඇති වෙයි නම් වෛද්‍යවරයා ඇයගේ කිරි වලට සුවිශේෂී  කිරි ඝන කිරීමේ නිර්දේශකයක් එකතු කිරීමට උපදෙස් දීමට ඉඩ ඇත.

ඔබේ දරුවාගේ උදරයේ අම්ල ගතිය උදාසීන කිරීමට උදව් කරන, දරුවාගේ කිරි වලට මිශ්‍ර කලහැකි  infant antacid එකක් වෛද්‍යවරයා නිර්දේශ කිරීමට ඉඩ තියෙනවා.

උපකාරී වියහැකි කරුණු 

ඔබේ අලුත උපන් දරුවා වමනය කරන හෝ උගුරට එන වාර ගණන ඔබට අඩු කිරීමට අවශ්‍ය නම් මෙන්න ඔබට කලහැකි පුංචි පියවර කිහිපයක් ,

පියවර1: ආහාර ලබාදීමෙන් පසු විනාඩි තිහක් දරුවා උඩු අතට තබාගන්න. ආහාර පහලට ගමන් කරන්න ගුරුත්වාකර්ෂණ උදව් කරනවා.

පියවර2:  ආහාර ලබා දීමෙන් පසු ඔබේ දරුවාගේ උදරය මත කිසිම පීඩනයක් ඇති කරන්න එපා. විනාඩි තිහක් යන තුරු කාර් සීට් එකේ පටි දැමීම හෝ මුනින් අතට හරවා තැබීම නොකරන්න.

පියවර 3: සෑම ආහාර වේලකට පසු හා ආහාර වේල අතරතුර පවා ගුඩුස් යැවීම සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාල රෝහල නිර්දේශ කරනවා. එවිට වාතය ඉවත්වෙනවා.

පියවර 4: ආහාර වේල ගත් විගස දරුවා ක්‍රීඩාවේ යොදවන්න එපා. දරුවා බොහෝ උද්යෝගිමත්  කරන්න එපා.

කණගාටු විය යුත්තේ කුමන අවස්ථාවේදීද? 

අලුත උපන් දරුවන් වමනය කිරීම සාමාන්‍ය වුවත් සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාල රෝහලට අනුව  ඔබේ පුංචි පැටියා පහත ලක්ෂණ පෙන්වයි නම් ඔබ වහාම දරුවාව වෛද්‍යවරයකු වෙත ගෙන යන්න අවශ්‍යයි.

•ඇස් ගිලියෑම

•වියළි සම , කට දිව

• හිසෙහි රන්ධ්‍ර ගිලි යෑම (හිස් කබලේ මෘදු ස්ථාන )

• පානය කිරීමට අකමැත්ත 

• පැය හතරක්, හයක් නොනවත්වා වමනය කිරීම 

• දවසකට හය පාරකට වැඩියෙන් බඩ බුරුල් කර යෑම

• හයියෙන් හුස්ම ගැනීම 

• සීතල හෝ අළු පැහැ සම

• කොළ පැහැති වමනය 

• බඩ බුරුල් කර යෑමේදී හෝ වමනයේදී ලේ පිටවීම 

•සෙල්සියස් අංශක 39 වැඩි උණ පැය දොළහකට වැඩිය පැවතීම 

Gastroesophageal Reflux Disease (GERD)

ආචාර්ය Chua Mei Chien පවසන ආකාරයට දෙමව්පියන් දරුවන්ගේ සුළු උගුරට පැමිණීම හා ආයාසයෙන් තොරව හුස්ම ගැනීම ගැන බොහෝ කලබල නොවිය යුතුයි.

"පුංචි පැටියා සුවෙන් සිටියි නම්,හොද බර වැඩිවීමක් ඇත්නම්, සාමාන්‍ය ආහාර ගැනීම හා නිදාගැනීමේ රටාව ඇත්නම් කලබල වීමට කිසිම හේතුවක් නැහැ " ඇය පවසනවා.

කොහොම නමුත් අලුත උපන් දරුවාගේ වමනය හෝ උගුරට ඒම ආහාර ප්‍රතික්ෂේප කිරීම , ආහාර  ගන්නා අතර හා ආහාර  ගත් වහාම නොසංසුන් හා සැනසිය නොහැකි හැඩීම, පසුපස නිතර වක්‍රවීම හා බර වැඩිවීම දුර්වල වීම වැනි ලක්ෂණ අනුව ඇයට  Gastroesophageal Reflux Disease (GERD) වැළදී තිබිය හැක.

Gastroesophageal Reflux Disease (GERD) වැළදී ඇති දරුවන්ගේ ලක්ෂණ 

• අසහනය හා වේදනාව 

• ඕනෑම විදියක හුස්ම ගැනීමේ අපහසුතා ( ශබ්ද නැගීම , සිරවීම ,කැස්ස,ඇදුම)

•උදරයේ වු ද්‍රව්‍ය පෙනහළු වලට ඇතුල් වීම නිසා නියුමෝනියා තත්වය 

• ප්‍රමාණවත් පෝෂණය නොලැබෙන නිසා ඇතිවෙන දුර්වල වර්ධනය 

ඔබ ඔබේ දරුවා තුල  මේ ලක්ෂණ දකියි නම් මෙය Gastroesophageal Reflux Disease (GERD) දැයි හදුනා ගත හැකි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා වෙත ගෙන යායුතුයි.  

ඔබේ  දරුවාගේ පළමු උපන් දිනය වන විට ඇයගේ උගුරට ඒම නතර වී තිබිය යුතු අතර ආහාර වේලට පසු වමනය තවදුරටත් පිට නොවිය යුතුය. ඔබේ දරුවා වමනය කරන සෑමවිටම බයවෙන්න එපා.

කොහොම නමුත් ඔබ සෑම විටම දෙමව්පියෙක් වශයෙන් ඔබ සතු සහජ ඉව විශ්වාස කල යුතු අතර ඔබට ගැටළුවක් , කනස්සල්ලක් දැනෙන සෑමවිටම දරුවා වෛද්‍යවරයකු වෙත ගෙන යන්න.

ආහාර ගැනීමෙන් පසු ඔබේ දරුවා උගුරට ඒම හා වමනය නැවැත්තුවේ කවදාද? ඔබේ අදහස් පහතින් සටහනක් යොදන්න.

අලුත උපන් දරුවා වමනය කිරීම ඇතුලු පුංචි දරුවන්ගේ විවිධ දේ දුටු විට බියට පත්වෙන දෙමව්පියන් වෙනුවෙන් මේ ලිපිය ගෙන ආවේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී