අලුත උපන් දරුවාගේ මේ හැසිරීම් වලින් ඔබත් බය වුනාද?

මගේ අලුත උපන් දරුවා  මුහුණ දීමට සිදු වූ ගැටළු කීපයක් බෙදා ගැනීමට අවශ්‍ය වුනා.

ඔබ පළමු වරට මවක් වෙලාද? මගේ  අලුත උපන් දරුවා අපහසුතාවයට  පත්කලේ   කුමක්ද  ?ඇයි ඇය අඩන්නේ වැනි අසීරු දේවල් පළමු වරට මවක් වුවෙක් ලෙස තේරුම්ගන්න උත්සාහ කල අයුරු මගේ මතකයට නැගේ.

බොහෝ දෙමව්පියන් සදහා වු  පොත්, වෙබ් අඩවි සහ වෙනත් දෙමාපියන්ගේ විවිධ යෝජනා සහ අදහස් පවා   වියවුලක් වුනා. එමනිසා මාව බියගැන් වු නමුත් සාමාන්‍ය  මගේ අලුත උපන් දරුවා සමඟ  මුහුණ පෑමට සිදු වූ ගැටළු කිහිපයක් බෙදා ගැනීමට මට අද අවශ්‍යයි.

1. පැය ගානක් ගොඩාක් හැඩීම

මම මෙය මුලින්ම දන්නේ නැහැ, නමුත් මගේ පළමු දරුවා කොලික්  තත්වයට මුහුණ දුන්නේය. මගේ දෙවෙනි දරුවා ඊටත් වඩා දරුණු කොලික් තත්වයකට මුහුණ දුන්  නමුත් මම වඩාත් හොඳින් ඒ සදහා  සූදානම් වී  ඊට වඩා හොඳින් කටයුතු කළෙමි. මම මුල්ම වතාවට මවක් වු විට , මගේ දරුවා  පැය ගණනාවක් තිස්සේ  නොනවත්වා අඬන ආකාරය දැක   දුෂ්කරතාවයන් ගැන පමණක් සිතා බැලීමෙන් මම  බියට පත්වුනා.

කෙසේ වුවද කොලික් යනු නව බිළිදුන් අත් විදින ඉතා සුලබ තත්ත්වයකි. පස්වන මාසය  වන තුරු එය පවති. සාමාන්‍යයෙන් සවස් කාලයේ සිට ‍රාත්‍රි කාලයේදී මෙය සිදු වේ.

2. බිලිඳා මළපහ පිට නොකිරීම

මෙය බොහෝ  අලුත්  දෙමව්පියන් තම ළදරුවන් තුළ දකින  පොදු ගැටළුවක් වන අතර මෙය බොහෝ මව්වරුන් අසන ප්‍රධානම  ප්‍රශ්න  වලින් එකක් වේ. මගේ අලුත උපන් දරුවා  දින 4-5 ක් මළපහ  පිටනොකල   විට, මා කුමක් කළ යුතු දැයි තේරුම් ගැනීමට නොහැකි වුනා.

ළදරුවන් වයස මාසයක්   පමණ වන විට, ඔවුන්ගේ බඩවැල් ක්‍රියාකාරිත්වයේ වේගය අඩුවීමට පටන් ගන්නා  නිසා ඔවුන් නිතරම මළපහ පිටකිරීම අඩු වේ. ඔබේ දරුවා මළපහ  පිටකරන විට  බොහෝ විට කෑගසන්නේ හෝ හඩන්නේ නම්, ඔහු හෝ ඇය දරුණු මලබද්ධ තත්වයකින්  පිඩා විදින බව පෙන්නුම් කරන අතර, ඔබ වහාම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයාගේ උපදෙස් ලබා ගත යුතුය.

3. කිරි වමනය  දැමීම

ඔබ ඔබේ දරුවාට මව්කිරි ලබා දී විනාඩි 30 ක් පමණ  වන විට  ඒ සියල්ලම එලියට පැමිණේ. නරකම කොටස වන්නේ දිනකට මෙය බොහෝ වාර ගණනක් දිගටම සිදුවීමයි. මෙය උපත ලද  වහාම සිට  උපතින් මාස හතරක් යන තුරු මම එය දැක්කා.

මම කනස්සල්ලට පත්ව  වෛද්‍යවරයා  සමඟ කතා කළත්, මගේ දරුවා නිරන්තරයෙන්ම බර වැඩිකර ගන්නා . සතුටෙන්  සිටි දරුවෙක් වු නිසා  වෛද්‍යවරයා පැවසුවේ එහි කනස්සල්ලට කිසිවක් නොමැති බවයි. බොහෝ අවස්ථාවලදී පෙනෙන්නේ දරුවා ගන්නා  ආහාර සියල්ල ආපසු දමන  බව පෙනේ. නමුත් සැබවින්ම එය සම්පූර්ණ ප්‍රමාණයෙන් ඉතා කුඩා ප්‍රමාණයක් පමණි . ඔබේ දරුවා බර වැඩි කර නොගනියි නම් , බර අඩු වේ නම්, බොහෝ නිදනසුළු  හෝ බොහෝ විට හඩයි නම්  වෛද්‍යවරයා  හමුවන්න.

මේ වගේ පුංචි පුංචි කාරණා කොයි තරම් නම් අපිව බය කරනවාද? ඒ නිසාම මේ තොරතුරු ඔබ වෙත ගෙන ආවේ the Asianparent Sri Lanka විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී