අලුත උපන් පැටියාට හිස්වැසුම් අනවශ්‍ය ඇයි?

lead image

දරුවා ලැබෙන්න රෝහලට යනවිට හිස්වසුමක් පැටියාගේ ඇඳුම් ගොඩට ඇතුල්නොවිය යුත්තේ ඇයි කියලා ඔබ දන්නවාද? එහෙනම් මේ ගැන හිතන්න.

පුංචි පැටියා මේ ලෝකයට එළිය දකින්න සුදානම් වන දිනය ජීවිතයේ කොයිම අම්මෙකුටවත් අමතක වෙන්නේ නැහැ. එය කොතරම් බියකරු යැයි සිතුනත් ඔබ හැම උත්සාහයක්ම යොදලා පුංචි පැටියව මේ ලෝකෙට බිහි කරන්නේ පුංචි පැටියාගේ හැඬුම් හඬින් සැනසෙමිනුයි.

ඊට පසුව හෙදියන් පැටියව ඇතුළට ගෙනිහිල්ලා හොඳින් පිරිසිදු කරලා ලස්සනට ඔතලා රෝස මලක් වගේ ඔබ අතට දෙනකොට පුංචි කට ඇරගෙන ඉන්නේ අම්මගේ උණුසුම හොයාගන්න බලාගෙනයි.

ඉතින් මේ එක්කම හුඟක් අම්මලා අලුත උපන් පැටියාට හිස්වැසුම් දාලා තියාගන්න හරිම ආසයි. අනෙක් අතට හිස හොඳට වහලා තියන්න ඕනේ කියලත් විශ්වාසයක් තියෙනවා.

අලුත උපන් පැටියාට හිස්වැසුම් අනවශ්‍ය බව ඔබ දැනගෙන සිටියද? 

කීම්ප්ට් හෙල්ත්කෙයා ඉන්ටර්නැෂනල් (CHI) හි වෛද්‍ය චාරු නාරායන් පවසන ආකාරයට දරුවා අඩු මාසයෙන් (2000g ට අඩුව) ඉපදීම හැර හිස්වැසුම් පැළඳීම නොකළ යුතු බවත් ඔහු කියනවා.

අළුත උපන් බිළිඳුන්ට හිස්වැසුම් අවශ්‍ය නැත්තේ ඇයි? හේතු 3 ක්

ම්...ම්... ඒතරම් සුවඳක්.

ඔබ කිරිකැටියෙකුගේ අම්මා කෙනෙක් නම් මේ වෙනකොට දන්නවා පැටියා ඉපදුන ගමන් එයා ළඟින් එන සුවඳ කොයිතරම් සොඳුරුද කියලා. ඔබ තවමත් කිරිකැටියා එනතුරු මග බලාගෙන ඉන්න අම්මා කෙනෙක් නම් ඔබට මේ අපූරු සුවඳ තවමත් දැනී නැති බව නම් විශ්වාසයි.

අම්මලා දන්නවද මේ සුවඳ පිටුපස ඇත්තටම ජීව විද්‍යාත්මක වැදගත්කමක් හා වටිනාකමක් පවතිනවා. වෛද්‍ය නාරායන්ට අනුව මව්කුසේ සිට ඉපදෙන මොහොත දක්වාත් ඉන්පසුවත් දරුවාත් මවත් අතර මානසික බැඳීම ශක්තිමත් වෙමින් වැඩෙනවා. මේ බැඳීම තුළ දරුවා තුළින් අම්මා විඳිනා සුවඳ ඔවුන්ගේ සබඳතාවය ශක්තිමත් කරන්න ලොකු පිටිවහලක් ලබාදෙනවා. සුවඳින් පමණක් ඔබේ කිරිකැටියාට ඔබව හඳුනාගන්න පුළුවන් වීම හරිම විශ්මය ජනකයි. අම්මගේ සුවඳ දරුවාට දැනෙන්න ගන්නේ ඔහු ගර්භාෂ තරලය තුළ ජීවත්වන කාලයේ පටන්මයි.

දරුවා උපතින් පසු අම්මගේ කිහිල්ල ප්‍රදේශයෙන් නිකුත්වන දහඩිය මගිනුත් පියයුරු ආශ්‍රිතව ඉපදෙන දහඩිය වලත් අම්මටම ආවේනික සුවඳක් වහනය වෙන අතර බබාට ඒ සුවඳ හඳුනාගන්න පුළුවන්. මේ මගින් බබා අම්මගේ පියයුරු තුඩු සොයා ගන්නවා. එය මව්කිරි බිමේදී ඉතා හොඳ බැඳීමක් ඇති කරනවා.

ඊට සමානව ඔවුන් තුළින් හමන මේ නැවුම් ආදරණීය සුවඳ ඔවුන්ගේ මොලය උද්දීපනය කරමින් සතුට හා හඳුනා ගැනීම ඔවුන්ට ලබාදෙන බව සොයාගෙන තිබෙනවා.

ඔබේ පැටියාගේ හිස තොප්පියකින් වසා තිබෙන කොට මේ හිසේ සුවඳ මුදා හැරෙන්නේ නැහැ. මෙය අර පෙර කියූ වටිනා රෙදි වල සුවඳට වඩා ඉමිහිරි පොඩි පැටියාගේ සුවඳ විඳින්න ඉන් සතුටට පත්වෙන්න පුංචි පැටියාට හිස්වැසුම් පළඳන්න එපා.

සමට සම සමග ඇති බැඳීම ශක්තිමත් කරගන්න.

ඉපදුන ගමන් දරුවන්ට තොප්පියක් පැළඳීමට හේතුව ඔවුන් එසේ පරිසරයට නිරාවරණය වීමෙන් පරිසර උෂ්ණත්වයට මුහුණ දීමට නොහැකි වේයැයි සිතන නිසා වුනත් එය එසේ නොවන බව සහතික කර තිබෙනවා. අලුත උපන් දරුවා අළුත් පරිසරයට හුරුවන විට බලපෑමක් ඇති බව සත්‍යක්. ඒ වගේම වෛද්‍යවරුන් පවසන ආකාරයට කිලෝ කැලරි 150 ක් පමණ දරුවාගෙන් බර අඩුවීමට නිසි කාමර උෂ්ණත්වයක් දරුවා නොතැබීමද හේතු විය හැකි බව පවසනවා. නමුත් මේ සඳහා දරුවාගේ හිස ආවරණය කිරීම වෙනුවට සමට සම ස්පර්ශ වන ලෙස දරුවා අම්මගේ උණුසුමේ තැබීම ඊට වඩා වැදගත් බව පර්යේෂණ මගින් සනාථ කර තිබෙනවා. 

ඒ වගේ සමට සම සමග වන සබඳතාවය නිසා හයිපොතෙමියා තත්වය පැය හයක් තුළදී ඇතිවීම පාලනය වන බවද එයට සම්ප්‍රදායික ඉන්කියුබේටර් එකක් භාවිත කිරීමට අවශ්‍ය නොවන බවද පැවසෙනවා.

උවමනාවට වඩා වසා තැබීමෙන් ඒ වගේම නිතර උෂ්ණත්වය ඉහළ අප වැනි රටක උෂ්ණත්වය වැඩිවීමෙන් දරුවාට අනතුරක් වීමටද ඉඩකඩ තිබෙනවා. ඒ වගේම සමට සම ස්පර්ශ වීම නිසා මිල කළ නොහැකි අපරිමිත බැඳීමක් දරුවාත් අම්මත් අතර ඇතිවෙනවා.

ඒ වගේම දරුවාගේ සුවඳ ආග්‍රහණය කරන අම්මගේ පිටියුටරි ග්‍රන්ථිය තුළින් නික්මෙන ඔක්සිටොක්සින් නමැති හෝර්මෝනය නිසා දරුවා සහ මව අතර ඇති බැඳීම වැඩිකරන බව පැවසෙනවා.

මේ නිසා මව තුළ ඇති පීඩනය හා වෙහෙස තුරන්ව යන බව පැවසෙනවා. නමුත් දරුවා අඩුමාසයෙන් හෝ අඩු බරින් ඉපදුනොත් මෙය ප්‍රයෝගික වන්නේ නැහැ. එවැනි අවස්ථාවක හැකිනම් හිස ආවරණය නොකර දරුවා හොඳින් ආවරණය කර තබන්න පුළුවන්.

නමුත් ඔබත් දරුවාත් හොඳ සුවයෙන් ඉන්නවා නම් රෝහලෙන් ඔබට ලැබෙන හිස් වැසුම ඉතා ගෞරවයෙන් ප්‍රතික්ෂේප කරන්න ඔබට පුළුවන්.

දරු ප්‍රසුතියේ අවසාන අදියර පහු කරන්න.

ආදර හෝර්මෝනය හෙවත් පෙර සඳහන් කළ පිටියුටරි ග්‍රන්ථිය හරහා නිකුත්වන හෝර්මෝනය දරු ප්‍රසුතියේ තුන්වන හා වැදගත් අදියර වලදී ක්‍රියාත්මක වෙනවා.

මෙය සමට සම ගැටීමෙන් පමණක් නොව වැදෑමහ ගර්භාෂ බිත්තියෙන් වෙන්විමේදී ද නිකුත්වෙනවා. ඒ මගින් විශාල ලෙස රුධිර වහනය වීම පාලනය කරනවා. මේ නිසා ඉතා ආරක්‍ෂිත දරු උපතක් සිදු වෙනවා.

වෛද්‍ය නාරායන් පවසන ආකාරයට ඉන් තනපුඩු උද්දීපනය වීමෙන් මව්කිරි එරීමට උපකාරී වෙන බවද පැවසෙනවා.

මේ නිසා දරුවා ඉපදුන ගමන් අම්මා විඳින සුවඳ සමග අම්මාටත් දරුවටත් ඉක්මන් සුවයක් ළඟා කරනවා.

මේ සුවිශේෂී අවස්ථාව ඔබ දරුවාට ආදරයට දමන හිස්වසුමක් නිසා නැතිවී යන්න මින් ඉදිරියට ඉඩ නොතබන්න theAsianparent Sri Lanka අපි මේ ලිපිය ඔබ වෙත පළකළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ