අලුත උපන් බබාගේ බුරිය නොහොත් පෙකණිය ගැන ඔබ දත යුතු දේ

lead image

පළමු වරට දරුවාට අවශ්‍ය රැකවරණය දීම අභියෝගයක්ද වනවා. රන්වන් පාට චූටි පැටියාගේ ක්ලිප් කටුවක් රැඳවූ බබාගේ බුරිය එක් වරම හිතේ තැතිගැන්මක් ඇති කරන්නේ නැතුව නොවේ.

අලුත උපන් බබා රෝස මලක් වගේ සිනිඳුයි, මොළකැටියි. බබාගේ ඉහේ සිට දෙපතුල දක්වා නිසි පරිදි රැකබලා ගැනීම අලුත් අම්මාටත් අලුත්ම අත්දැකීමක්. පළමු වරට දරුවාට අවශ්‍ය රැකවරණය දීම අභියෝගයක්ද වනවා.

රන්වන් පාට චූටි පැටියාගේ ක්ලිප් කටුවක් රැඳවූ බබාගේ බුරිය එක් වරම හිතේ තැතිගැන්මක් ඇති කරන්නේ නැතුව නොවේ. ඉතින් බබාගේ බුරිය ගැන දැනකියා ගැනීමත් ඉතාම වැදගත් වන්නේ, එය නිකැළැල් දරුවාගේ සම පරිසරයට නිරාවරණය කරමින් ඇති වන එන පුංචි අංගයක් වන නිසායි.

මොකද්ද මේ අලුත් උපන් බබාගේ බුරිය ගැන ඇති විශේෂත්වය

කුස තුළ වැඩෙන පැටියාට වැදෑමහ මාර්ගයෙන් මවගේ ගර්භාෂ බිත්තිය හරහා වර්ධනයට අවශ්‍ය පෝෂනය සැපයෙන්නේ පෙකණිය තුලින්.

දරුවා බිහි වූ පසු වෛද්‍යවරයා විසින් පෙකණි වැල කපා දමන අතර එහි සිරුරට සම්බන්ධ අඟල් 1ක් හෝ 2ක කොටසට ක්ලැම්ප් එකක් සම්බන්ධ කරනු ලබනවා.

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2017/12/bellybutton Md.png අලුත උපන් බබාගේ බුරිය නොහොත් පෙකණිය ගැන ඔබ දත යුතු දේ

දරුවා බිහි වී ඉදිරි දින කිහිපයේදී මෙම ඉතිරි වූ පෙකණි වලේ කොටස වියලෙන්නට පටන් ගන්නවා. එහි සිරුරට සම්බන්ධ කොටස අධාල එන්සයිම මගින් දිය කරනු ලබනවා. මෙම ක්‍රියාවලියේ ප්‍රතිපලයක් ලෙස බබාට සති දෙකක් පමණ ගත වන විට මෙම පෙකණි කොටස සිරුරෙන් වෙන්වී වැටෙනවා. මේ මත සම වර්ධනය වී බබාගේ බුරිය නිර්මාණය වනවා.

ඉතින් මෙය ඉතා සාමාන්‍ය ක්‍රියාවලියක් වන අතර මෙහි සුලභ ලෙස වෛද්‍ය උපදෙස් ලබාගත යුතු අවස්ථා දෙකක් සඳහන් කරන්න පුළුවන්.

අලුත බබාගේ බුරිය ගැන කල්පනාකාරී විය යුතු අවස්ථා

ඉදිරියට නෙරා ආ බබාගේ බුරිය

20%ක් පමණ බබාලාගේ බුරිය සම ඇතුළට ගිලී තිබෙනවා වෙනුවට එලියට නෙරා තිබෙනු දක්නට ලැබෙනවා. මෙය කලබල වීමට හේතුවක් නොවන අතර දරුවා වැඩෙත්ම ඉබේම යතා තත්වයට පත් වන්නට පුළුවන්.

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2017/12/bellybutton Md2.png අලුත උපන් බබාගේ බුරිය නොහොත් පෙකණිය ගැන ඔබ දත යුතු දේ

මෙම තත්වය වෙනස් නොවුනහොත් පෙකණි හර්නියා තත්වයක් ඇති විය හැකි අතර සුළු ශල්‍යකර්මයක් තුලින් එය නිරාකරණය කරගත හැකි වනවා.

බුරිය අසාදනයකට ලක් වීම

බුරිය අවට ඉදිමීමක් හෝ රතු වීමක්, ශ්‍රාවයක් හෝ දුර්ගන්ධයක් දක්නට, දැනෙන්නට ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් වලට යොමු විය යුතුයි. අසාදිත ටහ්ට්වයක් වන omphalitis නම් තත්වය ජිවිත අවධානමක් ඇති කල හැකි බැවින් කඩිනමින් වෛද්‍ය උපදෙස් පැතීම අත්‍යවශ්‍ය වේ.

බබාගේ බුරිය නොහොත් පෙකණිය ගැන වැදගත් තවත් දත්ත රැසක් සහිත මේ අලුත උපන් බබාගේ පෙකණිය වැටීම ගැන ඔබ දැනුවත්ද? ලිපියත් කියවන්නට අමතක කරන්න එපා!