අවුරුදු දෙකක් ලබන්නට මත්තෙන් ඔබේ දරුවා කිව කළ යුතු දේවල් 30ක්

දරුවකුගේ වයසට සාපේක්ෂව කථන සහ භාෂාමය සන්ධිස්ථාන වර්ධනය ගැන විමසිලිමත් වීම මගින් දරුවෙකුට ඇතිවිය හැකි ගටලුමය තත්ව කල් තියා හඳුනාගෙන අවශ්‍ය නම් නිසි ප්‍රතිකාර වලට යොමු කරවිය හැක.

උපන් මොහොතේ පටන් පුංචි කිරිකැටියාට අවශ්‍ය දේ ඔබෙන් ඉල්ලීමට කතා කරන්නටවත් භාෂා දැනගන්නටවත් උවමනා නැති බව මාපිය ඔබට මේ වනකොට හොඳින් වැටහී ඇති නේද?

කිරිකැටියාට අවශ්‍ය දේ දෙමාපියන්ට දැනෙන්නට එක ඉරියව්වක් ඇති. නමුත් දරුවා වැඩෙත්ම හැඟීම් දැනීම් අවශ්‍යතාවන් ආදිය පැහැදිළිව ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවක් දරුවාට ඇති වන්නේ නිසි වයසට අදාළ සන්නිවේදන සංධිස්ථාන පසුකරමින්. වචන ඩිංග ඩිංග උච්චාරණය කරමින් දරුවා අලුත් වචන ඉගෙන ගන්න අපුරුව බලන් ඉන්න ලස්සනයි නේද?

මේ සන්නිවේදන සංධිස්ථාන වැදගත් වන්නේ දරුවාගේ වයසට සාපේක්ෂව වර්ධනය සිදු වනවාද යන්න දැනගැනීමේ මිනුම් දණ්ඩක් ලෙස එය ක්‍රියා කරන නිසයි. පහත දැක්වෙන්නේ ඇමරිකාවේ ජාතික සෞඛ්‍ය ආයතන විසින් ලේඛනගත කල ළදරු වයසට සාපේක්ෂ විශේෂ සන්නිවේධන සංධිස්ථාන 30ක්. මේවා ඔබේ දරුවාගේ ක්‍රමානුකුල වර්ධනය තහවුරු කරන මිනුම් දණ්ඩක් ලෙස යොදා ගතහැක.

දරුවා වයස අවුරුදු එක ලැබීමේදී දිස් කරනු ලබන දේවල්

1. තමන්ගේ නම කියද්දී ප්‍රතිචාර දැක්වීම.

2. කෙනෙක් කතා කරද්දී ඊට ප්‍රතිචාර දැක්වීම.

3. පුංචි විධාන තේරුම් ගැනීම උදා:- “ඕක කන්න එපා!”

4. පුංචි ඉල්ලීම් වලට ප්‍රතිචාර දැක්වීම. උදා:- “අනේ! ඕක මට දෙන්න”

5. සරල ඉරියව් හා සුලභ වචන තේරුම් ගැනීම. උදා:- ‘හෙලෝ’ ‘Hello’

6. පින්තුරු හා සම්බන්ධ හඬ ගලපා ගැනීමේ හැකියාව. උදා:- ‘පුසා “ක්ඝාව්’ කියයි’    

7. සරල අනුකරණය - සිනහ සෙන පිට පෙරළා සිනහ සිම, ගී ගැයීමට උත්සාහ කිරීම.

8. සරල වචන අනුකරණය කරයි.

9. ඇයගේම භාෂාවෙන් සෙල්ලම් බඩු සමඟ කතා බහ කරයි.

10. නාම පද පාවිච්චිය වැඩි වේ

11. “අම්මා” “තාත්තා” වචන වලට අමතරව වෙනත් වචන දෙකක් හෝ තුනක් උච්චාරණය කරයි.

12. හඬනවා වෙනුවට මවට කතා කරයි.

13. අනෙක් ළමයි සමඟ පුංචි ක්‍රීඩා වල නිරත වන්නට හැකි වෙයි. උදා:- අතින් අතට බෝල මාරු කිරීම

පළමු වසර අවසානයේදී සැලකිලිමත් විය යුතු අවස්ථා

1. දරුවාගේ නම කතා කල විට ප්ර්හිචාර නොදක්වයි නම්.

2. පොඩ්ඩක්වත් කතා කරන්නේ නැත්නම්.

දරුවා වයස අවුරුදු එක ලැබීමේදී දිස් කරනු ලබන දේවල්

1. සරල අණ කිරීම් තේරුම් ගනී. උදා:- එපා!

2. ශරීරයේ කොටස් පහක් පමණ පෙන්වීමේ හැකියාව.

3. අණ කල විට වෙනත් කාමරයකින් යමක් ගෙනත් දීමේ හැකියාව.

4. ‘ඔව්’ ‘නැහැ’ හන්නට අදාළ ලෙස හිසේ ඉරියව් වෙනස් කිරීමේ හැකියාව.

5. ඔවුන්ට කතා කරන්නට දන්නා වචන වලට වඩා වචන දැන සිටීම.

6. සරල ප්‍රශ්ණ තේරුම් ගැනීමේ හැකියාව උදා:- “දොර පෙන්වන්න?”

7. කතන්දර වලට ආශා වීම

8. සරල ශබ්ධ අනුකරණය කොට එය එන දිශාව පෙන්වීමේ හැකියාව. උදා” ග්හ්යාව් කියා පූසා දෙසට අත් දිගු  කිරීම.

9. ශබ්ධ අනුකරණය ඉරීමේ හැකියාව.

10. ඔවුන්ට හුරු වචන වලින් අහාර, සෙල්ලම් බඩු ආදිය ඉල්ලීමේ හැකියාව.

11. “තව ඕනෙ” වැනි වචන නිතර කියන්නට යුහුසුළු වීම.

12. නම් ඇතුළු වචන 10ත් 20ත් අතර ප්‍රමාණයක්  උච්චාරණය කිරීමේ හැකියාව.

13. “මේ මොකද්ද” පැනයට නිසි ප්‍රතිචාර දැක්වීමේ හැකියාව.

14. දිනපතා පරිහරණය කරන භාණ්ඩ කිහිපයක නම් පහසුවෙන් උච්චාරණය කිරීම

15. ‘මම, අපි, ඔයා’ යන වචන උච්චාරණය කිරීමේ හැකියාව.

16. නාම පද වලට ක්‍රියා පද මුසු කිරීමේ හැකියාව. උදා:- “නංගි ආවද ?”

17. වචන දෙකක් ගැලපීමේ හැකියාව. “හලෝ අම්මා”

සැලකිලිමත් විය යුතු අවස්ථා

* දරුවාට කතා කිරීමට හැකියාවක් නැත්ද?

* දරුවා තනිවම සිටීමටම හැම විට ප්‍රිය කරනවාද?

* දරුවා කතා කිරීමට වඩා සංඥා වලින් කතා කිරීමට ප්‍රිය කරයිද?

* ඔබ කියන දේ දරුවාට නොතේරේ යැයි ඔබට සැකයක් තිබේද?

මගේ දරුවා මේ ලැයිස්තුවෙන් සංදිස්ථාන කිහිපහක් පසුකර තිබෙනවා

දරුවන් 90%ක් වර්ධනය පෙන්නුම් කරන්නේ ඉහත ලැයිස්තුව අනුව. ඉතින් ඔබේ දරුවාගේ වර්ධනය මෙම ලැයිස්තුවේ පිළිවෙලට වඩා මදක් වෙනස්  නම් ඉන් ඔබේ දරුවාගේ වරදක් පෙන්වන්නේයැයි මොහොතකට වත් හිතන්නට එපා. දරුවාගෙන් දරුවට සියලු දේ වෙනස් වන අතර ඔබේ දරුවා මදක් මන්දගාමී විය හැකි මුත් එය කලබල වීමට හේතුවක් නොවේ.

ඒ කෙසේ වෙතත් සැලකිලිමත් විය යුතු අවස්ථා යටතේ එන ගහයට දරුවා අයත් නම් ඔබ වහාම වෛද්‍යවරයකු මුණ ගැසිය යුතු වනවා. දරුවා පරික්ෂා කර බලා ප්‍රතිකාර අවශ්‍යද නැද්ද කියා වෛද්‍යවරයා එවිට ඔබ දැනුවත් කරාවි.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා