theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අවුරුදු වසන්තයේ පරිසරය අපට කියාදෙන පාඩම් ගැන මගේ පුතුට පණිවිඩයක්

3 අවම කියවීම
අවුරුදු වසන්තයේ පරිසරය අපට කියාදෙන පාඩම් ගැන මගේ පුතුට පණිවිඩයක්අවුරුදු වසන්තයේ පරිසරය අපට කියාදෙන පාඩම් ගැන මගේ පුතුට පණිවිඩයක්

මේ අම්මා ඇගේ පුතුට ලියූ ලස්සන ලිපිය අපි කාටත් වැදගත් වේවි

බක් මාසයේ එළඹෙන කොටම අමුතු කුරුල්ලෙකුගේ ආගන්තුක හඬක් ඇහෙනවා. ඒ එක්කම අපිට අවුරුදු ළඟ ළඟ එන පණිවිඩය හිතට දැනෙනවා. මේ එක්කම පරිසරයේ අපූරු වෙනස්කම් රැසක් වෙනවා.

පුතා දන්නවද? හුඟක් ගස්වල කොළ බක්මහට ඉස්සෙල්ලා හැලෙනවා. මුලින් ගස්වල කොළ කහපාට, රතුපාට වෙලා ඒ එක්කම අලුතෙන් කොළපාට දළු හැදිලා, කොළ හැලිලා ගස් නැවුම් බවක් පිරෙනවා.

ඒ විතරක් නෙවෙයි ගස්වල මල් පිපිලා පලින් බරවෙලා. පුංචි දරුවෝ වගේම ගස් දළු වගේම සතුන්ට මේ කාලය හරිම සතුටක් දැනෙන කාලයක්. ගස්වල පල බර වෙනකොට පුංචි පැටවුන්ට රසට කන්න පලතුරුත් සතුන්ට කන්න කෑමත් ලැබෙනවා. අනෙක් අතට අස්වනු නෙලන කාලය නිසා ගොවි ගෙවල් වල හාල් වල අගහිඟ කම් ඇත්තේ නැහැ.

පුතාට අවුරුද්ද දකින්න ලැබෙන්නේ වෙනස් විදිහකටද?

කොහා නද දුන්නත් ගස් වල කොළ හැලිලා අලුත් කොළ ඇවිල්ල පල බර වෙලා වෙන සංක්‍රාන්තිය ඔබේ පුතාට දකින්න ලැබෙන්නේ නැත්තේ ඇයි කියලා පුතාට හිතෙයි.

අනෙක් අතට මේ හැම වෙනසක්ම කතාවට විතරක් සීමා කළොත් පුතාට මේ ගැඹුර නොදැනෙන්න පුළුවන්. බක්මහට විතරක්ම පිපෙන එරබදු මල් අපිට දකින්න තියෙන්නේ පින්තූර වල විතරද? කියලා මගේ පුතා මට කියන්න පුළුවන්.

නාගරීකරණය එක්ක හැමදේම වෙනස් වුනත් අපේ ගෙදර අවුරුදු චාරිත්‍ර අකුරටම කරන්න මම වෙහෙසෙන්නේ ඒ නිසයි. ඒ නිසාම අපි ගමට ගියොත් අවුරුදු නිසා වෙනස් වෙන ගම ගැන පුතාට කියාදෙන්න වගේම දවසක් මගේ පුතත් එක්ක ගෙවන්නත් සැමියත් මමත් හිතුවා.

අවුරුදු කාලෙටම අතු දෙබලක් අතර හැදෙන ලණු ඔන්චිල්ලාවට පුතා හුඟක් ආසා වෙනකොට අපිට හුඟක් සතුටු හිතුනා. අවුරුද්ද වෙනුවෙන් නංගිටත්  ඔයාටත් සිරිත් මතක් කරන්න ළමා සාරියක් හා සරමක් කමීසයක් මහලා මම සූදානම් කළා. අත්තම්මගෙන් අහගෙන කොකිස් ටිකක් ගෙදරම හදන්න මම හැමදේම සුදානම් කළා. මේ හැමදෙයක්ම පුතාගේ සිතේ අවුරුදු සුදානම ගැන අදහසක් ගෙනාවා.

අවුරුදු නැකත් කියන්නේ මොනවද ? ඇයි හැමෝම එක වෙලාවක කිරිබත් කන්න ඕනේ ? ඇයි නෑයෝ අපේ ගෙදර එන්නේ ? ඇයි අවුරුදු උත්සව තියෙන්නේ?

මේ හැමදේම අපේ බැඳීම් ශක්තිමත් වෙලා අපි අලුතින් හිතන්න පුරුදු වෙනවා. අම්මයි තාත්තයි ඔයයි නංගියි එකට එකතු වෙලා අවුරුද්දට සුදානම් වෙනවා. ඒක නිසා ආයෙත් පවුලේ සමගිය බැඳීම තවත් වැඩිවෙනවා. මේ හැමදේම අපි ඉගෙන ගෙන දැන් ඔයාට කියලා දෙනවා. ඒ හෙට දවසේ ඔයාගේ පවුලේ ඔයාගේ දරුවෝ බිරිඳ එක්ක සතුටින් එකට මේ අවුරුද්ද විඳින්න ඔයත් ඉගෙන ගන්න ඕනේ. අනෙක් අතට පවුලක බැඳීම අනෙක් හැමදේටම වඩා වටිනා බව ඔයාට කියලා දෙන්න මම අපේ ගෙදර අවුරුද්ද හරිම අර්ථවත් විදිහට සමරන්න හැම අවුරුද්දකම උත්සාහ කරන්නේ ඒකයි. ඒකට අපි විතරක් නෙමෙයි පරිසරයම සුදානම් වෙන අපූරුව දැක්කහම අපිට අවුරුදු සිරිත් මගහරින්න කොහොමටවත් බැරි බව ඔයාට වැටහේවි.

අපේ ජනකවි එය ගයන්න ක්‍රීඩාවන් ගැන ඉගෙන ගන්නත් ලෝකයේ කිසිම රටක නැති මේ අවුරුදු සංස්කෘතික ගුණාංග ගැනත් ඔයාට හුඟක් ආඩම්බර හිතේවි. අවුරුද්දකට වරක් එළඹෙන මේ හැම වෙනසක්ම අපිට ජීවිතය ගැන කියාදෙන ගැඹුර පුතාගේ ජීවිතය පුරාවටම මතකයේ තියාගන්නවා.

ඒ අලුත් අවුරුද්දට දෙමාපියන් වන අපිට කරන්න පුළුවන් මොනවද?

  • දෙමාපියන්ට දරුවන්ට ලැබෙන අවුරුදු නිවාඩුව ඊට හොඳ අවස්ථාවක්.
  • දරුවන් එක්ක ගමට ගියොත් ඔවුන්ට මේ වෙනස ටිකක් හරි දැකගන්න ලැබෙනවා.
  • අනෙක් අතට පරිසරයේ වෙනස්කම් එක්ක අපේ ගෙවල් වල වන වෙනසත් ඔවුන්ට කියා දෙන්න පුළුවන්.
  • ගෙවල් පිරිසිදු කිරීම.
  • අලුත් දොර රෙදි දාලා ගේ ලස්සන කරන්නත්.
  • අපේ පුරුදු රසකැවිලි ගෙදරදීම හදන්නත් උනන්දුවක් දැක්වුවහොත් ඒ අත්දැකීම ඔවුන්ට ලබාගන්න පුළුවන් වෙනවා.
  • අනෙක් අතට අලුත් ඇඳුම් ගැනීම විතරක්ම නෙමෙයි අවුරුද්ද කියන එක දරුවන්ට කියාදෙන්න.
  • අද අවුරුද්ද කියලා දෙමාපියන් ඇඳුම් සාප්පු වල රස්තියාදු වෙන්න කාලයක් ගත්තත් සැබෑ අවුරුද්ද පරිසරය එක්ක ලොකු යථාර්තයක් කියා දෙන බව ඔවුන්ට වටහා දෙන්න.
  • අලුත් අවුරුද්ද කියන්නේ සොබා දහමෙන් අපිට දෙන ඉතා ගැඹුරු ජීවිතයේ යථාර්තය පිළිබඳ පණිවිඩයක් බව ඔවුන්ට වටහා දෙන්න.
  • අලුත් අවුරුද්දට සොබා දහමට දැනෙන සතුට අපේ පවුලටම දැනීම තුළින් අපේ පවුලේ බැඳීම් ශක්තිමත් වෙන බව ඔවුන්ට කියා දෙන්න.

theAsianparent Sri Lanka කවදත් ආදරයේ ගැඹුර සොයන දෙමාපියන් වෙනුවෙන් එළඹෙන අලුත් අවුරැද්ද හා අපේ පුංචි පැටවුන් වෙනුවෙනුත් මේ ලිපිය ලියැවුනා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • අවුරුදු
  • /
  • අවුරුදු වසන්තයේ පරිසරය අපට කියාදෙන පාඩම් ගැන මගේ පුතුට පණිවිඩයක්
බෙදාගන්න :
  • බැඳීම් අලුත් කරන අලුත් අවුරුද්දේ අරුමය ගැන දරුවන්ට කියාදෙන්න

    බැඳීම් අලුත් කරන අලුත් අවුරුද්දේ අරුමය ගැන දරුවන්ට කියාදෙන්න

  • චූටී බබාගෙන් තාත්තීට වැදගත් පණිවිඩයක්...

    චූටී බබාගෙන් තාත්තීට වැදගත් පණිවිඩයක්...

  • බැඳීම් අලුත් කරන අලුත් අවුරුද්දේ අරුමය ගැන දරුවන්ට කියාදෙන්න

    බැඳීම් අලුත් කරන අලුත් අවුරුද්දේ අරුමය ගැන දරුවන්ට කියාදෙන්න

  • චූටී බබාගෙන් තාත්තීට වැදගත් පණිවිඩයක්...

    චූටී බබාගෙන් තාත්තීට වැදගත් පණිවිඩයක්...

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it