අවුරුදු 2ක් වයසැති දරුවාගේ හැසිරීමේ ගැටලු

lead image

ඔබේ පුංචි පැටියාගේ දෙවැනි අවුරුද්ද ගෙවෙන්නේ මෙහෙමයි...

මව්වරුනි, පියවරුනි,  දරුවාගේ මෙවැනි හැසිරීමේ ගැටලුවලට ඔබ  මුහුණ දී තිබෙනවාද?

ඔබේ දරුවා දෙවන වසරට ළඟා වන ආකාරය දෙස බලා සිටීමට  ඉමහත් වැදගත් සන්ධිස්ථානයක්  වෙනවා. ඇතැම් හැසිරීම්  වල ගැටළු ඇතිවිය හැකිය. නමුත්, කනස්සල්ලට පත් නොවන්න, මව්වරුනි, පියවරුනි , මේ සියල්ල ඔබගේ කුඩා දරුවාගේ අසිරිමත් සංවර්ධනයේ කොටසක් වේ.

මෙන්න ඔබේ දරුවාගේ හැසිරීම් රටාව පිළිබඳ මාසික මාර්ගෝපදේශ සහ එහි ප්‍රතිඵලයක් ලෙස මතු විය හැකි ගැටළු වලට විසඳුම් ලබා දෙන්නේ කෙසේද යන්න,

දොලොස්වෙනි මාසය

මේ කාලය තුළ ඔබේ කුඩා දරුවා ඇවිදීමට  ඉගෙන ගන්නවා. මෙම සංධිස්ථානය ඔවුන්ගේ චලන  සංවර්ධනය සඳහා විශාල පියවරක් වුවද, ඒ නිසා අනෙකුත් පැති පසුබසිනු ඇත.

නිදසුනක් වශයෙන්, ඔහුගේ නිදා ගන්නා  රටාවට එය බලපානු ඇත. ඇවිදීම සදහා විශාල  ශාරීරික හා මානසික  ශක්තියක් ලබා ගන්නා නිසා, ඔහු වැඩිපුර නින්දක්  හෝ  රාත්‍රියේ  නිදාගැනීමට මහත් ශක්තියක් අවශ්‍ය විය හැකිය.

කනස්සල්ලෙන් නොසිටීම හා ඉවසීම වැදගත් වේ.

අමතර ආහාර ලබාදීම  , නිදාගැනීමට වැඩි කාලයක් ලබා දීම ආදරයෙන් නහවමින් මේ වෙනස් වීම් වලට මුහුණ දීමට සහයක් සලසමින් "තාවකාලික ගැලපීම්" කරන්න.

දහතුන් වෙනි මාසය

මෙම යුගයේ දී, ඔබ වැඩෙන දරුවා පහර ගැසීම, තල්ලු කිරීම සහ සපා කෑම  වැනි තරමක ආක්‍රමණශීලී හැසිරීමක් ප්‍රදර්ශනය කිරීමට ඉඩ තියෙනවා . මෙය හසුරුවීම සඳහා සන්සුන්ව සිටීම මෙන්ම  එවැනි හැසිරීම් අධෛර්යමත් කිරීමට ස්ථීරව සිටීම වැදගත් වේ.

ඔවුන්ගේ මාධ්‍ය  භාවිතය සීමා කිරීමට ප්‍රචණ්ඩත්වය ප්‍රයෝජනයට ගන්න.  ප්‍රචණ්ඩකාරී සෙල්ලම් බඩු හෝ බියජනක දේශීය පුවත් ඒ සදහා උදාහරණ වෙනවා.

ඔවුන්ව එසේ නොතබන්නේ මොනවාද ? . ඔවුන්ට මහන්සිය හෝ බඩගින්න දැනේද? ඔබේ ආක්‍රමණශීලී හැසිරීම සඳහා  බෝංචි බෑග් පහරක් හෝ එළිමහනේ බෝලයකට පයින් ගැසීම, වැනි සෞඛ්ය සම්පන්න පිටකිරීමේ ක්‍රම ඔවුන්ට  ලබා දෙන්න. අන්තිමේදී, ඉවසිලිවන්තව සිටීම හා හොඳ ආදර්ශයක් විම සුදුසු වේ.

දාහතර වෙනි මාසය

ඔවුන්ගේ සංවර්ධන කටයුතුවල  අදියරේදී ඔබගේ පොඩිත්තා සුපුරුදු පරිදි වඩාත් උද්වේගකාරීව හැසිරෙනු ඇත. එය සම්පූර්ණයෙන් ප්‍රකාශ කළ නොහැකි ඔවුන්ගේ සිතුවිලි සහ හැඟීම් සමඟ මිශ්‍රව කටයුතු කිරීමට ඔවුන් යොදා ගන්නා ක්‍රමය වෙනවා. ඔවුන් ස්වාධීන කිරීම  මෙන්න පාලනය කිරීමත් අවශ්‍යයි. සමහර අවස්ථාවලදී, එය තෙහෙට්ටුව , කුසගින්න හෝ වෙහෙස නිසා විය හැකිය.

උද්වේගකාරීත්වය සමග කටයුතු කිරීමේදී ඔබේ කුඩා දරුවාගේ ඉල්ලීම්වලට ඉඩ නොදිය යුතුය. ඒ එය ඔවුන්ට අවශ්‍ය  දේ ලබා ගැනීමේ ක්‍රමයක් භාවිතා කිරීමට ඉඩ ඇති නිසයි. ශාරීරික දඬුවමෙන් වැලකී සිටින්න. යහපතට වඩා වැඩි ඒ මගින් හානියක් සිදු කරයි.

කුතුහලය තුලින් සිනහව මතු කරන ,හැංගිමුත්තන් වැනි සැහැල්ලු ක්‍රියාකාරකම් වල ඔබේ දරුවාව  කිරීම හෝ  ඔබේ දුරකථනය වැනි සාමාන්‍යයෙන් ඔවුන්ට  සෙල්ලම් කිරීමට ඉඩක් නොලැබෙන වස්තුවක් සීමිත කාලයකට  ඔවුන්ට ලබා  දීම ප්‍රයෝජනවත් වෙනවා.

පහලොස් වෙනි මාසය

මෙම කාලය තුළ ආගන්තුකයන් කෙරෙහි වු  පූර්ව භීතිය නැවතත් පෙන්වනු ලැබයි. නැන්දා හ මාමා වැනි හුරුපුරුදු ඥාතීන් සමග පවා කනස්සල්ලට හේතු වේ. මෙම වර්ධනයේ ස්වාභාවික අදියර කාලය කාලය නැතිවී යයි. නමුත් එය සිදු වන විට හසුරුවන්නේ මෙහෙමයි. පළමුව, සෑම දෙයක්ම යහපත් බවත් ඔහුට  බිය වීමට හේතුවක් නැති බවත් ඔබේ දරුවාට තහවුරු කරන්න. ඒ වගේම  ඔබේ නෑදෑයා හෝ අනෙක් පුද්ගලයාට  ඔබේ දරුවාට මෙම අදියරේ කනස්සල්ල ඇතිවීම සාමාන්‍ය බව වටහා දෙන්න. අවසාන වශයෙන්  ඔබේ දරුවාට ඉක්මන් නොවන්න.පෙනෙන්න ඉන්න. ලගාවිය හැකි පරිදි ඉන්න.

දාසයවෙනි මාසය

මාස දාසයක් වයසැති ළදරුවා ඔහුගේ  දෙමව්පියන් පවා නොදැනුව නින්ද මග හරිනු ලබයි. හැගීම්බර වීම, දවසේ සමහර වේලාවන් දී උද්වේගකාරී වීම හෝ අධි ක්‍රියාකාරිත්වය   (  අවදිව සිටීමට උත්සාහයක් ලෙස) වැනි සියුම් සංඥා දක්නට ලැබේ.

මෙය හැසිරවීමට, ඔබේ දරුවාට හොඳ නිදාගැනීමේ කාලසටහනක් හඳුනා දිම හා එය පිලිපැදීම කරන්න.  ඇස් පොඩි කිරීම, මහපට ඇගිලි ඉරීම, නොසංසුන් බව  වැනි නිදිමත හැසිරීම් නිරීක්ෂණය කරන්න . ඔබ මෙය සටහන් කර ගන්නේ නම්, ඔවුන් අධික ලෙස වෙහෙසට පත්වීමට පෙර නිදි කරවන්න .

දාහත්වෙනි මාසය

ළදරු වෙන්වීමේ කනස්සල්ල  මෙම වයසේදී පොදු වේ. ඒ නිසා උද්වේගකාරීත්වයෙන් මිදීමට , ඔබේ දරුවා වෙන්විම සදහා සූදානම් කිරීම සුදුසු වේ. ඔබ රැකියාවට  යනවා නම්, ඔවුන් සමඟ කතා කිරීමට උත්සාහ කරන්න. දිනපතාම යම් වේලාවක්  ඔවුන් ඔසවාගෙන ඉන්න. ස්ථාවර හා ඉවසිලිවන්ත වන්න. ඔවුන්ගේ සේවිකාව හෝ භාරකරු සමඟ හොඳ සබඳතාවක් ගොඩනඟා ගැනීමට ඔවුන්ට උදව් කරන්න. ඉදිරිය බැලීමක් ලෙස විනෝදජනක ක්‍රියාකාරකම් වලින් ඔවුන්ගේ  දවස පුරවන්න  වග බලා ගන්න.  ක්ෂණිකව  වෙන්ව යෑම සහ දවස පුරා කථා කිරීමෙන් වැලකීම ප්‍රයෝජනවත් වනු ඇත. එබැවින් ඔවුන් ඔබේ නොසිටීම සඳහා හැඩගැසෙනු ඇත. ඔබ නැවත පැමිණෙන විට  එයට අවධානක් නොදෙන්න.  දවසේ වෙන්වීම විශාල දෙයක් නොවන බව  මෙය ඔවුන්ට කියා දෙනු ඇත.

දහ අට වෙනි මාසය

මෙම වයසේදී , ඔබේ කුඩා දරුවාව ළදරු කරත්තයේ හෝ උඩු පුටුවේ තබා යෑමට  උත්සාහ කළ විට, ඔහු මුරණ්ඩුකමක් හෝ විරෝධයක් දැක්විය හැකිය. ඒ ඔවුන්ව කූඩු කීරිමට හෝ සීමා කිරීමට යන බවක් දැනුන නිසා විය හැකිය. ඔබ කුමක් කළ යුතුද?  ගායනා කිරීම හෝ ඔවුන්ගේ ප්‍රියතම ගීත රඟ දැක්වීම වැනි අවධානය වෙනස් කරන දේවල්  ඉදිරිපත් කරන්න. ඔවුන්ට සෙල්ලම් බඩු සහ සංග්‍රහයක් ලබා දීමද උපක්‍රමයක් විය හැකිය.

නිදසුනක් ලෙස මෝටර් රථ ආසන සඳහා, ඔවුන්ගේ ප්‍රියතම  සෙල්ලම් බඩුවක් හෝ බෝනික්කා එහි රදවා ආසන පටි දමා පෙන්වන්න. මෙය ඔවුන්ට වැඩි විනෝදයක් ලබා දේවි. "ඔබ ඔබේ විශේෂ පුටුවේ සිටියදී පමණක් ආහාර ගැනීම ආරම්භ කළ හැකිය." වැනි රීතියක්න් ඔබට ඇති කළ හැකිය. බොහෝ ඉවසිලිවන්ත හා ස්ථාවර වන්න

දහනව වෙනි මාසය

මේ නාසයක් සහ පෙකණිය ඇදීම වැනි අමුතු පුරුදු මතුවෙන යුගයයි . ළදරුවන්ගේ මේ අමුතු පුරුදු බහුලව දක්නට ලැබේ. එබැවින් එය සැහැල්ලු  කිරීම  හොඳයප. ඒවා කළමනාකරණය  සදහා  තහනම් නොකරන්න. ඒ වෙනුවට ඔවුන්ට "ආරක්ෂිත කලාපයක්" පිහිටුවන්න. නිදසුනකට, නාන කාමරය තුළ සිටින විට පමණක්  නහය ඇදීම  කළ හැකි ඔබේ දරුවාට  දන්වන්න. ඔවුන්ගේ නියපොතු වෙනුවට  බටයකින් උරා බීම  වැනි ආදේශක ඉදිරිපත් කිරීමද උපකාර විය හැක. පොතක් හෝ සෙල්ලමක් මගින් ඔවුන්ගේ අත් යමක යෙදවීම  මෙම හැසිරීම මැඩපැවැත්වීම සඳහා උපකාර විය හැක. මතක තබාගන්න: හැසිරීම සීමා කිරීම මගින් සම්පූර්ණයෙන්ම  එය ඉවත් කළ හැකිය.

විසිවෙනි මාසය

විසිවෙනි මාසයේදී ආක්‍රමණ ප්‍රශ්නයක් බවට පත්වේ. ඔවුන්ගේ වේගයෙන් වර්ධනය වන චලන හා හැගීම් කුසලතා හේතුවෙන්, ඔවුන් වෙනස්කම් සමඟ මුසු වෙන ක්‍රමයක් ලෙස ඔවුන්ගේ යහළුවන්ට  හෝ රැකබලා ගන්නන්ට පහර දීම , සීරීම හෝ සපා කම කිරීමට පෙලඹිය හැක. ස්වභාවික වුවද, මෙය දෙමාපියන් විසින්  නොසලකා නොහැරීම වැදගත් ය. දිගින් දිගටම ඕනෑම ආකාරයක වාචික හෝ කායික ප්‍රචණ්ඩත්වයක් අධෛර්යමත් කරන්න . පළිගැනීමෙන් හෝ නැවත පහර දීම සුදුසු නැත. මෙය සෙමින් කථා කරන්න. කඩා පනින්න එපා. ඒ මගින් ඔබ  ඔබේ පුංචි පැටියාට   වැරදි අදහසක්  ලබා දීමක් වෙනවා.

විසිඑක් වෙනි මාසය

මෙම අවධියේදී ඔබේ දරුවා තනිව ආහාර ගන්නේ කෙසේදැයි ඉගෙනගනී. එබැවින් නිසි ලෙස ආහාර ගැනීමේ චර්‍යාවන් ඉගැන්වීම වැදගත් වේ. කෑම සමග  සෙල්ලම් කිරීම, කෑම විසිකිරීම හෝ විනෝද වීම සඳහා ඔවුන්ව අධෛර්යමත්  කල යුතු ය. ඔවුන් නැවත නැවතත් කාර්යයන් කිරීමෙන්  සතුටු වන අතර බරපතල ලෙස හැගීම් වල වෙනස්වීම් ප්‍රදර්ශනය කරයි. නිතිපතා චර්‍යාවන් අනුගමනය කරන්න. ඔවුන්ගේ උත්සාහය  සහ සාර්ථකත්වය ප්‍රශංසාවට ලක් කරන්න. නිරතුරුවම ධනාත්මක වීම ඔවුන්ට යහපත් හැසිරීම සඳහා  උත්සාහයක් දැරීමට උදව් කරනු ඇත.

විසිදෙවැනි මාසය

මාස විසිදෙකක් වයසැති කුඩා දරුවන් පාසැලේදී හෝ මහජනතාව ඉදිරියේ පරිපූර්ණ හැසිරීමක් ප්‍රදර්ශනය කිරීම  ස්වභාවිකයි. නමුත් ඔවුන් ඔබ හා නිවසේ තනිව සිටින විට එකට පසු එකක් සේ නොසංසුන්ව  හැසිරෙනවා. බලාපොරොත්තු නැති කරගන්න එපා. ඒ ඔවුන්ට ඔබ අසල සිටීම  ආරක්ෂිතව සහ සැපපහසුවක්  දනවන නමුත් හැගීම් සමග නොගැලපෙන  බවට සලකුණකි.

කුතුහලයෙන් පිරුණු නොසංසුන් දරුවන්  හැසිරවීම සඳහා පළමුව ඉවසීම ප්‍රගුණ කරන්න. සන්සුන්ව කතා කරන්න. නමුත් ඔබේ ආදරය ඔවුන්ට දැනෙන තරමට එය ඍජු විය යුතුය.  නමුත් ඔවුන් ගෞරවය ලැබීමට ඉගෙන ගත යුතුයි.

ඔවුන්ට වැඩි අවධානයක් දෙන්න. ඔවුන්ට පිරිසිදු වාතාශ්‍රය ලැබෙන්න ඉඩ හරින්න. ක්‍රීඩා පිටියක් තුල දිවීම , ඔවුන් කැමති පොතක් කියවීම,හෝ ඔවුන් කැමති  සංගීතයට සවන් දීම ඔවුන්ගේ නොසංසුන්තාවය මුදාහැරීමට ඉඩදිය හැක.  දරුවාට දයාව පිළිබඳ සංකල්පය ග්‍රහණය කරගත හැකි නිසා  ඔබේ හැගීම් විස්තර කරන්න. ටික වේලාවට  ඔබේ සහකරුට පවරන්න. කෙසේවෙතත්, වැදගත්ම දේ වන්නේ හික්මවීම නොතකා හැරීමයි. ඔබේ දරුවා  එහි ප්‍රතිවිපාක ඇති බව ඉගෙන ගත යුතුය. මෙන්න ඉඟි කිහිපයක්,

විසිතුන් වෙනි මාසය

ඔබේ ළදරුවාට වයස මාස 23 ක් වන විට, එක් ක්‍රියාකාරකමක සිට ඊළඟ ක්‍රියාකාරකමකට මාරු වීමට අපහසු විය හැකිය. නිදසුනක් ලෙස සාප්පු සවාරියේ යෙදී සිටියදී එහි සෙල්ලම් සදහා වෙන්කර ඇති පෙදෙස ඔවුන්ගේ අවධානය ඇදබැඳ තබා ගන්නා අතර  ගෙදර යාමට කාලය උදා වු විට ඔවුන් එයට  ප්‍රතිරෝධය දැක්විය හැකිය. ගණන් කිරීම හෝ නියමිත කාලයක් ලබා දීම තුලින් ඒ සදහා සූදානම් වන්න. විනෝදය ලබා දීම මගින් එක් ක්‍රියාවකින් තවත් ක්‍රියාවකට මාරුවීම  පහසු කරවන්න. නිදසුනකට, පළමු ක්‍රියාව නතර කිරීමට  කාලය එළඹුණු  විට, " ඒ ගැන කියවෙන ගීතයක්" ගායනයට යොදා ගන්න. ඔවුන්ට අතරමගදි විශේෂ වස්තුවක් ලබා ගත හැකි නම්, කුඩා දරුවන් ද වෙන්ව යාමට ඉතා කැමැත්තක්  දක්වයි. එය උපන් දින සාදයකින් ලැබෙන ඩෝනට් එකක් හෝ උද්‍යනයකින් ලැබෙන  කොලයක් වැනි සරල දෙයක් විය හැකිය.

ඔබේ දරුවාගේ පළමු වසර පුරාවටම ඔවුන්ගේ ජයග්‍රහණ සහ අභියෝග දෙකම භාරගැනීම වැදගත් වේ. අප පැවසූ පරිදි, එය ඔවුන්ගේ සංවර්ධනයේ කොටසක් වන අතර  සහ  දෙමව්පියන් ලෙස ඔබේ වර්ධනය හා පෝෂණයද වෙනවා.

වසරක් වයසැති ඔබේ පුංචි පැටියාගේ ඊලග වසර ගෙවෙන අයුරු මෙන්ම වැදගත් තොරතුරු ඔබට ආදරයෙන් මතක් කරන්නේ The Asianparent Sri Lanka විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී