අවුරුදු 2යි මාස 1ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

lead image

උද්වේගකාරීත්වයේ සිට වඩාත් බලවත් වීමටත්, සිනාහවන් හා සුරතල් වීම් ගොඩාක් එක්කරන්නටත් ඔහු පටන්අරන්. ඒ නිසා ඔබේ අවුරුදු 02 මාස 01 ක් වයසැති කුඩා දරුවා මේ දිනවල කරන්නේ කුමක්ද?

අවුරුදු 2 මාස 1 ළමා වර්ධනය: ඔබේ කුඩා දරුවාගේ දෙවැනි විය සාදරයෙන් පිළිගන්න. (මාසයක් ගෙවී ගිහින් නේද) ඔබේ පුංචි දරුවා මෙතරම් පුංචි කාලයක් තුළ කොච්චර දුරක් ඇවිත්ද? මීට අවුරුදු දෙකකට කලින් ගෙදර ගෙනා කිරි කැටියාමද මේ. නැහැ දැන්, ඔහු දුවනවා. පනිනවා.

ඒ වගේම කතා කරන්න පවා පුළුවන්. අවුරුදු 02 මාස 01 ක් වයසැති කුඩා දරුවන්ගේ සංවර්ධන ගැන දැනුවත් වෙමු

* කුඩා දරුවන්ගේ සංවර්ධනය විය යුතු අනිවාර්ය සංධිස්ථාන නැහැ. සෑම දරුවෙකුටම තමාගේම වේගයෙන් වර්ධනය වෙනවා. කෙසේ වෙතත්, ඔබේ කුඩා දරුවාගේ වර්ධනය ගැන ඔබ සැලකිලිමත් වන්නේ නම්, ඔබේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවන්න.

අවුරුදු 2 මාස 1 ළමා වර්ධනය - ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?

වයස අවුරුදු 2 මාස 1 ළමා වර්ධනය - ශාරීරික සංවර්ධනය

අවුරුදු 02 මාස 01 දී ඔබේ දරුවා සුමටව දිවීම හා මුළු වලින් පහසුවෙන් හැරිම ඉගෙන ගන්නවා. ඔහුට පඩි පෙළක ඉහළට හා පහළට යන්න පුළුවන්. ඒ වගේම උඩ පනින්නත් පුළුවන්.

දෙමව්පියන් තමන්ගේ පුංචි දගකාරයන් පසුපස දුවනවා පමණක් නොව ඔවුන් ගැන විමසිලිමත් වීමත් සුදුසුයි. ඒ ඔහු මේ වනවිට පසුපසට ගමන් කිරීමේ කුසලතාවද වර්ධනය කරගනිමින් සිටිනවා.

කබඩ් සහ ලාච්චු විවෘත කිරීමට ඔහුට දැන් පුළුවන්. මෙම වයසේ දරුවන් අතිශයින්ම විචික්ෂණ වන අතර අනතුර පිළිබඳ අවබෝධයක් නැහැ.

ඒ නිසා ඔබ නිවසේ ළමා ආරක්ෂාව තර කිරීමට ඔහුට අවුරුදු 02 මාස 01 ක් වනතුරු බලා නොසිටින්න.

ඔබේ කුඩා දරුවාට ගවේෂණය කිරීම සඳහා ඔබේ නිවස ආරක්ෂිත ස්ථානයක් බවට සහතික කර ගැනීම සඳහා සෑම විටම පිරික්සුම් ලැයිස්තුවක් භාවිතා කරන්න. ඔබේ දරුවා ඉහළට නගින්නේ නම් ලාච්චු සහ පොත් රාක්ක සෑම විටම බිත්තිවලට සවිකර තැබිය යුතුය.

අවුරුදු 2 මාස 1 දරුවාගේ  සංවර්ධනය නිසා ඔහුගේ ක්‍රීඩා මට්ටම සංකීර්ණ වී තිබෙන බව ඔබට දකින්න පුළුවන්. ඒ වගේම දැන් ඔහුට එක් ක්‍රියාකාරකමක දිගු කාලයක් රැඳී සිටින්න පුළුවන්.

කෙසේ වෙතත්, වයස අවුරුදු 02 මාස 01 සිට අවුරුදු 02 මාස 03 දක්වා, ඔබේ දරුවා තවමත් අත්හදා බැලීම් සහ දෝෂ මගින් සරල ගැටළු විසඳීමට උත්සාහ කරනවා. දෙමාපියන් උදව් කරන්න හැදුවත් කුඩා දරුවන් ඔවුන්ගේ ස්වාධීනත්වය තහවුරු කිරීමේ ක්‍රමයක් ලෙස එය ප්‍රතික්ෂේප කරන්න පුළුවන්.

නමුත් කණගාටු වෙන්න එපා. ඒ නිසා ඔබේ මුරණ්ඩු හිතුවක්කාරයා ඔහුගේ ක්‍රීඩාව හුරුවෙන තුරුම නැවත නැවතත් පුහුණු වෙමින් එහි
ප්‍රවිණත්වයක් ලබනු ඇත.

ඉඟි:

  • ඔබේ දරුවා එළිමහනට ගෙන යන්න. එවිට ඔහුට ඔහුගේ මාංශ පේශි දිගු කර නැවුම් වාතය ලබා ගන්න පුළුවන්. ඔහුට ගවේෂණය කිරීමට නිදහසක් ලබා දෙන්න. නමුත් ඔහුව ආරක්ෂාව වෙනුවෙන් විමසිල්ලෙන් සිටින්න. 
  • අත් හා ඇස් සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීමට ඔබේ කුඩා දරුවාට විවිධාකාර සරල ප්‍රහේලිකා ලබා දෙන්න.
  • ඔබේ කුඩා දරුවාගේ ග්‍රහණය සහ කුඩා මාංශපේෂින් සම්බන්ධීකරණ චලන කුසලතා (Fine motor skills) වැඩි දියුණු කිරීම සඳහා බ්ලොක්ස්, සංගීත නාද කරන සෙල්ලම් බඩු මෙන්ම තල්ලු කරන හෝ පදින සෙල්ලම් බඩු සුදුසු වෙනවා. හේතුව සහ බලපෑම උගන්වන සෙල්ලම් බඩු මානසික සංවර්ධනය සඳහා විශිෂ්ට වෙනවා.
  • සරල කලා සහ ශිල්ප පුංචි දෑත් කාර්යබහුල කරනවා පමණක් නොව එය දරුවෙකුගේ නිර්මාණශීලිත්වය සහ
    නව්‍යකරණය පුළුල් කරනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • සෑම දරුවෙකුම අද්විතීය වන අතර ඔහුගේම වේගයෙන් වර්ධනය වෙනවා. නමුත් මේ කාලය වන විට, ඔබේ දරුවාට
    ඇගිලි තුඩු වලින් නොව ස්ථාවරව ඇවිදින්න පුළුවන් වෙන්න ඕනී.
  • ඔබේ දරුවාට වස්තූන් ග්‍රහණය කර ගැනීමේ අපහසුතාවයක් ඇත්නම්, ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

අවුරුදු 2 මාස 1 ළමා වර්ධනය - මානසික සංවර්ධනය

මානසික කුසලතා

ඔබේ ළදරුවාගේ මොළයේ වර්ධනය පියවරෙන් පියවර වැඩිදියුණු වුවද එහි විශාලතම දියුණුව වන්නේ එක් දෙයක් කෙරෙහි වැඩි කාලයක් අවධානය යොමු කිරීමට ඔවුන්ට හැකි වීමයි.

මෙම වයසේ පසුවන කුඩා දරුවන්ට කාලය පිළිබඳ හැඟීමක් නොමැති නිසා ඔවුන් සෙල්ලමෙහි දැඩි ලෙස නිරත වෙනවා.

මෙය ඔබට සහ ඔබේ දරුවාට සිත්ගන්නාසුළු හා තරමක් උත්සාහයන් දරන්න සිදුවෙන කාලයක් වේවි.

ඒ ගැන කණගාටු නොවී රැඳී සිටින්න. දුෂ්කර කාලයේ අවසානයේදී සැනසිල්ලක් අත්වේවි.

ඔබට සහ ඔබේ දරුවාට ගවේෂණය කරන්න, අපේක්ෂා කරන්න සහ එකිනෙකාගෙන් ඉගෙන ගන්න තවත් බොහෝ දේ තියෙනවා.

ඉඟි:

  • නව කාර්යයකට මාරුවීමට ඔබේ දරුවාට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දෙන්න.
  • මෙම වයසේදී, ඔබේ දරුවා හැඩතල සහ වර්ණවලට වර්ග කිරීමට පටන් ගන්නවා. මෙම කුසලතාව දිරිගැන්වීම සඳහා ඔහු සමඟ වර්ග කිරීමේ ක්‍රීඩා කරන්න.
  • ඔබේ දරුවා නිවසේදී උදව් කිරීමට කැමතියි. ඒනිසා “ඔබේ සෙල්ලම් බඩු අහුල ඒවා තිබු තැනින් තබන්න” වැනි සරල පියවර දෙකක උපදෙස් ඔහුට දෙන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • මෙම වයස වන විට, ඔබේ දරුවා ඔබව නිරීක්ෂණය කිරීමෙන් එදිනෙදා භාවිතා වෙන පොදු භාණ්ඩ (දුරකථනයක් හෝ හැන්දක් වැනි) භාවිතා කරන්නේ කෙසේදැයි දැන සිටිය යුතුය. මෙම එදිනෙදා භාවිතා වන භාණ්ඩ වලින් කරන දේවල් ඔහු නොදනී නම් ඔබේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවන්න.
  •  ඔබේ දරුවාට හුරුපුරුදු වස්තූන්ගේ හෝ පුද්ගලයින්ගේ පින්තූර හඳුනා ගැනීමට හැකි විය යුතුය.
  • ඔබේ දරුවා පින්තූර නම් නොකරන්නේ නම් එය සැලකිලිමත් විය යුතු කාරණාවකි.

අවුරුදු 2 මාස 1 ළමා වර්ධනය - සමාජීය හා හැගීම් සංවර්ධනය

ඔබේ දරුවා ඔබේ ඉවසීම පරීක්ෂා කරාවි. විශේෂයෙන් ඔහු නුසුදුසු අවස්ථාවලදී ඔහුගේ ස්වාධීනත්වය තහවුරු කිරීමට උත්සාහ කරන විට ඔබේ ඉවසීම නැතිව යන්න පුළුවන්.

ඔහුගේ ක්‍රියාව හිතාමතාම සිදුකරන බව පෙනෙන්නට තිබුණද, මෙම වයසේදී ඔහු සාමාන්‍යයෙන් දේවල් කරන්නේ කුතුහලයෙන් බවත් තරහින් නොවන බවත් මතක තබාගන්න. ඒ නිසා ඔහු කොතරම් කරදරකාරීද වුවත් ඔබේ සංසුන් වෙන්න.

ඉවසිලිවන්තව වෙන්න. ඔහුට දැන් සෑම දෙයක්ම තනිවම කිරීමට අවශ්‍ය යැයි පෙනෙන්නට තියෙනවා.

අම්මා වෙත දුවගෙන ඇවිත් හුරතල් කිරීමක් හා දිරිගැන්වීමේ වචන වලින් පසුව ඔහු නැවත තමාගේම දෙයක් කිරීමට පිට වී යන ආකර්ෂණීය යුගයක් ඔබට තවමත් අත්විඳිය පුළුවන්.

අවුරුදු 2 මාස 1 දරුවාගේ වර්ධනය

මෙම වයසේදී ඔබේ දරුවා බොහෝ විට ආත්මාර්ථකාමී වෙන්න පුළුවන්. ඒ ගැන පුදුම නොවන්න. ඔහු තවමත් බෙදාගැනීමේ සංකල්පය ග්‍රහණය කර ගැනීමට උත්සාහ කරන අතර සහයෝගයෙන් ක්‍රීඩා කිරීමට අවශ්‍ය කුසලතා තවමත් වර්ධනය කර නැහැ.

කෙසේ වෙතත්, හුරුබුහුටි හා අසීමිත හිනාවන් ඇසීම දෙමව්පියන්ට අනිවාර්යයෙන්ම අපේක්ෂා කළ හැකි එක් දෙයක් වෙනවා.

දැන් ඔබේ පුංචි පැටියාට හාස්‍යය ටිකක් හොඳින් තේරුම් ගන්න පුළුවන්.

අවුරුදු 02 මාස 01 ක් වයසැති කුඩා දරුවන්ගේ සංවර්ධනයේ කොටසක් ලෙස, ඔහු තම ප්‍රියතම දේ සමඟ බැදීමක් ඇති කර ගැනීමට පටන් ගන්නවා.

මේ හේතුව නිසා, ඔහු කැමති සෙල්ලම් බඩුවකට සම්පුර්ණයෙන්ම අවධානය යොමුකරන අතර එය බෙදාගැනීම ප්‍රතික්ෂේප කරනවා.

ඉඟි:

  • බ්ලොක්ස් වලින් කුළුණක් තැනීමට අසමත් වූ විට හෝ අන් අය සමඟ සෙල්ලම් කරන විට එම සෙල්ලම සම්පූර්ණ කිරීමට අසමත් වු විට ඔබේ දරුවා නොසංසුන් වී පහර දීම සාමාන්‍ය දෙයකි.

ඔහු තවම අනුන්ගේ අවශ්‍යතා හෝ හැඟීම් පිළිබඳ සංවේදනය සහ අවබෝධය වර්ධනය කර නොගැනීම මෙයට හේතු වෙනවා.

  • චර්යාවන් ඇති කිරීමෙන් උද්වේගකාරීත්වය අඩු කර ගන්න පුළුවන්. නමුත් ඔහු ප්‍රසිද්ධියේ එසේ හැසිරෙන්නේ නම්, ඔහුව පසෙකට ගෙන යාමට පෙර ඔබ සංසුන් වීමට මතක තබා ගන්න. සමහර කුඩා දරුවන් සමහර විට වෙනස් වීමට සැබවින්ම ප්‍රතිරෝධී වෙන්න පුළුවන්. ඒ නිසා නම්‍යශීලී වන්න.
  • මේ වයසේදී ඔහු කරන සෑම දෙයක්ම මුළුමනින්ම මෙහෙයවනු ලබන්නේ ආවේගයන් (හෝ කුතුහලය ) බව මතක
    තබා ගන්න. ඔහුට තවම තේරුම් ගන්න හැකියාවක් නැහැ. ඒනිසා ඉවසීම වැදගත් වෙනවා.
  • තවත් මාස කිහිපයක් යනතුරු ඔහු මිනිසුන්ගේ හැඟීම් සම්පූර්ණයෙන් වටහා නොගත්තද ශාරීරිකව පහර දීම
    පිළිගත නොහැකි දෙයක් බව ඔහුට උගන්වන්න.
  • සීමාවන් සැකසීම ආරම්භ කරන්න. නමුත් සමහර විට ඔබේ දරුවා දැඩි ලෙස හික්මවීම හෝ පැහැදිලි කිරීම් වලට
    වඩා හාස්‍යයට හා අවධානය වෙනතකට යොමු කිරීම මගින් වඩා හොඳ ප්‍රතිචාරයක් දක්වන්න පුළුවන්.
  • කුඩා දරුවන්ට බෙදා ගත යුතු ආකාරය ඉගැන්වීමේදී දෙමාපියන්ට ආදර්ශයක් වෙන්න පුළුවන්. ඔහුට අයත් දේවල්
    වලට ගරු කරන අතරතුර ඔබේ දේවල් බෙදාගැනීමෙන්, ඔහුගේ බඩු බාහිරාදිය ගැන අඩු ආරක්ෂාකාරී බවක් ඇතිකර
    ගැනීමට ඔබ ඔහුට උගන්වනවා.

පුංචි නාට්‍ය බෙදාහදා ගැනීමට පුරුදු වීමට හොඳ ක්‍රමයක් වෙනවා. ඔහු
වෙනත් පුද්ගලයින් සමඟ යමක් බෙදා ගත් විට එය ආරක්ෂිතව ඔහු වෙත ආපසු ලබා දෙන බව ඔහුට පෙන්වා දෙන්න

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා

  • ක්‍රියාවන් හෝ වචන අනුකරණය නොකරන්නේ නම්,
  • සමහර දරුවන් අනෙක් අයට වඩා සමාජශිලීයි. නමුත් මෙම වයසේ දරුවන් අන් අය සමඟ ප්‍රතික්‍රියා පෙන්වීම, දීම සහ සොයා බැලීම කළ යුතුය.. සෙල්ලම් කරන විට ඔබේ දරුවා අන් අයට ප්‍රතිචාර නොදක්වන්නේ නම් ඔබේ වෛද්‍යවරයා හමුවන්න.
  • ඔබේ දරුවා මවාපෑමේ සෙල්ලම් වල නිරත නොවන්නේ නම් ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න.

අවුරුදු 2 මාස 1 ළමා වර්ධනය - කථනය හා භාෂාව සංවර්ධනය

මේ වන විට ඔබ කියන සෑම දෙයක් ගැනම ඔබේ කුඩා දරුවාට වැඩි අඩු වශයෙන් තේරුම් ගන්න පුළුවන්. සරල උපදෙස් පිළිපැදීමට සහ සරල ප්‍රශ්න තේරුම් ගැනීමට ඔහුට හැකියාව තියෙනවා.

නමුත් ඔබ කියන සෑම දෙයක්ම ඔහු අනුගමනය කරනවාමයි කියලා කියන්න බැහැ.

සෑම දරුවෙකුටම අවුරුදු 02 මාස 01 දී අදහස් ප්‍රකාශ කරන්න බැහැ.

නමුත් මෙම කුසලතා දරුවාගෙන් දරුවාට වෙනස් වන නිසා ඔහුව එකම වයසේ අනෙක් දරුවන් සමඟ සංසන්දනය කරන්න එපා.

කෙසේ වෙතත්, භාෂා කුසලතාවන්හි විශාල පිම්මක් පනින්න සුදානම්. සමහර කුඩා දරුවන් තනිවම කැමතිම වචන කියන්නට පටන් ගන්නවා.

ඉතා ඉක්මණින් වචන දෙකක් එකතු කර ඔවුන් සරල වාක්‍ය සැකසීමට පටන් ගන්නවා.

ඔබ හා ඔහු අතර ඇතිවෙන ආදරණීය බැදීමකට ඇති තැන අධ්‍යාපනික වීඩියෝ හෝ ෆ්ලෑෂ් කාඩ් වලට ගන්න බැහැ.

සියල්ලටම වඩා, ඔහුගේ සොයාගැනීම්, ඉගෙන ගන්නා වචන ඔබ සමඟ බෙදා ගන්නයි ඔහුට අවශ්‍ය. එහෙම නේද?

ඉඟි:

  • ඔබේ දරුවාගේ වැඩෙන භාෂා සංවර්ධනයට සහාය වීම සඳහා දිනපතා කියවීමට උනන්දු වන්න.
  • ඔහුට කියවීමට පොතක් තෝරා ගැනීමට ඉඩ දෙන්න. ඉන්පසු සෑම පිටුවකම පින්තූරවල ඔහු දකින දේ සාකච්ඡා
    කරන්න.
  • රූපවාහිනියට හෝ තාක්‍ෂණයට අත් පත් කරගත නොහැකි ආදරණීය බැදීමක් පවත්වා ගැනීම දෙමාපියන්ට වැදගත් වෙනවා.

දිනකට මිනිත්තු පහක් හෝ 10 ක් ඔහුව උකුලේ තබාගෙන කියවීම පවා භාෂාව නිවැරදි කිරීමට සහ සමස්ත මොළයේ වර්ධනයට ඉමහත් රුකුලක් වෙනවා.

  • ඔහු අතිශයින්ම විමසිලිමත් වන අතර ප්‍රශ්න රාශියක් අසනවා. ඔහුට නිසි ලෙස අදහස් දැක්වීමට නොහැකි වූ විට පවා නිතර ඉවසිලිවන්තව වන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා

  • ඔහුගේ කටහඩ අසාමාන්‍ය යැයි හැඟේ නම් (රළු හෝ නහයෙන් මෙන් කතා කරයි නම්).
  • මෙම වයස වන විට, ඔබේ දරුවා වචන හා වාක්‍ය ඛණ්ඩ තනිවම පැවසිය යුතුය. ඔහු තවමත් අනුකරණයට පමණක් සීමා වී ඇති බවක් පෙනේ නම්, ඒ පිළිබඳව ඔබේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයාගෙන් විමසන්න.
  • ඔබේ දරුවාගේ කථාව දැන් තේරුම් ගැනීමට අපහසු වුවද, මේ වයසේදී ඔහුගේ කතාවෙන් අඩක් ඔබට තේරුම් ගන්න පුළුවන්. ඔහුගේ ක්ෂණික අවශ්‍යතාවයන්ට කියන්න හැර සංනිවේදනයට භාෂාව භාවිතා නොකරයි නම් ඔබේ වෛද්‍යවරයා හමුවන්න.
  • දරුවාට සරල උපදෙස් අනුගමනය කළ නොහැකි නම්.
  • ඔබේ දරුවා පින්තූර සහිත කථා වලට සවන් නොදෙන්නේ නම්.

අවුරුදු 2 මාස 1 ළමා වර්ධනය - සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

ළදරු මේදය නැති වී යන්නේ ඇයි? ඔහුගේ අත් සහ කකුල් වල පිරිපුන් බවට මොකද වුනේ? හදිසියේම ඔබේ පුංචි පැටියා උස් වී පෙර පාසැල් සිසුවෙකු මෙන් පෙනෙන්නට පටන් ගන්නවා.

මෙම වයසේ පසුවන බොහෝ කුඩා දරුවන්ගේ උස සෙන්ටිමීටර 83.1 - 89 ක් වන අතර බර කිලෝග්‍රෑම් 10.5 - 13.2 කි.

ආහාර සම්බන්ධයෙන් ගත් විට, සමහර දිනවල ඔහු සියල්ල ආහාරයට ගන්නවා ඒ වගේම තවත් දවසක ඔහු තම ආහාරය ඉවතට තල්ලු කරනවා.

ඒ ගැන කණගාටු වෙන්න එපා. ඔහුගේ කැලරි අවශ්‍යතා දැන් අඩුයි.

ඒ නිසා පීඩනයට පත් නොවන්න. ඔබ ඔහුට දිගටම  පෝෂ්‍යදායී ආහාර සහ කෙටි ආහාර ලබදෙන විට ඔහු හොඳන් සිටිවි.

අවුරුදු 02 මාස 01 ක් වයසැති කුඩා දරුවෙකුට ධාන්‍ය වර්ග, එළවළු, පලතුරු, කිරි සහ මස් සහ බෝංචි වලින් දිනකට කැලරි 1,000-1,400 ක් ලබා ගත යුතුය.

ඔහු දිනකට ධාන්‍ය අවුන්ස 3 ක් ලබා ගත යුතුය. අවුන්සයක් පාන් පෙත්තක්, සීරියල් කෝප්පයක් හෝ පිසූ බත්, පැස්ටා හෝ ධාන්‍ය කෝප්ප භාගයකට සමාන වෙනවා.

දිනකට ආහාර ප්‍රමාණය

ඔබේ දරුවාට දිනකට එළවළු කෝප්පයක් සහ පලතුරු කෝප්පයක් ලබා දිය යුතුය.

හුස්ම හිරවීම වැළැක්වීම සඳහා පලතුරු සහ එළවළු කුඩා කැබලිවලට කපන්න.

කිරි සම්බන්ධයෙන් ගත් කල, ඔබේ දරුවාට දිනකට කෝප්ප දෙකක් ලබා දිය යුතුය.

නමුත් ඔබට මෙය යෝගට් සහ චීස් වැනි වෙනත් කිරි නිෂ්පාදන ලෙස ලබා දෙන්න පුළුවන්.

ඇත්ත වශයෙන්ම, වැඩීමට උපකාර කිරීම සඳහා මස් හා බෝංචි වලින් ඔබේ දරුවා ප්‍රෝටීන් ලබා ගත යුතුය. දිනකට අවුන්ස 2 ක් ලබාදීම සුදුසුයි.

පසුකාලීන ජීවිතයේ සෞඛ්‍ය ගැටළු පිළිබඳව ඔබ කණගාටුවට පත්ව සිටී නම්, ඔබේ දරුවාට අඩු මේද ලබාදීමට ඔබට අවශ්‍ය වෙන්න පුළුවන්.

නමුත් දරුවාට වැඩීමට තවමත් සෞඛ්‍ය සම්පන්න මේදය අවශ්‍ය බැවින් සීමාවන් ඉක්මවා නොයන්න.

ඔබේ වැඩෙන කුඩා දරුවාට කෙඳි බහුල ධාන්‍ය වර්ග, රනිල බෝග, පලතුරු සහ එළවළු මෙන්ම කුකුළු මස් හා මාළු වැනි ප්‍රෝටීන් ප්‍රභවයන් වලින්ද ප්‍රයෝජන ලැබෙනවා.

කෑම තෝරා අනුභව කරන දරුවන් සිටින දෙමව්පියන්ට කෑමට පෙනුමක් ලබා දීමට ආහාර විනෝදජනක හැඩයට කපා ගැනීම හෝ ස්වාභාවික විචිත්‍රවත් වර්ණ (උදා: බීට්රූට්, කැරට්, ඩ්‍රැගන් ෆෘට්) ආහාරයට එකතු කිරීමට උත්සාහ කළ හැකිය.

ඔබේ දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තවමත් විශාල ලෝකයට පුරුදු වී නොමැති නිසා ඔහුට නිතර සෙම්ප්‍රතිශ්‍යාව හැදේවි.

මේ සදහා දියර හා විවේකයෙන් ලබාදෙන්න. ඔබට ඖෂධ ලබාදීමට අවශ්‍ය නම් ඔබේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවන්න.

ඔබේ දරුවා දින පහේ සිට හත දක්වා කාලය තුල සුවය ලැබිය යුතුය.

ඔබේ දරුවාගේ වාර්ෂික උණ එන්නත් වලට අමතරව, ඔබේ දරුවා මේ දක්වා ලබාගත යුතු එන්නත් පවතී නම් නමුත් නිසැකවම, ඔබේ වෛද්‍යවරයා ගෙන් විමසන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා

  • ඔබේ දරුවාගේ උෂ්ණත්වය 40ºC (104ºF) ට වඩා වැඩි නම්, ඔබ වහාම ඔබේ වෛද්‍යවරයා අමතන්න. මෙය ඉතා වැදගත් වේ, විශේෂයෙන් ඔබේ දරුවාට වෙනත් රෝග ලක්ෂණ ඇති විට (වමනය, කැසීම, ආදිය)
  • දිගින් දිගටම වමනය හෝ බඩ බුරුල් වී යෑම ඇති වුවහොත්, විජලනය වැළැක්වීම සඳහා ඔබ ඔබේ වෛද්‍යවරයා හමුවිය යුතුය.
  • ඔබේ දරුවාට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇත්නම්.
  • ඔබේ දරුවාට තිබු කුසලතා නැති වුවහොත්

මීලඟ ලිපියෙන් ළමා සංවර්ධනය අවුරුදු 02 මාස 02

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි 

Written by

Niloufer Perera

app info
get app banner