අවුරුදු 2යි මාස 10ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

අවුරුදු 2යි මාස 10ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

අවුරුදු 02 මාස  10 ක් වයසැති කුඩා දරුවන්ගේ සංවර්ධනය හා අපේක්ෂා කළ යුතු සන්ධිස්ථාන මොනවාදැයි දැන ගැනීමෙන් ඔබට  මෙම වයසට  හොඳින් සූදානම් වෙන්න පුළුවන්.

අවුරුදු 02 මාස  10  මුල්  ළමා සංවර්ධනය

වයස අවුරුදු 2 මාස 10 ළමා වර්ධනය: මේ මාසය ඔබේ වයස අවුරුදු තුනකට ආසන්න කුඩා දරුවාට පමණක් නොව, ඔබ සඳහාද ශක්තිය එකතු කරනවා.

අවුරුදු 02 මාස  10 ක් වයසැති කුඩා දරුවන්ගේ සංවර්ධනය හා අපේක්ෂා කළ යුතු සන්ධිස්ථාන මොනවාදැයි දැන ගැනීමෙන් ඔබට  මෙම වයසට  හොඳින් සූදානම් වෙන්න පුළුවන්.

අපි මෙම වයස් සීමාව විස්තරාත්මකව විමසා බැලීමට පෙර, ඉක්මන් උපදෙස් කිහිපයක් මෙන්න,

ඔබට ඔහුව ක්‍රීඩා පාසලකට ඇතුළත් කිරීම වගේම  ඔහුව නිතර  දන්ත සායනයට  වලින් රැගෙන  යෑමට  අවශ්‍ය වෙන්න පුළුවන්.

ඔහු දැනටමත් ඔහුගේ කිරි දත් 20 ක් තියෙනවා. මේ කාලයේ දත් මැදීම වැදගත් වෙනවා.

අවුරුදු 2 මාස 10 ළමා වර්ධනය: ඔබේ පුංචි දරුවා නිවැරදි ලෙස වර්ධනය වෙනවාද?
වයස අවුරුදු 2 මාස 10 ළමා වර්ධනය  - ශාරීරික සංවර්ධනය

අවුරුදු 02 මාස  10  ක් වන විට, ඔබේ අගනා දරුවාට දුවන්න, පනින්න, සමබර වෙන්න, බයිසිකලයක් පදින්න වගේම වැටෙන්නේ නැතුව පඩිපෙල නගින්න වගේ ගොඩාක් දේවල් කරන්න පුළුවන්. 

ඔහු තුවාලයක් කර නොගැනීම ඔබට සහනයක් නේද? ඔහුගේ ඇස සහ අත් සම්බන්ධීකරණය  වැඩි දියුණු වන අතර ඔහුගේ නම්‍යතාවය  අඩු වීමට පටන් ගන්නවා. 

පිරිමි ළමයින් ඔවුන්ගේ අනාගත උසින් 53% දක්වා වර්ධනය වන අතර ගැහැණු ළමයින් සියයට 57% දක්වා වර්ධනය වෙනවා.

ඔහුගේ අලුත් ශාරීරික  ජයග්‍රහණ ගැන ඔහු ඕනෑවට වඩා විශ්වාස කිරීමට ඉඩ නොදෙන්න. ඇවිදීමේදී, දොරවල් විවෘත කිරීමේදී, දිවීමේදී සහ පඩි නැගීමේදී ඔහුට අනුගමනය කිරීමට දැඩි නීති රීති පනවන්න්.

ශාරීරික සංවර්ධනය ඉහළ නැංවීමේ ක්‍රියාකාරකම්:

ඔහුගේ මාංශ පේශිවල සම්පුර්ණ නම්‍යතාවය  නැති නොවීමට   ඔහු ව්‍යායාම කිරීමට යෙදවීම වඩාත් සුදුසුය.

බයිසිකල් පැදීම, පාපන්දු, නැටුම් සහ පිහිනීම වැනි වෙනත් ශාරීරික ක්‍රියාකාරකම් පවා මේ සදහා සුදුසුයි.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවාට තවමත් පඩිපෙල නැගීමට, උඩ පැනීමට, දුවන්නට හෝ දේවල් වට්ටවන්නේ නැතුව  අහුලගන්න නොහැකි නම්, ඉක්මනින් වෛද්‍යවරයකු හමුවෙන්න.

අවුරුදු 2 මාස 10 ළමා වර්ධනය - මානසික සංවර්ධනය

ඔබගේ තරමක් ලොකු පොඩ්ඩා  මුළු ලෝකයම අතට ගැනීමට සූදානම් වෙමින් ඉන්නවා. ඔහුගේ මානසික  කුසලතා ඉතා වේගයෙන් වර්ධනය වන බව ඔබට දකින්න පුළුවන්.

ඔහු දහවල් නින්ද  ටික ටික නතර කරන්න  පටන් ගනීවි. ඔහුව නිදි කරවීමට දුක්විදිනවා වෙනුවට, ඔහුගේ දවල් නින්ද නතර කිරීම මේ මාසයේ හොඳ අදහසක් වෙන්න පුළුවන්.

දවාලයේ නැතිවූ නින්ද  ලබා දීමට  රාත්‍රියේ ඔහුව වේලාසන නිදි කරන්න.

ඔහුට නිතර  දුවන්න, නටන්න, ගවේෂණය සහ සෙල්ලම් කරන්න  අවශ්‍ය වෙනවා.

ඔහුට තමාගේම අලුත් ලෝකයක් සොයා ගන්න ඉඩ දෙන්න, නමුත් ඔහුව ආරක්ෂාකාරීව තබා ගන්න.

කොනිත්තා ගැනීම සහ හිස ගසා ගැනීම සාමාන්‍යයෙන් සිදුවෙන්න පුළුවන්.

දරුවන් තමන්ටම හානියක් සිදු කර නොගන්නා පරිදි ඔබ ඔවුන්ගේ සීමාවන් නියම කිරීමට වග බලාගන්න.

අවිධිමත් අරගල වලින් ඔබ්බට යමින් ඔබේ කුඩා දරුවා දැන් තමා තුළම නව කොටසක් සොයා ගන්නවා.

ඒ ඔහුගේ පරිකල්පනයයි. ඔහු සිහින දැකීම, දෘශ්‍යමාන කිරීම සහ ඔහුගේ සිතුවිලි හා අදහස් සමඟ කටයුතු  කිරීමට පටන් ගන්නවා.

මානසික සංවර්ධනය ඉහළ නැංවීමේ ක්‍රියාකාරකම්:

ඔබේ දරුවාගේ නිතර අසන ප්‍රශ්න වලින් ඔබ වෙහෙසට පත්වන සෑම අවස්ථාවකදීම ඔහුට ෆ්ලෑෂ් කාඩ් ලබා දෙන්න.

ඔහුගේ මතක හැකියාවන් ගැන ඔබ මවිතයට පත් වේවි. ඔහුට ටිකක් ගණන් කිරීමට හා අකුරු වඩා හොඳින් හඳුනා ගැනීමට  පුළුවන් වේවි.

එසේම  ඔබේ පුංචි පැටියාට  එක සමාන වස්තූන් ගැලපීමටත් සහ නිර්මාණාත්මකව සිතීමටත් පුළුවන්.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවාගේ මුඛයෙන් නිතර කෙළ වැගිරෙන බව ඔබ දුටුවහොත්, හොඳ ළමා රෝග විශේෂඥ  වෛද්‍යවරයකු හමුවෙන්න.

අවුරුදු 02 මාස  10  පෙර පාසැල්  ළමා සංවර්ධනය - සමාජීය හා හැගීම් සංවර්ධනය

කවුද මේ සමාජශිලී  දරුවා? ඔබේ දරුවා නේද? අවුරුදු 02 මාස  10  දී ඔහු මීට මාස කිහිපයකට පෙර සිටියාට වඩා දැන් සමාජශීලයි. ඔහු කැමැත්ත  හා අකමැත්ත ගැන  හැඟීමක් ද වර්ධනය කර ගෙන තියෙනවා.  

ඒ සමඟම ඔහු තවත් කෙනෙකුගේ හැඟීම් තේරුම් ගැනීමට හා බෙදාහදා ගැනීමට ඇති හැකියාවද වර්ධනය කරනවා.

දුකට පත්ව සිටින කෙනෙකුට සැනසීම ඔබ සිතුවාට වඩා ස්වාභාවිකව ඔහුට කරන්න පුළුවන්.

ඔහුගේ පරිකල්පනය තව දුරටත් වර්ධනය වෙත්ම, ඔහු තුල බිය පිළිබඳ හැඟීම වැඩි වෙනවා.

ඔහුගේ කුඩා බිය ගැන ඔබට හිනා යන්නත් පුළුවන්. නමුත් එසේ කරන්න  එපා. ඔබ එසේ  කරන විට ළමයින් වැඩි වැඩියෙන් උද්වේගකාරී වෙන්න පුළුවන්.

සෑම දෙයක්ම ඔබේ පුංචි  පැටියාට  විශාල හා පාලනය කළ නොහැකි බව පේනවා. එය ඔහුගේ බිය තවත් දරුණු කරාවි.

ඔහුගේ බිය ගැන වඩාත් ඉවසිලිවන්තව, ස්ථිරව හා සංවේදීව කටයුතු කරන්න.

කුමක් වුවත්, ඔහුව ආරක්ෂා කිරීමට ඔබ සැමවිටම සිටින බවට ඔහුට සහතික වන්න

ඔවුන්ගේ හැඟීම්, සිතුවිලි හා ඔවුන්ගේ වටිනා සෙල්ලම් බඩු පවා  බෙදාහදා ගන්නා ආකාරය ඔවුන්ට උගන්වන්න. 

එය  මෙම මාසය තුළ හොඳ අදහසක් වෙන්න  පුළුවන්. ඔබ සිතුවාට වඩා ඔවුන් මේ සඳහා විවෘත වේවි.

මේ කාලය වන විට, නිවසේ සිටින වැඩිහිටියන් අනුකරණය කිරීමට ඔහු උත්සාහ කරන අතර   ඔහුගේ පෞරුෂය හඳුනා ගැනීමට පටන් ගන්නවා. 

මේ නිසා ඔබ ඔහු ඉදිරියේ   කතා කරන ආකාරය, හැසිරෙන ආකාරය   සහ අන් අය ගැන කතා කරන ආකාරය ගැන ඉතා සැලකිලිමත් වන්න.

ඔහු සෑම දෙයක්ම අවශෝෂණය කර පිටත ලෝකයට නැවත පිට කරාවි.

සමාජීය හා හැගීම  සංවර්ධනය ඉහළ නැංවීමේ ක්‍රියාකාරකම්:

ඔබේ කුඩා දරුවාගේ  තුන්වන උපන්දිනය ළඟා වෙමින් තිබෙන  හෙයින්, නිවස පිරිසිදුව කිරීම  වැනි පුංචි පුංචි  ගෙදර දොරේ වැඩවලට ඔහු සම්බන්ධ කර ගැනීමට  ඔබට පුළුවන්.

එය හික්මවීම  ගැන  හැඟීමක් ඇති කරනවා පමණක් නොව, ඔහු වඩාත් වගකිව පුද්ගලයෙකු බවට පත් කරනවා.

මෙම අවධියේදී  කලා වටිනාකම් සහ ඔබේ සංස්කෘතිය ද ඉතා තීරණාත්මක  වෙනවා. එබැවින් සංස්කෘතික හා ඓතිහාසික වැදගත්කමක් ඇති ස්ථාන නැරඹීමට රැගෙන යෑම  ඔවුන්ගේ ඉදිරි දර්ශනය පුළුල් කරනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවාට පිටතට ගොස් සෙල්ලම් කිරීමට හා අනෙක් ළමයින් සමඟ මිශ්‍ර  වීමට අවශ්‍ය වෙන්න පුළුවන්. නමුත් ඔහු එසේ නොකරන්නේ නම් වෛද්‍යවරයකු හමුවෙන්න.

අවුරුදු 2 මාස 10 ළමා වර්ධනය  - කථනය හා භාෂාව සංවර්ධනය

අවුරුදු 02 මාස  10  ක් වයසැති කුඩා දරුවන්ගේ සංවර්ධනයේ මේ අවස්ථාවේදී කථනයේ හා භාෂාවේ සුවිශේෂී දියුණුවක් ඇතිවෙනවා.  මෙම අවස්ථාවෙහිදී  ඔබේ දරුවා තුළ ද්විභාෂා  භාවිතය දිරිමත් කරන්න පුළුවන්.

බොහෝ විට  ඔවුන්  සම්පූර්ණ වාක්‍ය  සැකසීමට හා කථා කිරීමට  නොහැකි වෙන්න පුළුවන්. පෙර පාසැල්  ගීත හෝ ඔවුන් ගායනයට ප්‍රිය කරන ගීතවලට (නොනවතින) සවන් දෙමින් විනෝද වෙන්න.

කථනය හා භාෂාව සංවර්ධනය ඉහළ නැංවීමේ ක්‍රියාකාරකම්:

ඔබේ දරුවාට තවත් භාෂා ඉගෙන ගැනීමට සහ වඩා හොඳින් අදහස් ප්‍රකාශ  කිරීමට ක්‍රම දෙකක් තියෙනවා.

පළමු ක්‍රමය නම් විවිධ භාෂා කතා කරන වැඩි පිරිසකට ඔහුව හඳුන්වා දෙන්න. අනෙක් ක්‍රමය නම් වීඩියෝ නැරඹීමයි.

ඔහු  වීඩියෝ නැරඹීමට ඉල්ලන  සෑම විටමදීම විවිධ භාෂාවලින් යුත් විඩියෝ  නැරඹීමට සලස්වන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා තවමත් ක්‍රියාවෙන් අදහස් ප්‍රකාශ  කිරීමට කැමති නම් හෝ ඔහුට  අදහස් ප්‍රකාශ කිරීමට අපහසු  නම් ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

අවුරුදු 2 මාස 10 ළමා වර්ධනය  - සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

ඔබේ දරුවාගේ සාමාන්‍ය උස සෙන්ටි මීටර 87.5 - 102 අතර වන අතර ඔහුගේ සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 11 - 17.8 අතර වෙනවා.

ඔබ දරුවාට  ඉන්ෆ්ලුවෙන්සා එන්නත ලබා දී නොමැති නම් ඔහුට එය ලබාදෙන්න.

අත්, පා, මුඛ රෝගය, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස සමඟ උණ, උගුරේ අමාරුව,  ක්‍රූප් ( දරුවන්ගේ ශ්වසන ආසාදනයක්) සහ පැපොල  වැනි රෝග ඔබේ දරුවා දිවා සුරැකුම් මධ්‍යස්ථානයෙන් හෝ ක්‍රීඩා පාසලෙන් ලබා ගත හැකි වඩාත් සුලභ ආසාදනය වෙනවා.

මෙම වයසේ ළමයින් ස්වාධීන වීමට කැමති අතර රාත්‍රී ආහාරය  තනිව ලබා ගනියි. ආහාර ගන්න විට භාවිතා කරන උපකරණ  භාවිතා කිරීමට ඔවුන්ව දිරිමත් කරන්න. පවුලක් ලෙස එකට ආහාර ගැනීමද හොඳ අදහසක් වෙනවා.

අවුරුදු 02 මාස  10  වයසැති කුඩා දරුවෙකු තවමත් ඔහුගේ හෝ ඇයගේ ආහාර ගැනීමේ හැකියාව ගොඩනඟා ගනිමින් සිටිනවා.

නමුත් ඔවුන්ට විවිධ ආහාර කුඩා වේල් ලෙස අවශ්‍ය වෙනවා.

පිෂ්ටමය ආහාර ද්‍රව්‍ය වලින් පෝෂණය කරන අතරතුර, ඔබට පාන් පෙත්තක් / ටෝස්ට් 1 ක්, බත් හෝ පැස්ටා හැඳි 2-5 ක් හෝ කැඳ හැඳි 5-8 ක් හෝ පොඩි කළ අර්තාපල් මේස හැඳි 1-4  ලබා දෙන්න පුළුවන්.

පලතුරු හා එළවළු  ගත් කල, ග්‍රෑම් 100 හෝ 200 අතර ප්‍රමාණයක්  සුදුසු වෙනවා. කුඩා කෝප්පයක ප්‍රමාණයට තම්බා ගත් එළවළු ආහාරයට මිශ්‍ර කිරීම ප්‍රමාණවත් වෙනවා.

අධික ලුණු හෝ   සීනි  අඩංගු ආහාර ලබාදෙන්න  එපා. ප්‍රෝටීන්  ලෙස ඔවුන්ට  කඩල තේ හැදි 1-2  හෝ එක් බිත්තරයක්, මාළු තේ හැදි 1  හෝ මධ්‍යම ප්‍රමාණයේ සොසේජස් එකක් / කුඩා මස් කොටසක් (කටක ප්‍රමාණය) ලබා දෙන්න.

ඔබේ කුඩා දරුවා ඇතැම් ආහාර වේල්  හෝ පලතුරු හා එළවළු ගැන පවා නොසංසුන්  වීමට ඉඩ ඇති නමුත් ඒ ගැන  අධෛර්යමත් නොවන්න. ඔබ එළවළු සහ මස් වැඩිපුර සකස් කරන තරමට ඔවුන් එයට කැමති වේවි.

ඔවුන් යම් යම් ආහාර  කෙරෙහි දැඩි මනාපයක් ඇතිකර  ගන්න  පුළුවන්. 

නමුත් ඔබ ඔවුන්ගේ රුචි අරුචිකම්වලට ඉඩදෙන අතර ඔහු සමබර ආහාර ලබාදීමට   වග බලා ගන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා කෑමට සුදානම් නැතිනම් කිරි පමණක් බොන්නේ නම් හෝ ඔහු කන සෑම දෙයක්ම වමනය කරයි නම් වෛද්‍යවරයකු හමුවන්න.

මීලඟ ලිපියෙන්  පෙර පාසල්  ළමා  සංවර්ධනය  අවුරුදු 02 මාස  11 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

 

 

 

Written by

Niloufer Perera