theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අවුරුදු 2යි මාස 11ක් වයසැති දරුවා – මුල් ළමා සංවර්ධනය

11 අවම කියවීම
අවුරුදු 2යි මාස 11ක් වයසැති දරුවා – මුල් ළමා සංවර්ධනයඅවුරුදු 2යි මාස 11ක් වයසැති දරුවා – මුල් ළමා සංවර්ධනය

අපි දැන් ත්‍රාසජනක  දෙවැනි වියේ අවසානයට ලගයි. නමුත් තවම එය අවසන් නැහැ. ඔබේ අවුරුදු 02 මාස  11  ක් වයසැති පැංචාට වයස අවුරුදු තුන වීමට පෙර තවත් මාසයක් තියෙනවා.

වයස අවුරුදු 2 මාස 11 ළමා වර්ධනය: ඔබ සූදානම්ද? තව මාසෙකින්  ඔබේ දරුවාට අවුරුදු තුනක් වෙනවා.

අපි දැන් ත්‍රාසජනක  දෙවැනි වියේ අවසානයට ලගයි. නමුත් තවම එය අවසන් නැහැ. ඔබේ අවුරුදු 02 මාස  11  ක් වයසැති පැංචාට වයස අවුරුදු තුන වීමට පෙර තවත් මාසයක් තියෙනවා.

උපන් දිනය සැමරීම සැලසුම් කරන්නේ කෙසේද?

කාලය ඉගිල ගිය ඉක්මන, එහෙම හිතෙන්නේ  ඔහුගේ දෙවැනි උපන්දිනය සමරුවේ මේ දැන් වගේ දැනුනත් ඔබ දැන්  ඇයගේ  තුන්වන දිනය සඳහා සුදානම් වෙමින් සිටිනවා ඇති.

මේ නිසා, ඔබේ දරුවා ළදරු කරත්තේ  හිටපු දවස්  ගෙවී ගිහින්, දැන් ඔහු කුතුහලයෙන් හා උද්දීපනයෙන් දිදුලන දෑසින් ප්‍රීතියෙන් සෑම  කෙනෙක් ඉදිරියට  දුවගෙන යනවා.

ඔහුගේ ශක්තිය නිමක් නැති බව පේනවා නේද? 

ත්‍රාසජනක  දෙවැනි   අවසන් වන අවුරුදු 02 මාස  11 ක් වියේදී  කුඩා දරුවන්ගේ සංවර්ධන සන්ධිස්ථාන අනුව මේ මාසයේ කුමක් සිදුවේද කියා බලමු නේද?

එය විනාශ වී අවසන් වේද? නැතහොත් ඔවුන් ඔවුන්ගේ හැකියාවන් ඔපවත් කරගනීවිද?

දරුවන්ගේ සංවර්ධන සන්ධිස්ථාන දරුවාගෙන් දරුවාට වෙනස් වන බව කරුණාවෙන් සලකන්න.

ඔබේ කුඩා දරුවාගේ වර්ධනය පිළිබඳව ඔබට යම් ගැටළුවක් ඇත්නම්, ඔබේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවෙන්න.

වයස අවුරුදු 2 මාස 11 මුල් ළමා වර්ධනය -  ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?

අවුරුදු 02 මාස  11 මුල් ළමා සංවර්ධනය - ශාරීරික සංවර්ධනය

ඔබේ පුංචි  දරුවා  ගෘහ භාණ්ඩ අල්ල ගෙන  එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කළ අයුරු  මතකද?

ඔහුගේ දියුණුව ගැන ඔබ පුදුම විය යුතුමයි. කෙටි කාලයක් තුල   පඩිපෙල දිගේ බඩගාගෙන  ගිය ඔහු  දැන් දෙපා මාරු කර තබමින්    එය නැග ගොස්  විශ්වාසයෙන් යුතුව ඒ ආකාරයෙන්ම බැස එන අපූරුව ඔබ දුටුවාද?

ඔහුගේ ඉහල නැගීමේ සහ දිවීමේ හැකියාවන් වලද විශාල දියුණුවක්  ඔබට දකින්න පුළුවන්.

පුංචි පටියක් මත ඇවිදීමද දැන් ඔහුට එතරම් ගැටළුවක් නොවේ. ඒ වගේම  තනි කකුලෙන් සමබරව ඉන්න සෙල්ලමේදී  ඔහු ඔබව පරාද කරාවි.

සැහැල්ලු හා විශාල බෝලයක් නම් ඔහුට අල්ල ගන්න පුළුවන්.  දරුවා දැන් හොද පොටි පුහුණුවක් ලබා සිටින නිසා ඔහු අඩුවෙන් සිරුරේම මළපහ, මුත්‍රා පිට කරගන්නවා දෙමාපියන්ට දකින්න පුළුවන්.

ඔබේ කුඩා දරුවා හොඳින් වැඩෙනවා.    ඔහු දැන් ඔහුගේ දහවල් නින්ද අත් හැර දැමීම  පටන් ගන්නවා.

ඒ නිසා ඔබේ දින චර්යාව නැවත සැලසුම් කරන්න. එවිට ඔබේ දවස සුපුරුදු පරිදි  ගත කරන්න පුළුවන්.

ඔබේ කුඩා දරුවා ඔහුගේ හෝ ඇයගේ අවුරුදු 02 මාස  11 ක් වු සංවර්ධන සන්ධිස්ථානවලට ලගා වී ඇතත් පඩි පෙළේ සෙල්ලම් කිරීමට ඉඩ නොදෙන්න.

ඒ වගේම , ආරක්ෂා කාරී වීමට ඔබ ඔහුට  නිතරම මතක් කරන්න. කුඩා දරුවන්ට අනතුරු පිළිබඳ සංකල්පයක් නැහැ. 

ඒ නිසා ආරක්ෂාව පිළිබඳ වැදගත්කම ඔබේ දරුවාට නිරන්තරයෙන් පැහැදිලි කර දෙන්න. එය නිරූපනය කර පෙන්වන්න.

සෑම විටම ඔහු ගැන විමසිල්ලෙන් සිටින්න. 

පඩිපෙළ බහින විට ඔහුගේ සෙල්ලම් බඩු රැගෙන යාමට උදව් කරන්න. එවිට ඔහුට ආරක්ෂිතව පඩිපෙල බැස යෑමට අවධානය යොමු කරන්න  පුළුවන්.

ඔහුගේ කුඩා මස්පිඩු  සම්බන්ධීකරණය චලන   හැකියාව (Fine motor skills ) දියුණු  වීමත් සමග  ඔබේ කුඩා දරුවාට දැන් භාජන පියන කරකවා ඇරීමට හා  දොරවල් ඇරීමට පුළුවන්  විය යුතුය.

ඔවුන්ට බ්ලොක්ස්  හයකට වඩා ගොඩගැසීම දැන් හරිම ලේසියි.

ඔවුන්ගේ වැඩි වු අවධානය ඔහුට අන් අය සමඟ ව්‍යුහාත්මක ක්‍රීඩා කිරීමට ඉඩ සලසා දෙනවා. ප්‍රහේලිකා තවමත් සුදුසුයි.

නමුත් ලීවර, බොත්තම් සහ චලනය වන කොටස් සහිත සෙල්ලම් බඩු ඔහුගේ උනන්දුව වැඩි කරනවා.

ශාරීරික සංවර්ධනය ඉහළ නැංවීමේ ක්‍රියාකාරකම්:

  • දැන් ඔබේ දරුවාට හොදින් බෝල අල්ලන්න පුළුවන්. ඒ නිසා ඔවුන්ව සෙල්ලම් කිරීමට පිටතට ගෙන යන්න. බීච් බෝල ආරක්ෂිත හා පහසුවෙන් අල්ලා ගත හැකි නිසා එය සෙල්ලම් කිරීම සුදුසුය.

පිටතට යෑමෙන් දෙමව්පියන්ට සහ දරුවාට සෙල්ලම් කිරීමට වැඩි නිදහසක් ලැබෙනවා.

නිවස තුළ කැඩී යා දේවල් ගැන එළිමහනේදී සෙල්ලම් කිරීමේදී පීඩාකාරී විම අවශ්‍ය  නැහැ.

  • කියවීමේදී පිටුව පෙරළනවා වෙනුවට, ඔබේ කුඩා දරුවාට පිටු පෙරළීමට ඉඩ දෙන්න. ඔහුට හෝ ඇයට දැනටමත් පොතක පිටු වරකට එක බැගින් පෙරළන්න පුළුවන්.
  • කලා සහ ශිල්ප පුංචි  දෑත් කාර්යබහුල කරවීම සඳහා හොඳ ක්‍රමයක් වෙනවා පමණක් නොව, දරුවෙකුගේ නිර්මාණශීලිත්වය සහ නවෝත්පාදනයන් ද පුළුල් කිරීමද කරනවා.
  • ඔබේ දරුවාගේ සිතුවම් කිහිපයක් ගෙන ඒවා රැපින් පේපර් බවට පත් කරන්න.

එය ඔබ එතීමට සූදානම් වන තෑග්ගට පෞද්ගලිකත්වයක් එක් කරනවා පමණක් නොව, ඒවා නැවත භාවිතයට සුන්දර ක්‍රමයක්ද වෙනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවාගේ සමබරතාවය පවත්වා ගැනීමට හෝ පඩිපෙළ ඉහළට හා පහළට යෑමට අපහසු නම්.
  • කුඩා වස්තූන් සමඟ වැඩ කිරීම ඔබේ දරුවාට අපහසු නම්, ඔහුට එක් බ්ලොක් එකකට වඩා ගොඩගැසීම කල නොහැකි නම්
  • ඔබේ දරුවාට ඔවුන්ගේ ශරීරයේ දෙපැත්ත භාවිතා කිරීමට අපහසු නම්, තත්පර කිහිපයකට වඩා එක කකුලක් මත සිටගෙන සිටිය නොහැකි නම්.
  • නිරනතරයෙන් කෙළ වැගිරෙනවා නම්

වයස අවුරුදු 2 මාස 11 ළමා වර්ධනය - මානසික සංවර්ධනය

ඔබේ වයස අවුරුදු තුනකට ආසන්න පුංචි පැටියාට මෙම අවදියේදී වර්ණ එකක් හෝ තුනක් වෙන්කර හඳුනාගන්න  පුළුවන්ද්?

එසේ නම්, කැමතිම වර්ණයක් තිබේ නම් (හෝ නිශ්චිත වර්ණයකින් ඉල්ලීම් කරයි නම් ) සහ එකේ සිට පහ දක්වා ගණන් කරන්න  පුළුවන්  නම්.  ඒවා ඔහු බුද්ධිමය වශයෙන්  හොඳින් වර්ධනය වන බවට හොඳ සලකුණු වෙනවා.

ඔබේ දරුවාගේ ප්‍රගතිය අනෙක් ළමයින්  සමඟ සංසන්දනය කරන්න එපා.

සෑම දරුවෙකුම වෙනස් වන අතර, ඔවුන් වර්ධනයේදී මදක් පිටුපසින් සිටියාට ගැටලුවක්  නැහැ.

අනතුරු  ඇගවීමේ  සලකුණු  නැති තාක් කල් ඔවුන්ට  ඔවුන්ගේ වේගයෙන් වර්ධනය වෙන්න ඉඩ දෙන්න.

මානසික සංවර්ධනය ඉහළ නැංවීමේ ක්‍රියාකාරකම්:

  • ඔහුගේ ශරීරයේ කොටස් නම් කිරීම හෝ සත්ව ශබ්ද කිරීම වැනි ඔහුගේ මොළය පරීක්ෂා කරන ක්‍රීඩා කිරීමෙන් ඔබේ දරුවාගේ දැනුම ශක්තිමත් කිරීමට උදව් කරන්න.
  • විනෝදාත්මක අයුරින් දැනුම ශක්තිමත් කිරීමට ඇති ඕනෑම අවස්ථාවක් ඔබේ දරුවාගේ සංවර්ධනය පුළුල් කරනවා.

ඒ නිසා ඔබේ දරුවාගේ ශරීරයේ සෑම කොටසක්ම නම් කිරීම, පොතක යම් සතෙකු පෙන්වා ඒ සතාගේ ශබ්දය කරන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටීම වැනි විනෝදජනක සෙල්ලම් වල යෙදෙන්න.

  • ඔබේ දරුවාගේ දැනුම පෝෂණය කරන රූපවාහිනී වැඩසටහන් සැබවින්ම ප්‍රයෝජනවත් වන අතර ඔබේ දරුවාගේ මානසික සංවර්ධනයට හානිකර නොවන බව සහතික කර තියෙනවා.

මේ අවස්ථාව  ලබාදිය යුත්තේ ඇය සෑම දිනකම, දවස පුරාම රූපවාහිනිය නැරඹීමට යොමු  නොවන්නේ නම් පමණි.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවාට රවුමක් පිටපත් කළ නොහැකි නම්
  • මෙම වයසේදී, සාමාන්‍යයෙන් දරුවන්ට සරල උපදෙස් තේරුම් ගන්න පුළුවන්, එබැවින් ඔබේ දරුවාට එක වාක්‍යයක උපදෙස් අනුගමනය කිරීමට අපහසු නම්, ඔබේ වෛද්‍යවරයා හමුවෙන්න.
  • මේ වයසේ සිටින බොහෝ ළමයින් සෙල්ලම් බඩු සමඟ සෙල්ලම් කිරීමෙන් සතුටක් ලබනවා.

ඔබේ දරුවා සෙල්ලම් බඩු ගැන එතරම් උනන්දුවක් නොදක්වන්නේ නම් ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

වයස අවුරුදු 2 මාස 11 ළමා වර්ධනය - සමාජීය හා හැගීම් සංවර්ධනය

ඔබේ  දරුවා අන් අය කෙරෙහි සංවේදනය සහ සැලකිල්ල දැක්වීමට පටන් ගන්න පුළුවන්.  එනම් කනස්සල්ලට  පත් සම වයසේ මිතුරන්ට සැනසීම හෝ යමක් ලබා දීම කරන්න පුළුවන්.  

ඊට අමතරව, ඔබේ දරුවා ඔහු වැඩිපුර කාලය ගත කරන වැඩිහිටියන් හා ළමයින් සමඟ  සුහදතාවය ගොඩනඟා ගැනීමට පටන් ගන්නවා.

ඔහු දැන් බෙදාහදා ගැනීමට වඩා හොඳ වෙන අතර  අනෙක් අය සමඟ සෙල්ලම් කිරීමේදී අවස්ථාව  ලැබෙන තුරු සිටිනවා.

වැඩිහිටියන් සහ මිතුරන් කරන දේ ඔහු දිගටම පිටපත් කරන බව මතක තබා ගන්න.

ඒ නිසා ඔබ කියන දේ ගැන සැලකිලිමත් වන්න.

අවුරුදු 02 මාස  11ක් වු දරුවන්ගේ සංවර්ධන සන්ධිස්ථාන කරා ළඟා වූ පසු, ඔබේ කුඩා දරුවා “මගේ,” “ඔහුගේ” සහ “ඇයගේ” යන සංකල්පය තේරුම් ගත යුතුය.

මේ සියලු නව හා ආකර්ෂණීය හැඟීම් එක්ක සාධාරණ, පැහැදිලි සහ පහසු නීති රීති අනුගමනය කිරීමෙන් ශක්තිමත් හැඟීම් සහ ආවේගයන් කළමනාකරණය කිරීම ඔබේ දරුවාට උදව් කරන්න  පුළුවන්.

අවශ්‍ය  විට විවේකයන් ලබා ගන්න, නමුත් ඔබට දැකීමට අවශ්‍ය හැසිරීම සදහා  ප්‍රශංසා කිරීම කෙරෙහි දිගටම අවධානය යොමු කරන්න.

සමාජීය හා හැගීම්  සංවර්ධනය ඉහළ නැංවීමේ ක්‍රියාකාරකම්:

  • නිතිපතා චර්යාවන්ට පවත්වා ගන්න. ළමයින් සාමාන්‍යයෙන් චර්යාවන්ට කැමති වන අතර ඔබ විශාල වෙනස්කම් හඳුන්වා දෙන විට පහසුවෙන් නොසංසුන් වේවි.
  • සමහර වේලාවට ඔබේ දරුවා තනිවම සෙල්ලම් කිරීමට  දිරිමත් කිරීම ගැන කණගාටු වෙන්න එපා. මෙය වෙනත් දේවල් අතර ස්වාධීනත්වය ගොඩනැගීමට උපකාරී වේවි.
  • රගපෑම් සහ දිවීම ඇතුළුව සෙල්ලම් කිරීමට ඕනෑ තරම් කාලය දෙන්න. මෙය ඔහුට ඉගෙනීමට හා වර්ධනය වීමට උපකාරී වේවි.
  • ඔබගේ කුඩා දරුවාට කියවන විට, කතාවේ චරිතවලට හැඟෙන දේ හා සම්බන්ධ වන්නේ කෙසේදැයි ඔහුට පෙන්වන්න.
  • ඔබේ දරුවාට කතා කරන්න. ඒ වගේම සවන් දෙන්න. ඔහුගේ මිතුරන් සමඟ දිවා කාලයේදී සිදු වූ දේ ගැන හෝ ඔහු කළ ක්‍රියාකාරකම් ගැන ඔහුගෙන් විමසන්න. මෙය ඔහුගේ සිතුවිලි හා හැඟීම් ඉදිරිපත් කර  වඩාත් හොඳින් ප්‍රකාශ කිරීමට ඔහුට උපකාරී වේවි.
  • රගපෑම් සෙල්ලම් කිරීම සහ ඇඳුම් ඇඳීම ඔබේ කුඩා දරුවාගේ පරිකල්පනය පුළුල් කිරීම සඳහා කළ යුතු විශිෂ්ට ක්‍රියාකාරකම් වෙනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • මෙම වයසේ ළමයින් සාමාන්‍යයෙන් වඩා සමාජශීලි වෙනවා.

සමහර ළමයින් අනෙක් අයට වඩා මිත්‍රශීලී වුවද, ඔබේ දරුවා නිතරම අන් අය සමඟ කටයුතු කරනවා වෙනුවට තමන් ගැනම සැලකිලිමත් වන්නේ නම්, එය ගැටලුකාරී තත්වයක් වෙන්න පුළුවන්.

  • ඔබේ දරුවාට පවුලේ සාමාජිකයන් සමඟ පවා අක්ෂි සම්බන්ධතා පවත්වා ගැනීමට නොහැකි නම් ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න.

වයස අවුරුදු 2 මාස 11 ළමා වර්ධනය - කථනය හා භාෂාව සංවර්ධනය

සෑම දරුවෙකුම අවුරුදු 02 මාස  11  ක් වයසැති කුඩා දරුවන්ගේ සංවර්ධන සන්ධිස්ථාන භාෂාව අනුව අත්කර කර ගෙන නැතත්  බොහෝ දරුවන්ට මේ වන විට වඩාත් සංකීර්ණ උපදෙස් අනුගමනය කරන්න  පුළුවන්.

ඔබේ දරුවාට වචන 900 ක වචන මාලාවක් ඇති අතර නාම පද, නාමවිශේෂණ, සර්වනාම, ප්‍රමාණාත්මක සහ තවත් බොහෝ දේ භාවිතා කරන්න  පුළුවන්.

නමුත් හැමදා ඔහුගේ  ප්‍රියතම වචනය වගේම  නිතරම යලි  යලි කියන  “ඇයි?”  වචනය ඔහු නිතර අහන ප්‍රශ්න වල අඩංගු වෙනවා.

එය සමග  තවත් වසර දෙකක කාලයක්  ඔහුගේ නිරන්තර ප්‍රශ්න ඇසීම බලාපොරොත්තු වන්න.

ඔබේ පුංචි පැටියාට සරල පෙර පාසැල්   ගී සහ ගීත නැවත නැවත ඇසීමට පුළුවන්.  මේ වන විට ඔබේ දරුවාගේ කතාවෙන් අවම වශයෙන් 75% ක් වත් එලියට ගන්න ඔබට හැකි විය යුතුය.

ශ්‍රවණ ආබාධ සහ කථන ප්‍රමාද  ඇති දරුවන්ට හැකි ඉක්මනින් ප්‍රතිකාර අවශ්‍ය වෙනවා.

කථනය හා භාෂාව සංවර්ධනය ඉහළ නැංවීමේ ක්‍රියාකාරකම්:

  • සෑම දිනකම ඔහුට උනන්දුවෙන් කියවීමෙන් ඔහුගේ භාෂා සංවර්ධනයට අඛණ්ඩව සහාය වන්න.
  • සරල ගීත එකට ගායනා කිරීමට සහ රිද්ම අඩංගු සෙල්ලම් කිරීමට කාලය වැය කරන්න.

එය කථනය සහ වඩා හොඳ උච්චාරණය දිරිගන්වනවා.

  • තිරයේ වේලාව දිනකට පැයකට සීමා කර එම කාලය ගුණාත්මක අධ්‍යාපනික වැඩසටහන් වලින් පුරවන්න.
  • බොහෝ ළමයින්ට සම්පුර්ණ වාක්‍ය වලින් කථා කිරීමට පුළුවන්. නමුත් ඔහු ඒ සදහා  සියල්ලම නිවැරදි ව්‍යාකරණ භාවිතා නොකරාවි.
  • ඔහුගේ ප්‍රශ්නවලට ඉවසීමෙන් පිළිතුරු දීමට මතක තබා ගන්න. ඔහු ඉගෙනීම ගැන ඔබට සතුටු නේද ?

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවාට වාචික නොවන සන්නිවේදනය අර්ථ නිරූපණය කිරීමට නොහැකි නම්
  • අනෙක් අය සමග අක්ෂි සම්බන්ධතාවය පවත්වා ගන්න නොහැකි නම්
  • ඔබේ දරුවාට කෙටි වාක්‍යයකින් කථා කිරීමට, ශරීර කොටස් හඳුනා ගැනීමට හෝ වචන බහු වචන කිරීමට නොහැකි නම්

අවුරුදු 02 මාස  11 මුල් ළමා සංවර්ධනය - සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

ඔබේ දරුවාගේ උස හා බර  සදහා ජාන  බෙහෙවින් බලපානවා.  නමුත් අවුරුදු 02 මාස  11  ක් වයසැති කුඩා ළමුන් උසින් සෙන්ටිමීටර 88.1 - 102.7 ක්  සහ බරින් කිලෝග්‍රෑම් 11.2 - 18.1 ක් වෙනවා.

ඔබේ දරුවාට නිසි පෝෂණය හා විවේකය ලැබෙන බවට සහතික වීමෙන් ඔහු ශාරීරිකව, මානසිකව හා හැගීම් තුලින්   උපරිමයට කරා ළඟා වෙන්න  ඔබට උදව් කරන්න  පුළුවන්.

දරුවා දිනකට කිලෝ කැලරි 1,000 ක් ලබා ගත යුතුය.  (ඔබේ දරුවා සුපිරි ක්‍රියාකාරී නම් මෙය අතිරේක 400 kcal / d දක්වා වැඩි කිරීමට ඔබට අවශ්‍ය විය හැක).

ඔබේ දරුවාට දිනකට ධාන්‍ය  අවුන්ස 3 ත් 5 ත් අතර ප්‍රමාණයක් ලබා දිය යුතුය.

අවුන්ස 1 ක් = පාන් පෙත්තක්, සීරියල් කෝප්ප 1 ක් හෝ පිසූ බත්, පැස්ටා හෝ ධාන්‍ය කෝප්ප 1/2

ළමයින්ට විවිධ එළවළු ද අවශ්‍ය වෙනවා. (මෙයින් අදහස් කරන්නේ විවිධ වර්ණයන්ගෙන් යුත් එළවළු - තද කොළ, තැඹිලි, රතු, කහ, ).

ඔබේ දරුවාට දිනකට අමු හෝ පිසූ එළවළු කෝප්ප 1 සිට 1 1/2 දක්වා ලබා දිය යුතුය.

පලතුරු සම්බන්ධයෙන් ගත් කල සැබෑ පළතුරු වෙනුවට  යුෂ ලබා නොදෙන්න. (සාමාන්‍යයෙන් එයට සීනි එකතු කර ඇති අතර එහි හොඳ තන්තු නැහැ ).

පළතුරු යුෂ දිනකට වීදුරු භාගයකට (අවුන්ස 4-6) සීමා  කරන්න. ඔබේ දරුවා දිනකට පලතුරු කෝප්ප 1 සිට 1 1/2 දක්වා ලබා ගත යුතුය.

මෙම වයසේදී, ඔබේ දරුවාට  අඩු මේද හෝ මේද රහිත කිරි නිෂ්පාදන ලබා ගන්න පුළුවන්.

ශක්තිමත් අස්ථි සහ ප්‍රෝටීන් සඳහා ඔබේ දරුවාට දිනකට කිරි කෝප්ප 2 සිට 2 1/2 දක්වා දෙන්න.

ප්‍රෝටීන් ගැන කතා කරමු.

ඔබේ දරුවාගේ මාංශ පේශි ගොඩනැගීම සඳහා දිනකට ප්‍රෝටීන් අවුන්ස 2 ත් 4 ත් අතර ප්‍රමාණයක් ලබා ගත යුතුය. 

හොඳ ප්‍රෝටීන් ප්‍රභවයන් අතර බිත්තර, තුනී මස්, මුහුදු ආහාර, සෝයා නිෂ්පාදන, බෝංචි සහ ලුණු රහිත ඇට වර්ග ඇතුළත් වෙනවා.

ඔබේ දරුවාට නිතරම සෙම්ප්‍රතිශ්‍යාව ඇති වෙනවා. සෙම්ප්‍රතිශ්‍යාව සදහා වු  ඖෂධ වෙත යොමුවීම වෙනුවට, ඔබේ දරුවාගේ නාසය  හිරවීම වැළැක්වීමට  සේලයින් බිංදු හෝ ඉසින භාවිතා කරන්න. 

අතිරික්ත ශ්ලේෂ්මලයෙන් ඉවත් කිරීමට  ඇස්පිරේටරයක් ​​භාවිතා කරන්න. ඔබේ දරුවා දින 5-7 ක් තුළ සුවය ලැබිය යුතුය.

අනෙකුත් පොදු රෝග අතරට ගැස්ට්‍රොඑන්ටෙරයිටිස්, අත් පා සහ මුඛ රෝග, පස්වන රෝග, කිරිපණු රෝගය  සහ උණ ඇතුලත් වෙනවා. උණ සදහා නම් ඔබේ දරුවාට එන්නත ලබා ගන්න  පුළුවන්.

වාර්ෂික උණ එන්නත් වලට අමතරව, ඔවුන්ට සමහර එන්නත් මග හැරී ඇත්නම්, ඔහුගේ ඊළඟ වටයේ මාත්‍රා ලබා ගැනීමට පෙර  ලබාගත යුතුය. නිසැකවම මේ ගැන ඔබේ වෛද්‍යවරයාගෙන් විමසන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • වමනය හෝ බඩ බුරුල් වීම එක්වරක් සිදුවීම ගැන කරදර විය යුතු නැහැ. නමුත් එය පැය කිහිපයකට වඩා වැඩි කාලයක් පවතින්නේ නම් ඔබේ දරුවා විජලනය වෙන්න පුළුවන්.  ඒ නිසා ඔබේ දරුවාගේ රෝග ලක්ෂණ වඩාත් දරුණු වුවහොත් ඔබේ වෛද්‍යවරයා අමතන්න.
  • ඔබේ දරුවාට උණ වැළඳී ඇත්නම්, කලබල නොවන්න. උණ සෑම විටම නරක නැහැ.

එයින් අදහස් කරන්නේ ඔහුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආසාදනයකට එරෙහිව සටන් කිරීමට ක්‍රියා කරන බවයි.

නමුත් ඔබේ දරුවාගේ උෂ්ණත්වය 40ºC (104ºF) දක්වා ඉහළ යන්නේ නම්, වහාම ඔබේ වෛද්‍යවරයා අමතන්න.

විශේෂයෙන් ඔහුට වෙනත් රෝග ලක්ෂණ ඇත්නම් (කැසීම, හුස්ම ගැනීමේ අපහසුව, වමනය ආදිය).

  • සෙම්ප්‍රතිශ්‍යාව අනතුරු ඇඟවීමට හේතුවක් නොවේ.

නමුත් කුඩා දරුවාට හුස්ම ගැනීමේ අපහසුතාවයක්, කන් කැක්කුම ඇතිවීමක් වැනි රෝග ලක්ෂණ  සතියකට වඩා වැඩි කාලයක් ඇත්නම්, ඔබේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා අමතන්න.

  • බොහෝ රෑෂ් බරපතල නැහැ, නමුත් රෑෂ් එක වේදනාකාරී නම් සම පුරා විහිද යන්නේ නම්, ඔබේ දරුවා  අධික ශක්තියක් නැතිනම්  නැතහොත් අත් බෙහෙත්  කිරීමෙන් එය සුව නොවේ නම් වෛද්‍යවරයා අමතන්න.
  • ඔබේ දරුවා අසනීප වුවහොත් ඔහුට ආහාර රුචිය නැතිවීම සාමාන්‍ය දෙයකි.

නමුත් ඔහු දින දෙකක් හෝ ඊට වැඩි කාලයක් නිසි ලෙස ආහාරයට ගෙන නොමැති නම්, ඔබ ඔබේ වෛද්‍යවරයා හමුවිය යුතුය.

අවුරුදු 02 මාස  11 ක් වයසැති මෙම කුඩා ළමුන්ගේ සංවර්ධන සන්ධිස්ථාන වලින් පසු, ඔබ තුන් හැවිරිදි දරුවක් හසුරුවන්න  සූදානම්ද? පසුතැවෙන්න එපා. 

ප්‍රධාන කරුණ එලෙසමයි.  ඔහුගේ ප්‍රගතිය ආදරයෙන් හා ඉවසිලිවන්තව පෝෂණය කරන්න.

ඔබේ කුඩා දරුවා ඔබට යම් දෙයක් හෝ කිහිපයක්  ඉගැන්වීම අවසන් කළ විට ඔබ පුදුමයට වේවි

මීලඟ ලිපියෙන්  පෙර පාසැල් ළමා  සංවර්ධනය  අවුරුදු 3 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

 

පරිවර්තනය: නදීශා ලක්මිණි

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
  • /
  • අවුරුදු 2යි මාස 11ක් වයසැති දරුවා – මුල් ළමා සංවර්ධනය
බෙදාගන්න :
  • අවුරුදු 2යි මාස 10ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

    අවුරුදු 2යි මාස 10ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

  • අවුරුදු 2 ළමා වර්ධනය (24 වන මාසය) ළමා සංවර්ධනය

    අවුරුදු 2 ළමා වර්ධනය (24 වන මාසය) ළමා සංවර්ධනය

  • අවුරුදු 2යි මාස 10ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

    අවුරුදු 2යි මාස 10ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

  • අවුරුදු 2 ළමා වර්ධනය (24 වන මාසය) ළමා සංවර්ධනය

    අවුරුදු 2 ළමා වර්ධනය (24 වන මාසය) ළමා සංවර්ධනය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it