අවුරුදු 2යි මාස 2ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

අවුරුදු 2යි මාස 2ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

ඔබේ අවුරුදු 02 මාස 02 ක් වු කටකාර, ශක්තිමත් පුංචි පැටියා දැන් නිවස පුරා දුවන නිසා ඔබත් ඔන්න ටිකක් මහන්සි වෙන්න සූදානම් වන්න.

අවුරුදු 2 මාස 2 ළමා වර්ධනය - කාලය ඉක්මනින් ඉගිළ යනවා නේද?

ඊයේ වන තුරු ඔබ තුරුළු කරගෙන සිටි අලුත උපන් දරුවා අද අවුරුදු 02 මාස 02ක් වයසැති කුඩා දරුවෙකු වී ඔබේ නිවස පුරා දුවනවා නේද?

ඔබේ එතරම් කුඩා නොවන දරුවාට දැන් කෙටි වාක්‍ය හදන්න පුළුවන්.

ඔහුගේ වචන මාලාවේ වචන 50 කට වඩා තියෙනවා. ඊළඟ වතාවේ ඔබට “තව කිරි” යැයි ඇසුනොත් පුදුම වෙන්න එපා.

මෙම වනවිට, ඔබේ පුංචි කටකාරයාට මිතුරන් නමින් හඳුනා ගන්නත්, වස්තූන් හැඩය සහ වර්ණය මත පදනම්ව හඳුනා ගන්නත් පුළුවන්.

ඔබේ අවුරුදු 02 මාස 02ක් වයසැති කුඩා දරුවා දැන් වඩා වැඩි විශ්වාසයෙන් ඇවිදින හා කතා කරන ආකාරය ඔබට දකින්න පුළුවන්.

ඔබේ පුංචි දගකාරයාට දැන් මොහොතක් එක විදියට ඉන්න බැහැ. ඒ වගේම නිසි ලෙස ඇවිදීමට උපකාර අවශ්‍ය නැහැ.

ඒ නිසා ඔහුට නිවසේ පුරා ඇවිදින්න ඉඩ දෙන්න මෙය හොඳ කාලයක් වෙනවා.

ඔහු දවසට දෙවරක් නිදාගැනීම අත් හරින අතර ඔහුගේ සාමාන්‍ය නින්දේ කාලය මේ වන විට පැය දොළහකි.

ඒ කියන්නේ ඔහු එක්ක පරක්කු වෙලා නිදාගන්න නිසා ඔබට උදේ ටිකක් වැඩිපුර නින්ද යන්න පුළුවන්.

සාමාන්‍යයෙන් ඔහුගේ දිවා කාලයේ නිදාගැනීමෙන් ඉවත් වෙලා. ඔහුගේ නින්ද සම්බන්ධයෙන් ඔහුට තීරණය කරන්න දෙන්න.

ඔබේ දරුවා ද දැන් ඔහුගේම පෞරුෂයකින් හෙබි කුඩා පුද්ගලයෙක්. එහෙනම් ඉදිරි දින කිහිපයකට ඔබ තරහින් ඉන්න සුදානම්ද?

ඔහුගේ ජීවිතයේ මේ මොහොතේදී ඔහු කෝපයෙන් හා හැගීම්බරව ඉන්න පුළුවන්. ඒ නිසා ඔබේ ඉවසීම සහ වැඩිපුර මෘදු ආදර සත්කාර අවශ්‍ය වෙනවා.

අවුරුදු 2 මාස 2 ළමා වර්ධනය - ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?

අවුරුදු 2 මාස 2 ළමා වර්ධනය

වයස අවුරුදු 2 මාස 2 ළමා වර්ධනය - ශාරීරික සංවර්ධනය

මෙම අවස්ථාව වන විට, ඔබේ කුඩා දගකාරයා සෙල්ලම තුළින් ඔහු වටා ලෝකය ගවේෂණය කරන්න පටන් අරගෙන නේද? එනම් ඔහු ආහාර හා විවේකයක් පවා අවශ්‍ය නොවන තරමට ඔහු එහි ගිලි ගිහින්.

අවුරුදු 02 මාස 02 ක් වන විට සාමාන්‍යයෙන්, කුඩා දරුවෙකු ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදීමට පටන්ගන්නවා.

  • ඔහුගේ ග්‍රහණය වැඩි දියුණු වන විට ඔහුට බ්ලොක්ස් භාවිතා කරමින් කුළුණු හදන්න පුළුවන්.
  • වඩාත් සුමටව දුවන්න වගේම කොන් වලින් පහසුවෙන් හැරෙන්න ඉගෙනීම තුලින් ඔහු සිය චලන කුසලතා ප්‍රගුණ කිරීමට පටන් ගන්නවා
  • ඔහුට පඩිපෙලේ ඉහළ හා පහළ යාමට යන්න පුළුවන් .ඒ වගේම උඩ පනින්නත් පුළුවන්. නමුත් පසුව ඔහු ඒවායේ දක්ෂ වේවි.. ඔහු දැන් ඔහුගේ ශරීරයට කරන්න පුළුවන් දේවල් තේරුම් ගැනීම ආරම්භ කරලා තියෙනවා.
  • බෝලයක් විසි කිරීම ඔබේ කුඩා දරුවාට දැන් පහසුයි.
  • ඒ හා සමානව, ඔහුට දැන් සිටගෙන සිටියදී පන්දුව පයින් ගැසීමටද පුළුවන්.
  • නමුත් ඔහුගේ අත සහ ඇඟිලි චලනයන් තවමත් ආරම්භක අවධියක පවතිනවා. ඒ නිසා ඔහු වස්තූන් පෙන්වා හෝ යොමු මෙම චලනයන් ඉගෙන ගන්නවා
  • මෙම අවදියේදී, ඔබේ දරුවා හොද පොටි පුහුණුවක් ලබා ගන්න උත්සාහ කරනවා. නමුත් සමහර විට ඔහුට පොටියෙන් පිට මළපහ, මුත්‍රා පිටවෙන්න ඉඩ තියෙනවා.

මෙම සියලු සංවර්ධනයන්ගෙන් අදහස් වන්නේ ඔබත් දවසේ වැඩි වේලාවක් සෙල්ලම් කරන්න හා ගේ පුරා දුවන්න සූදානම් විය යුතු බවයි. ඔබේ වැඩෙන පුංචි පැටියා සමඟ නිසි ලෙස කටයුතු කිරීමට අතිශයින් ඉවසිලිවන්ත වන්න.

ඔහුට බොහෝ ප්‍රශ්න ඇති අතර එකම වැරැද්ද බොහෝ වාරයක් කරන්න පුළුවන් නමුත් ඔබේ ඉවසීම සහ නොපසුබට උත්සාහය නිසා ඔහුට ක්‍රියාකාරකම් තෝරා ගැනීමට සහ ඔහු වටා ඇති වස්තූන් සහ මිනිසුන් ගැන වේගයෙන් ඉගෙන ගැනීමට පුළුවන් වෙනවා.

ඉඟි:
  • ඔබේ ළමයා ඔබව අනුකරණය කරනවා. ඒ නිසා ඔහු පාපන්දු ක්‍රීඩා කිරීමට උත්සාහ කරන්නේ නම් බෝලයට පයින් ගසන ආකාරය ඔහුට පෙන්වන්න.
  • “නියම වැඩක්" හෝ “හොද පහරක්” යැයි පවසමින් ඔබේ දරුවා ධෛර්යමත් කරන්න.
  • ඔහු සෙල්ලම් කරන විට ඔහුට ශක්තිය හා නිර්මාණශීලිත්වය ලැබෙනවා. ඒ නිසා ඔහුට අභියෝගාත්මක ක්‍රීඩාවක නිරත කල හැකි කාමරයක හෝ එළිමහනක ඔහුව රදවන්න.
  • ඔහුගේ අත සහ ඇඟිලි සම්බන්ධීකරණය ක්‍රියා කල හැකි පිටි ගුලියක් සමඟ සෙල්ලම් කිරීමට ඔහුට ඉඩ දෙන්න.
  • දරුවාගේ ක්‍රීඩාවට වැඩි යමක් එක් කිරීම සඳහා රෝලිං පින්ස් වැනි කුඩා සැහැල්ලු වස්තූන් පවා ඔහුට ලබා දෙන්න පුළුවන්.
  • ඔහුගේ පොටි පුහුණුව සම්බධයෙන් ඉවසිලිවන්තව කටයුතු කරන්න. පොටියෙන් පිට මළපහ, මුත්‍රා පිටවීම ගැන කණගාටු වෙන්න එපා. පුහුණුව දිගටම කරගෙන යාමට ඔබේ දරුවා ධෛර්යමත් කරන්න. අත් වැරදීම් සිදුවුවහොත් ඔහුට බැණ වදින්න එපා.
වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -
  • කලාතුරකින් අවුරුදු 02 මාස 02 ක් වයසැති කුඩා දරුවෙකුට බොහෝ ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීමට නොහැකි වෙන්න පුළුවන්. ඔහු නිතර සෙල්ලම් කිරීමෙන් පවා වැළකී සිටින්න පුළුවන්. මෙය ප්‍රමාද වූ වර්ධනයේ සලකුණක් වෙන්න පුළුවන්.
  • නමුත් දෙවන වසර අවසන් වන විට බොහෝ දරුවන්ට එකිනෙකා අල්ලන්න පුළුවන්.

කෙසේ වෙතත්, ඔබ තවමත් ඔහුගේ ක්‍රියාකාරකම්වල වැරදි දෙයක් දුටුවහොත්, ඔහුගේ ශාරීරික ක්‍රියාකාරකම් පිළිබඳව වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුය. ඔහු ඩිස්ප්‍රැක්සියා නම් සංවර්ධන සම්බන්ධීකරණ ආබාධයකින් පෙළෙනවා විය හැකි අතර එය මූලික වශයෙන් චලනය ඉගෙනීමේ අපහසුතාවයට හේතු වෙනවා

අවුරුදු 2 මාස 2 ළමා වර්ධනය - මානසික සංවර්ධනය

ඔබේ වැඩෙන කුඩා දරුවා මිනිසුන් සහ වස්තූන් ස්පර්ශ කිරීමෙන්, ඇහුම්කන් දීමෙන් සහ දැකීමෙන් ඔහු වටා ලෝකය ගැන වැඩිදුර ඉගෙන ගන්නවා. ඔහු දැන් මෙම ක්‍රියාවලියේදී වඩාත් කල්පනාකාරී ය. ඔහුගේ භාෂාව පිළිබඳ ග්‍රහණය වැඩි වන විට මානසික රූප නිර්මාණය කිරීමට සහ සංකල්ප හා උපදෙස් තේරුම් ගැනීමට ඔහුට ඇති හැකියාව ද වැඩි වෙනවා.

  • අත්හදා බැලීම් හා වැරදිම් ක්‍රියාවලියක් තුළින් ඔහුට මානසිකව ගැටලු විසඳා ගන්න පුළුවන්. ඒ නිසා තවදුරටත් ඔහු සෙල්ලම් බඩුවක් කඩා නොදමාවි. එය බැලීමෙන් සරලවම, ඔහුට එහි සංකල්පය සහ භාවිතය තේරුම් ගන්නන් පුළුවන්.
  • ඔහුගේ බුද්ධිමය හැකියාවන් තව දුරටත් වර්ධනය වන විට, ඔහුට කාල සංකල්ප තේරුම් ගන්න පුළුවන් වෙනවා. නිදසුනක් වශයෙන්, “දවල් කෑමෙන් පස්සේ ඔයා මේ සෙල්ලම් බඩුව එක්ක සෙල්ලම් කරන්න ” යනුවෙන් ඔබ ඔහුට පැවසූ විට, මෙම වාක්‍යයේ “පස්සේ” යන්නෙහි තේරුම ඔහුට තේරුම් ගන්න පුළුවන්.
  • මේ අවස්ථාවේදී, ඔබේ අවුරුදු 02 මාස 02 ක් වයසැති කුඩා දරුවාට සරල ප්‍රහේලිකා විසදන්න සහ විශේෂයෙන් වස්තු ගණනය කිරීමේදී සංඛ්‍යා වල අරමුණ හඳුනා ගන්න පුළුවන්.
  • තවත් කැපී පෙනෙන සන්ධිස්ථානයක් වනුයේ ඔහුගේ ක්‍රීඩා කාලය තුළ වඩාත් සංකීර්ණ හා තාර්කික පිළිවෙලක් නිර්මාණය කිරීමට ඔහුට ඇති හැකියාවයි.

උදාහරණයක් ලෙස, ඔහු තම ට්‍රක් රථය හෝ බෝනික්කා රැගෙන සෙල්ලමට වැඩි යමක් එක් කරන බව ඔබට පෙනේවි. ඔහු එය බ්ලැන්කට්ටුවක් යටින් තබාගෙන නින්දට යාම සඳහා ගීත ගායනා කරන අයුරු මවා පාන්න පුළුවන්.  

කල් යත්ම මෙම අනුක්‍රමය වඩාත් සැබෑ වෙන අතර, ඔහු විශ්වාස කරන දෙය දිගටම කරගෙන යාවි.

ඔහු තම දෛනික චර්යාව එනම් නැගිටීම, පාසැල් යාම සහ මිතුරන් සමඟ සෙල්ලම් කිරීම වැනි දේ පවා මේ ආකාරයේ ක්‍රීඩාවට
ඇතුළත් කරන්න පුළුවන්. මෙය දැකීම ඕනෑම දෙමව්පියන්ට ප්‍රීතිමත් අත්දැකීමක් වෙනවා. 

ඉඟි:
  • ඔහුගේ සෙල්ලම් කිරීම නැරඹීම සහ ඔහු අවට ඇති වස්තූන් හා මිනිසුන් සමඟ ඔහු හැසිරෙන ආකාරය නිරීක්ෂණය කිරීම ඔබේ දරුවා තේරුම් ගැනීමට ඇති හොඳම ක්‍රමය වෙනවා.
  • ඔහුට ඇති තරම් සෙල්ලම් කරන්න ඉඩ දෙන්න. ඒ ඔහුගේ මනස ලෝකය ගැන ඉගෙනීමේ සිට මානසික අදහස් හා සංකල්ප දක්වා වර්ධනය වී ඇති අවස්ථාව මෙය නිසයි.
  • සමහර දේවල් තත්පරයකින් ඔහු කෝපයට පත් කරන බව ඔබට පෙනේවි. ඒනිසා මෙහිදී ඉවසීම වැදගත් වේ.
  • එසේම, මේ අවදියේදී පුනරාවර්තනය සාමාන්‍යයි. ඒ නිසා ඔහුට නව පාඩම් ඉගැන්වීම සඳහා එම රීතියම ක්‍රියාත්මක කිරීමට ඔබට අවශ්‍ය වෙන්න පුළුවන්.

ඔහු යම් ක්‍රියාකාරකමක් ප්‍රගුණ කර ඇතත්, එය නැවත නැවත කිරීමට දිරිමත් කළ යුතුය. අවංකවම, සමහර විට ඔබේ දරුවා නව නිපුණතාවයක් ලබා ගැනීම දැකීම සතුටට කරුණක්, එහෙම නේද?

  • ප්‍රහේලිකා සහ ශාරිරික ක්‍රීඩා ඔහුගේ චලන කුසලතා ඉහළ නැංවීමට හොඳ ක්‍රමයක් වෙනවා. එම නිසා
    ඔබේ දරුවා මෙම ක්‍රියාකාරකම්වල යෙදවීමට වග බලා ගන්න.
වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -
  • ඔබ ඔබේ දරුවාගේ දියුණුව දෙස බලන විට, සෑම දරුවෙකුම වෙනස් බව මතක තබා ගන්න. ළමයින් දෙදෙනෙකු එකම ආකාරයකින් වර්ධනය නොවන අතර වෙනසවීම සමහර විට මාස කිහිපයකින් සිදු වේ.

කෙසේ වෙතත්, කලාතුරකින් ඔබේ දරුවා ඉහත සඳහන් කළ කිසිදු සන්ධිස්ථානයකට ළඟා නොවන්නේ නම්, වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගැනීම සුදුසුයි.

අවුරුදු 2 මාස 2 ළමා වර්ධනය - සමාජීය හා හැගීම් සංවර්ධනය

ඔබේ දරුවා සෑමවිටම සතුටින් ඉන්න තාක් උද්වේගකාරී හැසිරීම් වලට හා හඩා වැළපීම් සදහාද සූදානම් වන්න. බොහෝ දිනවල, ඔබ ලග කෝපාවිෂ්ට හා නොසංසුන් කුඩා දරුවෙකු සිටිවි.

  • පහත සඳහන් දෑ අවුරුදු 02 මාස 02 කදී බලාපොරොත්තු වන්න.
  • ඔහු දැන් ඔහුගේ සෙල්ලම් බඩු අයිති කර ගන්නා අතර ඒවා වෙනත් කිසිවෙකු සමඟ බෙදා ගැනීමට ඔහු කැමති නැහැ.
  • බ්ලොක්ස් ගොඩ නැගීම වැනි කාර්යයක් සම්පූර්ණ කිරීමට ඔහුට නොහැකි නම් ඔහු කෝපයට පත් වෙන්නත්, ආක්‍රමණශීලී වීමටත් ඉඩ තියෙනවා.

එයට හේතුව මෙම අවස්ථාවෙහිදී, අනෙක් අයටද හැඟීම් ඇති බවට ඔහු තේරුම් නොගැනීමයි. ඔහුගේ හැගීම් තේරුම් ගැනීමේ හැකියාව හා බෙදාහදා ගැනීමේ හැකියාව තවම වර්ධනය වී නැහැ.

  • කුසගින්න, තෙහෙට්ටුව, කම්මැලිකම, අධික උත්තේජනය, අවධානය යොමු නොවීම හෝ රෝගාබාධ උද්වේගකාරී
    හැසිරීම් වලට හේතු වෙනවා. මේවාට ස්ථිර ප්‍රතිකාරයක් නැහැ .

ඔබේ මුදු මොළොක් ආදරය හා සැලකිල්ල වැඩිපුර යෙදීමෙන් උද්වේගකාරී හැසිරීම් සිදුවෙන වාර ගණන හා කාලය අඩු කරගන්න පුළුවන්.

ඉගි
  • ඔහු තරහින් නම්, ඔහුගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා ඔබට ක්‍රියාකාරකම් සහ සෙල්ලම් සකස් කරන්න පුළුවන්. ඔහු වෙනදාට වඩා හඩා වැටෙනවා නම්, ඔහු ලගින් හිඳගෙන ඒ ගැන ඔහු ගෙන් විමසන්න.
  • මේ වයසේ බොහෝ දරුවන් "මට දෙන්න" කියා දේවල් ඉල්ලා සිටිනවා. ඔබ ඔබේ කුඩා දරුවාට ඇහුම්කන් දිය යුතු නමුත් ඔහුට ඉල්ලන සියලු දේ දෙන්න එපා.
  • ඒ වෙනුවට, ඔහුට වැළඳගන්න නැතිනම් අවධානය වෙනතකට යොමු කරන්න. මිනිත්තුවකට පසු ඔහු උනන්දුව අඩුවේවි.‍

මොහොතකින් උනන්දුව අඩුවෙන දේවල දෙනවාට වඩා එය හොඳය. ඔබේ දරුවා හික්මවීම හෝ පැහැදිලි කිරීම් වලට වඩා වැළද ගැනීම හෝ අවධානය වෙනතකට යොමු කිරීම සදහා හොඳන් ප්‍රතිචාර දක්වනවා.

අවුරුදු 2 මාස 2 දරුවාගේ ජීවිතයේ මෙම අවස්ථාවෙහිදී, ඔබේ අවධානය සහ අමතර සැලකිල්ල ලබා දීමෙන් ඔහුට වඩාත් විවේකි හා සන්සුන් පෞරුෂයක් වර්ධනය කර ගැනීමට උපකාරී වෙනවා. 

ඔහුගේ උද්වේගකාරී හැසිරීම හා හඩා වැලපීම් වලට ඔබට තරහා යන්න පුළුවන්.

නමුත් ඔබ ඉවසිලිවන්තව ඇහුම්කන් දීම තුලින් ඔබේ දරුවා සන්සුන් වෙනවා පමණක් නොව ඔහු සමඟ ගැඹුරු බැඳීමක් ඇති කර ගැනීමටද උපකාරී වෙනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

මේ වයසේදී සංකීර්ණ හැගීම් සංකල්ප ග්‍රහණය ගන්න ඔහුට අසීරුයි. දෙමව්පියන් දික්කසාද වීම හෝ පවුලේ සාමාජිකයෙකු රෝගී බව ඔහුට තේරෙන්නේ නැහැ.

ඒ නිසා ඔහු සමඟ ඉවසිලිවන්තව කටයුතු කරන්න. ඔහුව නිතරම සනසන්න. 

ඔහු තවමත් කෝපයෙන් හා කඩාකප්පල්කාරී ලෙස හැසිරෙනවා නම් එයට හේතුව ඔහුට ශාරීරික, මානසික රෝගී තත්වයක් (bipolar disorder, oppositional disorder.) වෙන්න පුළුවන්.

එවැනි අවස්ථාවක ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

යම් වැරැද්දක් සිදුවුවහොත්, එය ඔහුගේ වරදක් යැයි ඔහු සිතනවා. මෙම අවස්ථාවෙහිදී කුඩා දරුවෙකුට හේතු පැහැදිලි කිරීම බොහෝ අසීරු වෙනවා.

ඒ වගේම ආහාර අවසන් නොකළහොත් ඔහුට සෙල්ලම් කරන්න ලැබෙන්නේ නැහැ කියා විහිළු කිරීම නිසා ඔහු එය අභිබවා යන්න පුළුවන්. ඒ නිසා ඉවසීම වැදගත් වෙනවා.

අවුරුදු 2 මාස 2 ළමා වර්ධනය - කථනය හා භාෂාව සංවර්ධනය

  • අළුත් පෙර පාසැල් සිසුවෙකු වගේ ඔබේ දරුවාට දැන් කෙටි වාක්‍ය සකසන්න පුළුවන්. නමුත් කථන හා භාෂා සංවර්ධනය සම්බන්ධයෙන් මෙම වයසේදී ඔබට අපේක්ෂා කළ හැකි තවත් බොහෝ දේ තියෙනවා.
  • ඔහුට දැන් වචන 50 ක වචන මාලාවක් තියෙනවා. එනම් ඔහු වචන සැකසීමට ඉගෙන ගන්නා අතර ඉක්මනින් වාක්‍ය කථා කිරීමට හැකි වෙනවා.
  • කෙසේ වෙතත්, බොහෝ වචන මෙම වයසේදී ඔහුට මග හැරෙන්න පුළුවන්. ඒනිසා සමහර වචන ( "sh,” “ch,” හෝ “th” වලින් ආරම්භ වන හෝ අවසන් වන වචන ) ඔහුට කිව නොහැකි නම් කණගාටු වෙන්න එපා.
  • අවුරුදු 02 මාස 02 ක් වයසැති කුඩා දරුවෙකුට එම වචන කාර්යක්ෂමව උච්චාරණය කිරීමට නොහැකි වීම සාමාන්‍ය දෙයකි.
  • ඔබේ දරුවාට වස්තූන් ඒවායේ නමින් විස්තර කිරීමට පුළුවන්. ඒ වගේම වේදනාව සහ ඔහුගේ ශරීරයේ එය
    දැනෙන ස්ථානය පවා හඳුනාගන්න ඔහුට පුළුවන් .
    මෙම අවස්ථාවෙහිදී භාෂා දෙකක් ක්‍රියාත්මක වන බව මතක තබා ගන්න. එකක් ඔහුට තනිවම කථා කළ හැකි ප්‍රකාශන භාෂාවයි. දෙවැන්න ඔහු ඔබව තේරුම් ගෙන ඇති බව පෙන්වීමට භාවිතා කරන ප්‍රතිග්‍රාහක භාෂාව වේ.

ඒ නිසා ඔබ අවුරුදු 02 මාස 02 ක් වු ඔබේ දරුවා සමඟ කටයුතු කරන විට මෙය මතක තබා ගන්න.

ඉඟි:
  • • ඔහුට වැදගත් වන්නේ ඔබ සහ ඔහුට සමීප අය ඔහු ප්‍රකාශ කිරීමට අදහස් කරන දේවල් තේරුම් ගැනීමයි.
    ඒනිසා ඔහුගේ ප්‍රකාශන භාෂාව තේරුම් ගැනීමට උත්සාහ කරන්න.
    • ඔබේ කුඩා දරුවාට හැකි සෑම විටම කථා කරන්න හෝ කියවන්න.

එවිට ඔහුට තවත් වචන සහ වාක්‍ය එකතු කර ගැනීමට හැකි වෙනවා.

මෙය ඔහුගේ ප්‍රතිග්‍රාහක සහ ප්‍රකාශන භාෂාව දියුණු කිරීමට උපකාරී වෙනවා.
• ඔහු අවට සිදුවන සමාන දේ දුටු විට ඔහු නැවත නැවතත් එකම වාක්‍ය සහ අක්ෂර කියනු ඔබට ඇසේවි.
• මේ වන විට, ඔබේ දරුවාට ප්‍රශ්න හා විධාන ඇතුලුව ඔබ කියන සියල්ල තේරුම් ගන්න පුළුවන්.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

සෑම දරුවක්ම එකිනෙකාට වෙනස් ය.

එබැවින් ඔබේ දරුවාගේ වර්ධනය වෙනත් ළමයෙකු සමඟ සංසන්දනය කිරීමට පෙළඹෙන්න එපා.

එසේ නොකිරිමෙන් ඔබේ දරුවාට ඔහු වීමට අවස්ථාවක් ලබා දෙන්න.

කෙසේ වෙතත් උපදෙස් පිළිපැදීමට නොහැකි වීම, ප්‍රශ්නවලට පිළිතුරු දීමට අපහසු වීමක් දකිනවාද?

නැතිනම් කිරීමට අපහසු වීම වැනි සැලකිය යුතු වෙනස්කම් ඔබ දුටුවහොත් වෛද්‍යවරයෙකු හමුවෙන්න.

කථන ආබාධ හෝ ඔටිසම් වැනි ආබාධයන් මෙම ගැටළු වලට හේතු වෙන්න පුළුවන්.

අවුරුදු 2 මාස 2 ළමා වර්ධනය - සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

වයස අවුරුදු 02 මාස 02 විට, ඔබේ දරුවා උපත් උස මෙන් දෙගුණයක් වෙනවා.

මෙම වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ පපුවේ වට ප්‍රමාණය දැන් ඔහුගේ හිස වට ප්‍රමාණයට වඩා තරමක් පුළුල් වෙනවා.

නමුත් තවත් බොහෝ දේ සිදුවෙමින් තියෙනවා.

  • ඔහු දැන් ඔහුගේ උපත් බර මෙන් හතර ගුණයක්. මේ වන අතර එය කිලෝග්‍රෑම් 11 ත් 13 ත් අතර බර ප්‍රමාණයකින් යුක්ත වෙනවා.
  • ඔහු සෑම වසරකම බර කිලෝග්රෑම් 1 ත් 3 ත් අතර ප්‍රමාණයකින්ද උසකින් සහ සෙන්ටි මීටර 9 කින් පමණ ද වැඩිකර ගන්නවා.
  • ඔහුගේ හිස ඔහුගේ සිරුරට සමානුපාතික වන අතර, ඔබේ කුඩා දරුවාගේ පිරුනු ශරීරය කෙට්ටු වීමට පටන් ගන්නවා ඔබ දකිවි.
  • ඔහුගේ කද වර්ධනය වන අතර ඔහු තනිවම සිරුර කෙලින් තබාගෙන ඇවිදින විට ඔහුගේ ඉරියව්ව නිවැරදි වෙනවා.

මේ වන විට ඔහුට කිරි දත් මතුවෙලා තියෙනවා.

පෝෂණය සම්බන්ධයෙන් සලකා බැලුවිට මුළුතැන් ගෙයි උද්වේගකාරී හැසිරීම් වලට සූදානම් වන්න.

සමහර ආහාර සදහා ඔහු අකමැති වේවි. නමුත් ඔහුගේ වර්ධනයට අවශ්‍ය ශක්තියක් ලබා දීම සඳහා ඔහුට නිසි පෝෂණය ලබා
දෙන්න.

ඔබේ වැඩෙන දරුවාට අවම වශයෙන් පිසූ සහල්, ධාන්‍ය වර්ග හෝ පැස්ටා (හෝ ඕනෑම සංයෝජනයක්) දෙන්න.

මේවා කෝප්ප 1 1/2 ක්, එළවළු කෝප්පයක්, පලතුරු කෝප්පයක් යෝග්‍යයි.

තවද ප්‍රෝටීන් අවුන්ස 2 ක් (මස්, මාළු හෝ කුකුළු මස්) සහ කිරි ආහාර කෝප්ප 1 සිට 1 1/2 දක්වා (කිරි, යෝගට් හෝ චීස්).

මේවාද සෑම දිනකම අවශ්‍ය වෙනවා.

ඉඟි:
  • ඔබ පිළියෙළ කරන ආහාර කෙරෙහි ඔබේ දරුවා තුල උනන්දුවක් ඇති කිරීමට අවශ්‍ය වේවි.

මෙයට ඔබට ඔහුගේ ආහාර විනෝදජනක හැඩයට කපා ගැනීම හෝ විවිධ වර්ණ වලින් වර්ණ ගන්වන්න පුළුවන්.

  • විකල්පයක් ලෙස, ඔහු මීට පෙර කවදාවත් උත්සාහ කර නැති ඉස්ම සහිත ආහාර ද ඔහුට ලබා දෙන්න පුළුවන්.
  • ඔබගේ කුඩා දරුවා ඔබ ආහාර ගන්නා අයුරු දැකීමට කැමති වෙන්න පුළුවන්.

ඒ නිසා එකට ආහාර ගැනීම විනෝදජනක ක්‍රියාකාරකමක් බවට පත් කර ගන්න.

  • ඔබේ දරුවා හැඩි කළහොත් ඔහුට ඒ සදහා ඉඩ දෙන්න. ඔබේ දරුවාට ඔහුගේ මුඛය තුළට යන දේ ගවේෂණය කිරීමට ඉඩ දීම වැදගත් වෙනවා.

කෑමට පෙර ඔහුගේ ආහාර ලෙවකෑමට හා සුවඳ දැනීමට ඔහුට අවශ්‍ය නම්, එයට ඉඩ දෙන්න.

මෙම අවස්ථාවේදී, ඔහුගේ ප්‍රතිශක්තිකරණය හා එන්නත් පිළිබඳ පරීක්ෂාකාරි වෙන්න. 23 වන මාසය වන විට, ඔබේ දරුවාට හෙපටයිටිස් ඒ එන්නත ලබා ගත යුතුය.

මෙය අවම මාස හය බැගින් වු මාත්‍රා දෙකකට ලබා දෙනවා.

ඔහුට දෙවැනි මාත්‍රාව ලබා දී නොමැති නම්, ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කර එය ලබා දෙන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -
  • මන්දගාමී වර්ධනය සහ ආහාර කෙරෙහි ඇති අකමැත්ත නිසා අවුරුදු 02 ක් මාස 02 ක සංවර්ධනය සන්ධිස්ථාන වෙනස් වෙනවා.

ඔබේ පුංචි පැටියාට මෙය සිදුවන්නේ මන්දැයි තේරුම් ගැනීමට වෛද්‍යවරයෙකු වෙත යන්න.

  • එය දරුවෙකු ඇතැම් ආහාර අනුභව කිරීමෙන් වැළකී සිටින/වැළැක්වීමේ/සීමා කරන ලද ආහාර ගැනීමේ අක්‍රමිකතාවයේ (ARFID) ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්.

නමුත් ඔබේ දරුවා ආහාර ගැනීමට අකමැති දරුවෙකු වී ඇති නිසාත් එසේ වෙන්න පුළුවන්.

එබැවින් මේ අවස්ථාවේ දී විශේෂඥයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුය.

මේ අතර ඔබ අවුරුදු 02 මාස 02 ක් වයසැති කුඩා දරුවාට අමතර අවධානයක් සහ මෘදු ආදර සත්කාර ලබා දෙන්න.

එකිනෙකා සමඟ සෙල්ලම් කිරීමට කාලය ගත කරන්න. ඔහුට ඇහුම්කන් දෙන්න.

මෙම සියලු ක්‍රම ඔහුගේ මානසික හා චලන කුසලතා වේගයෙන් වර්ධනය කර ගැනීමට උපකාරී වේ.

මේ අතර, ඔහු ඕනෑම වර්ධන ප්‍රමාදයන් පවා ජය ගන්න පුළුවන්.

මීලඟ ලිපියෙන් පෙර පාසැල් ළමා සංවර්ධනය අවුරුදු 02 මාස 03

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය : නදීශා ලක්මිණි

Written by

Niloufer Perera