අවුරුදු 2 මාස 3 ළමා වර්ධනය පෙර පාසැල් ළමා සංවර්ධනය

lead image

ඔහු දැන් ඇවිදිමින්, කතා කරමින්,  වැඩි විශ්වාසයෙන් යුතුව තම අනන්‍යතාවය තහවුරු කර ගනිමින් සිටිනවා.

අවුරුදු 2 මාස 3 ළමා වර්ධනය:  ඔබේ දරුවාට තමා වටා සිටින පුද්ගලයින් නම් කිරීමට මෙන්ම විවිධ වස්තූන් අතර වෙනස හඳුනාගැනීමට හැකි වෙනවා. මෙම වර්ධන අදියරේදී  තවදුරටත් ඔහුගේ නිපුණතාව වර්ධනය වෙනවා.

ඔහුගේ ක්‍රියා ඔහුගේ බුද්ධිමය වර්ධනයට සාක්ෂියකි. එනම් ඔහු වටා සිටින මිනිසුන් සහ වස්තූන් පිළිබඳ ඔහුගේ කුතුහලය වඩාත් හොඳින්  සංසිදුවා ගත හැකි බවයි.

ඔබේ පුංචි  පැටියා තමන් කෙරෙහි විශ්වාසය වර්ධනය කරනවා. ඔහුගේ ශරීරය හැසිරවීමට ඔහුට ඇති හැකියාව සැලකිය යුතු ලෙස වැඩිදියුණු වී ඇතත්, ඔහුට සම්පූර්ණයෙන්ම ඒ හැකියාව ඔහුගේ කර ගන්න තව මාස කිහිපයක් ගතවේවි.

මෙම මාසය තුළ වර්ධනය ගැන අපේක්ෂා කළ හැකි තවත් බොහෝ දේ තියෙනවා.

අවුරුදු 2 මාස 3 ළමා වර්ධනය -  ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?

වයස අවුරුදු 2 මාස 3 ළමා වර්ධනය - ශාරීරික සංවර්ධනය

මේ වන විට බොහෝ දරුවන්ට  කුඩා සෙල්ලම් බඩු සහ පොත් වැනි වස්තූන් උදුරා ගන්න පුළුවන්. ඔවුන්ගේ ඇඟිලිවලින් ඒවා නිසි ලෙස ග්‍රහණය කර ගැනීමට ද ඔවුහු උත්සාහ කරනවා. නමුත් එය ඔබේ දරුවා හුගාක් කැමති   ක්‍රියාවලියක් වේවි. නිපුණතාව වර්ධනය කිරීමට අමතරව,  මේ මාසය තුල  තව සුන්දර  වර්ධනයන් ගණනාවක් බලාපොරොත්තු ඉන්න.

  • ඔහුගේ සපත්තු ගැලවීම වැනි දේවල් ඔහුට තනිව කරන්න පුළුවන්.අ
  • ඔහුට වීදුරුවක් තබා ගැනීමට ද හැකිය. මෙය ඔහුට මෙන්ම ඔබට ද ජීවිතය පහසු කරාවි. ඔහුගේ දක්ෂතාවය    කුඩා වස්තූන් සදහාද සමානව ක්‍රියා කරනවා.
  • විශාල චලනයන් සම්බන්ධයෙන්ද එය සත්‍යයක් වෙනවා.

මෙම මාසය වන විට ඔබේ පුංචි දගයාට විලුඹේ සිට පාදයේ ඇගිලි දක්වා චලනය හොදින් පළපුරුදුයි.

  • ඔහු තනි කකුලෙන් හිටගන්න හෝ උඩ පනින්න උත්සාහ කරන්න පවා ඉඩ තියෙනවා.

අවුරුදු 02 මාස 03 ක් වයසැති කුඩා දරුවා ඔබේ උදව්වෙන් නව ශාරීරික ක්‍රියාකාරකම් අත්හදා බලනවා.  වැසි දින වල ඔබ දෙදෙනාටම වැස්සේ එකව මඳක් විනෝද වෙන්න  පුළුවන්.

ඉඟි:

  • කුඩා හා වර්ණවත් සෙල්ලම් බඩු සියල්ලම ඔහුව පුදුමයට පත් කරනවා. ඒ නිසා ඔහුව කටයුත්තක නිතර කර තබා ගැනීම සඳහා ඔහුට සෙල්ලම් කරන්න සිප්පී  කටු හෝ කුඩා, විචිත්‍රවත් වස්තූන් ලබා දෙන්න  පුළුවන්. නමුත්  හුස්ම හිරවීමේ අනතුරු  වළක්වා ගැනීම සඳහා ඒවා සෙන්ටිමීටර තුනකට වඩා විශාල  විය යුතුයි.
  • ඔබේ දරුවාගේ  උත්සාහයන්  වලට  සෑම අවස්ථාවකම  සහාය වීමෙන්  ඔහුගේ චලන  කුසලතා (දිවීම, ඇවිදීම, බයිසිකල් පැදීම) දියුණු කිරීමට ඔබට උදව් කරන්න  පුළුවන්.
  • මෙම වයසේදී, ඔබේ දරුවාට අවම වශයෙන් පැය තුනකවත් ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදීම අවශ්‍ය වෙනවා.

එබැවින් එදිනෙදා එය ලබා දීමට  කටයුතු කරන්න.

  • විශේෂයෙන් ඔහු පිටත සිටින විට ඔහු අධීක්ෂණය කිරීමට ඔබ වග බලා ගත යුතුය.

බොහෝ අලුත් දේවල් වලට, සතුන්ට පවා කුඩා දරුවන්  ආකර්ෂණය වෙනවා.

ඔබේ දරුවාට හුරු දකුණතද  හෝ වම් අතද  යැයි ඔහු වස්තුන් අල්ලන විදිය අනුව ඔබ  කල්පනා කරන්න පුළුවන්.

ඔබේ කැමති  අත ඔහුට හුරු කරන්න උත්සාහ කරන්න එපා.  ඔහුට මෙය තනිවම සංවර්ධනය කරගන්න ඉඩ දෙන්න.

ඔහුට වඩාත් පහසු වන්නේ වම් අතද දකුණු අතද  යන්න අවසාන වශයෙන් වටහා ගැනීමට ඔහුට තවත් මාස කිහිපයක් ගත වේවි.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

සමහර දරුවන් ඉගෙන ගන්නේ සෙමින්, සමහරු වේගවත්ව ඉගෙන ගන්නවා  තවත් අයෙකු කරන දෙයක් කිරීමට ඔබේ දරුවාව පෙළඹවීම  සුදුසු නැහැ. 

ශාරිරික  ක්‍රීඩා සම්බන්ධයෙන් ගත් විට ඔවුන්ට එය තනිවම ඉගෙනීමට ඉඩ දීම වඩාත් සුදුසුය.

කෙසේ වෙතත්, ඔබේ දරුවා  කිසි විටෙකත් සෙල්ලම් කිරීමට උනන්දුවක් නොදක්වන්නේ නම් අනතුරුදායක  තත්වයකි.

ඒ වගේම  නිතර ඔබ අස්සේම ඇලී  සිටියි නම් විශේෂයෙන් ඔහුට සමාජගත වීමට අවශ්‍ය නැතිනම්   ඒ ගැන සැලකිලිමත් විය යුතුය. 

මේවා රෝග ලක්ෂණ (autism spectrum disorder (ASD), muscular dystrophies) වෙන්න පුළුවන්.

ඔබේ දරුවාට අවුරුදු 02 මාස 03 ක සංවර්ධනය  ලැබී නොමැති බව බව ඔබට හැඟේ නම්,  වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.

එය මන්දගාමී වර්ධන වේගයක් හෝ සංවර්ධන ආබාධයක් නිසා වෙන්න පුළුවන්.

අවුරුදු 2 මාස 3 ළමා වර්ධනය - මානසික සංවර්ධනය

අවුරුදු 02 මාස 03 වු සංවර්ධන සන්ධිස්ථාන දෙකක් වන්නේ අවධාන පරතරය සහ සංකීර්ණ ක්‍රීඩාවයි.

මේ දෙකම මෙම වයස වන විට ක්‍රියාත්මක වන අතර, එය කෙසේ දැයි ඔබට දැනගන්න පුළුවන්.

  • අත්හදා බැලීම සහ දෝෂ සහිත ක්‍රමවේදයක් මඟින් ඔබේ කුඩා දරුවාට සරල ප්‍රහේලිකා සහ ගැටලු කිහිපයක් විසඳා ගත හැකි බව ඔබට පෙනේවි.
  • ඔහුගේ හැකියාවෙන් කල හැකි උපරිම කලා යැයි සෑහීමකට පත්වන තෙක් ඔහු ක්‍රියාකාරකමක නිරත වෙන්න  පුළුවන්.
  • ඔහුගේ ග්‍රහණ ප්‍රතිචාර ශක්තිමත් වන අතර මේ මගින් ඔහු නිසැකවම විනෝද  වේවි.
  • ඔහු අජීවී වස්තූන් හා සෙල්ලම් බඩු ජීවීන් ලෙස නම් කරන්න පුළුවන්. ඒ ගැන කලබල වෙන්න එපා.

ඔහුගේ පරිකල්පනය ක්‍රියාත්මක වීමට ඉඩ දෙන්න.

මෙය ඔබේ දරුවා  ඔහුට අවශ්‍ය සෙල්ලම් බඩු සහ ඔබ සමඟ සෙල්ලම් කිරීමට කැමති  මෘදු  වයසකි. ඔහු මූලික ප්‍රහේලිකා සහ ක්‍රීඩා තේරුම් ගැනීමට පටන් ගන්නා අතර පොත් හඳුන්වා දීමට හොඳ කාලයකි.

ඉඟි:

  • කලා නිර්මාණ කිරීම සඳහා ඔහුට පාට කූරූ සහ පොත් ලබා දෙන්න. ඔබේ වර්ධනය වන පුංචි පැටියාව නිරීක්ෂණය කිරීමට සහ ඔහුගේ කුඩා ජයග්‍රහණ සැමරීමට එය කදිම කාලයකි.
  • ඔබට ඔබේ පෙර පාසල් දරුවාට දෘශ්‍ය පොත් ( පිංතූර සහිත) හඳුන්වා දෙන්න.

එය වස්තූන් සහ සතුන් හඳුනා ගැනීමට ඔහුට  උපකාරී වෙනවා.

  • ඔහුට සෙල්ලම් කිරීමට අවශ්‍ය කාලය හා අවකාශය ලබා දෙන්න. ඔහුට තම සෙල්ලම් බඩු එක්ක සෙල්ලම් කරන්න, විනෝද වෙන්න අවශ්‍ය වෙනවා.
  • ඔහුට ඔබේ ඉවසීම, නොනවතින සහයෝගය සහ දිරිගැන්වීම අවශ්‍යයි.  ඔහු වැරදි කලත්  ඔහුට එය අවශ්‍ය වෙනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා

අවුරුදු 02 මාස 03 ක් වු දරුවන්ට  වස්තූන් සහ වර්ණ හඳුනා ගැනීමට හෝ කිසිදු ආකාරයක ප්‍රහේලිකාවක් කිරීමට නොහැකි නම් මෙය නැවතත් ඔටිසම් රෝගයේ හෝ ස්නායු සංවර්ධනයේ ප්‍රමාදයන් පිලිබඳ සලකුණක් වෙන්න  පුළුවන්.

ඔබේ දරුවාට වර්ණ අතර වෙනස හඳුනාගත නොහැකි නම්, ඔහුට වේගයෙන්  ඇසිපිය ගසන බව හෝ වපර බවක් ඇති බව ඔබට පෙනේ නම් අක්ෂි පරීක්‍ෂා කිරීමකට යොමුවෙන්න.

ඔබේ දරුවාගේ දෑස් එකට එකම වේගයකින් චලනය  නොවන්නේ  නම් හෝ කිරි පාට ද්‍රාවණයක් ගලා  එයි නම් හෝ  ඔහුගේ ඇස් හකුලා  බලන බව ඔබ දුටුවහොත් ඔබ  අවධානය යොමු කළ යුතුය.

මේවා ඔහුගේ මානසික  වර්ධනයට බාධාවක් විය හැකි දෘෂ්ට් ගැටලු සදහා  සලකුණුය.

අවුරුදු 2 මාස 3 ළමා වර්ධනය - සමාජීය හා හැගීම් සංවර්ධනය

මෙම වයස වන විට, ඔබේ ජවසම්පන්න දරුවා දැඩි හැඟීම්, කෝපය සහ නොඉවසිලිමත් බවක් ඉහලින්ම ප්‍රදර්ශනය  කරනවා.

ඔහු මෙම හැඟීම් පාලනය කිරීමට උත්සාහ කළත්,  තරමක් ආක්‍රමණශීලී වීමට ඉඩ ඇති අතර දේවල් වටේට විසි කරන්න  පවා පුළුවන්.

  • ඔහු කෑගැසීම, උද්වේගකාරීව හැසිරීම, තමා වටා සිටින අයව තල්ලු කිරීම වැනි දේවලට යොමු වෙන්න පුළුවන්.
  • මෙය දරුවන් ඔවුන්ගේ උද්වේගකාරී හැසිරීම අත්හදා බලන යුගයක් වෙනවා. ඔවුන්ට අවශ්‍ය දේ ලැබේද යන්න බැලීමට ඔවුන් මුලින්ම එය කරන අතර ඔබ එය ලබා දෙන්නේ නම් එම විශ්වාසය ශක්තිමත් වෙයි. එසේ කරන්නේ නම් ඔබට උද්වේගකාරී හැසිරීම් බොහොමයක් අත් විදින්නට සිදුවේවි.
  • මේ වයසේදී ඔහු වඩාත් ඔබට තදින් ඇලී බැඳී ඇති බවත්, සෑම විටම ඔබේ සම්පූර්ණ අවධානය අවශ්‍ය වන බවත් ඔබ පෙනේවි.
  • ඔහු තම සෙල්ලම් බඩු බෙදා හදාගන්න ලැජ්ජාශීලී  වෙන්න පුළුවන්.  නැතිනම්  එක්කෙනෙක්   සමඟ සෙල්ලම් කිරීමට ඔහු කැමති වේවි.
  • මෙය සමාජගත වීම පිළිබඳව ඉගෙන ගැනීමට ඔවුන්ට හොඳ යුගයක් වන අතර ඔවුන් එම ක්‍රියාවලියේදී නව මිතුරන් ඇති කර ගැනීමට පවා ඉඩ තියෙනවා.

ඉඟි:

  • ඔබේ දරුවාට උද්වේගකාරීව හැසිරෙන බව ඔබ දුටු විට, ක්‍රීඩා හෝ වර්ණවත් සෙල්ලම් බඩු වලින් ඔහුගේ අවධානය වෙනතකට යොමු කිරීමට උත්සාහ කරන්න. නැතහොත්, ඔබට කවුළුවෙන් පිටත යමක් ඔහුට පෙන්වන්න  පුළුවන්.

මූලික වශයෙන් එම මොහොතේ ඔහුගේ අවධානය වෙනතකට යොමු කරන ඕනෑම දෙයක් පෙන්වන්න.   ඔහු වහාම සන්සුන් වන බව ඔබට පෙනේවි. එයින් ඇඟවෙන්නේ ඔහු සැබවින්ම කෝප නොවූ නමුත් අවධානය හෝ අවධානය වෙනතකට යොමු කිරීම පමණක් අවශ්‍ය වු බවය.

  • එකපාරක් එපා කියු සැනින් ඔහුට උද්වේගකාරීව හැසිරෙන්න ඉඩ නොදෙන්න.
  • ඒ වෙනුවට, ඔබේ දරුවා සමඟ සන්සුන්ව හා ඉවසිලිවන්තව සිටින්න. ඔහු ප්‍රසිද්ධියේ උද්වේගකාරීව හැසිරීම විශේෂයෙන් උපක්‍රමශීලී වෙන්න පුළුවන්.

නමුත් මෙයද ඉදිරියට  යන්න පුළුවන්  පුරුද්දක් නිසා කෙසේ හෝ එය කළමනාකරණය කරගන්න.

මෙම මස සංවර්ධනයේ  සතුටුදායක දේවල්  මෙන්ම ඔබව සැබවින්ම කෝපයට පත් කරන  කාරණා කිහිපයක්ද  ඇති බව මතක තබා ගන්න. උද්වේගකාරී හැසිරීම ඉන් එකකි.

මෙය ඔබගේ පරීක්ෂණ කාලය ලෙස සලකන්න. ඔබේ දරුවා සමඟ සන්සුන්ව හා ඉවසිලිවන්තව සිටින්න උත්සාහ කරන්න.

කෝපය හා උද්වේගකාරී හැසිරීම යන  සියල්ලම සාමාන්‍ය බවත්  එය වැඩෙන ක්‍රියාවලියේ කොටසක් බවත් සැමවිටම මතක තබා ගන්න.

මෙම “අවධිය” හරහා යන්නේ ඔබ සහ ඔබේ දරුවා පමණක් නොවේ. බොහෝ මව්වරුන් සහ කුඩා දරුවන් ඒ හරහා ගිහින් තියෙනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

කෝපය හා උද්වේගකාරී හැසිරීම  සහ මෙම අදියරෙහි කොටසක් වන බැවින්, මේ මාසයේ දී ඒවා බොහොමයක්  බලාපොරොත්තු වන්න.

නමුත් කෝපය සැමවිටම ප්‍රචණ්ඩත්වය හා කෑගැසීම දෙසට නැඹුරු වේ නම්, හෝ ඔබේ දරුවා අතිශයින්ම ඇලී සිටින අතර ඔබට පහර දෙයි නම් හෝ ඔබ අවට නොසිටින විට උද්වේගකාරීව  හැසිරේ  නම් සිදුවන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීමට විශේෂඥයෙකු සමඟ සාකච්ඡා කරන්න.

මේවා වෙන්වීමේ කනස්සල්ල, ශාරීරික ආබාධ හෝ ඔටිසම් රෝගයේ සලකුණු වෙනවා.

නිදසුනක් ලෙස වස්තුවක් අහුලා ගැනීමට හෝ ප්‍රහේලිකාවක් විසදාගැනීමට ඔහුට ඇති නොහැකියාව ඔහුව කෝපයට පත් කරන්න  පුළුවන්. 

එය ආබාධිත තත්වයක් නිසාද ඇතිවෙන්න  පුළුවන්. ඔබ එය දුටුවහොත් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

අවුරුදු 2 මාස 3 ළමා වර්ධනය - කථනය හා භාෂාව සංවර්ධනය

අවුරුදු 02 මාස 03  වු  ඔබේ ලොකු පැටියාට  දැන් ඉතා හොඳ වචන මාලාවක් තියෙනවා.

ඒ වගේම ඔහුට නම් හඳුනාගන්න  පුළුවන්.  විශේෂයෙන් ඔහුගේම නම් හදුනා ගන්න පුළුවන්.  

අවුරුදු 2 මාස 3 ළමා වර්ධනය

කුඩා දරුවා සමඟ නිසි ලෙස කතා කිරීම ආරම්භ කිරීමට  හැකි බැවින් මෙය දෙමව්පියන්ට ද උනන්දු පිරි ඉතිරුනු සමයක් වෙයි.

  • ඔබේ පුංචි පැටියාට දැන් වචන 400 ක වචන මාලාවක් තියෙනවා.
  • ඔහුට දැන් අවම වශයෙන් වචන 200 ක් වචනයෙන් කතා  කරන්න  පුළුවන්.
  • මේ අවස්ථාවේදී, ඔහු ඔහුගේ නම සහ ඔහුගේ වාසගම දන්නවා.
  • මේ අදියරේදී ඔබේ වැඩෙන කුඩා දරුවාට ඒක හා බහු වචන හඳුනා ගැනීමට ද පුළුවන්.
  • අවුරුදු 02 මාස 03 වු මේ මස සංවර්ධන සන්ධිස්ථානවලින් එකක් නම්, ඔබේ දරුවාට “මම,” “මට” හෝ “මගේ” වැනි තමා හදුන්වන  සර්වනාම භාවිතා කරන්න  පුළුවන්.
  • අවුරුදු 02 මාස 03 දරුවෙකුට ඔහු හෝ ඇය බහුලව දකින හෝ භාවිතා කරන වස්තූන් නම් කරන්න  පුළුවන්.

ඔබේ දරුවා මේ වන විට ප්‍රකාශන සහ ප්‍රතිග්‍රාහක  භාෂාව වර්ධනය කර ඇති හෙයින්, මෙම වචන මාලාවේ සියලු වර්ධනයන් ඔහුගේ අදහස් වඩාත් පැහැදිලිව වාචිකව බෙදා ගැනීමට ඔහුට උපකාරී වේවි. 

කුඩා දරුවෙකුට ඔහුගේ වයසට එය ප්‍රමාණවත්ය.

ඔහු වචන සහ අභිනයන්     මගින් ඒවා වඩා හොඳින් භාවිතා කරන බව ඔබට දකින්න පුළුවන්.

ඉඟි:

  • ඔහුට පෙර පාසැල් ගීත ගායනා කිරීම ආරම්භ කිරීමට හොඳ කාලයකි. ඔහු ඒවායින් බොහොමයක් නිසියාකාරව උච්චාරණය කරන්න බැහැ. ඒත් ඔහු  ඉක්මණින් ඒවා ඉගෙන ගෙන අක්ෂර අනුකරණය කරන විට ඔබ පුදුමයට පත්වේවි.
  • මෙය ඔබේම වචන ගැන කල්පනාකාරී විය යුතු කාලයකි.  මේ වයසේදී  දරුවන් ගිරවුන් වගේ   අතර, ඔබ කියන සෑම වචනයක්ම ඔවුන් නැවත කියනවා. ඒ නිසා “ස්තූතියි” සහ “කරුණාකරලා” වගේ ආචාර ධර්ම ඔවුන්ට  ඉගැන්වීමටත් මෙය හොඳ කාලයකි.
  • කරුණාව හා ගෞරවය දැක්වීමේ  වැදගත්කම ඔහුට කියා දෙන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා

අවස්ථා කිහිපයකදී මෙම වයසේ පසුවන දරුවන්ට වචන 400 කින් යුත් වචන මාලාවක් වර්ධනය කිරීමට නොහැකි වෙනවා. මෙය මන්දගාමී සංවර්ධනය හෝ ස්නායු ආබාධයක් නිසා වෙන්න පුළුවන්.

ඔබේ දරුවා ඔහුගේ නම නොදන්නේ නම් හෝ එයට ප්‍රතිචාර නොදක්වන්නේ නම් හෝ කිසිදු වචනයක් කථා කිරීමට නොහැකි නම්, එය කණගාටුවට  හේතුවක් වෙනවා.

නිශ්චිත හේතුව හඳුනා ගැනීම සඳහා ඔබ කථන විශේෂඥයකු හමුවෙන්න.

අවුරුදු 2 මාස 3 ළමා වර්ධනය - සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

අවුරුදු 02 මාස 03   ක් වයසැති තවත් සංවර්ධන සන්ධිස්ථානයක් වන්නේ මෙම වයස වන විට ඔහුගේ මේදය සහිත  උදරය සහ ළදරු මේදය ඉක්මනින් අතුරුදහන් වීමයි.  ඔහුගේ හිස ඔහුගේ කදට, වඩාත් සමානුපාතික හා කුඩා වෙනවා. 

ඒ කියන්නේ ඔබේ පුංචි  පැටියා දැන් පොඩි  පිරිමි ළමයෙකු බවට පත්වෙමින් සිටිනවා. ඔබේ උත්සාහය, ඔහුගේ සෞඛ්‍යය හා පෝෂණය සඳහා ඔබගේ කාලය  ආයෝජනය කිරීමට මේ කාලයයි.

  • ඔබේ කුඩා දරුවාට දැන් කිලෝග්‍රෑම් 11 ත් 14 ත් අතර බරක් තිබිය හැකිය.
  • ඔහුගේ උස අඟල් 33.7 ක් හෝ අඩි 2.8 ක් සහ අඟල් 35.6 ක් සහ අඩි 2.9 ක් විය හැකිය.

ඔබේ දරුවාගේ පෝෂණ අවශ්‍යතා සඳහා,

 ඔහුට අවම වශයෙන් පිසූ සහල් කෝප්ප 1/2 ක්, එළවළු හෝ මස් කෝප්ප 1/3 ක් සහ ආහාර වේලකට පළතුරු කෝප්ප 1/3 බැගින් ලබා දෙන්න.

ඔහු දැන් කිරි වලින් සපිරුණු ආහාර  වේලෙන්  ඉවත්ව ඝන ආහාර සදහා යොමුවෙනවා. ඒ සදහා  උදව් කරන්න.

  • ඔහුගේ ආහාරවලට විවිධ පෙනුම සහ විචිත්‍රවත් වර්ණ හඳුන්වා දීමෙන් ඔහුගේ සියලු සංවේදීතාවන් සමඟ සම්බන්ධ වන්න.

ආහාර වේල විනෝදජනක කරන්න. ඔහු සැමවිටම ඔහුගේ ආහාර සම්පුර්ණයෙන්ම අවසන් කිරීමට අවශ්‍ය නැති බව මතක තබා ගන්න.

ඔහුගේ එන්නත් වලින් හෙපටයිටිස් ඒ එන්නත හැරුණු විට ලබා දිය යුතු වෙනත් එන්නත් සඳහා ඔබේ වෛද්‍යවරයා හමුවිය යුතුය. (Live attenuated influenza vaccine (LAIV)

ඉඟි:

  • ඔහුගේ ආහාර විවිධ හැඩයන්ගෙන් හා ප්‍රමාණයන් කපා ගැනීම සහ ඔහුගේ ආහාර පිගාන වඩාත් වර්ණවත් කිරීම ආහාර සදහා උනන්දුව ඇති  කිරීමට  හොඳ අදහසකි.
  • ඔහුගේ වර්ධනයට වැදගත් වන නිසා ආහාර ක්‍රීම් කරන්න. ඔහු අනුභව කිරීමට අකමැති වේවි.

ඔහු දිගටම එය ප්‍රතික්ෂේප කරන්නේ නම් හෝ ඔහු ටිකක් අඩුවෙන් කන්නේ නම්, ඒ සදහා ඔහුට බල නොකරන්න.

  • එසේම, ඔබේ කුඩා දරුවා ආහාරයට ගන්නා විට හැඩි කිරීම ගැන කණගාටු  වෙන්න එපා.

මෙය ඔබේ දරුවාට අත්හදා බැලීමේ හා දෝෂයේ කාලයයි. ඔහුට තමාගේම වේගයෙන් විනෝද වීමට හා ඉගෙන ගැනීමට ඉඩ දෙන්න.

  • මෙම අවස්ථාවෙහිදී ඔහු ඔබව නිරීක්ෂණය කිරීමට ප්‍රිය කරනවා. එය සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් වර්ධනය කිරීමට ද උපකාරී වේ.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

මේ වයසේ දරුවන්   ආහාර අනුභව කිරිමට දුෂ්කර  බවට පත්වීම සාමාන්‍ය දෙයකි. ඔවුන්  එක් ආහාරයක් පමණක් අනුභව කිරීම හෝ සියල්ල එකවරම ප්‍රතික්ෂේප කිරීම කරනවා.

මෙය දෙමව්පියන් සඳහා පරීක්ෂණ වේලාවක් වෙනවා.

ඔබේ දරුවා මේ ආකාරයෙන් හැසිරෙන්නේ ඇයිද යන්න තේරුම් ගැනීම වැදගත්ය. ඔහු ආමාශ ආබාධයකින් පෙළෙනවාද?

නැතහොත් දන්ත ගැටලුවක් නිසා ඔහුට හපන්නට නොහැකිද?  

ඔබ කෑමට  ගන්නවා නොදකින දේවල් ඔහු කන්න අකමැති නිසා  කෝපාවිෂ්ට වේද? විශේෂයෙන් කෝපාවිෂ්ට  හැසිරීම සහ ආහාර  ප්‍රතික්ෂේප කිරීම  හෝ සම්පූර්ණයෙන්ම නොසලකා හැරීම සම්බන්ධයෙන්  ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

සන්සුන්ව සිටීම සහ ඔබේ කුඩා දරුවාට ඔහු වටා ඇති ලෝකය තේරුම් ගැනීමට උපකාර කිරීම වඩාත් සුදුසු වෙනවා.

ආදර්ශයක් වී   සමාජශීලී වීමට හා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට අනුවර්තනය වීමට ඔහුව දිරිමත් කරන්න.

සියල්ලටම වඩා, ඔබේ කුඩා දරුවා සමඟ මේ කාලය භුක්ති විඳින්න. මේ යුගයද  ඉක්මනින්ම ගෙවී යාවී.

මීලඟ ලිපියෙන් පෙර පාසැල් ළමා  සංවර්ධනය  අවුරුදු 02 මාස 04 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

 

 

 

 

 

 

 

 

 

Written by

Niloufer Perera

app info
get app banner