theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අවුරුදු 2යි මාස 4ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

8 අවම කියවීම
අවුරුදු 2යි මාස 4ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනයඅවුරුදු 2යි මාස 4ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

අවුරුදු 2 මාස 4දී, කුඩා දරුවන් වඩාත් පරිකල්පනීය හා නිර්මාණශීලී වීමට පටන් ගන්නවා. නමුත් ඔවුන්ගේ සංවර්ධනය අවසානය මෙය නම් නොවේ.

අවුරුදු 2 මාස 4 ළමා වර්ධනය: අවුරුදු 02 මාස 04 ක් වයසැති කුඩා ළමුන්ගේ වර්ධනය වේගයෙන්  සිදුවෙනවා.

දැන් ඔබේ පුංචි පැටියා  එක්ක කටයුතු කිරීම අසීරු  වෙන්න  පුළුවන්.

මෙම වයසේදී, ඔබේ කුඩා දරුවා  වඩා පරිකල්පනීය වීමට පටන් ගන්නා බව ඔබට පෙනේවි.

ඔහු තමා වටා ඇති විවිධ දේ සිතීමට පටන් ගන්නා අතර  නිර්මාණශීලී වීමටද පටන් ගන්නවා.

ඒ වගේම  ඔහු විවිධ දේ අත්හදා බැලීමට පටන් ගන්නා අතර තරමක් ආවේගශීලී වෙන්න පුළුවන්.

ඔබේ කුඩා දරුවා නොසන්සුන් නම්  හෝ ඔහුට අවධානය යොමු කිරීමට අපහසු නම්, කණගාටු වෙන්න එපා. එය සම්පුර්ණයෙන්ම  සාමාන්‍යයි.

 ඔහු අවට ලෝකය ගැන කුතුහලයෙන් සිටීමට පටන් ගෙන ඇති බව ඔබ දකිවි.  ඔහු ඉතා විචිත්‍රවත් සිහින දකින්නට පටන් ගන්නවා.

තවද ඔවුන් මෙම සිහින ඔබ සමඟ බෙදා ගැනීමත් අසාමාන්‍ය දෙයක් නොවේ

ඔහු තම කාමරය වටා “දේවල්” දැකීමට පටන් ගන්නවා ඒ වගේම  “රාක්ෂයන්ට” බිය වීමට පටන් ගන්නවා.  

මේ සියල්ල සාමාන්‍ය දෙයක් වන අතර, ඔහුට ආරක්ෂාවක් දැනීම  හා බිය වීමට කිසිවක් නැති බව සහතික කිරීම වැදගත් වෙනවා.

අවුරුදු 2 මාස 4 ළමා වර්ධනය - ශාරීරික සංවර්ධනය

මේ වයසේ  සංවර්ධනයේදී  සලකා බැලිය යුතු තරම් විශාල ශාරිරික   සංවර්ධනයක් සිදුවෙනවා.

මෙම අදියරේදී දරුවන්  දුවන්නට කැමතියි. ඒ නිසා ඔබේ පුංචි  පැටියාව නිවස පුරා ලුහුබැඳ යන්න සූදානම් වෙන්න.

ඔහු තම වටපිටාව ගවේෂණය කිරීමටද කැමතියි. ඒ නිසා  ඔහු දොරවල්, පියන  විවෘත කරන්න කැමති අතර හැම තැනම නගින්න ගන්නවා.

දිවීම  ආරම්භයක් පමණි. ඔහුට පාද දෙකෙන්ම ඉදිරියට පනින්නට පුළුවන්. ඒ වගේම තනි කකුලෙන් පනින්නත් පුළුවන්.

ඔබේ දරුවා නිර්මාණාත්මක ආකාරයකින් ගමන් කිරීමත් බලාපොරොත්තු වන්න.

මෙම වයසේදී, ඔහු විශාල හා කුඩා ලෙස වර්ධනය  වෙමින් සිටිනවා. ලිස්සා යා හැකි මතුපිටක   තනිවම ඉහළ හා පහළ යන්න  ඔහුට පුළුවන්.

පැන්සලක් හෝ පාට කූරු වැනි කුඩා වස්තූන් පහසුවෙන් ග්‍රහණය කර ගන්නත් ඔහුට දැන් පුළුවන්.

ඉඟි:

  • ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීමට ඔබේ දරුවා දිරිමත් කරන්න. ඔහුට ගවේෂණය කිරීමට, පැනීමට සහ නිවස පුරා දිවීමට ඉඩ දෙන්න. ඔහුව ක්‍රීඩා පිටියකට රැගෙන ගොස් ඔහුට අනෙක් දරුවන් සමඟ සෙල්ලම් කරන්න ඉඩ දෙන්න.
  • මේ වයසේදී නින්ද ඉතා වැදගත් වෙනවා. ඔබේ දරුවා නම් එසේ හිතන්නේ නැහැ.  

නින්ද  ඔහුගේ වර්ධනය හා සංවර්ධනය වැඩි කිරීමට උපකාරී වෙනවා. එය ඔහුට බෙහෙවින් අවශ්‍ය විවේකයක් ලබා දෙන අතර එමඟින් ඔහුට දවස පුරා අවශ්‍ය  ශක්තිය  ලබා දෙනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

සම්බන්ධීකරණයේ හෝ හොඳ චලන කුසලතා  අඩු වීම  ඔබේ කුඩා දරුවාගේ යම්කිසි වැරැද්දක් ඇති බවට සලකුණක් වෙන්න පුළුවන්.

ඒ නිසා ඔහුගේ ශාරීරික සංවර්ධනය නිසි පරිදි සිදු වී  ඇති බව තහවුරු කර ගැනීම සඳහා  ළමා රෝග විශේෂඥ  වෛද්‍යවරයා වෙත ඔහුව ගෙන යන්න.

අවුරුදු 2 මාස 4 ළමා වර්ධනය - මානසික සංවර්ධනය

අවුරුදු 02 මාස 04 වයසැති කුඩා ළමුන්ගේ සන්ධිස්ථාන වලින් එකක් නම්, ඔබේ පුංචි  පැටියා  ඔහු වටා ඇති ලෝකය විස්තර කිරීමට වචන භාවිතා කිරීම පටන් ගැනීමයි.

ඔහු දකින දේ විස්තර කරන්නේ කෙසේදැයි ඔහුට ඉගැන්වීමට මෙය හොඳ කාලයකි.

ඔහුගේ සංකේතාත්මක සිතිමේ කුසලතා ද මෙම අවස්ථාවෙහිදී වර්ධනය වීමට පටන් ගන්නවා.

චිත්‍ර සහ සැබෑ දේවල් අතර සම්බන්ධතාවය ඔහුට තේරුම්  ගන්න   පුළුවන්. බල්ලෙකුගේ චිත්‍රයක්  සහ සුරතල් බල්ලෙකු අතර ඇති වෙනස ඔහුට තේරෙනවා.

මෙම අවස්ථාවෙහිදී, ඔබේ කුඩා දරුවා රගපෑම් කිරීමට පටන් ගන්නවා. පුංචි තිරයේ ඔහුගේ ආසම චරිතය ඔහු රගපාන්න පුළුවන්.  

ඔහුට ඒ සදහා ලස්සන ඇදුමක් සුදානම් කරලා දෙන්න. හොදද?

  • ඔබේ දරුවාගේ සංවර්ධනය සඳහා සෙල්ලම් කිරීම ඉතා වැදගත් වෙනවා. ඔහුට තවමත් සංවිධානාත්මකව සෙල්ලම් කිරීමට උනන්දුවක් නැහැ. ඒ නිසා ඔහුගේ සෙල්ලම් බඩු දැන හදුනාගන්න   සහ තමාටම අවශ්‍ය දේ සොයා ගන්න ඔහුට ඉඩ දෙන්න.
  • ඔහු සමඟ රඟපෑමෙන් ඔහුගේ පරිකල්පනය වැඩි කරගන්න. සුපිරි වීරයන් හෝ කුමාරිකාවන් ලෙස සැරසී සැරසිලා චුට්ටක් සෙල්ලම් කරමු නේද?

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවාට දේවල් විස්තර කිරීමට හෝ ඔබ සමඟ කතා කිරීමට අපහසු නම්,  වෛද්‍යවරයා හමුවෙන්න.

මෙය ඔබේ දරුවාගේ වර්ධනයේ තීරණාත්මක අවධියකි. ඒ නිසා ගැටළු සහගත සලකුණු ගැන සැලකිලිමත් වන්න.

අවුරුදු 02 මාස 04 පෙර පාසැල් ළමා සංවර්ධනය - සමාජීය හා හැගීම් සංවර්ධනය

 ඔබේ දරුවා මේ වයසේදී වඩා හොඳ සම්බන්ධතා කුසලතා වර්ධනය කිරීමට පටන් ගන්නවා.

ඔහු සමහර විට ටිකක් ඇලෙන සුළු විය හැකි අතර ඔබ හදිසියේම පිටව යන විට උද්වේගකාරීව හැසිරීමට පටන්ගන්න පුළුවන්.

එහිදී ඔබ යන්නේ කොතැනටද යන්න සහ කුමක් සදහාද යන්න ඔබේ දරුවාට පැහැදිලි කරන්න.

ඔබ  නැවත පැමිණෙන බවට සැමවිටම ඔහුට සහතික වෙන්න. ඒ මගින් ඔහුගේ යහපත් හැසිරීම නැවත තහවුරු කර ගන්න.

ඔබේ කුඩා දරුවා අනෙක් ළමයින් සමඟ සෙල්ලම් කිරීමට උත්සාහ කරනවා  ඔබට දකින්න පුළුවන්.

කෙසේ වෙතත්, මෙම  වයසේදී, ඔහු තවමත් තරමක් ආත්මාර්ථකාමී  වන අතර අනෙක් අය සමඟ සෙල්ලම් කිරීමට සැමවිටම උනන්දුවක් නැහැ.

කෙසේ වෙතත්, ඔහු තවමත් තමා  වටා ඇති ලෝකය ගැන කුතුහලයෙන් යුක්තයි.

ඒ නිසා ඔහු වඩාත් සමාජශීලී වීමට පටන් ගන්නවා. මෙම ආකාරයේ හැසිරීම් දිරිමත් කරන්න.

ඉඟි:

  • ඔහුව සෙල්ලම් කරන්න රැගෙන යන්න. ඔබේ දරුවා සෙසු ළමයින් සමඟ සමාජගත කිරීමට මෙය එය රුකුලක් වේවී.
  • ඔබට ඔබේ දරුවා දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට ඇතුළත් කරන්න පුළුවන්. එවිට ඔහු නිතර වෙනත් දරුවන් සමඟ සම්බන්ධකම් පවත්වනවා.
  • අන් අය සමඟ හොඳින් ක්‍රීඩා කරන ආකාරය, හවුලේ සෙල්ලම් කිරීම හා බෙදා ගැනීම ඔහුට උගන්වන්න.
  • සෑම විටම ඔහු ගැන විමසිල්ලෙන් සිටීමට වග බලා ගන්න. මෙම වයසේ සිටින සමහර දරුවන්ට තමන්ට අවශ්‍ය දේ ලබා ගැනීම සඳහා අනෙක් ළමයින්ට පහර දීම පටන් ගන්න පුළුවන්.
  • විශේෂයෙන් මේ වයසේදී ඔබේ දරුවා සමඟ නිරන්තරයෙන් බැදීම් පවත්වාගන්න. ඔවුන්ගේ සංවර්ධනයේ මේ අවදියේදී ඔවුන් අවට සිටින පුද්ගලයින් සමඟ සබඳතා ඇති කර ගැනීමට පටන් ගන්නවා. මෙය ඔබේ දරුවා සමඟ ඔබේ සම්බන්ධතාවය සඳහා හොඳ අඩිතාලමක් වේවි

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ කුඩා දරුවා හුදෙකලා වන්නේ නම් හෝ වෙනත් ළමයින් සමඟ සෙල්ලම් කිරීමට උනන්දුවක් නොදක්වන්නේ නම් ඔබ සැලකිලිමත් විය යුතුය.

ඔබේ දරුවා තමන්ගේ ලෝකය තුළ සිටින බවත් අනෙක් පුද්ගලයින් සමඟ සැබවින්ම සම්බන්ධතා නොපවත්වන  බවත් පෙනේ නම්, ඔබේ දරුවා වෛද්‍යවරයකු වෙත ගෙනයන්න.

අවුරුදු 2 මාස 4 ළමා වර්ධනය - කථනය හා භාෂාව සංවර්ධනය

 ඔබේ දරුවා ඔහු වටා ඇති ලෝකය විස්තර කිරීම සඳහා විවිධ වචන භාවිතා කිරීමට පටන් ගන්නවා.

ඔහුගේ වචන මාලාව වේගයෙන් ව්‍යාප්ත  වුවත්   එය සැමවිටම පැහැදිලි වේවි කියා බලාපොරොත්තු වෙන්න එපා.

වර්ණ, හැඩතල සහ වයනය පිළිබඳව  ඉගැන්වීම  එම වචන ඔහුට  තේරුම් ගැනීමට සහ ඉගෙන ගැනීමට හොඳ ක්‍රමයක් වෙනවා.

ඔබේ දරුවා ඉල්ලීමක් කිරීමට අභිනය සහ වචන භාවිතා කිරීම ආරම්භ කරනවා.

නිදසුනක් ලෙස, ඔබේ දරුවාට ඇවිදීමට අවශ්‍ය නම් දොර දෙසට අත දිගු  කරන අතර   ඔවුන්ට කෙටි කෑමක් අවශ්‍ය නම් මුළුතැන්ගෙයට යනවා.

මේ වයසේදී කැපි පෙනෙන දෙයක් වන්නේ ඔබේ කුඩා දරුවා කතා කිරීමට හා ඔහුගේ අත්දැකීම් බෙදා ගැනීමට පටන් ගැනීමයි.

කුඩා දරුවන් නිතර කියවන, තමන් ගැන කතා කරන්නට පටන් ගන්නා වයස වන්නේ මෙයයි. ඔහුගේ අදහස් වචන කරන්නේ කෙසේදැයි කියා දීමට මෙම ඔහුගේ  මෙම කතා වලට  සවන්දෙන්න.

ඉඟි:

  • ඔබේ දරුවාට අලුත් වචන උගන්වන්න. නව දේවල් විස්තර කිරීමට නාම විශේෂණ භාවිතා කරන්න. ඒ ආකාරයෙන්,  දේවල් වෙන්කර හඳුනාගත හැකි ආකාරයත්, අවශ්‍ය දේ ඔබට වචනයෙන් පැවසීමටත් ඔහුට  ඉගෙන ගන්න   පුළුවන්.
  • ඔහුගේ කථන හැකියාව ඉහළ නැංවීමට ඔහුට කතන්දර කියන්නට ඉඩ දෙන්න.
  • සංවාදයේ යෙදෙන්න. ඒ වගේම ඔබගේ කුඩා දරුවා ඉගෙන  ගන්නා නව වචන භාවිතා කිරීමටත් ඔහුව දිරිමත් කරන්න.
  • ඔහුගෙන් ප්‍රශ්න අසන්න. ඉන්පසු ඔහු පිළිතුරු දෙන තෙක් බලා සිටින්න. මෙමගින් සන්නිවේදන කුසලතා වඩා හොඳින් පුහුණු කිරීමට ඔහුට පුළුවන්.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ පුංචි  දරුවා  නිශ්ශබ්දව සිටී නම් හෝ වචන ස්වල්පයක් පමණක් කථා කරයි නම් ඔබේ දරුවා වෛද්‍යවරයෙක් වෙත ගෙන යන්න.

මෙම අවස්ථාවෙහිදී, දරුවන් කටකාර  විය යුතු අතර ඔවුන්ගේ වචන මාලාව නිරන්තරයෙන් පුළුල් කර ගන්නවා.

අවුරුදු 2 මාස 4 ළමා වර්ධනය - සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

දරුවාට දිනකට බිත්තරයක් දීම

මෙම අවස්ථාවෙහිදී, කුඩා දරුවන් තෝරා කෑම කනවා  පමණක් නොව  සමහරුන්ට ඔවුන්ගේ ආහාර සම්පූර්ණයෙන්ම අවසන් කරන්න   උනන්දුවක් නැති වෙන්න පුළුවන්.

ඒ නිසා ආහාර වේලාවේදී  දෙමාපියන් ඉවසිලිවන්තව හා සන්සුන්ව සිටීම වැදගත් වෙනවා. ඔබ නිරන්තරයෙන් ආහාර අනුභව කිරීමට දරුවන්ට  බල කරනවාට ඔවුන් කැමති නැහැ. 

ඒ නිසා ඉවසිලිවන්තව, ධනාත්මක ආකාරයකින් ඔවුන්ව ඒ සදහා  දිරිමත් කරන්න.

අවුරුදු 02 මාස 04  දී,  පිරිමි ළමුන් සදහා උස   සෙන්ටිමීටර 90.4 ක් විය යුතු අතර බර කිලෝග්‍රෑම් 12.9 ක් විය යුතුය.

ගැහැණු ළමයින් සඳහා, උස සෙන්ටිමීටර 89.1 ක් විය යුතු අතර බර කිලෝග්‍රෑම් 12.3 වේ.

ඔබේ වැඩෙන දරුවාට අවම වශයෙන් පිසූ බත් කෝප්ප 1/2 ක්, එළවළු හෝ මස් කෝප්ප 1/3 ක් සහ ආහාර වේලකට පළතුරු කෝප්ප 1/3 ක් අවශ්‍ය වේ.

මේ  සමඟ කිරිද අතිරේකව ලබාදිය හැකි නමුත් මේ වයසේදී ඔහු දැනටමත් වැඩිපුර  ඝන  ආහාර අනුභව කළ යුතුය.

ඇත්ත වශයෙන්ම, ඔබේ දරුවාගේ මනාපය සහ රුචිය වෙනස් වෙන්න පුළුවන්.

ඒ නිසා  ඔහුගේ ආහාර පිළියෙල කිරීමේදී එය මතකයේ තබා ගන්න.

 ඔබේ දරුවාට  පැපොල, MMR, උණ, හෙපටයිටිස් ඒ සහ හෙපටයිටිස් බී එන්නත් දැනටමත්  ලබා දී  තිබිය යුතුය. ඔබේ දරුවාට මෙම එන්නත්  මග හැරී ඇත්නම් ඔබේ වෛද්‍යවරයා හමුවෙන්න.

ඔබේ දරුවාට නිතර  උණ මෙන්ම කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවෙන්න පුළුවන්.  මේවා දරුවන්  අතර පොදු රෝග නිසා  ඔබ කණගාටු  වෙන්න  එපා.

ඉඟි:

  • ඔබේ දරුවා ආහාර ගැනීම අවසන් කිරීම සඳහා ඔවුන්ට “අල්ලස්” දෙන්න එපා. එවිට ඔවුන් ආහාර “හොඳ” හෝ “නරක” යැයි සිතීමට පටන් ගන්නවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් සුදුසු ආහාර වෙනුවට දිනාගන්නා ආහාර අනුභව කිරීමට කැමැත්තක් ඇති කරගන්නවා
  • ඔබේ දරුවා පානය කරන කිරි ප්‍රමාණය  සෙමෙන් අඩු කිරීමට මතක තබාගැනීම වැදගත් වෙනවා.   කිරි සමහර විට නිසි ආහාර වේලක් සඳහා ඔබේ දරුවාගේ රුචිය නැති කර දමන්න  පුළුවන්.  ඒ නිසා ඔවුන්ට ආහාර වේල සම්පුර්ණයෙන්ම කවා ගැනීම දුෂ්කර  වෙනවා. කිරි කෝප්ප 1 1/2 ක් ( යෝගට් 1 කෝප්පයක් හෝ චීස් අවුන්ස 1 1/2 ක්) ප්‍රමාණවත් වෙනවා.  කිරි වෙනුවට මස් හා එළවළු වලින් දරුවාට  අවශ්‍ය ප්‍රෝටීන් ලබා ගත හැකි බව මතක තබා ගන්න.
  • මෙම යුගයේ රක්තහීනතාවය බහුල නිසා ඔබේ දරුවාට යකඩ පිරිපුන්  ආහාර ලබා දීම  වැදගත් වෙනවා. ඔහුගේ  යකඩ වැඩි කිරීම සඳහා ඔහුට මස්, මාළු මෙන්ම තද කොළ එළවළු ලබා දෙන්න. එය නව රුධිර සෛල නිෂ්පාදනයට උපකාරී වෙනවා .

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා නිරන්තරයෙන් අසනීප වී හෝ සැලකිය යුතු ආහාර රුචියක් අඩු වී ඇති බව පෙනේ නම්,  වෛද්‍යවරයා හමුවෙන්න.   බොහෝ දේවල් මෙම ගැටළු වලට හේතු වෙන්න පුළුවන්

  ඒ නිසා  ඔබේ දරුවා විශේෂඥයෙකුට පෙන්වා ඔහුගේ ගැටලුවේ මූලාශ්‍රය සොයා ගැනීම වඩාත් සුදුසුය.

මීලඟ ලිපියෙන් පෙර පාසැල් ළමා  සංවර්ධනය  අවුරුදු 02 මාස 05

 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

 

පරිවර්තනය: නදීශා ලක්මිණි

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
  • /
  • අවුරුදු 2යි මාස 4ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය
බෙදාගන්න :
  • අවුරුදු 2යි මාස 8ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

    අවුරුදු 2යි මාස 8ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

  • අවුරුදු 2යි මාස 9ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

    අවුරුදු 2යි මාස 9ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

  • අවුරුදු 2යි මාස 8ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

    අවුරුදු 2යි මාස 8ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

  • අවුරුදු 2යි මාස 9ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

    අවුරුදු 2යි මාස 9ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it