theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අවුරුදු 2යි මාස 5ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

8 අවම කියවීම
අවුරුදු 2යි මාස 5ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනයඅවුරුදු 2යි මාස 5ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

අවුරුදු 02 මාස 05 ක් වු කුඩා දරුවන්  සමඟ කටයුතු කිරීම  සෑමවිටම පහසු නැහැ. කෙසේ වෙතත්, මඳක්  තේරුම් ගැනීමෙන්  සහ අපෙන් උදව් ඇතිව එයට මුණ දෙමු නේද?

අවුරුදු 2 මාස 5 ළමා වර්ධනය: අවුරුදු 02 මාස 05 දී, කුඩා දරුවන් හැගීම් බර වෙනවා.

ඔවුන්ට අවශ්‍ය දේ ලබා ගැනීම සඳහා ඔවුන් කෑ ගැසීම හෝ කෝප වීම සාමාන්‍ය දෙයක් වෙනවා.

මේ වයසේ කුඩා ළමුන්ගේ හැසිරීම සමග බොහෝ ඉවසිලිවන්ත වීමට මතක තබා ගන්න.  ඒ වගේම  ඔබේ දරුවාගේ දෘෂ්ටිකෝණයෙන් දේවල් තේරුම් ගන්න උත්සාහ කරන්න.

මෙම අවදියේදී සිදුවන්නේ, උද්වේගකාරී හැසිරීම, හැඩීම වැනි නරක දේවල් පමණක්ම නොවේ. මෙම අවදියේදී කුඩා දරුවන්ට  පුළුල් වචන මාලාවක් ඇති අතර, ඔවුන් හැකි සෑම විටම තම අදහස් ප්‍රකාශ කිරීමට උත්සාහ කරනවා.

එනම් ඔවුන් තව බොහෝ දේ කතා කිරීමට පටන් ගනීවි.  ඒ අතර ඔවුන් තමන් ගැනම සඳහන් කිරීමට “මම” හෝ “මට” වැනි සර්වනාම භාවිතා කිරීමට පටන් ගන්නවා.

29 වන මාසය ළමා සංවර්ධනය -  ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?

අවුරුදු 2 මාස 5 ළමා වර්ධනය - ශාරීරික සංවර්ධනය

අවුරුදු 2 මාස 5 ළමා වර්ධනය

ඔබේ දරුවා මේ වයසේදී ඔහුගේ චලන කුසලතා  වැඩියෙන්  වර්ධනය කිරීමට පටන් ගෙන තියෙනවා.  ඒ නිසා ඔහු නිතර  දුවමින් සිටිනවා  ඔබට දකින්න පුළුවන්.

ඔහු ඔබ සමඟ නටන්නට, පනින්නට හා සියලු ආකාරයේ ක්‍රියාකාරකම් වල යෙදෙන්න  ආසයි. ඔහුට මෙම අවස්ථාවෙහිදී ඉතා ක්‍රියාශීලී වෙන්න පුළුවන්. එබැවින් ඒ සඳහා සූදානම් වන්න.

දෙමාපියන්ට ඉඟි:

ඔබේ දරුවා නිතර  දුවන්නට උත්සාහ කරනවා. ඒ වගේම ඔහු ඔහුගේ ස්වාධීනත්වයේ සීමාවන් පරීක්ෂා කරන බවත් මතක තබාගන්න.  

ඒ නිසා හැම මොහොතකම ඔහු ගැන විමසිල්ලෙන් පසුවෙන්න.

නමුත් ඔහුට තනිවම දේවල් කිරීමට හැකියාවක් ඇතැයි ඔහුට හැඟෙන පරිදි ඔබ මදක් දුරින් ඉන්න.

  • සීරීම් සහ ඉදිමිම් සාමාන්‍ය දේවල් වෙනවා. ඒවා මෙම අදියරේදී අපේක්ෂා කළ යුතුයි. මේ අතර  මෙම අවදියේ සංවර්ධනයේම කොටසක්ද වෙනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා සාමාන්‍යය ප්‍රමාණයට වඩා පුංචි  නම්, හෝ ඔහුගේ චලනය, සම්බන්ධීකරණය පිළිබඳ ගැටලුවක් තිබෙනවා විය හැක.

එසේ නම්, ඔබේ දරුවාගේ ශාරීරික සංවර්ධනය නිසි වේලාවට ඇති බව තහවුරු කර ගැනීම සඳහා වෛද්‍යවරයා හමුවෙන්න.

ඔබේ දරුවාගේ උස හා බර සඳහා ජානවලටද යම් කාර්යභාරයක් කළ හැකි බව මතක තබා ගන්න.

ඒ නිසා ඔබේ කුඩා දරුවා වයසට වඩා ටිකක් පුංචි  යැයි පෙනේ නම් නිතර  කණගාටු වෙන්න එපා.

අවුරුදු 2 මාස 5 දරුවාගේ වර්ධනය - මානසික සංවර්ධනය

මෙම වර්ධන අවදියේදී ඔහු ස්වයංපෝෂිත වීමේ සලකුණු දකින්න පුළුවන්. 

ඔබේ පුංචි  දරුවා  තනිව ඇඳුම් ඇඳීමට, තනිවම කෝප්පයකින් පානය කිරීමට වැනි දේවල් ඉල්ලා සිටිනවා.

සමහර විට ඔහුට තනිවම ඇඳුම් කොටසක් අදින්න  පවා පුළුවන්.

ඔහු සෑම විටම මේ දේවල් සර්වසම්පුර්ණව  කරන්නේ නැහැ.  ආහාර ගන්නා වේලාවල් ටිකක් අවුල් සහගත වෙන්න පුළුවන්. 

නමුත් ඔහුගේ ස්වාධීනත්වය දිරිගැන්වීමට වග බලා ගන්න.

එය ඔහුගේ ආත්ම අභිමානය ඉහළ නැංවීමට උපකාරී වෙනවා. එමඟින් තමා සහ තමා අවට පරිසරය පාලනය කිරීම ගැන  ඔහුට වැඩි හැඟීමක් ඇති වෙනවා.

කුඩා දරුවන් ද මෙම අවස්ථාවෙහිදී ඔවුන්ගේ ලෝකය ගවේෂණය කිරීමට පටන් ගන්නවා.  ඔවුන් කැමති දෙයක්  දුටුවහොත්, ඔවුන් ඉක්මනින් ඒ දෙසට දුවනවා. 

ඔවුන් නිවස පුරා ඇති විවිධ දේවල් පරීක්ෂා කිරීමට ද පටන් ගන්නවා. ඒ නිසා අනතුරු දායක  සියල්ල  ළඟා විය නොහැකි ලෙස තබන්න.

ඉඟි:

  • ඔබේ දරුවා තව තවත් ස්වාධීන වීමට ධෛර්යමත් කරන්න.  ඔහුට ඇඳුම් ඇඳීමට හෝ කෝප්පයකින් පානය කිරීමට අවශ්‍ය නම් එසේ කිරීමට ඉඩ ලබා දෙන්න. 

පුංචි  කාලයේදී  ස්වාධීන වීමට ඉඩ දීමෙන් ඔහුගේ සංවර්ධනය  සඳහා අරුම පුදුම දේවල්  ගොඩාක්  කරන්න පුළුවන්. ඒනිසා මේ ආකාරයේ හැසිරීම් දිරිමත් කරන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

මෙම වයසේදී, සමහර දරුවන් තවමත් ඔවුන්ගේ අම්මලා තාත්තලා මත යැපීම සාමාන්‍ය දෙයක් වෙනවා. 

නමුත්  ඔබේ පුංචි  දරුවා  ඕනෑවට වඩා යැපෙන බව ඔබට හැඟේ නම්, හෝ ඔවුන් ඔවුන්ගේ වටපිටාව ගවේෂණය නොකරන්නේ නම් බලන්න.

ඔබට සැලකිලිමත් විය යුතු යමක් තිබේදැයි බැලීමට විශේෂඥයෙක්  හමුවෙන්න.

අවුරුදු 2 මාස 5 ළමා වර්ධනය - සමාජීය හා හැගීම් සංවර්ධනය

අවුරුදු 02 මාස 05 දී, ඔබේ දරුවාගේ හැසිරීම මාස කිහිපයකට පෙර පැවති තත්වයට වඩා බෙහෙවින් වෙනස් වෙන්න පුළුවන්.

ත්‍රාසජනක දෙවැනි විය කියා මෙයට කියන්නේ නිකම් නොවේ.

ඔබේ දරුවාගේ වර්ධනයේ මෙම අවස්ථාවෙහිදී, උද්වේගකාරී හැසිරීම් වල වැඩි වීමක් ඔබට දකින්න ලැබෙනවා.

එයට හේතුව කුඩා දරුවන් බොහෝ කලකිරීම් අත් විදීනවා. සාමාන්‍යයෙන්, ඔවුන්ට  ඔවුන්ගේ හැඟීම් තේරුම් ගැනීමට අපහසු නිසාත්, ඔවුන්ට සම්පූර්ණයෙන්ම අදහස්  ප්‍රකාශ කළ නොහැකි නිසාත් මෙසේ සිදුවෙනවා.

අවුරුදු 02 මාස 05  ක් වයසැති කුඩා දරුවන්ගේ හැසිරීම ගැන සැලකිලිමත් වන විට  ඔබ සන්සුන්ව සිටින තාක් කල් මෙම වයසේ සිටින කුඩා දරුවන් පහසුවෙන් සන්සුන් කරන්න පුළුවන්. 

ඔබේ දරුවා  සමඟ කතා කිරීම සහ ඔබ අපේක්ෂා කරන හැසිරීම ස්ථිරව  පැහැදිලි කිරීම   ඔහුව සන්සුන් කිරීමට හොඳම ක්‍රමය වෙනවා.

ඔබේ දරුවා මේ විදියට  හැසිරෙන්නේ ඇයි යන්න සන්සුන්ව තේරුම් ගැනීම මෙහිදී වැදගත් වෙනවා.

කුඩා දරුවන් ද මෙම අවස්ථාවෙහිදී වඩාත් මිත්‍රශීලී වෙන්න පටන් ගන්නවා. ඔවුන් දකින වෙනත් ළමයින් සමඟ මිත්‍රත්වයක් ඇති කර ගන්නවා.

කෙසේ වෙතත් කුඩා ළමුන් සමහර වේලාවට ගොඩාක්  මිත්‍රශීලී වෙන්න පුළුවන් නිසා ඔබේ දරුවාගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්න.

මෙම අවස්ථාවෙහිදී ඔබේ දරුවන් ගැන නිතරම විමසිල්ලෙන් සිටින්න.

සමහර දරුවන් ආගන්තුකයන් ලගට  ගිහින්  මිතුරු වෙන්න උත්සහ කරන්න පුළුවන් නිසා දරුවාගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න.

ඉඟි:

  • ඔබේ දරුවාට උද්වේගකාරීව හැසිරෙන විට හෝ ඔබ ඔහුට දෙන ආහාර ඔහු ප්‍රතික්ෂේප කල විට ඔහුට කෑ ගැසීම හෝ ඔහු සමග කෝප වීමෙන් වළකින්න.
  • සන්සුන්ව සහ ඉවසීමෙන් කටයුතු කරන්න. ඉවසීම වැදගත් බව මතක තබාගෙන සන්සුන්ව නමුත් ස්ථිරව කථා කරන්න. ඔබේ දරුවාට ඔබේ අදහස් කරන දෙය තේරුම් ගත හැකි   බව තහවුරු කරගන්න.
  • ඔහුගේ වයසේ සිටින අනෙක් දරුවන් සමඟ මිත්‍රත්වයක් ඇති කර ගැනීමට ඔබේ දරුවා ධෛර්යමත් කරන්න.
  • අනෙක් දරුවන් සමග සමාජගත වීමට ඉඩ සැලසීම සදහා ඔහුව ක්‍රීඩා පාසලකට ඇතුළත් කරන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවාගේ හැසිරීම පාලනය කළ නොහැකි බව පෙනේ නම් හෝ ඔවුන්ට මිතුරන් ඇති කර ගැනීමට හෝ සමාජ ගත වීමට අපහසු නම් වෛද්‍යවරයා හමුවෙන්න.

ඔබේ දරුවාට යම් යම් චර්යාත්මක ගැටලු ඇත්නම් ඔබට  පෙනීමට පටන් ගන්නා බැවින් මෙම වයස ඉතා තීරණාත්මක  වෙනවා.

අවුරුදු 2 මාස 5 ළමා වර්ධනය - කථනය හා භාෂාව සංවර්ධනය

වයස අවුරුදු 02 මාස 05 දී, කුඩා දරුවන් දැනටමත් වචන රාශියක් දන්නා අතර සාමාන්‍යයෙන් යම් ප්‍රකාශයක් කිරීමට හැකියාවක් තියෙනවා.

මේ වන විට ඔහුට වර්ණ කිහිපයක් මෙන්ම විවිධ ශරීර කොටස් නම් කිරීමට හැකි විය යුතුය.

අවුරුදු 02 මාස 05 ක් වයසැති කුඩා දරුවන්ට විවිධාකාර වචන තේරුම් ගැනීමට හැකි විය යුතුය.

ඔවුන්ට සාමාන්‍යයෙන් වාචිකව ප්‍රකාශ කරන්න  පුළුවන්. නමුත් ඔවුන්ට සෑම විටම සම්පූර්ණ වාක්‍යයකින් කථා කිරීමට බැහැ.

ඔබේ දරුවා අන් අයව ආකර්ෂණය කර ගැනීමට පටන් ගන්නා වයස මෙයයි.

ඔහු තනිවම සංවාද ආරම්භ කිරීමට උත්සාහ කරන්න පුළුවන් මෙය දෙමව්පියන්ට ඉතා ප්‍රබෝධජනක වෙනවා.

ඒ මෙම අවස්ථාවෙහිදී ඔබට ඔබේ දරුවා සමඟ සංවාද කරන්න  පුළුවන්  වෙන අතර ඔහු ඔබ පවසන වචන තේරුම් ගැනීමට පටන් ගන්නවා.

ඉඟි:

ඔබේ දරුවා සමඟ නිතරම කතා කරන්න. ආහාර වේලාවේදි කතා කරමින් ඔබේ කුඩා දරුවාගේ දවස ගැන විමසීම වැදගත් කරුණක් කර ගන්න. මෙය ඔහුගේ වචන ප්‍රගුණ කිරීමට ඔහුට උපකාරී වන අතර  ඔහුට අලුත් දේවල් ඉගැන්වීමටද හොඳ ක්‍රමයක් වෙනවා.

  • ඔබේ අවුරුදු 02 මාස 05 ක් වයසැති දරුවා ඔබේ සංවාදවලට ඇතුළත් කර ගැනීමට  උත්සාහ කරන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ පුංචි  පැටියාට  වචන තේරුම් ගැනීමේ අපහසුතාවයක් තිබේ නම් හෝ ඔහුගේ වචන මාලාව තවමත් ප්‍රමාණවත් ලෙස වර්ධනය වී නොමැතිනම් ඔබ ඔහුව වෛද්‍යවරයෙකු වෙත රැගෙන යන්න.

අවුරුදු 2 මාස 5 ළමා වර්ධනය - සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

මෙම වයසේදී, ඔබේ දරුවාගේ  බර ගැහැණු ළමයින් සඳහා කිලෝග්‍රෑම් 12.88 ක් සහ පිරිමි ළමයින් සඳහා කිලෝග්‍රෑම් 13.42 ක් විය යුතුය.

උස  ගැහැනු ළමයින්ගේ උස  සෙන්ටිමීටර 89.66 ක් විය යුතු අතර පිරිමි ළමයින් සෙන්ටිමීටර 90.68 ක් උසින් යුක්ත වේ.

පෝෂණය සම්බන්ධයෙන් මෙම අවධියේ කැපී පෙනෙන සංවර්ධනයක් සිදුවේ.

මෙම යුගයේ කුඩා දරුවන් ආහාර, විශේෂයෙන් පලතුරු සහ එළවළු  තෝරා ආහාරයට ගන්නා අසීරු පුද්ගලයෙකු  වීමට  පටන් ගන්නවා.

ඔබ පලතුරු සහ එළවළු  කුඩා කැබලිවලට කපා බත් වලට දැමු විටත් ඔවුන් ඒවා රසබලන්න අකමැති  නම්, එය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට   ඔබට අපහසු  වේවි.

බොහෝ දෙමව්පියන්ට මෙය පීඩාකාරී  යුගයක් වෙනවා. ඒ  තම දරුවාට ප්‍රමාණවත් පෝෂණයක් ලැබේද යන්න ගැන ඔවුන් කනස්සල්ලට පත් වන නිසයි. නමුත් මෙය සම්පුර්ණයෙන්ම  සාමාන්‍ය හැසිරීමකි.

එන්නත් සඳහා, ඔබේ දරුවාට දැනටමත් ඔවුන්ගේ පැපොල, MMR, උණ, හෙපටයිටිස් ඒ සහ හෙපටයිටිස් බී ලබා දී තිබිය යුතුය.

ඔබේ දරුවාට මෙම එන්නත් කිසිවක් මග හැරී ඇත්නම්, ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

ඔබේ දරුවාට ඇති විය හැකි වඩාත් පොදු රෝගවලින් එකක් වන්නේ උණ, බොහෝ විට එය කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාවයි සමග වැළදෙයි.

බොහෝ දුරට, මේවා ළමුන් තුළ ඇති වන පොදු රෝග  බැවින් ඔබ කනස්සල්ලට  පත් නොවිය යුතුයි. කෙසේ වෙතත්, ඔබේ දරුවාගේ උණ සතියකට වඩා වැඩි නම් හෝ ඔවුන්ගේ කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව සුව නොවන්නේ  නම් ඔවුන් වෛද්‍යවරයෙකු වෙත ගෙන යන්න.

ඔබේ වැඩෙන දරුවාගේ වර්ධනය ඉහළ නැංවීමට අවම වශයෙන් පිසූ බත් කෝප්ප 1/2 ක් හෝ පාන් පෙත්තක්, එළවළු හෝ මස් කෝප්ප 1/3 ක් සහ ආහාර වේලකට පළතුරු කෝප්ප 1/3 ක් බැගින් අවශ්‍ය වේ.

ඔහුගේ වර්ධනයට අතිරේකව බෝංචි, ඇට වර්ග මෙන්ම චීස් ද ඔබට දෙන්න  පුළුවන්.

දරුවාගේ ආහාර රුචිය වෙනස් විය හැකි බව මතක තබා ගන්න ඒ නිසා මෙම ආහාර නිර්දේශ ඔබේ දරුවා අනුව වෙනස් වෙනවා.

ඉඟි:

  • ඔබේ දරුවාගේ අවුරුදු 02 මාස 05 ක් වයසැති සංවර්ධනයේ කොටසක් ලෙස ඔවුන් ආහාර තෝරනු ලබනවා. මෙම අවස්ථා වල  ඉවසිලිවන්තව සිටීම හා කාලය ලබා දීම වඩා හොඳ වෙනවා.

ඔවුන්ට ආහාර අවසන් කිරීමට බල කිරීමෙන් ඔවුන් ගන්නා ආහාර  හා ඔවුන් අතර  ඍණාත්මක  සම්බන්ධයක් ඇති කරන්න  පුළුවන්.

එළවළු හෝ පලතුරු ගැන ඍණාත්මක හැගීමක් එක්ක  ඔවුන් වැඩෙන්නට ඉඩ ඇති අතර ඒ නිසා එම ආහාර වර්ග වලට තව තවත්  අකමැති වෙන්න  පුළුවන්.

  • ඔබේ දරුවාට ඕනෑවට වඩා කෙටි ආහාර ලබා දීමෙන් වැළකී සිටින්න

ඒ වෙනුවට ආහාර වේලෙහි ඔවුන් නිසි පරිදි ආහාරයට ගන්නා බවට වග බලා ගන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවාගේ බර අඩු වුවහොත් හෝ ඔබ ඔවුන්ට ලබා දෙන ආහාර ඔවුන් නිතර  ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඔවුන් වෛද්‍යවරයා වෙත ගෙන යන්න.

මෙම වයසේදී, ළමයින්ට පණුවන් සහ වෙනත් පරපෝෂිතයින්ට ගොදුරු  වෙන්න පුළුවන්.

එබැවින් ඔබේ දරුවාගේ ආහාර රුචිය අඩු නම් ඔවුන් රෝගී වෙන්න පුළුවන්.

මීලඟ ලිපියෙන් පෙර පාසැල්  ළමා  සංවර්ධනය  අවුරුදු 02 මාස 06

 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

 

පරිවර්තනය: නදීශා ලක්මිණි

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • /
  • අවුරුදු 2යි මාස 5ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය
බෙදාගන්න :
  • අවුරුදු 2යි මාස 9ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

    අවුරුදු 2යි මාස 9ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

  • අවුරුදු 2යි මාස 1ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

    අවුරුදු 2යි මාස 1ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

  • කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

    කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

  • අවුරුදු 2යි මාස 9ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

    අවුරුදු 2යි මාස 9ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

  • අවුරුදු 2යි මාස 1ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

    අවුරුදු 2යි මාස 1ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

  • කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

    කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it