theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අවුරුදු 2යි මාස 6ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

10 අවම කියවීම
අවුරුදු 2යි මාස 6ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනයඅවුරුදු 2යි මාස 6ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

පුංචි කටකාරයාට මූණ දෙන්න සුදානම්ද? ඔබේ දරුවාට සෑම දිනකම වචන තුනකින් යුත් වාක්‍යයකින් කථා කරන්න පුළුවන් .පුදුමයි නේද?

අවුරුදු 2 මාස 6 ළමා වර්ධනය: පුංචි කටකාරයාට මූණ දෙන්න සුදානම්ද? ඔබේ දරුවාට සෑම දිනකම වචන තුනකින් යුත් වාක්‍යයකින් කථා කරන්න පුළුවන් .පුදුමයි නේද?

දෙමව්පියන් තවමත් ත්‍රාසජනක  දෙවැනි වියත් එක්ක ඔට්ටු වෙමින් ඉන්නවා. ඒ අතර  ඔබේ දරුවාගේ  අවුරුදු 02 මාස 06 ක් වු සංවර්ධනය  ඔහුව අවුරුදු 3 ක ලොකු පොඩ්ඩෙක් කරන්න   සුදානම් කරනවා.

තවමත් ප්‍රතිවිරෝධී හා  හැගීම් වලට බැඳී සිටියද, ඔබේ වයස අවුරුදු දෙකහමාරක් වු දරුවාගේ සමාජ හා භාෂා කුසලතා මෙම අදියරේදී විශාල පිම්මක් පැනීමට  සුදානම්. 

නමුත් අවුරුදු 02 මාස 06 ක් වයසැති කුඩා දරුවන්ගේ සංවර්ධන අවදියේ  වඩාත්ම සිත් ගන්නා සුළු කොටස වන්නේ ඩයපරස් සහ විප්ස් වලින් මිදී   ඔබේ දරුවාට පොටි පුහුණුවක් ලබා දීමට ඇති හැකියාවයි. 

සෑම කුඩා දරුවෙකුටම වෙනස් වේගයකින් වර්ධනය වෙන බව මතක තබා ගන්න.   

සංවර්ධනය ප්‍රමාද වු   දරුවන් ඔවුන් ඒ සදහා  සූදානම් වු විට මෙම වර්ධන සන්ධිස්ථාන කරා ලගාවෙනවා

අවුරුදු 2 මාස 6 ළමා වර්ධනය -  ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?

දෛනික කුසලතා

මාස ගානක් තිස්සේ අම්මායි තාත්තයි අනුකරණය කරමින්  සිටි ඔබගේ අවුරුදු දෙකහමාරක් වයසැති පුංචි පැටියා දැන් ස්වාධීන කුඩා දරුවෙක්,

මේ අවදියේදී ඔබේ දරුවාට සියල්ල තමා විසින්ම කරන්න අවශ්‍ය වෙනවා.

ඇඳුම් ඇඳීමේදී ඔහු අත දෙන බව හෝ දත් මදින්නට ඔහු  ඉල්ලන  බව (ඔබේ උදව්වෙන්) මෙන්ම ඔහුගේම දෑත් සේදීම පවා ඔබට දකින්න පුළුවන්.

පුද්ගලික සනීපාරක්ෂාවට යටතේ, පොටි පුහුණුව හඳුන්වා දීම ආරම්භයට  මෙය හොඳ අවස්ථාවක් වෙනවා.

ඉඟි:

  • දත් නිසි ලෙස මදින්නේ කෙසේද, සහ ඔහුගේ පුංචි අත් පිරිසිදුව තබා ගන්නේ කෙසේද  වැනි සරල පෞද්ගලික සනීපාරක්ෂක පුරුදු ඔබේ දරුවාට කියාදෙන්න. ඒ මගින් මෙම නව ස්වාධීනත්වයට සහාය වන්න.
  • පලතුරු වැනි සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාර ලබා දෙන්න. ඔහුගේ ආහාර වේලට වැඩිපුර සීනි හඳුන්වා දෙන්න එපා.
  • ඔබගේ දරුවාට ඔහුගේ ඇඳුම් ඇඳීමට ඉඩ දෙන්න. ඔහුට එය කියාදෙන විට ඉවසිලිවන්ත වන්න. දවසක ඔහුට  තමාගේම ඇඳුම් තෝරා ගැනීමට  ඉඩ දීම ස්වයං ප්‍රකාශනය පෝෂණය කිරීම සඳහා හොඳ ක්‍රමයක් වෙනවා.
  • ඔහුගේ සෙල්ලම් බඩු නැවත තැබීම වැනි සරල වැඩවලට ඔහු සම්බන්ධ කර ගන්න. ඔබට වගකීම ඉගැන්වීමට අවශ්‍ය වන්න පුළුවන්. නමුත් ඒ වෙනුවට උදව් කිරීමේ ගුණාංගය වැඩීම කිරීම කෙරෙහි අවධානය යොමු  කරන්න.  ඔහුට  අම්මාගේ පුංචි  සහායකයා වෙන්න  පුළුවන්  නිසා එය ක්‍රියාත්මක වේවි. 

 ඔබේ දරුවාගේ අවුරුදු 02 මාස 06 ක් වු සංවර්ධන පරීක්‍ෂණය අතරතුරදී පරීක්ෂා  කළ යුත්තේ කුමක්ද ?

උස, බර, ශාරීරික පරීක්ෂණය (ඇස්, කන්, හෘදය, පෙනහළු ආදිය), ප්‍රතිශක්තිකරණ සහ සංවර්ධනය පරීක්ෂා  කිරීම.

සායනයේදී අවුරුදු 02 මාස 06 ක්   වයසැති කුඩා දරුවන්ගේ සංවර්ධනය තුලින් ඔබේ දරුවා කෙතරම් වර්ධනය වී තිබේදැයි  බලන්න.

අවුරුදු 2 මාස 6 ළමා වර්ධනය - ශාරීරික සංවර්ධනය

අවුරුදු 02 මාස 06 දී (මාස 30 දී ), ඔබේ දරුවාට පාද දෙකෙන්ම පොළවේ  සිට ඉහළට හා පහළට පනින්නට පුළුවන්.

ඔහුට දැන් තනිවම දෙපා තබමින්  පඩිපෙළ බහින්න පුළුවන්.

ඔහුගේ සමබරතාවයද වැඩිදියුණු වී තියෙනවා.  ඒ නිසා ඔහුගේ මාර්ගයේ ඇති බාධක මඟහරවා ගනිමින් දුවන්න ඔහුට පුළුවන්. මෙම අවස්ථාවෙහිදී ඔහුගේ අත් සහ පාද වඩා හොඳ පාලනයක් සහිතයි.

ඔබේ දරුවා තුල බැලූන් සහ බෝල සම්බන්ධයෙන්  අලුත්  ඇබ්බැහි වීමක් ඇතිවෙන්න පුළුවන්.

ඔබේ දරුවාට අවුරුදු 02 මාස 06ක් වන විට, ඔහුට සරලව කපන්න, කඩදාසි නවන්න, කුරුටු ගාන්න හැකි විය යුතු අතර රතු සහ කහ වැනි වර්ණ කිහිපයක් නම් කරන්න  ඔහුට පුළුවන්.

විශාල බොත්තම් සහ සිපර් ගැටළුවක් නොමැතිව අරින්න පුළුවන්.

ඒ වගේම  බෝතල්වල මූඩී විවෘත කිරීම සඳහා ඔහුගේ මැණික් කටුව කරකවන්න ඔහුට පුළුවන්. 

ප්‍රහේලිකා සහ බ්ලොක්ස්  නිසැකවම ඔහුට විනෝදාස්වාදය ලබා දේවී

ඉඟි:

  • ඔබේ දරුවා සුරක්ෂිතව තබා ගැනීම සඳහා ඔබේ නිවසේ නිසි ළමා ආරක්ෂාව තහවුරු  කරන්න.
  • උඩ නගින සහ දණ ගාන ප්‍රදේශ වල කුඩා බාධක   සකසා ඔහුට ක්‍රියාකාරී ශක්තියක් වැය කිරීමට ඉඩ සලසාදෙන්න.
  • ඔහුව විමසිලිමත් බලා ගැනීමට වග බලා ගන්න. ඒ වගේම වැඩිමහල්  දරුවන් දෙස බලා සිටීමට ඔහුට මතක් කරන්න.
  • ඔබේ දරුවාට අත්හදා බැලීමට දීප්තිමත් වර්ණ තීන්ත සහ පාටකූරු  ලබා දෙන්න. හැඩිවීම ගැන ඕනෑවට වඩා හිතන්න එපා.
  • සෙල්ලමෙන් පසුව පිරිසිදු කිරීම, ක්‍රීඩාවේ කොටසක් බව ඔහුට ඉගැන්වීමට වග බලා ගන්න.
  • බ්ලොක්ස් එකට ගොඩනඟන්න. ඔහු ඔබව අනුකරණය කරන අතර ඒ මගින් ඔහුගේ ග්‍රහණය මෙන්ම අත් ඇස් සම්බන්ධීකරණය තවදුරටත් වැඩි කරනවා

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවාගේ සම්බන්ධීකරණයේ යම් ගැටළුවක් තිබේ නම්  ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවෙන්න.

මෙම වයසේදී ඔබේ දරුවාගේ සමබරතාවයද හොඳින් වර්ධනය විය යුතුය.

ඒ නිසා ඔහු නිතර ඇද වැටේ නම් හෝ  දුව පනිද්දී එතරම් විශ්වාසයක් නොමැති නම් හෝ  අනෙක්  ළමයින් වගේ ඇවිදින්නේ නැත්නම්, ඔබේ දරුවා පරීක්ෂා කරවාගන්න.

අවුරුදු 2 මාස 6 ළමා වර්ධනය - මානසික සංවර්ධනය

මේ අවදියේදී  ඔබේ දරුවාගේ මොළය පුදුම සහගත වේගයෙන් වර්ධනය වෙනවා.

 අවධානය වැඩි දරුවන් සිටින  දෙමාපියන්ට සංවර්ධන ඉගැන්වීම් හා ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමට මෙම කාලය යොදා  ගන්න පුළුවන්.

අත්හදා බැලීම් සහ දෝෂයන් දිරිමත්   කිරීමට ක්‍රියාකාරකම් හෝ සරල ගැටළු විසඳීම  ඔහු  හා සම්බන්ධ කරන්න මේ සුදුසු  කාලයකි.

අවුරුදු 02 මාස 06 ක් වයසැති කුඩා දරුවන්ට හැඩය, ප්‍රමාණය සහ වර්ණය අනුව  වර්ග කිරීමට හැකියාව තිබිය යුතුය.

ඉඟි:

  • බිල්ඩින් බ්ලොක්ස් සහ වර්ණවත් හැඩැති ප්‍රහේලිකා ලබාදීම ඔබේ දරුවාට වර්ග කිරීමේ කුසලතා ඉගැන්වීමට හොඳ ක්‍රමයකි.
  • ඉහළ, යට සහ ඇතුළත අතර වෙනස ඔහුට ඉගැන්වීම සඳහා සුදුසු සෙල්ලමක( ස්කෙවෙන්ජර් හන්ට්) යෙදෙන්න. එය මෙම වියේ සංවර්ධනයේ ලොකු ජයග්‍රහණයක් වේවි.
  • විවිධ ප්‍රමාණයේ බාජන වලට ජලය පුරවමින් ජල සෙල්ලම් කිරීමෙන් ඔබේ කුඩා දරුවාට ප්‍රමාණය පිළිබඳ සංකල්පය උගන්වන්න පුළුවන්.
  • ගීත හා පෙර පාසැල් ගීත නැවත නැවත ගායනා කිරීම මතක හැකියාව  සඳහා උපකාරී වෙනවා.
  • ගැඹුරු හුස්මක් ගෙන සංසුන් වෙන්න. අවුරුදු 02 මාස 06 ක් වයසැති කුඩා දරුවන් මෙම සංවර්ධන අවධියේදී අවුරුදු තුනක දරුවන් මෙන් හැසිරෙන නිසා සමහර දෙමව්පියන්ට මෙය ඉතා අසීරු කාලයක් වෙන්න පුළුවන්.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවාට සරල ගැටළු විසඳීමට අපහසු නම් ඔබ වෛද්‍යවරයකු හමුවිය යුතුය.

 ඒ වගේම ඔබේ දරුවාට දේවල් වර්ග කිරීමට අපහසු නම්, හෝ හැඩය, වර්ණය හා ප්‍රමාණය අනුව දේවල් හඳුනා ගැනීමේ අපහසුතාවයක් තිබේ නම්, වෛද්‍යවරයා හමුවෙන්න.

එමගින්, ඔබේ දරුවාගේ දියුණුව පිළිබඳව ඔබට සහතික විය හැකි අතර ඔබට ඕනෑම ගැටලුවක් එහි ආරම්භයේදීම  විසඳීමට යොමු විය හැකිය.

අවුරුදු 2 මාස 6 ළමා වර්ධනය - සමාජීය හා හැගීම් සංවර්ධනය

ප්‍රිතිවන්න. ඔබේ  අවුරුදු 02 මාස 06 ක් වයසැති කුඩා දරුවා මේ සංවර්ධන අවධියේදී,   අනෙක් දරුවන්ගේ පසෙකින් සිට නොව ඔවුන් සමඟ සෙල්ලම් කිරීමට හුරුවෙනවා.

නමුත් ඔවුන් සෙල්ලම් කරන විට ඔබට  අනෙක්  අම්මලාගේ ඇසුරේ දිගටම ඉන්න  නම් නොහැකි වේවි.

ඔබේ දරුවා සම්බන්ධතා පැවැත්වීම වැඩිකර  අනෙක් දරුවන් සමඟ සෙල්ලම් කිරීමට පටන් ගත්තද, සමහරු තවමත් බෙදා ගැනීමේ සංකල්පය සමඟ ගැටළු  මතු කර ගන්නවා.

ස්වාධීන වීමට අවශ්‍ය වීම සහ අම්මාගෙන් පුංචි  උදව්වක්  අවශ්‍ය වීම අතර අරගලයක යෙදෙන විට ඔවුන් නොසංසුන්  වෙන්න පුළුවන්. 

ඔබේ අවුරුදු 02 මාස 06 ක් වයසැති කුඩා දරුවන්ගේ සංවර්ධනයේදී හැඟීම් ප්‍රකාශ කිරීම ඔහුට තවමත් අසීරුයි. 

ඔබට ඔහුව තේරුම් ගත නොහැකි වූ විට ඔහු කණගාටු  වන්නේ නම් ඒ ගැන කලබල නොවන්න.

දෙමව්පියන් මෙම අදියරේදී    කෝපයට පත්වෙන්න පුළුවන්. 

නමුත්  ඉවසීම  වැදගත් වෙනවා. මේ අවස්ථාවේදී ඔබේ දරුවා ඔබට වඩා කෝප වී සිටින මතක තබා ගන්න.

වෙන්වීමේ කනස්සල්ල යම් තරමක්  යටපත් වීමක් ඔබට  දකින්න පුළුවන් වුවද  ඔබේ දරුවා කලුවරේ ඉන්න වගේම  ගෝනී බිල්ලන්ට බිය වීමට පටන් ගන්නවා.

චර්යාවන් වෙනස් කිරීමේදී උද්වේගකාරී හැසීරිම් ඇතිවෙන්න පුළුවන්. 

නමුත්  ඔබේ දරුවා හරි වැරැද්ද අතර වෙනස සෙමෙන් හදුනා ගැනීම  ආරම්භ කරන නිසා ඔහුගේ හැසිරීම පාලනය  කිරීම පටන් ගැනීම මෙම  අවධියේ ඇති වැදගත්ම  දේ වෙනවා.

ඉඟි:

  • සෙල්ලම් කරනවිට වෙනත් අම්මලා ඇසුරු කිරීමේ වරදක් නැහැ. නමුත් ඔබේ දරුවාට යම් ගැටලුවක් විසදාගැනීමට ඔබ අවශ්‍ය නම් ඒ ගැන විමසිල්ලෙන් සිටින්න.
  • එකම කණ්ඩායමේ සෙල්ලම් කිරීම් කරන විට ඔබේ දරුවාට හුරුපුරුදු අය සමඟ සෙල්ලම් කිරීම වඩාත් සුවපහසු වේවි.
  • ධෛර්යමත් කරන්න. ඔබේ දරුවා සමඟ කටයුතු කරන්න. වෙනස්වීම සහ බෙදාගැනීම කෙසේද යන්න ඔහුට පෙන්වන්න.
  • ඔබේ දරුවාට ඔහුගේ නම කියන්න පුළුවන් නිසා ඔහුව තම සම වයසේ මිතුරන්ට තමන්ව හඳුන්වා දීමට දිරිගන්වන්න.
  • රගපෑම් සෙල්ලම් සදහා උනන්දු කර එය විනෝදජනක කරන්න. මෙය විනෝදයක් ගෙන දෙනවා පමණක් නොව ඔබේ දරුවාගේ හාස්‍යය පිළිබඳ හැඟීම වර්ධනය කිරීමට ද උපකාරී වෙනවා.
  • ඔවුන් හොඳින් හැසිරෙන විට ඔවුන්ට ප්‍රශංසා කරන්න. අණ දීමට වඩා ධෛර්යමත් කිරීමට උත්සාහ කරන්න.
  • ඔවුන්ට යමක් කීමට අවශ්‍ය විට එයට සවන් දෙන්න. ඒ මගින් ඔවුන් වැදගත් හා ආදරණීය බව ඔවුන්ට දැනෙන්න දෙන්න.
  • ඔවුන් නිවැරදි කිරීමේදී මෘදු වන්න. ඔවුන් තවමත් හරි දේ සහ වැරදි දේ අතර වෙනස ඉගෙන ගනිමින් සිටිනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවාට වෙනත් ළමයින් සමඟ සෙල්ලම් කිරීමට විශාල ගැටලුවක්  ඇති බව හෝ වෙනත් ළමයින් සමඟ සෙල්ලම් කිරීම ප්‍රතික්ෂේප කරන බව ඔබ දුටුවහොත්, ඔහුව වෛද්‍යවරයා වෙත ගෙන යන්න.

මෙම වයසේදී, ළමයින් වඩාත් සමාජශීලී වෙන්න  පටන් ගනවා. 

දරුවන්  විවිධ වේගයන් ගෙන් වර්ධනය වන අතර, ඔබේ දරුවා වෙනත් ළමයින් සමඟ සුහදව කටයුතු නොකරන්නේ නම් හෝ හොඳින් ක්‍රීඩා නොකරන්නේ නම් ඔබ අනිවාර්යයෙන්ම දකින්න පුළුවන්.

අවුරුදු 2 මාස 6 ළමා වර්ධනය - කථනය හා භාෂාව සංවර්ධනය

දැන් ඔබේ කුඩා දරුවාට “උණුසුම් හා සීතල” හෝ “ඉහළ සහ පහළ” වැනි සරල වචන අතර වෙනස හඳුනාගන්න පුළුවන් .

 එක් වචන පිළිතුරු,  වාක්‍ය ඛණ්ඩ බවට සෙමින් පත්වීමත් ,සරල උපදෙස් අනුගමනය කිරීමට හුරු වීමත්  අවුරුදු 02 මාස 06 ක් වයසැති කුඩා දරුවන්ගේ සංවර්ධන කාලපරිච්ඡේදය තුළ   සිදු වූ විශාලතම වෙනස වෙනවා. 

ඔහු නිතර   “කුමක්ද?” සහ “කොහේද?” ‍යන ප්‍රශ්න අසමින්  සිටියත්  ඔහු ඇත්තටම කියන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීම පහසුය.

බොහෝ දුරට ඔහු කෑගැසුවත්, ඔහු ශබ්ද  මට්ටම් සහ ස්වර වල වෙනස ඉගෙන ගන්නවා.

ඉඟි:

  • ඔබ කියවන විට  ඔබට පසුව ඔබේ දරුවා ලවා කියවන්න. සෑම වචනයක්ම පැහැදිලිව විස්තර කර ඔබ යම් වචනයක් උච්චාරණය කරන විට ඔබේ මුඛය දෙස බලා සිටින ලෙස ඔහුට  කියන්න.  විවිධ ස්වර වලින් කියවන්න.
  • සර්වනාම රාශියක් අඩංගු පොත්  සන්නිවේදනය කරන්නේ කෙසේද යන්න ඔහුට  ඉගැන්වීමට හොඳ ක්‍රමයක් වෙනවා.
  • රූපමය ෆ්ලෑෂ් කාඩ්පත් මඟින් ඔබේ දරුවාගේ වචන මාලාව සදහා සහයක් ගන්න පුළුවන් වගේම එය වඩාත් අන්තර්ක්‍රියාකාරී හා විනෝදජනක වෙනවා.
  • මෙම කාලය තුළ ඔබේ දරුවා සමඟ දිගටම කතා කරන්න. කතා කිරීමෙන් ඔහුගේ වචන මාලාව තරවෙනවා.
  • ඔහු ප්‍රශ්න අසන විට ඉවසිලිවන්ත වන්න. මෙම කාලය තුළ ඔහු අතිශයින්ම විමසිලිමත් වෙනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

සමහර දරුවන්ට වචන ඉගෙන ගැනීමට අපහසු විය හැකි  අතර බොහෝ දුරට, ඔහුගේ වචන මාලාවේ යම් වර්ධනයක් ඔබ දකින්න  පුළුවන්. කෙසේ වෙතත්, ඔබේ දරුවාගේ වචන  මාලාව මාස කිහිපයක් එකම ලෙස පැවතුනේ නම්,  වෛද්‍යවරයා හමුවෙන්න.

ඒ වගේම   ඔබ  දිගටම ඔහුට පැහැදිලි කරමින් සිටියද ඔබේ දරුවාට උපදෙස් තේරුම් ගැනීමේ අපහසුතාවයක් ඇත්නම් සංවර්ධන ප්‍රමාදයට හේතු වන යමක් තිබේදැයි සොයා බැලීමට විශේෂඥයෙක් හමුවීමට  ඔබට අවශ්‍ය වෙන්න පුළුවන්.

ඔබේ දරුවා කෙරෙහි ඉවසිලිවන්තව හා ධෛර්යමත් වීමට සැමවිටම මතක තබා ගන්න.

ඔබගේ දරුවාගේ ජයග්‍රහණ ඔහුගේ සම වයසේ මිතුරන් සමඟ සංසන්දනය කරන්න එපා. 

සෑම කෙනෙකුටම වෙනස් ඉගෙනුම් ශෛලීන් ඇති බැවින් ඒ ගැන එතරම් හිතන්න එපා. සැහැල්ලුවෙන් හා විනෝදයෙන් ඉන්න.  

ඔබේ පුංචි  දරුවා  සදහටම කුඩා දරුවෙකු  නොවේවි. ඒ නිසා ඉදිරියේදී සිදුවිය හැකි සුවිසල් දේ සඳහා අඩිතාලමක් නිර්මාණය කරන අතර   ඔහුගේ නොනවතින කුතුහලය සහ ගවේෂණාත්මක ස්වභාවය භුක්ති විඳින්න.

අවුරුදු 2 මාස 6 ළමා වර්ධනය - සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

අවුරුදු 02 මාස 06 ක් වන විට, ඔබේ දරුවාගේ උස සෙන්ටිමීටර 84 - 98.3 ක් විය යුතු අතර ඔවුන්ගේ බර කිලෝග්‍රෑම් 10.7 - 16.2 ක් විය යුතුය.

ඔහු දැන් වැඩිපුර ඝන ආහාර ආහාරයට  ගත යුතු අතර කිරි පානය කළ යුත්තේ ඔහුගේ ආහාර වේලට අතිරේකව පමණයි.  ඔබේ දරුවා නිරෝගීව තබා ගැනීමේදී නිසි ආහාර හා ශාරීරික ක්‍රියාකාරකම් යන දෙකම ඉතා වැදගත් වෙනවා.

අවුරුදු 02 මාස 06  ක් වන විට ඇති වන පොදු රෝග අතර පැපොල, කම්බුල් ගාය, සරම්ප සහ පොදු උණ වෙනවා.

ඒවායින් බොහොමයක් එන්නත් දැනටමත් ඔබේ දරුවාට  ලබා දී තියෙනවා. (ඔබේ දරුවාට මේ වන විටත්  MMR., පැපොල, උණ සහ හෙපටයිටිස් එන්නත් ලබා දී තිබිය යුතුය.)

ඔබේ දරුවාට කිසියම් එන්නතක් දී නොමැති නම්, එය නිරාකරණය කර ගැනීම සඳහා ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න

උණ  නිතර හැදෙන රෝගයක් බැවින් සෑම විටම ඔබේ දරුවාගේ සෞඛ්‍යය නිරීක්ෂණය කරන්න.

ඔබේ දරුවාට සමබර ආහාර වේලක් ලබා දීම ඉතා වැදගත් වෙනවා.

ඔහුට කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, යකඩ සහ ඔහුගේ ශරීරයට අවශ්‍ය සියලුම විටමින් සහ ඛනිජ ලවණ ලබා දීමට වග බලා ගන්න.

ආහාර සැලැස්මක් ගැන සිතන විට, ඔබේ දරුවාගේ ආහාර වේලෙහි අවම වශයෙන් බත්, ධාන්‍ය හෝ පාන් කෝප්ප 1/3 ක්, මස් හා එළවළු කෝප්ප 1/3 ක් සහ පලතුරු කෝප්ප 1/3 ක් වත් තිබිය යුතුය. ඔබේ දරුවාගේ රුචිය අනුව මෙම ප්‍රමාණයන්  වෙනස් වෙන්න  පුළුවන් .

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා අනෙක් ළමයින්ට වඩා කුඩා බව පෙනේ නම් හෝ ඔබ බලාපොරොත්තු වූ පරිදි ඔහු වර්ධනය  නොවන්නේ නම්, ඔබේ වෛද්‍යවරයා හමුවෙන්න

ඔබේ දරුවාගේ වර්ධනය  නිවැරදිව සිදුවන බවට සහතික කර ගැනීමට ඔබට අවශ්‍ය නම් වෛද්‍යවරයා වෙත මාසිකව දරුවා රැගෙන යන්න. ( ළදරු සායනය වෙත මාසිකව ගෙන යන්න)

උණ, කැස්ස හෝ සෙම්ප්‍රතිශ්‍යාව  දිගු  කාලීනව ඇති විට   බරපතල තත්වයක් විය හැකි බැවින් වහාම ඔබේ දරුවා වෛද්‍යවරයා වෙත ගෙන යන්න.

 

මීලඟ ලිපියෙන් පෙර පාසැල් ළමා  සංවර්ධනය  අවුරුදු 02 මාස 07

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය : නදීශා ලක්මිණි

 

 

 

 

 

 

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
  • /
  • අවුරුදු 2යි මාස 6ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය
බෙදාගන්න :
  • අවුරුදු 6 පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 6 පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 04 මාස 06 පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 04 මාස 06 පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 6 පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 6 පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 04 මාස 06 පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 04 මාස 06 පෙර පාසැල් ළමා සංවර්ධනය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it