අවුරුදු 2යි මාස 7ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

අවුරුදු 2යි මාස 7ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

ආහාර  තෝරා ආහාරයට ගැනීම, ලැජ්ජාව සහ  පරිකල්පනය ආරම්භ වීම මෙම මස වර්ධනයේ පොදු ලක්ෂණ වේ.

අවුරුදු 2 මාස 7 ළමා වර්ධනය: ඔබේ දරුවා ත්‍රාසජනක දෙවැනි වියේ කල් ගෙවන අතර, එය එතරම් නරක නොවීම ඔබට සහනයක් වේවී.

මෙම මස සංංවර්ධනයේදී ඔබේ දරුවාගේ පෞරුෂත්වය හැඩගස්වන ආකාරය පෙන්වන ප්‍රධාන සන්ධිස්ථාන තියෙනවා.

ශාරීරිකව, මෙම වයසේදී දරුවන්ගේ වර්ධනය තුල කැපී පෙනන චලන  කුසලතාවන්ගෙන් එකක් වන්නේ පහසුවෙන් දුවා එක් පියවරකින් පැනීමට හැකිවීමයි.

නමුත් ඔවුන්ගේ වර්ධනයේ  ශාරීරික  වර්ධනය හා චලන වල පමණක් තවත්  බොහෝ දේවල් සිදුවෙන්න තියෙනවා.

අවුරුදු 2 මාස 7 ළමා වර්ධනය -  ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?
අවුරුදු 2 මාස 7 දරුවාගේ වර්ධනය - ශාරීරික සංවර්ධනය

මෙම වයසේදී, ඔබේ දරුවා දිවීම, පාලනයකින් තොරව ඉදිරියට යනවා.

දණ ගා යාම, පෙරළීම සහ වටේ කැරකීම වැනි සිරුරට වැඩි වෙහෙසක් දෙන කණ්ඩායම් ක්‍රියාකාරකම් වලට සහභාගී වීමට සූදානම්.  

පටු තීරුවක්   මත ඇවිදීමට  හැකි වන තරමට ඔහුගේ සමබරතාවය වර්ධනය වෙනවා.

එය ඔහුගේ වඳුරු වියේ ආරම්භයද වෙනවා. ඔහු ඉණිමඟට සහ ඔහුගේ අත තියන්න පුළුවන්   ඕනෑම  ගෘහ භාණ්ඩ  නගින්න ගන්නවා. පුංචි වදුරු පැංචෙක් වගේ නේද?

ඔහුගේ අත් සහ ඇඟිලි වඩාත් වේගවත් ලෙස භාවිතා කරනු මේ අවදියේදී ඔබ දකින්න පුළුවන්.   ඔහු  පාට කූරක් හෝ පැන්සලක් ගෙන  පහසුවෙන් රවුම්, රේඛා සහ දගර  ඇඳීමට පටන් ගන්නවා. 

කඩදාසි කැපීම සඳහා ඔහුට ආරක්ෂිත කතුරක් ලබා දීමෙන් ඔහුගේ දක්ෂතාවය පරීක්ෂා කරන්න ඔබට පුළුවන්.  

ඔහුගේ අලුතෙන් සොයා ගත් ග්‍රහණ හැකියාවෙන් ඔහු වරකට එක පිටුව බැගින් පොතක පිටු පෙරළීම ද කළ යුතුය.

ඉඟි:
  • ඔබේ දරුවා සමඟ වඩාත් ශාරීරිකව ක්‍රියාශීලී වන්න. ඔහු සමග ක්‍රීඩා පිට්ටනියට යන්න නැතිනම් ඉහල නැගීම ගැන ඔහු උද්‍යෝගීමත්  කිරීම සඳහා දරුවන් සදහා වු  කඳු නැගීමේ ව්‍යායාම ලබාදෙන  මධ්‍යස්ථාන වෙත ඔහු ගෙනයන්න.
  • දරුවා සරල රේඛාවක් අදින විදිය හෝ යම් හැඩයක් කපන විදිය ගැන කරදර වෙන්න එපා.

ඔහු තවමත් මෙම උපකරණ  භාවිතා කිරීමේ ඉගෙන  ගනිමින්  සිටිනවා.  සංකීර්ණ දේවල් පසුව පැමිණේවි.

  • ඔබේ කුඩා දරුවාට ක්‍රීඩා පිටියේ මෙන්ම කතුර භාවිතා කිරීමේ දී     ආරක්ෂාව ගැන  ඉගෙන ගැනීමට මෙය කදිම  අවස්ථාවක් වෙනවා.  පරෙස්සම් වීමට ඔහුට ඉගැන්වීම මේ වයසේදී ඉතා තීරණාත්මක  වෙනවා.
වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

මේ වන විට ඔහුට  දොර අගුලක් කැරකවීම වැනි මූලික දේ කිරීමට  හැකි විය යුතුය.  එබැවින් ළමා කාලයේ ඇතිවෙන  චලන කුසලතා (Gross motor skills)  වල මන්දගාමී සංවර්ධනයක් ඇති බව ඔබ දුටුවහොත් කල්පනාවෙන්.  වෛද්‍යවරයෙකුගෙන් හෝ විශේෂඥයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.

අවුරුදු 2 මාස 7 ළමා වර්ධනය - මානසික සංවර්ධනය

ඔබේ අවුරුදු 02 මාස  07 ක දරුවාගේ  කුඩා මස්පිඩු සම්බධීකරණ චලන (Fine motor skills) කුසලතා ඇති වීමට පටන් ගන්නවා. ඒ වගේම  ඇතැම් හැඩයන් හඳුනා ගැනීමට ඔහුට  දැන් පුළුවන්.

මේ වන විට, ඔහුට රවුම සහ කුරුසය හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම  ඔහුට මෙම හැඩයන්  අඳින්නද පුළුවන්.

“බබාලා එන්නේ කොහෙන්ද?” වගේ  අසීරු ප්‍රශ්න ඔහු ඇසීමට පටන් ගන්නවා.

මෙහිදී ඔහු සමඟ ඉවසිලිවන්තව කටයුතු කිරීමට උත්සාහ කරන්න.  ඒ වගේම සරල ලෙස හැසිරෙන්න. මෙම අසීරූ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම ඔබ සතුයි.

ඔබේ දරුවාගේ වැඩියෙන් විමසිලිමත් මනස අගය කිරීම  වැදගත් වෙනවා.  සෑම ප්‍රශ්නයක්ම අවබෝධයෙන් හා ඉවසීමෙන් පිළි ගෙන ඔහුගේ ඉගෙනීම වර්ධනය  කරන්න.

ඉඟි:
  • ඔබේ දරුවාට රඟපෑම සඳහා අවශ්‍ය ඇදුම් පැලදුම් හා වෙනත් ආයිත්තම් ලබා දෙන්න. එය ඔහුගේ පරිකල්පනයට රුකුලක් වේවි.
  • දරුවා බොහෝ ප්‍රශ්න අසනවා නම්, ඉවසන්න. ඔහු කිසි විටෙකත් එම කුතුහලය නැති කර ගන්නේ නැහැ. ඒ නිසා සෑම ප්‍රශ්නයකටම  පිළිතුරු දෙන්න.   නිවසින් පිටතදී  ඔවුන්ගේ ඉවසීම නැති වෙන්න පුළුවන්. ඒත් ඔබගේ ඉවසීම රැකගන්න.
  • ඔබේ දරුවා චිත්‍ර සදහා දක්ෂ යැයි ඔබ හිතනවා නම් ඔහු ඒ සදහා යොමු කිරීමට චිත්‍ර පංතියකට ඇතුල් කරන්න.
වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

මෙම වයසේදී, ඔබේ දරුවා බොහෝ ප්‍රශ්න අසමින් හා විශාල ශබ්දයක් නගමින් සිටිය යුතුය.

ඔහු දීර්ඝ කාලයක් නිහඩව සිටියි නම් හෝ ඉගනීමට   ප්‍රතිචාර නොදක්වන්නේ  නම්, ඔබ ඔහුව වෛද්‍යවරයා වෙත ගෙන යන්න.

අවුරුදු 02 මාස  07  පෙර  පාසැල්  ළමා සංවර්ධනය - සමාජීය හා හැගීම් සංවර්ධනය

ඔහු මදක් ලැජ්ජාශීලී වෙන්න පුළුවන් නමුත් එය පහව යාවි. විශේෂයෙන් දැන් ඔබට දැන් ඔහුව   කතන්දර කීමේ පන්ති හෝ ළමා ජිම් වැනි පෙර පාසල්  ක්‍රියාකාරකම් වලට ඇතුළත් කරන්න පුළුවන්.

ඔහු වඩාත් සමාජශිලී  වන විට, ඔහුට සමාජගත වීමට  වැඩි අවස්ථාවන් ඔහුම සොයා ගනිවි.

ඔහුට ඒ සදහා ඉඩ සහ මග පෙන්වීම ලබා දීම වැදගත් වෙනවා.

ඔහු රාත්‍රියේ බිය වන්නේ නම් කණගාටු වෙන්න එපා. ඔහුගේ හැඟීම් නොසලකා නොහැර ඔහුට සවන් දීමෙන් ඔහුව සනසන්න.

මෙම වර්ධන අවදියේදී  දෙමව්පියන්ට  දරුවෙකුගේ වර්ධනය වෙන වචන මාලාව සහ විශ්වාසය වැනි  විනෝදජනක සන්ධිස්ථාන රාශියක් පසු කර යන්න තියෙනවා.  ඔන්න ඒ සදහා සුදානම් වෙන්න.

ඉඟි:
  • හැකිතරම් විනෝද පංති,  කණ්ඩායම් ක්‍රීඩා සැසිය සඳහා ඔහුව රැගෙන යන්න.
  • සෑම මොහොතක්ම ඔබේ දරුවාට අන් අය සමඟ හොඳින් සමාජගත වන අයුරු උගන්වන්න.  

අන් අය සමඟ බෙදාහදා ගැනීම  හෝ යමක් කිරීමට ඔහුගේ වාරය එනතෙක් බලා සිටීම  වැනි දේ  සියල්ල ඔහුට ඉගැන්වීමට මේ සුදුසු කාලයයි.

  • රගපාන සෙල්ලම් කිරීම ඔවුන්ගේ විනෝදය සදහා සුදුසුයි. මෙය සෙල්ලම් කිරීමට හොඳ ක්‍රමයක්.

එපමණක් නොව ඔවුන්ට වඩාත් ස්වයං දැනුවත් වීමට හා සමාජීය වශයෙන් සම්බන්ධ වීමට ඇති මාර්ගයක්ද වෙනවා.

  • දරුවන්ගේ ගවේෂණ හැකියාවන් හා මව පියා විසින් නියම කරන ලද නීති රීති වලටද දරුවන් ප්‍රතිචාර දැක්වීම පරීක්ෂා කිරීමට මෙම රගපෑම් සෙල්ලම් යොදාගන්න පුළුවන්.  එනිසා, ඔවුන්ට දේවල් සිදුවෙන ආකාරය, දෛනික චර්යාවන් හා ගෙදර වැඩකටයුතු කරන  රටාව  හුරුපුරුදු වෙනවා
  • එක් වරකට එක ක්‍රියාකාරකමක් කරන්න. දරුවා මත ක්‍රියාකාරකම් ගොඩ ගසන්න එපා.

ඇඳිය යුතු දේවල් හෝ සෙල්ලම් බඩු තබා ගත යුතු ස්ථානය වැනි තීරණ ගැනීමට ඔවුන්ට අවස්ථාව ලබා දෙන්න.

  • ඔබේ දරුවා දැන් තොටිල්ලෙන්, ඇඳට ගන්න පුළුවන්.  නමුත් යම් ගැටළු  ඇතිවෙන්න  පුළුවන්. විදුලි පහන් දල්වා ඔවුන්ව කෝපයට පත් නොකරන්න.
  • අම්මයි තාත්තයි මැද්දට යන්න රාත්‍රී කාලයේ අවදිවීම නම් නවතින්න ඔවුන්ට  තව කාලයක්  ගතවේවි.  නමුත් මේ මොහොත  ආදරයෙන් ගෙවන්න.
වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

මෙම වයසේ සිටින දරුවෙක් උද්වේගකාරීව හැසිරීම   සාමාන්‍ය දෙයක්, නමුත් බොහෝ විට ඔහුගේ හැඟීම් පාලනයෙන් තොර බව පෙනේ නම්, හෝ ඔහුගේ චර්යාත්මක ගැටළු, ගැඹුරු ගැටළු වල සලකුණක් වෙන්න පුළුවන්.

ඔබේ නොසතුටට පත් දරුවාට  ගැඹුරු මානසික ගැටළු ඇතිවිය හැකි යැයි ඔබ සිතන්නේ නම් වෛද්‍යවරයෙකුගෙන් විමසන්න.

අවුරුදු 2 මාස 7 ළමා වර්ධනය - කථනය හා භාෂාව සංවර්ධනය

ඔවුන්ගේ  මෙම වර්ධන අවදියේදී, දරුවන්  වඩාත් ස්ථීරව, උද්‍යෝගයෙන් “එපා” යැයි පවසන අතර  ඔවුන්ගේ සම වයසේ මිතුරන් සමඟ සන්නිවේදනය කිරීමට පටන් ගන්නවා.

මෙම වයසේදී, ඔවුන් වඩාත් නිර්මාණශීලී, විශ්වාසවන්ත හා කටකාර  වෙන්න පුළුවන්. බොරු කීම මෙයට ඇතුළත් වෙනවා.

ඔවුන්  නොවැදගත් බොරු හෝ  හානිදායක නොවන  බොරු කීමට හෝ පැවසීමට ඉඩ තියෙනවා.

එය වැඩි වන්නේ සජීවිකරණ චින්තනය නිසා මිස හිතාමතාම සිදුවන්නක් නොවේ.

ඔබේ දරුවාට ඔහුගේ තුන්වන උපන්දිනය ළඟා වෙත්ම, ඔහුගේ වචන මාලාව මෙන්ම කුතුහලයද නිතර  වැඩි වෙනවා.

ඔහුව හිනස්සවමින් සංවාදයේ යෙදෙන්න. මේ මගින් ඔහුගේ සන්නිවේදන කුසලතා පමණක් නොව, තර්කානුකූලව සිතීමේ හැකියාවද උත්තේජනය වෙනවා

ඉඟි:
  • මේ ඔබේ දරුවා හික්මවීමට සුදුසු කාලයයි. නමුත් ධනාත්මක ශක්තිමත් කිරීමක් ඒ සදහා භාවිතා කරන්න. ඔවුන් මෙම “කැරලිකාර” අවධිය පසුකරන විට බොහෝ දුරට  ඔබ සමඟ වාද කරන්න පුළුවන්.

නමුත් ඔබේ භාෂාව සහ ස්වරය  එකවර භාවිතා කර   ඔවුන්ට සීමාවන් ඉගැන්වීම සුදුසුයි.

  • ඔවුන්ගේ වචන මාලාව පුළුල් කිරීමට උපකාරී වන ෆ්ලෑෂ් කාඩ්පත් හෝ විවිධ මාධ්‍ය සමඟ ඔවුන්ට දිගටම ඉගෙන ගන්න ඉඩ සලසන්න.
  • ඔවුන්ට ඇසෙන්න කියවීමෙන් ඔවුන්ගේ වචන මාලාව පෝෂණය කරන්න. මෙම වයසේදී, දරුවන්ට වචන අමුණා වාක්‍ය හදන්න පුළුවන්.
වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

මෙම අවස්ථාවේදී ඔබේ දරුවාට  සම්පුර්ණ  වාක්‍ය කිහිපයක්ම කථා කිරීමට හැකි විය යුතු අතර ඔහු කටකාරයි.  ඔහු ඔබ සමඟ සන්නිවේදනය නොකරන්නේ නම්, එවිට යම් ගැටළුවක් තියෙන්න පුළුවන්.

අවුරුදු 2 මාස 7 ළමා වර්ධනය - සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

මෙම වයසේදී, ඔබේ කුඩා දරුවා ආහාර තෝරා  ආහාරයට ගන්න පටන් ගන්නවා. ඔහු රසයන් ඉගෙන ගනිමින් ඉන්න නිසා ඉවසිලිවන්ත වන්න.

අවධානය වෙනතකට යොමු කිරීම අවම කර ඔහුට සෞඛ්‍ය සම්පන්න ආහාර රාශියක්  තෝරා   ලබා දෙන්න.

මෙම වයසේදී කුඩා දරුවන්ට ධාන්‍ය  අවුන්ස තුනක්, පලතුරු හා එළවළු කෝප්පයක්, කිරි කෝප්ප දෙකක් සහ මස් සහ බෝංචි අවුන්ස දෙකක් අවශ්‍ය වෙනවා.

උදේ ආහාරය   ධාන්‍ය ටෝස්ට් එකක් නට් බටර් මේස හැන්දක් කිරි කෝප්පයක්
උදෑසන කෙටි ආහාර-  ස්ට්‍රෝබෙරි  කෝප්පයක්

කිරි හෝ යෝගට් කෝප්ප භාගයක්

දිවා ආහාරය                 ෆ්‍රයිඩ් රයිස් අඹරන ලද කුකුල් මස් හෝ හරක් මස් හා ඇපල් භාගයක් හෝ සැමන්, චිකන්,හරක් මස් හෝ බැටළු මස් සහ තක්කාලි සෝස්  යෙදු පැස්ටා හා කුඩා දොඩම්  ගෙඩියක්
සවස කෙටි ආහාර  හුම්මස් තැවරූ කැරට් හෝ  පිපිඤ්ඤා තීරූසහ කිරි කෝප්ප භාගයක්
රාත්‍රී ආහාරය            තැම්බූ එළවළු සමග ග්‍රිල් කළ හෝ පෑන් ෆ්‍රයිඩ්  චිකන් කෝප්ප භාගයක් සහ ස්ට්‍රෝබෙරි කෝප්ප කාලක් හෝ මාළු කැඳ හා  ෆ්‍රයිඩ් චීන බ්‍රොකලී සහ බ්ලූබෙරීස් කෝප්ප කාලක්

අවුරුදු 02 මාස 07  ක් වයසැති දරුවාගේ සාමාන්‍ය උස හා බර පරාසය සෙන්ටිමීටර 85.7 - 99.6 සහ කිලෝ ග්‍රෑම් 10.7 - 17.1 ක් වෙනවා.

මෙම වයසේදී, ඔබේ දරුවාගේ එන්නත් නිසි වයසට දී ඇති බවට   වග බලා ගැනීම ඔබට වැදගත් වෙනවා. රෝගයට වැඩි අවදානමක් ඇති අවුරුදු දෙකක් සහ ඊට වැඩි ළමුන් සඳහා හෙපටයිටිස් ඒ  එන්නත නිර්දේශ කරනු ලබනවා (ඔබේ පවුලේ ඉතිහාසය පරීක්ෂා කරන්න). ඔබේ දරුවාට ඇස්ප්ලේනියා හෝ එච්.අයි.වී ආසාදනය වැනි ඔහුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපාන තත්වයන් තිබේ නම් ඔබට නියුමොකොකල් එන්නතක් ලබා දීමට අවශ්‍ය වෙන්න පුළුවන්.

මේවා විකල්ප එන්නත් බව  මතක තබා ගන්න. ඔබේ දරුවාගේ එන්නත් හරි දිනට දී ඇති බව සහතික කිරීම සඳහා ඔබේ වෛද්‍යවරයා හමුවන්න. මෙම වයසේ ළමයින් සඳහා සාමාන්‍ය හෝ සෘතුමය රෝග වන   පැපොල, කම්බුල් ගාය, සරම්ප, අත් පා  මුඛ රෝග සහ ඩෙංගු වැළදෙන්න පුළුවන්.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා අධික බරින් හෝ අඩු බරින් යුක්ත නම්, මේ පිළිබඳව වෛද්‍යවරයෙකුගෙන් විමසන්න.

ඔහුගේ වර්ධනයේ මෙම තීරණාත්මක මාසවලදී, ඔහුගේ බර සහ උස නිරීක්ෂණය කිරීම අතිශයින්ම වැදගත් වෙනවා.

මීලඟ ලිපියෙන් පෙර  පාසැල් ළමා  සංවර්ධනය  අවුරුදු 02 මාස  08 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය : නදීශා ලක්මිණි

 

Written by

Niloufer Perera