theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අවුරුදු 2යි මාස 8ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

7 අවම කියවීම
අවුරුදු 2යි මාස 8ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනයඅවුරුදු 2යි මාස 8ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

වැඩි වීම සහ සරල සංවාදවල යෙදීම  වැනි  අවුරුදු 2 යි මාස 8 ක් වයසැති ඔබේ දරුවා තුල් අපේක්ෂා කළ හැකි වෙනත් සන්ධිස්ථාන මොනවාදැයි සොයා බලමු.

අවුරුදු 2 මාස 8 ළමා වර්ධනය - අවුරුදු 02 මාස 08 වයසැති ඔබේ දරුවා ඇගේ ස්වාධීනත්වය පුංචි පුංචි ආකාර වලින් ප්‍රකාශ කරනවා.

ඇය සම වයසේ මිතුරන්ට විවෘත වීමට පටන් ගෙන තියෙනවා. නමුත් ඇය  ලැජ්ජා සහගත වන අවස්ථාද තියෙන්න පුළුවන්. ඇයගේ උද්වේගකාරී හැසිරීම තාම තියෙනවා.

නමුත් ඇයගේ අවශ්‍යතා  මොනවාදැයි ඔබට වඩාත් හොදින් පෙන්වන්න  ඇයට පුළුවන්. සූදානම් වන්න, මව්වරුනි, පියවරුනි, ඔබේ දරුවාගේ  තුන්වන උපන්දිනය ලංවෙමින් තියෙනවා. මේ වයසේ සංවර්ධන සන්ධිස්ථාන ගැන සොයා බලමු.

අවුරුදු 2 මාස 8 ළමා සංවර්ධනය -  ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?

වයස අවුරුදු 2 මාස 8 ළමා වර්ධනය - ශාරීරික සංවර්ධනය

අවුරුදු 02 මාස  08  දී, ඔබේ කුඩා දරුවා වඩා ක්‍රියාශීලී වන අතර ඇගේ වටපිටාව ගැන වඩාත් කුතුහලයෙන් යුක්ත වෙනවා. ඇය පැනීමේ හා සමබර කිරීමේ කුසලතා ප්‍රගුණ කිරීමට පටන් ගෙන තියෙනවා. ඇය ගෘහ භාණ්ඩ වලින් ඉවතට පනින්න,  පඩිපෙලෙන් ආපස්සට  ඇවිදින්නට කැමතියි. ඇයට ආරක්ෂිතව දුවන්න හා සෙල්ලම් කරන්න හැකි උද්‍යානවලට හෝ ඔබේම මිදුල පසුපසට  ගෙන යාමෙන් ඇගේ ශාරීරික සංවර්ධනයට දායක වන්න.

ඇගේ කුඩා මස්පිඩු සම්බන්ධිකරණ  චලන කුසලතා(Fine motor skills) සම්බන්ධයෙන් ගත් කල,  අවුරුදු 02 මාස  08   ක් වයසැති දරුවන් සරල  හැඩතල පිටපත් කිරීමට  හුරු අත භාවිතා කරන්න ගන්නවා.

ඉඟි:

  • මෙම කුසලතා වැඩි දියුණු කිරීම සඳහා හොඳම ක්‍රමය වන්නේ ළමයින්ට හිතකර කලා නිෂ්පාදන ලබා දීමයි. බ්ලොක්ස්  ගොඩ නැගීම්  සහ ප්‍රහේලිකා විසදීම ඇය ප්‍රිය කරනවා.
  • ඇඳ තෙමා ගැනීම ( මුත්‍රා පිටවීම) ඔබේ දරුවාට ගැටලුවක් වෙන්න  පුළුවන්.  ඇයගේ ඇඳට  ප්ලාස්ටික් ආවරණයක් හෝ මෙට්ට අවරණයක් යොදන්න  අවශ්‍ය  නම් පුළුවන්. රාත්‍රියේ මුත්‍රා කර වීමෙන් මේ තත්වය මග හැර ගන්න පුළුවන්.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

හොඳින් දිවීම  හෝ පඩිපෙල නැගීමට නොහැකි වීම වැනි සංවර්ධන ප්‍රමාදයන් සම්බධයෙන්  ඔබේ දරුවා නිරීක්ෂණය කරන්න. ගැටලුවක් ඇත්නම් ඇගේ චලන  සංවර්ධනය වැඩි දියුණු කරන්නේ කෙසේදැයි ළමා රෝග විශේෂඥ  වෛද්‍යවරයෙකුගෙන් විමසන්න.

අවුරුදු 2 මාස 8 ළමා වර්ධනය  - මානසික සංවර්ධනය

ඔබේ පුංචි  දරුවා  වර්ණ වෙන් වෙන් වශයෙන් පැවසීම ගැන ඔබ පුදුමයට පත් වේවි.  හැඩතල හඳුනා ගැනීමේ හැකියාව වර්ධනය කර ඇගේ වේගයෙන් වැඩෙන  දැනුම දිරිගන්වන්න. 

චිත්‍ර ඇදීම, විනෝදමත් කලාවන් ඇගේ මොළයේ වර්ධනය වැඩි කරනවා පමණක් නොව බැදීම් හා සන්නිවේදනය සඳහාද අවස්ථාව ලබාදෙනවා.

මෙම වයසේදී, ඇය පාටකූරු  සහ පැන්සල් වලට ආකර්ෂණය වෙනවා. මුලින් ඇය බලි කුරුටු ඇන්දත් වයසෙන් වැඩෙද්දී සමහර හැඩයන් සහ රූප අදින්න පටන් ගන්නවා.

ඉඟි:

  • කඩදාසියක් කෙලින් කැපීමට ඔබට උදව් කරන ලෙස ඔබේ පුංචි දරුවාට කියන්න පුළුවන්. (ඇයට ආරක්ෂිත කතුරක් ලබා දෙන්න)
  • හමුවෙන සියල්ල ගණන් කරන්න. වාදනය හෝ දෘශ්‍ය ආධාර සහිතව ඔබ   ගීතයක් මගින් ඇය හා හෝඩිය පුරුදු  වෙන්න.
  • ක්ලේ වලින් ඇඹීම හෝ සත්ව ශබ්ද හඳුනා ගැනීම වැනි සංවේදී ක්‍රියාකාරකම් තුළින් ඔබේ දරුවාගේ මොළයේ වර්ධනය උත්තේජනය කරන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

සෑම දරුවෙකුම වෙනස් ආකාරයකින් සහ ඇයගේ වේගයෙන් ඉගෙන ගන්නවා. ඒ නිසා ඔබේ දරුවාට වඩාත් සුදුසු දේ කුමක්දැයි දැනගෙන එය පවත්වාගන්න.

 ඔබේ දරුවාට  ගණනය කිරීම හෝ හැඩතල සහ වර්ණ  හඳුනා ගැනීම සම්බන්ධ  ගැටලු තිබේ නම්  ඔබේ දරුවාගේ ළමා රෝග විශේෂඥ  වෛද්‍යවරයා හමුවෙන්න.

කීකරු දරුවෙක් හදාගන්න

අවුරුදු 2 මාස 8 ළමා වර්ධනය  - සමාජීය හා හැගීම් සංවර්ධනය

මෙම වයසේදී, ඔබේ වැඩෙන කුඩා දරුවා තනිව හෝ සෙල්ලම් සහකරුවෙකු සමඟ සෙල්ලම් කිරීමට කැමති වෙන්න පුළුවන්.

ඇය කැමති සෙල්ලම කුමක් වුවත්, දැනට ඇය සෙල්ලම් කිරීමට කැමති  අම්මා සහ තාත්තා සමඟ පමණක් වුවත්  ඇය තුල සහයෝගය හා සන්නිවේදනය පිළිබඳ හැඟීම දිරිමත් කරන්න.

ඇය මිතුරන් ඇති කර ගැනීමේදී වඩාත් විවෘත වීම පටන් ගත්තත් නොසන්සුන්කාරී අවස්ථාද ඇති වෙන්න පුළුවන්. 

දරුවා අවට සිටින අනෙක් ළමයින් පාලනය කරන අතර    සිත් ඇදගන්නා සුළු තර්ක වලට පැටලෙන්න පුළුවන්.

එහි ප්‍රතිවිරුද්ධ පැත්ත වෙන්න පුළුවන්.  ඇය පාලනය  කරන  මිතුරන්  අතර  සැග වී ඉන්න පුළුවන්.

ඉඟි:

  • මෙම අදියරේදී ඇය තුල හොඳ පුරුදු සහ සංවේදනය ඇති කිරීමට උත්සාහ කරන්න. මිතුරෙකු වීම යනු කුමක්ද යන්න ගැන ඇය සමඟ කතා කරන්න.
  • ඇය රාත්‍රියේදී පහසුවෙන් බියට වන්න පුළුවන්. නමුත් ඇය සැබෑ දේ හා පරිකල්පනය  කළ දේ අතර වෙනස දැන ගත් වහාම ඔබේ මඟ පෙන්වීම සමඟ  නිර්භීත වේවි. 
  • කලාව හා අත්කම් මගින් ඇයගේ කුඩා මස් පිඩු සම්බන්ධීකරණ චලන කුසලතා (Fine motor skills) ඇති.

ඒවා ඉහළ නැංවීම හැරුණු විට ඔවුන්ගේ හැඟීම් මැනීමටද අවස්ථාව ලබාදෙනවා. ඒ නිසා ඇයට ඕනෑවට වඩා මැදිහත් නොවී මෙය කිරීමට ඉඩ දෙන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා හිසෙන් ගැසීම  වැනි කෝපයට පත්  හැසිරීමක් පෙන්වන්නේ නම්, කලබල නොවන්න.

මෙය කුතුහලයෙන් තොර  ඇයගේ සීමාවන් පරීක්ෂා කිරීමේ ක්‍රමයක් වෙනවා.

මෙය නිතර සිදුවෙනවා නම් ඇයට කියා ගත නොහැකි වේදනාවක් නිසා වෙන්න පුළුවන්  ඒ නිසා  පරිස්සම් වෙන්න.

  • ඔබේ කුඩා දරුවා අතිශයින්යින්ම මිත්‍රශීලී නොමැති, ලැජ්ජාශීලී හෝ අක්ෂි සම්බන්ධතා නොපවත්තේ නම් සැලකිලිමත් වෙන්න.

අවුරුදු 02 මාස  08  පෙර  පාසැල් ළමා සංවර්ධනය - කථනය හා භාෂාව සංවර්ධනය

මේ කාලය වන විට, ඔබේ කුඩා දරුවා තමාව නමින් හැඳින්වීමට පහසුවෙන්  පුළුවන්.

ඔවුන් ස්ත්‍රී පුරුෂ භාවය ගැන ද හුරුපුරුදු වන අතර වස්තූන්ගේ පිහිටීම දැක්වීමට මත, යට,තුල වගේ  නිපාත පද භාවිතා කරනවා.

ඔබේ කුතුහලයෙන් පිරි පොඩ්ඩා තේරුම් ගැනීමට හැකි අතර සමහර විට සරල කථා සහ සංවාදවල යෙදීමට පුළුවන්.

ඔබ කාර්යබහුල වු විට හෝ සංවාදයක යෙදී සිටින විට ඇය ඔබට බාධා කරන්න  පෙළඹෙන්න පුළුවන්.

නමුත් ඇය මෙසේ කරන්නේ ඔබේ අවධානය ලබා ගැනීමටයි.

ඉඟි:

  • තෝරා ගන්න අවස්ථා දීම මගින් ඇයට යම් ආකාරයක පාලනයක් ලබා ගැනීමට උපකාරී වෙනවා.

ඔබේ දරුවා මේ වයසේදී අඩන්න පටන් ගත්තොත්, එය ඇයගේ සන්නිවේදන ක්‍රමයක් පමණයි.

  • ඇගේ අවශ්‍යතා ප්‍රකාශ කිරීමට ඇයව දිරිමත් කරන්න. අඩන විට උදාසීන පරිසරයක් පවත්වා ගැනීමට උත්සාහ කරන්න.

ඇයව සනසන්න  හෝ ඇයට බැණ වදින්න යන්න එපා. ඇයව වචන භාවිතා කිරීමට   දිරිමත් කරන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවාට යම් වචන සහ අක්ෂර උච්චාරණය කිරීමට ගැටලු තිබේද?

එසේනම් ඇයගේ සන්නිවේදන කුසලතා වැඩි දියුණු කරන්නේ කෙසේදැයි දැන ගැනීම සදහා කථන විශේෂඥයෙක් හෝ ළමා රෝග විශේෂඥයෙක් හමු වී උපදෙස් ලබාගන්න.

  • ඔබේ දරුවා අතිශයින් නිහඩද? එසේ නම් සහ බොහෝ විට ඇය දැනටමත් හුරුපුරුදු විය යුතු පවුලේ අයට සහ මිතුරන්ට පවා ප්‍රතිචාර නොදක්වන්නේ නම්, ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න.

අවුරුදු 2 මාස 8 ළමා වර්ධනය - සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

මෙම අවස්ථාවෙහිදී, දරුවෙකුගේ ආහාර රුචිය ඇයගේ වර්ධන වේගයට සමානුපාතික වෙනවා.

ඒ නිසා ඇය ප්‍රමාණවත් තරම් ආහාර ගන්නේ නම් ඇගේ වර්ධන වේගයද ඉහළ යනවා.

ඔබේ දරුවාගේ ආහාර රුචිය වැඩි කිරීම සඳහා විවිධ වර්ණ හා රසයන්ගෙන් යුත් විවිධාකාර පෝෂ්‍යදායී ආහාර ඇයට ලබා දිය යුතුය.

මූලික ආහාර කාණ්ඩ හතර පදනම් කර ගෙන ආහාර වේල ලබා දිය යුතුය.

මස් (අවුන්ස 2),

මාළු, කුකුළු මස් හෝ බිත්තර (කෑලි 1 ), කිරි (කෝප්ප 1/2),

චීස් (පෙති 1) හා අනෙකුත් කිරි නිෂ්පාදන  පලතුරු (කෝපප 1/3 )

එළවළු (කෑලි 2,3),

පාන් (පෙත්තක්)

අර්තාපල් ( කෝප්ප1/3),

සහල් ( කෝප්ප 1/3),

සීරියල්  (කෝප්ප 1/2)

මෙම වයසේ කුඩා දරුවන්ගේ සාමාන්‍ය උස සෙන්ටිමීටර 86.4 සිට 100.4 දක්වා වන අතර ඔවුන්ගේ බර කිලෝග්‍රෑම් 10.8 සිට 17.4 දක්වා වෙනවා.

මෙම වයසේදී ඔවුන්ගේ එන්නත් කිරීමේ කාලසටහන අනුව  ඔබේ දරුවාගේ වෛද්‍ය ඉතිහාසය සහ නැඹුරුතාව මත පදනම්ව යම් එන්නත් යාවත්කාලීන කළ යුතුයි. 

හෙපටයිටිස් ඒ ශ්‍රේණියක්, මෙනින්කොකොකල් එන්නත සහ නියුමොකොකල් පොලිසැකරයිඩ එන්නත (පීපීඑස්වී) එන්නත් ( Hepatitis A series, Meningococcal vaccine, and pneumococcal polysaccharide vaccine (PPSV) vaccines ) ලබා දීම අවශ්‍ය දැයි ඔබේ ළමා රෝග විශේෂඥ   වෛද්‍යවරයාගෙන් විමසන්න.

ඉඟි

  • මෙම වයසේදී අධික ලෙස ආහාර ගැනීම පසුකාලීනව තරබාරුකමට හේතු විය හැකි බව සැලකිල්ලට ගන්න. ඒ නිසා සමානුපාතිකයන් මෙන්ම පෝෂණ අන්තර්ගතයන්ද කළමනාකරණය කිරීම වඩාත් සුදුසු  වෙනවා.
  • ඔබේ දරුවාව තොටිල්ලේ සිට ඇඳට ගන්න පුළුවන්. නමුත් ඉවසිලිවන්ත වෙන්න.

ඒ ඔබේ කුඩා දරුවා මෙම වෙනසට හැඩගැසෙන තුරු නින්දට බාධා ඇතිවෙන්න පුළුවන්.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවාගේ වයස අනුව බර අඩු නම් හෝ වර්ධනය අඩපණ වී ඇත්නම්, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවන්න.
  • කුඩා දරුවන්ට තොටිල්ලෙන් ඉවත් වී නිදා ගැනීම අපහසු වීම ස්වාභාවික වේවි.

ඒත් ඇය ඕනෑවට වඩා තදින් ඇලී සිටියි හෝ පාලනයෙන් තොරයි නම් ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

අවසාන වශයෙන්, ඔබේ දරුවා හදිස්සි නොකරන්න. අවුරුදු 02 මාස 08 ක් වු මෙම සංවර්ධනයන් දෙමාපියන්ට සිත් ඇදගන්නා සුළු වුවත්, සෑම දරුවෙකුම තමන්ගේම  වේගයෙන් වර්ධනය වන බව දැනගැනීම  වැදගත්ය.

ඉවසිලිවන්තව වන්න.  උදව් කරන්න. ඔබේ දියුණු වන කුඩා දරුවාට එය අවශ්‍යය වෙනවා.

මීලඟ ලිපියෙන් පෙර  පාසැල් ළමා  සංවර්ධනය  අවුරුදු 02 මාස  09 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

 

 

 

 

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
  • /
  • අවුරුදු 2යි මාස 8ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය
බෙදාගන්න :
  • අවුරුදු 2යි මාස 4ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

    අවුරුදු 2යි මාස 4ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

  • අවුරුදු 2යි මාස 9ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

    අවුරුදු 2යි මාස 9ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

  • අවුරුදු 2යි මාස 4ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

    අවුරුදු 2යි මාස 4ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

  • අවුරුදු 2යි මාස 9ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

    අවුරුදු 2යි මාස 9ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it