අවුරුදු 2යි මාස 9ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

lead image

අවුරුදු 02 මාස  09  දී, ඔබේ පුංචි සුලි සුළඟ ක්‍රියාවෙන් මහා කුණාටුවක්  වෙන්න සූදානම්.

අවුරුදු 2 මාස 9 ළමා වර්ධනය: ඔබේ   අවුරුදු 02 මාස  09   ක් වු දරුවා අවුරුදු දෙකක දරුවෙකු ලෙස ඔබ සිතනු ඇතත් ඔහුට  දැන් අවුරුදු  තුනකට කිට්ටු වෙනවා.  ඔහු ක්‍රියාවෙන් සුළි සුළඟක් වන අතර එය කතා කරන සුළි සුළඟකි. 

ඔබට උද්වේගකාරී හැසිරීම් හා කෝපාවිෂ්ට හැසිරීම් බොහොමයකට මුහුණ දෙන්න සිදුවේවි  ( එයට “ත්‍රාසජන දෙවැනි විය” කියන්නේ නිකම්ම නොවේ), නමුත් ඔබේ අවුරුදු 02 මාස  09   ක් වයසැති දරුවා  සංවර්ධන සන්ධිස්ථාන සමඟ ගමන් කරන්නේ දැයි පරීක්ෂා කර බලන්න.

අවුරුදු 02 මාස  09  දී, ඔබේ පුංචි සුලි සුළඟ ක්‍රියාවෙන් මහා කුණාටුවක්  වෙන්න සූදානම්.

අවුරුදු 2 මුල් ළමා වර්ධනය -  ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?

වයස අවුරුදු 2 ළමා වර්ධනය - ශාරීරික සංවර්ධනය

අවුරුදු 02 මාස  09 දී, ඔබේ දරුවා ශාරීරික ක්‍රීඩාවට ප්‍රිය කරනවා. කුඩා සුළි සුළඟක් මෙන්, ඔහු දුවනවා. නගිනවා. බොහෝ විට, ඔහුගේ ක්‍රීඩා කාමරයෙන් පිටව යන්නේ සුළි සුළඟක් මෙනි.

ඔබ ඔබේ පුංචි  දරුවාගේ  වැසිකිළි පුහුණු  ආරම්භ කර ඇත්නම්, දිවා කාලයේදී ඔහු සම්පූර්ණයෙන්ම වැසිකිළි පුහුණුව ලබනු ඇතැයි බලාපොරොත්තු  වෙන්න පුළුවන්. නමුත් තුවායක් අත ලග තබා ගන්න. අහම්බයෙන් ඔහුට වැසිකිළි කටයුතු ඉන් පිට සිදුවෙන්න  පුළුවන්.

ළමා කාලයේ ඇතිවෙන  චලන  කුසලතා (Gross motor skills )

ඔබේ අවුරුදු 02 මාස  09  ක් වයසැති දරුවා  ශාරීරික  ක්‍රීඩා කරන්න  ප්‍රිය කරන බැවින්  ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරී වීමට දිරිගන්වන්න. ඔහු පැද්දීම් සහ ලිස්සායෑම් වලට කැමතියි.  ඔහු බොහෝ විට සෑම දෙයක්ටම  නගින්න උත්සාහ කරාවි. එබැවින් ආරක්ෂාව සම්බන්ධයෙන් ඔබ  සුදානම් පිට ඉන්න.

මේ වන විට, ඔබේ තුන් හැවිරිදි දරුවාට    දුවද්දී  හදිස්සියේ නවතින්න පුළුවන්. ඔහුට වැටෙන්න නැතුව  පාලනය වෙන්න පුළුවන්. ඔහුට දුවන විට ප්‍රවේශමෙන්  ගමන් කල හැකි අතර බාධක වළක්වා ගන්නත් පුළුවන්

කුඩා මස්පිඩු සම්බන්ධීකරණ චලන කුසලතා (Fine motor skills )

මෙම අවස්ථාවෙහිදී, ප්‍රහේලිකා යනු ඔබේ පුංචි  පැටියාට  විශාල දෙයකි. ඔහුට සරල ප්‍රහේලිකා සම්පුර්ණ කිරීමට මෙන්ම බ්ලොක්ස්  කොටස් අටක පමණ තබා කුළුණු තැනීමට පුළුවන්.

මෙයට හේතුව ඔහුගේ දෑත් වඩාත් දක්ෂතා  වලින් අනූන වීමයි.  අවුරුදු 02 මාස  09 ක් වයසැති ළමයින්ට ඔවුන්ගේ මාපටැඟිල්ල දෙපැත්තට සොලවන්න පුළුවන්  විය යුතුය. කුඩා වස්තූන් හැසිරවීමට මෙය ඔවුන්ට උපකාරී වෙනවා.  සරල කෝටු රූප ඇඳීමට ඔහුට හැකි වේවි. තමාගේ රූපය සහ පවුලේ රූප ඔහුගේ පළමු චිත්‍ර වේවි.

ඉඟි:

  • නිතර ක්‍රීඩා පිටියට යන්න. ඔහු මේ වයසේදී වේගයෙන් ඉගෙන ගන්නා ස්ථානය මෙයයි.
  • මව්වරුනි, පියවරුනි ඔබත් යෝග්‍යතාවය, ලබාගන්න. ඔබට දරුවා පසුපස දුවන්න තියෙනවා.
  • කඩදාසි, පැන්සල්, මාකර් පෑන් සහ පාටකූරු වෙත ඔහුට ඇතිතරම්   ලබා දෙන්න. ඔහු මේ වයසේදී කුරුටු ගාන්න කැමතියි.

නමුත් ඔහු ගැන විමසිල්ලෙන්  සිටින්න. නැත්තම්  ඔහු බිත්ති සහ සෝෆා මත ලියන්න පුළුවන්.  දැන් සලකුණු මකන්න පුළුවන් මාකර් පෑන් වෙළඳසැල්වල තියෙනවා. හොද ආරංචියක් නේද?

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • මෙම වයසේදී ස්ථාවරව ගමන් කිරීමට නොහැකි වීම සංවර්ධන ප්‍රමාදයක් හෝ අනතුරු ඇගවීමේ සලකුණක් වෙන්න පුළුවන්.
  • වරක් තිබූ කුසලතා නැති වුවහොත් ඔබේ  වෛද්‍යවරයා ගෙන් උපදෙස් ලබා ගන්න.

අවුරුදු 2 මාස 9 ළමා වර්ධනය - මානසික සංවර්ධනය

අවුරුදු 02 මාස  09ක් වයසැති දරුවාගේ මොළය ද වේගයෙන් වර්ධනය වේ. ශාරීරික හා මානසික සංවර්ධනය යන දෙකම  සියල්ල එකවර සිදුවෙමින් පවතිනවා.

මෙම අවස්ථාවෙහිදී, ඔබේ දරුවාට වස්තු ස්ථීරභාවය පිළිබඳ මනා අවබෝධයක් තිබීම මානසික  සංවර්ධනයේ වැදගත් සන්ධිස්ථානයකි.

දේවල් “ඉබේ අතුරුදහන් නොවන” බව ඔහු දැනගන්නවා පමණක් නොව ඔහුට පුළුල් පරාසයක වස්තූන් හඳුනා ගැනීමට හැකිවෙනවා. කතන්දර පොත්වල පින්තූර විස්තර කිරීමට ඔහුට පුළුවන්.

මෙම වයස් කාණ්ඩයේ ළමයින් රාත්‍රීයේ බිය වෙනවා. ඔවුන් මධ්‍යම රාත්‍රියේ අවදි වී කෑගසමින් හා බියෙන් වෙව්ලන්නට පුළුවන්.  

මෙහිදි ඔවුන්ගේ  දෙමාපියන් ගොඩාක් බයවෙනවා. දරුවන්  ටික වේලාවකින්  යලි නින්දට වැටෙන අතර උදෑසන ඒ පිළිබඳ කිසිදු මතකයක් ඔවුන්ට නැහැ. මෙම බියජනක හැසිරීම රාත්‍රී භීෂණය ලෙස හැඳින්වෙනවා.

රාත්‍රීයේදී  මෙලෙස බියපත් වීම   ගැන කණගාටු  වෙන්න එපා. එය සිදුවුවහොත්, ඔබට හැකි උපරිමයෙන් ඔබේ දරුවා සනසන්න. ඔවුන් නැවත නිදිකරවන්න  උත්සාහ කරන්න.

ඉඟි:

  • කතන්දර පොත්වල ඇති වචන පමණක් කියවන්න එපා. පින්තූර පෙන්වමින්, සිදුවන්නේ කුමක්ද යන්න පැහැදිලි කරන්න.

ඒ වගේම ඔහුගෙන් ප්‍රශ්න අසමින් ඔහුව වඩාත් ගැඹුරින් ඒ සදහා සම්බන්ධ කරගන්න

  • ඔහුට බියක් හෝ රාත්‍රී භීෂණයක් ඇති වූ විට ඔහුව සනසන්න. ඔහුට බිය වන දේ ඉක්මනින්ම බැහැර කරන්න එපා.
  • ඔහුට සරල ප්‍රහේලිකා කිහිපයක් (කෑලි තුනක් හෝ හතරක්) ලබා දෙන්න.

ප්‍රහේලිකා ඔහුගේ කුඩා මස්පිඩු සම්බන්ධීකරණ චලන කුසලතා(Fine motor skills ) සඳහා පමණක් නොව, ඔහුගේ මානසික සංවර්ධනයට ද පිටුවහලක් වෙනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

දරුවන් තමන්ගේම වේගයෙන් වර්ධනය වෙනවා. කෙසේ වෙතත්, මෙම අනතුරු ඇගවීමේ සලකුණු ගැන දිගටම සැලකිලිමත් වෙන්න.

  • ඔහු රඟපාන සෙල්ලම් වලට කැමති නැතිනම්
  • ඔහුට වස්තු වර්ගීකරණය කිරීමේ අපහසුතාවයක් තිබේනම්
  • පොදු වස්තූන්ගේ ක්‍රියාකාරිත්වය තේරුම් ගැනීමට නොහැකි නම්
  • ඔහු නිරන්තරයෙන් එක් ක්‍රියාකාරකමකින් තවත් ක්‍රියාකාරකමක් මාරු කරයි නම්. එක ක්‍රියාකාරකමක බොහෝ වේලා ඉන්න නොහැකි නම්

අවුරුදු 2 මාස 9 ළමා වර්ධනය - සමාජීය හා හැගීම් සංවර්ධනය

අවුරුදු 2 මාස 9 ළමා වර්ධනය

අවුරුදු 02 මාස  09  ක් වයසැති කුඩා දරුවන් අතිශයින්ම සමාජශිලීය. ඔවුන් අන් අය සමඟ සෙල්ලම් කිරීමට ප්‍රිය කරන අතර කැමති සෙල්ලම් සගයෙක්ද  ඉන්න පුළුවන්.

ඔවුන්ට මවාගත් මිතුරෙකු පවා ඉන්න පුළුවන්.  මෙම මවාගත් මිතුරා බොහෝ විට ඔබේ කුඩා දරුවා වැරදි ලෙස හැසිරෙන විට භාවිතා වෙන පුද්ගලයෙකු වෙනවා (“මම නෙවෙයි. ඒක කලේ ඔහු”) දරුවන්ට වයස අවුරුදු හය හෝ හත වන විට මෙම මවාගත් මිතුරන් අතුරුදහන් වෙනවා.

මෙම වයසේදී, ඔබේ දරුවා ප්‍රශංසාව හා අනුමැතිය සොයනවා. ඔබ ඔවුන් ගැන සිතන දේ ඔවුන්ට  සියල්ලම  වෙනවා. ඔහුට ආත්ම අභිමානය නිතර  ලබා දීමට වග බලා ගන්න.

ඉඟි:

  • ඔබේ පුංචි දරුවාට ප්‍රශංසා කරන්න. ඔහුගේ  කුඩා ජයග්‍රහණ වලට පවා ඔහුට සුබ පතන්න.
  • ඔහුට ක්‍රීඩා පිටියේ හෝ ක්‍රීඩා දිනයන්හි වෙනත් ළමයින් සමඟ සෙල්ලම් කිරීමට ඉඩ දෙන්න.
  • මෙම අවස්ථාවෙහිදී ඔවුන් එක්ව සෙල්ලම් නොකරන්න පුළුවන්.

නමුත් ඔවුන් පසෙකින් හිද සෙල්ලම් කිරීම එක්ව සෙල්ලම් කිරීමේ පළමු පියවර වෙනවා.

  • හැගීම් දෝලනයට සූදානම් වන්න. ඔහු එක මොහොතකින් සතුටු වී ඊළඟ මොහොතේ උද්වේගකාරී වෙන්න පුළුවන්. ඉවසන්න. මෙය සාමාන්‍ය දෙයකි.
  • ඔහුගේ සෙල්ලම් බඩු බෙදා ගැනීමට ඔහුට බල නොකරන්න. මෙම මාසවලදී ඔහු පූර්ණ අවධානය සහ ආදරය ඉල්ලා සිටින්න පුළුවන්.
  • ඔහු සමඟ රඟපාන්න. ඔහුගේ පරිකල්පනය වැඩිදියුණු කරන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවා අනෙක් ළමයින් කෙරෙහි උනන්දුවක් නොදක්වයි නම්
  • ඔහුට අධික ලෙස වෙන්වීමේ කනස්සල්ල ඇතිනම්.
  • ඔහු අසාමාන්‍ය ලෙස ආක්‍රමණශීලී බවක් පෙන්වයි නම්

අවුරුදු 2 මාස 9 ළමා වර්ධනය - කථනය හා භාෂාව සංවර්ධනය

දැන් ඔබේ කුඩා දරුවා කතා කිරීමේ වේගය වැඩි කරමින් සිටිනවා.  ඔහු  ගෙන් සතුට, කලබලය,  කනගාටුව  සහ කෝපය වැනි විවිධ සංවාදීය ස්වර භාවිතා කිරීම බලාපොරොත්තු වන්න.   ප්‍රශ්න ඇසීමේ හැකියාව ඇති නිසා ඔවුන් සියල්ල ප්‍රශ්න කරාවි.

ඒ නිසා ඔබේ දරුවා සමඟ සංවාදයේ යෙදීමට බොහෝ වේලාවක්  ගත කරන්න. විහිලුවක්ද? නැහැ. ඔබ කැමති වුවත් නැතත් මෙය කරන්න සිදුවෙනවා

ඔබගේ පළමු සැබෑ සංවාද මෙම අදියරේදී සිදුවෙනවා. ඔබේ අවුරුදු 02 මාස  09  ක දරුවාට දැන් වාක්‍ය දෙක තුනක් කතා කරන්න  පුළුවන්. ඔහුට බොහෝ වේලාවට  පැහැදිලිව කථා කරන අතර  නිපාත පද භාවිතා කිරීමට ද හැකි වෙනවා.

මේ කතා කිරීමේදී  සියලු කතා දැනටමත් ඔබව වෙහෙසට පත් කර ඇති. එහෙම නේද?  හොඳ ආරංචියක් තියෙනවා. 

ඔබේ දරුවාට දැන් සරල ඉල්ලීමක් අනුගමනය කරන්න පුළුවන්. ඒ නිසා  ඔබට ඔහුට “දුරස්ථ පාලකය  ගන්න” හෝ “අම්මාට එයාගේ  ෆෝන් එක දෙන්න” කියා කියන්න පුළුවන්. ඔන්න දැන් චූටී චූටී වැඩ කරගන්න පොඩ්ඩෙක් ඉන්නවා.

ඉඟි:

  • ඔබේ අවුරුදු දෙකේ දරුවා සමඟ දිගටම කතා කරන්න.
  • ඔහු නැවත කතා නොකලත්, ඔහු නව වචන සහ වාක්‍ය සියල්ලම ඒ තුලින් ඉගෙන ගන්නවා.
  • දරුවාට නව වචන ඉගැන්වීමට සංගීතය කදිම ක්‍රමයක් වෙනවා.
  • පෙර පාසැල් ගීත එක්ව ගායනා කර ඒවා සමඟ විනෝද වන්න.
  • සෑම දිනකම ඔහුට නව අකුරක්, එහි ශබ්දය/ ශබ්ද සහ එම අකුරෙන් ආරම්භ වන වචන උගන්වන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

සංවර්ධනයේ සෑම අදියරකදීම මෙන්, ඔබේ අවුරුදු දෙකේ දරුවා පැහැදිලිව කථා නොකරන්නේ නම්, ප්‍රශ්න ඇසීම හෝ ජීවිතයේදී ඔහු  ඔබ සමඟ සම්බන්ධ නොවන්නේ නම් එය නොසලකා  හරින්න එපා. සෑම දරුවෙකුම ඔවුන්ගේ කාලය තුළ වර්ධනය වෙනවා. ඉවසිලිවන්තව ඔබේ කුඩා දරුවා සමඟ දිගටම කතා කරන්න. කෙසේ වෙතත්, අනතුරු ඇගවීමේ සලකුණු ගැන ඔබ දැනුවත් විය යුතුය:

  • ඔහුට වචන දෙකේ වාක්‍ය ඛණ්ඩයක් භාවිතා කළ නොහැකි නම්
  • ඔබේ කුඩා දරුවාට ඔහුගේ අවශ්‍යතා කියන්න බැරි නම්

අවුරුදු 2 මාස 9 ළමා වර්ධනය - සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

කවුද මේ ලොකු දරුවා?  ඔබේ කුඩා දරුවා වේගයෙන් වර්ධනය වෙනවා. ඔහුගේ  හෝ ඇයගේ  උස සෙන්ටිමීටර 87.5 සිට 102 දක්වා  විය යුතුය. ඔහුගේ හෝ ඇයගේ බර කිලෝග්‍රෑම් 11 සිට 17.8 දක්වා විය යුතුය. සෑම විටම මෙන්, ඔබේ දරුවාගේ උස හා බර ගැන පීඩනයට  පත් නොවන්න. ළමයින් විවිධ වේගයන් ගෙන් වර්ධනය වෙනවා. ඔහු හොඳින් ආහාර ගන්නවා නම්, ඔබට කිසිවක් ගැන කරදර විය යුතු නැහැ.

ආහාර සම්බන්ධයෙන් ගත් කල, අවුරුදු 02 මාස 09  ක් වයසැති ළමයින් යනු වෙනස්වෙන සුළු ජිවීන්‍ ය. සමහර දිනවල ඔවුන් පෙනෙන සෑම දෙයක්ම ආහාරයට  ගන්නවා. අනෙක් දින වල, ඔවුන් කිසිවක් ආහාරයට  නොගෙන ඉන්න  පුළුවන්. බොහෝ ළමයින් ප්‍රධාන   ආහාර වේල් තුනට වඩා කෙටි  කෑම වලට වැඩි කැමැත්තක් දක්වනවා. ඒ නිසා කෙටි ආහාර වේල් ආහාරයට ගන්න ඔවුන්ට බල කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ.

ඔබට සෑම විටම කෑම දෙන විට උපායශීලී වෙන්න පුළුවන්. ආහාර  විනෝදජනක  සහ නිර්මාණශීලිව  ඉදිරිපත් කරන්න. ඔවුන්ට ආහාර තෝරා ගැනීම්  ඉදිරිපත් කරන්න, නමුත් වැඩිය නොවේ. සියල්ලටත් වඩා, පෝෂ්‍යදායී ආහාර පුරුදු ආදර්ශනය කරන්න. ඔබේ කුඩා දරුවා  ඔබ කරන දේ කරන බව මතක තබා ගන්න.

සෑම දිනකම ඔබේ දරුවාට කිරි, ධාන්‍ය, පලතුරු, එළවළු සහ ප්‍රෝටීන් අනුභව කිරීමට අවශ්‍යයි.

  • ඔබේ දරුවාට කිරි, යෝගට් හෝ චීස් කෝප්ප 1 සිට 1 1/2 දක්වා දෙන්න.
  • ඔහු ධාන්‍ය අවුන්ස 3 ක් අනුභව කළ යුතුය.

අවුන්ස 1 = පාන් පෙත්තක්, සීරියල් කෝප්පයක් හෝ බත් හෝ පැස්ටා කෝප්ප 1/2 ක්

  • ඔහු පලතුරු කෝප්ප 1 ක් පමණ අනුභව කළ යුතුය. විවිධත්වය යොදාගන්න.
  • පලතුරු කුඩා කොටස් වලට කපා ලබා දෙන්න.
  • ඔබ පලතුරු කපන අතරතුර, බ්ලෙන්ඩරයෙන් නැවුම් යුෂ ටිකක් සාදා ගන්න.
  • ඔබේ දරුවාට සියයට සියයක් වු පළතුරු යුෂ අවුන්ස 4 සිට 6 දක්වා අවශ්‍ය වෙනවා.
  • ඔබ පලතුරු සමඟ කළාක් මෙන්, ඔහුගේ එළවළු සඳහා විවිධත්වයක් දෙන්න. 
  • ඔහුට පිසින ලද එළවළු කෝප්ප 1 ක් පමණ දෙන්න. 
  • ඔහුගේ වැඩීමට අවශ්‍ය ප්‍රෝටීන් සදහා දිනකට මස් කුකුළු මස් හෝ මාළු අවුන්ස 2 ක් පමණ අවශ්‍ය වෙනවා.
  • බෝංචි, ඇට සහ බිත්තර ද ප්‍රෝටීන් අනුනයි (අවුන්ස 1 = පිසූ වියළි බෝංචි කෝප්ප 1/4    හෝ බිත්තර 1).

ඔබේ දරුවා නිරෝගීව   සිටින බව සහතික කිරීම සඳහා, ඔහුගේ එන්නත් ලබා දී ඇතිද යන්න පරීක්ෂා කරන්න.

මේ වන විට, ඔහුට ඔහුගේ එන්නත් වලින් වැඩි ප්‍රමාණයක් ලබා දී අවසන්. නමුත් ඔබට කිසියම් දෙයක් මග හැරී ඇත්දැයි දැනගැනීමට  ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

දරුවාට නියමිත වේලාවට එන්නත් දී ඇත්නම්, මේ මාසයේ  ලබා දීමට  වෙනත් එන්නත් නැහැ.  නමුත් සෑම වසරකම ඉන්ෆ්ලුවෙන්සා එන්නතක් ලබා ගැනීම නිර්දේශ කර ඇති බව මතක තබා ගන්න

ඔබේ දරුවාට එන්නත් ලබා දුන්නද, ඔහු සෑම විටම අසනීප වෙන්න පුළුවන්. ඔබ ඔහුව දිවා සුරැකුම් හෝ පෙර පාසල් වෙත යවන්නේ නම් කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව වඩාත් සුලභ වැළදේවි.  වයස අවුරුදු තුනට අඩු දරුවන්ට අත්, පාද සහ මුඛ රෝග, රෝසෝලා සහ පස්වන රෝග වැනි රෝග ඇතිවීමේ අවදානමක් තියෙනවා. එසේම, ඕනෑම  වර්ගයක උණ රෝගයකින් පරිස්සම් වන්න, එය වඩාත් බරපතල රෝගයක ලක්ෂණයක් වෙන්න  පුළුවන්.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා

  • ඔබේ දරුවා ඔහුගේ වයසට වඩා කුඩා නම්, ඔබට ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ගන්න.
  • ආහාර තෝරා කන්නන් කුඩා දරුවන් අතර සුලභ වුවද, ඔහු නිරන්තරයෙන් ආහාර, ප්‍රතික්ෂේප කරන්නේද?

එසේ නම්, දරුවා නිතර නොසංසුන් නම් විශේෂඥ උපදෙස් ලබා ගැනීමට ඔබට අවශ්‍ය වෙන්න පුළුවන්.

මාස කිහිපයකින්, ඔබේ අවුරුදු 02 මාස 09 ක් වු දරුවාගේ  වයස අවුරුදු තුනක් වෙනවා.

ඔබට හැකි සෑම විටම මෙම පීඩාකාරී  මාස භුක්ති විඳින්න. ඒවා සියල්ලම ඉක්මනින් පහව යාවී.

මීලඟ ලිපියෙන්  පෙර පාසල්  ළමා  සංවර්ධනය  අවුරුදු 02 මාස  10

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

 

 

 

 

 

 

 

Written by

Niloufer Perera