theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අවුරුදු 3ක් වයසැති දරුවා – මුල් ළමා සංවර්ධනය

9 අවම කියවීම
අවුරුදු 3ක් වයසැති දරුවා – මුල් ළමා සංවර්ධනයඅවුරුදු 3ක් වයසැති දරුවා – මුල් ළමා සංවර්ධනය

ඔබේ දරුවා තුන් හැවිරිදි වියේ පසුවන මේ මොහොතේ පසුකර  යා යුතු සන්ධිස්ථාන මොනවාද? අපි සොයා බලමු.

අවුරුදු 3 දරුවාගේ වර්ධනය: ඔබ ඇස් පිය ගසන සැනින් ඔබේ දරුවා ලොකු දරුවෙක් වෙලා නේද?  ඔබේ පුංචි  පැටියා  දැන් ත්‍රාසජනක  දෙවැනි  අවධිය නිල වශයෙන් පසු කර අවසන්,  දැන් ඔහු “මැජික් අවුරුදු” ලෙස දන්නා කාලයට ඇතුල් වෙනවා.  

අවසානයේ ඔහු තැම්පත් වීමට  සහ ඔබට ඇහුම්කන් දීමට සූදානම්ව සිටින බවක් පෙනෙන්නට තිබීමත්, ඔහු තුල පරිකල්පනීය හා  කුතුහලයෙන් යුත් හැඟීමක් වර්ධනය කර ගැනීමත් නිසා මෙසේ හදුන්වනවා. 

ඔබ අපේක්ෂා කළ යුතු  අවුරුදු 03 ක් වු දරුවාගේ සන්ධිස්ථාන මොනවාද?

මෙම ලිපියෙන්, ඔබේ  අවුරුදු 03 ක් වු  දරුවාගේ පොදු සන්ධිස්ථාන කිහිපයක් ගැන ඉගෙන ගන්නා අතර ඔබේ බලවත් තුන් හැවිරිදි කුඩා දරුවා නිවැරදි මාර්ගයේ ගමන් ගන්නා බවට සහතික කර ගන්න.

කෙසේ වෙතත්, දරුවන් තමන්ගේ වේගයෙන් වර්ධනය වන බවත්, ඒ නිසා විවිධ වේලාවන්හි විවිධ “සන්ධිස්ථාන” කරා ඔවුන් ළඟා වෙන  බවත් ඔබ මතක තබා ගත යුතුය.

ඔබේ දරුවාගේ සංවර්ධනය ගැන ඔබ කිසියම් ආකාරයකින් කනස්සල්ලට පත්ව සිටී නම්, ඔබේ ළමා රෝග විශේෂඥ  වෛද්‍යවරයා සමඟ කතා කරන්න.

අවුරුදු 3 දරුවාගේ වර්ධනය -  ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?

වයස අවුරුදු 3   පෙර පාසැල් ළමා සංවර්ධනය - ශාරීරික සංවර්ධනය

අවුරුදු 3ක සන්ධිස්ථාන අතර, ඔබේ තුන් හැවිරිදි දරුවා  කෙතරම් වේගවත්ද යන්න ඔබට පෙනේවි.

මේ වන විට, ඔහු දිවීම, පැනීම සහ උඩ නැගීමට පවා දක්ෂ විය යුතුය. මීට අමතරව පහත සඳහන් අවුරුදු 03 සදහා වු සන්ධිස්ථාන සඳහා පරීක්ෂා කරන්න.

  • පැකිලි වැටීමකින් තොරව කෙටි දුරක් දුවනවා.
  • පහසුවෙන්ම උස අඩු ගෘහ භාණ්ඩ උඩට නගිනවා.
  • ට්‍රයිසිකල් පදිනවා.
  • කකුල් මාරු කර තබමින් පඩිපෙල නගිනවා සහ බහිනවා
  • පන්දුව හොඳින් විසි කරනවා. පන්දුවට හොදින් පයින් පහර දෙනවා.
  • සරල රේඛාවක් ඔස්සේ ගමන් කරන්න පුළුවන්. කකුලේ ඇගිලි තුඩු වලින් ඉන්න පුළුවන්.

ඔබේ දරුවා දැන් පෙන්විය හැකි තවත් අවුරුදු 03 ක් වු සන්ධිස්ථානයක් වන්නේ ඔහුටම ආහාර ගන්න පුළුවන් වීමයි.

ඔහු බොහෝ හැඩි කරනවා. නමුත් මෙය ඔහුගේ කුඩා මස්පිඩු සම්බන්ධීකරණය  චාලක කුසලතා ( Fine motor skills ) දියුණු වන බවට ලකුණක් වෙනවා.

තනිවම ආහාර ගැනීමට කැමති වීම ඔබේ දරුවාගේ  වර්ධනය වන ස්වාධීනත්වයේ ලකුණක් වෙනවා.

එමනිසා, ඔබේ තුන් හැවිරිදි ශූරයා නිවැරදි මාර්ගයේ ඉන්න නිසා ඔබ ඔහුට ආහාර  කැවීම නවත්වන්න.

එසේම මේ වන විට ඔබේ දරුවා  ඩයපර් ඉවත් කිරීමට සූදානම් වෙන්න  පුළුවන්.

මෙය නිශ්චය කර ගැනීම සඳහා “වැසිකිළි භාවිතය සදහා  සූදානම” පිළිබඳ  පහත සලකුණු දෙසත් ඔබ බලා සිටින්න

ඔහු ඔබෙන් වැසිකිළිය පාවිච්චි කිරීමට  විමසා සිටිනවාද ? ඔහු යට ඇඳුම් ඇඳීමට හෝ පිරිසිදු ඩයපර් එකක් ඉල්ලා සිටිනවාද? එසේ නම් නිසි වැසිකිළි පුහුණුව සඳහා කාලය එළඹිලා.

ඉඟි:

  • ඔබේ කුඩා මිනිස් ඩයිනමෝව නිශ්චලව සිටීමට උපදෙස් දීමට ඔබ පෙළඹෙන්න පුළුවන්. එහෙත් ඔහුගේ ළමා කාලයේ හටගන්නා චාලක කුසලතා ප්‍රගුණ කිරීමට ඔහුට ඉඩ දෙන්න.

එය ඔහුගේ හැකියාවන් පිළිබඳ වඩාත් හොඳ සමබරතාවයක් සහ ආත්ම විශ්වාසයක් වර්ධනය කර ගැනීම සඳහා ඔහුට වැදගත් වෙනවා.

  • ඔබේ දරුවාට ගෘහස්ථව නොව එළිමහනේ ට්‍රයිසිකල් පැදීමේ විශ්වාසයක් ඇති කිරීමට   ඔබේ දරුවා  එළිමහනට රැගෙන යන්න.
  • ඔබේ දරුවාගේ ළමා කාලයේ හටගන්නා චාලක කුසලතා ( Gross motor skills ) තවදුරටත් වැඩි දියුණු කිරීම සඳහා විවිධ උස හා පළල පඩි පෙළ වල් ඉහළට හා පහළට ඇවිදීමට පුරුදු කරවන්න.
  • ඔහුට හැකි තරම් තනිවම කෑමට ඉඩ දෙන්න.

ඔබේ දරුවා ආහාර ගන්නා විට ඔහුගේ පුටුවට යටින් ප්ලාස්ටික් ආවරණයක් අතුරන්න. එවිට පිරිසිදු කිරීම කරදරයක්  වෙන්නේ නැහැ.

  • පොටි පුහුණුව එක් රැයකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.  සිරුරේ වැසිකිළි යෑම  සාමාන්‍ය දෙයකි.  ඔබේ දරුවාට නැවත ඩයපර් ඇඳීමට සිදුවේවි. මෙසේ සිදුවුවහොත්, සතියක් හෝ දෙකක් බලා සිට නැවත උත්සාහ කරන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා යම් කුසලතාවන්ගෙන් පසුගාමී බවට ලකුණු ඔබ දුටුවහොත්, ඔහුගේ හෝ ඇයගේ දියුණුව තක්සේරු කිරීමට ඔහු හෝ ඇය වෛද්‍යවරයා වෙත ගෙන යාමට ඔබට අවශ්‍ය වෙන්න පුළුවන්. මෙහි සලකුණු  නම්,

  • ඔබේ දරුවා සමබරතාවයේ හා ඇවිදීමේ යම් දුෂ්කරතාවයකට මුහුණ දෙන්නේ නම්
  • ඔහුට පඩි පෙළට හෝ උස අඩු ගෘහ භාණ්ඩවලට නැගීමට නොහැකි නම්

අවුරුදු 3 දරුවාගේ වර්ධනය - මානසික සංවර්ධනය

මෙම කුසලතා ඔබේ දරුවාගේ මනස වර්ධනය කිරීමට අදාල වෙනවා. කලින් සඳහන් කළ පරිදි, ඔහුගේ පරිකල්පනය මේ වසරේ සම්පූර්ණ දියුණුවක් ලබනවා.

ඔහු තම වටපිටාව තේරුම් ගැනීමට හා දැනුවත් වීමට පටන් ගන්නා විට, ප්‍රශ්න ගොඩාක්  බලාපොරොත්තු වන්න.

ඔබේ තුන් හැවිරිදි දරුවාගේ හැකියාවන් අවතක්සේරු කරන්න එපා. ඔහු නිවස තුල ඔබට උදව් කිරීමට කැමතියි. 

ඒ නිසා ඔවුන්ට වයසට ගැළපෙන වැඩ කිහිපයක් පවරන්න.

“කරුණාකරලා සෙල්ලම් බඩු කූඩයට දමන්න, ” හෝ “කරුණාකරලා ඒ පොත් මෙහි තියන්න” වැනි සරල උපදෙස් ඔහුට දෙන්න.

එවැනි  වැදගත් කාර්යයන් ඔහුට පැවරීමෙන් ඔබ ඔහුගේ ආත්ම අභිමානය ඉහළ නංවන අතර වැදගත් පුරුද්දක් මුල් අවධියේදී පෝෂණය කරනවා.

මානසික  සංවර්ධනය සඳහා අවුරුදු 03 ක් වු නිවැරදි සන්ධිස්ථාන හඳුනා ගැනීම දුෂ්කර වුවත් මෙන්න කිහිපයක්,

  • සරල ප්‍රහේලිකා සම්පූර්ණ කරනවා.
  • පෙර දින සිදුවූ දේ මතකයි.
  • පහට ගණනය කරන්න පුළුවන්.
  • වස්තුන් ගලපනවා.
  • හැඩතල හඳුනා ගන්නවා.
  • සරල විධාන අනුගමනය කරනවා
  • මිනිත්තු තුනක් හෝ පහක් අවධානය යොමු කරනවා.

ඉඟි:

  • ඔබේ කුඩා දරුවාගේ බුද්ධිමය හැකියාවන් පෙර වසර හා සසඳන විට බොහෝ සෙයින් දියුණු වී ඇති නමුත් ඔහුට තවමත් සීමාවන් ඇති බව මතක තබා ගන්න.

නිදසුනක් වශයෙන්, ඔහුගේ අධි ක්‍රියාකාරී පරිකල්පනය නිසා සැබෑව, මවාගත් දේවල් වලින් වෙන් කිරීමට ඔහුට නොහැකි වෙන්න පුළුවන්. ඔහුට තර්කානුකූලව තේරුම් ගැනීමට අපහසු වෙන්න  පුළුවන්. ඒ නිසා ඔබේ පුංචි පැටියා  දෙස බලා සිටින අතරතුර ඔබේ භාෂාව සහ උපදෙස් සරළව භාවිතා කරන්න.

  • ඔබේ දරුවාට සෙල්ලම් කිරීමට, වඩාත් නවීන සෙල්ලම් බඩු විශේෂයෙන් ප්‍රහේලිකා මිලදී ගැනීම ආරම්භ කරන්න.

ඔහුගේ මානසික  සංවර්ධනය නිවැරදි මාර්ගයේ තබා ගැනීමට එය සුදුසුයි.

  • ඔබේ පුංචි දරුවා  සමඟ දෛනික සිදුවීම් ගැන කතා කිරීම  ආරම්භ කරන්න. පෙර දින ඔහු ආහාරයට ගත් හෝ ක්‍රීඩා කළ දේ ඔහුට නැවත මතක්  කරන්න අවස්ථාව දෙන්න. මෙය ඔහුගේ මතකය ඉහළ නැංවීමට උපකාරී වේවි.
  • ඔබ අණ දෙන විට, ඔබේ කුඩා දරුවාට බොහෝ සංකීර්ණ ඒවා ලබා නොදෙන්න.

ඔහුට එය පරිපූර්ණ කිරීමට නොහැකි වු  විට  ඔහු පිඩාවට හා කෝපයට පත්වෙන්න පුළුවන්.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා ප්‍රහේලිකා හෝ ගැලපෙන හැඩතල සම්බන්ධ සියලු ආකාරයේ ක්‍රියාකාරකම් කෙරෙහි උනන්දුවක් නොදක්වන්නේ නම්, විශේෂඥයකු හමුවෙන්න.  

මෙම වයසේ දරුවන්  කුතුහලයට පත්වන අතර යමක් ගැටලුවක්  ඇතැයි  ඔබ සැක කරන්නේ නම් හැකි ඉක්මනින් මෙය පරීක්ෂා කර බැලීම ඉතා වැදගත් වෙනවා.

අවුරුදු 3 දරුවාගේ වර්ධනය - සමාජීය හා හැගීම් සංවර්ධනය

අවුරුදු 03   ක් වු සන්ධිස්ථාන අතර ඔබේ කුඩා දරුවා දැන් ලබා ගත යුතු වැදගත් සමාජ කුසලතා කිහිපයක් තියෙනවා.

මිතුරන් සමඟ සෙල්ලම් බඩු බෙදාගැනීම සහ අවස්ථාව එනතුරු සිටීම වැනි  දේවල් තුලින්  සම වයසේ මිතුරන් සමඟ ඔහු හැසිරෙන ආකාරයෙහි වැඩි දියුණුවක් ඔබ දකින්න  පුළුවන්.

පොදුවේ ගත් කල, ඔබේ පුංචි  දරුවා  වසරකට පමණ පෙර සිටියාට වඩා හොදින්  අන්  අය   සමඟ සම්බන්ධ වේවි.

ඔබේ දරුවාගේ පරිකල්පනය මේ වයසේදී ද අධික ලෙස වර්ධනය  වන අතර, මෙය ඔහු තනිව හෝ අන් අය සමග සෙල්ලම් කරන විට පිළිබිඹු වන බව ඔබට දකින්න පුළුවන්.

කෙසේ වෙතත්,  මේ වයසේ දී ඇඳට යට  රාක්ෂයන් සිටිනවා යැයි දරුවා මවා ගන්නා බැවින් ඒ සදහා පිළියම් සුදානම් කර ගන්න.

ඔබේ තුන් හැවිරිදි දරුවාගේ පෙර තිබු උද්වේගකාරී  හැසිරීම් වලින් ඔබ්බට ඔහු බොහෝ දුරක් පැමිණ  ඇතත් ඉදහිට උද්වේගකාරී හැසිරීම් ඇතිවෙන්න පුළුවන්.

ඊට අමතරව, ඔබේ කුඩා දරුවා කෝපය, ප්‍රීතිය, බිය සහ දුක ඇතුළු හැඟීම් රාශියක් පෙන්වීමට (සහ තේරුම් ගැනීමට) පුළුවන්.

ඔබේ කුඩා දරුවා ඔහුගේ හැඟීම් (සහ අනෙක් අයගේ හැඟීම්) වඩා හොඳින් තේරුම් ගැනීමට පටන් ගෙන ඇති අතර, ඔහු ඒවා පාලනය කරන්නේ කෙසේදැයි තවමත් ඉගෙන ගනිමින් සිටිනවා.

ඔන්න  ඔහු  තරමක් විනෝදජනක දෙයක් ලග හිනාවෙනවාත්, කෝපය ඇති කරන දෙයක් ලග කදුල සලන්නවාත් ඔබට   දකින්න ලැබේවි.

ඉඟි:

  • ඔබේ දරුවා අනෙක් ළමයින් සමඟ කරන අන්තර්ක්‍රියා වලදී වඩාත් සමාජශීලී වුවත් අවුරුදු දෙකේ වු කැරලිකාර ගති තාම තියෙන්න පුළුවන්.

ඒ නිසා ඔබේ අවුරුදු 03  ක් වයසැති දරුවාට  සමහර විට   බෙදාගැනීමට  සහ සෙල්ලම් කිරීමට අවශ්‍ය නැතිනම් පීඩනයට  පත් වෙන්න එපා. ඔහුට මේ දේවල් කරන්න  බල කරන්න එපා.  ඔහු ඒවා තමාගේම කාලයකදී කරාවි.

  • ඔබේ තුන් හැවිරිදි දරුවා තාම උද්වේගකාරීව හැසිරෙන්නේ නම් ඔබ කලබල නොවී එය නොසලකා හැරීම වඩාත් සුදුසුය. ඔබේ කුඩා දරුවා සන්සුන් වූ පසු, ඔහුට බොහෝ ආදරය දෙන්න. ඔහුව හුරතල් කරන්න.

ඔබට ගැලපෙන විනය ක්‍රමවේදයක් තීරණය කිරීම ඔබ සතු වුවත්, ඔබ කරන දෙය ගැන  සහතික කරන්න.

  • එක් එක් හැඟීම්වල තේරුම කුමක්ද සහ ඔහුට ඒවා ජය ගත හැක්කේ කෙසේද යන්න පැහැදිලි කිරීමෙන් ඔබේ දරුවා විවිධ ආකාරයේ හැඟීම් වලට නිරාවරණය කරන්න.

ඔහු එම සංකල්පය ක්ෂණිකව ග්‍රහණය කර නොගත්තද නව හැඟීමක් ඔහුට දැනුන විට අවම වශයෙන් ඔහුට පරාජීය හැගීමක් දැනෙන එකක් නැහැ.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවා නොසංසුන් ලෙස හැසිරෙන්නේ නම් සහ අතිශය දුකක් හෝ කෝපයක් ඔහුට දැනෙයි නම්
  • ඔබේ දරුවා සමාජ විරෝධී හෝ අස්වාභාවික ලෙස නිහඩ බවක් පෙනේ නම්

අවුරුදු 3 දරුවාගේ වර්ධනය - කථනය හා භාෂාව සංවර්ධනය

ඔබේ දරුවා තවම වැඩිපුර කතා කරන්නේ නැතිනම්  ඕනෑවට වඩා කරදර වෙන්න එපා. ඉදිරි මාස කිහිපය තුළ ඔබ මෙහි විශාල වෙනසක් දකිවි.

ඔබේ කුඩා දරුවාට දැනට කියන්න පුළුවන් දේවල්

  • ඔහුගේ නම සහ වයස
  • සරල ප්‍රශ්න වලට සරල පිළිතුරු
  • කතන්දර
  • සරල ප්‍රශ්න

ඉඟි:

  • ඔබේ දරුවා සමඟ වැඩිපුර කතා කරන්න. ළදරු භාෂාව කතා කිරීමෙන් වළකින්න.
  • මිතුරන් හා පවුලේ අය සමඟ පිටතට යන විටදී පවා දරුවන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දී  ඔබේ දරුවා දිරිමත් කරන්න. ඔබේ දරුවා වැඩිපුර කතා කරන්නේ නැත්නම් ඔහුට බල කරන්න එපා. අවශ්‍ය විටදී ධෛර්යමත් කරන්න.  නමුත් ඔහුට මුලින් අපහසුතාවයක් දැනේ නම් ඔහුට  විනෝදයෙන් කතා කරන්න  ඉඩ දෙන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවාගේ කථන සංවර්ධනය ගැන ඔබ කනස්සල්ලට පත්ව සිටී නම්, ඔබේ මනස සැහැල්ලු කර ගැනීම සඳහා ඔබේ ළමා රෝග විශේෂඥ  වෛද්‍යවරයා හමුවන්න. මෙම සලකුණු ගැන විමසිලිමත් වෙන්න.

  • ඔබේ දරුවාට වාචික නොවන සන්නිවේදනය අර්ථ නිරූපණය කිරීමට නොහැකි නම්
  • අන් අය අක්ෂි සම්බන්ධතාවය පවත්වන්න අකමැති නම්

අවුරුදු 3 දරුවාගේ වර්ධනය - සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

අවුරුදු 03 ක් වයසැති දරුවාගේ උස සෙන්ටිමීටර 88.7 සිට 103.5 ක් පමණ වන අතර බර කිලෝග්‍රෑම් 11.3 සිට 18.3 දක්වා වෙනවා.

ඔබේ දරුවාට වයස අවුරුදු තුනක් වී ඇති හෙයින්, ඝන ආහාර ගන්නා අතර කැල්සියම් ප්‍රමාණය වැඩි කිරීම සඳහා කිරි අතිරේකව ලබා දෙන්න.

ඔහුගේ පෝෂණ අරමුණු සපුරාලීම සඳහා ඔහු පරිභෝජනය කළ යුතු දේ පොදු දේවල්  මෙන්න.

පෝෂ්‍ය පදාර්ථය දිනපතා අවශ්‍ය  ප්‍රමාණය ඔවුන්ට දෙන විදිය
කැල්සියම් සහ විටමින් ඩී 700 මිලිග්‍රෑම් සහ විටමින් ඩී 600 IU (ජාත්‍යන්තර ඒකක) සම්පූර්ණ මේද   කිරි කෝප්ප 2
යකඩ මිලිග්‍රෑම් 7 කුඩා හරක් මස්  බෝල 4 සමග ස්පැගටි, බිත්තරයක් හෝ බේක් කළ බෝංචි සහිත කුඩා කුකුළු මස් සැන්ඩ්විච්

 

විටමින් සී    දිනකට මිලිග්‍රෑම් 400 ට වඩා තක්කාලි ඉස්ම කෝප්පයක් ස්පැගටි වලට සෝස් ලෙස හෝ දොඩම් ගෙඩියක් හෝ පොඩි ස්ට්‍රෝබෙරි කෝප්පයක් ලෙස

එන්නත් සහ පොදු රෝග:

මෙම වයසේදී, ඔබේ දරුවාට මේ වනවිට ලබා දි තිබිය යුතු  එන්නත්

  • කක්කල් කැස්ස, ඩිප්තෙරියා, පිටගැස්ම (DTaP ) මාත්‍රාවන් හතරක්
  • අක්‍රීය කළ පෝලියෝ (අයිපීවී) හි මාත්‍රාව තුනක්
  • හේමොෆිලස් ඉන්ෆ්ලුවෙන්සා බී (හිබ්) එන්නත් මාත්‍රාව තුනක් හෝ හතරක්
  • සරම්ප, කම්බුල්ගාය සහ රුබෙල්ලා (MMR) එන්නත් මාත්‍රාවක්
  • හෙපටයිටිස් එන්නත (HBV) මාත්‍රා තුනක්, පැපොල එන්නත් මාත්‍රාවක්
  • රොටා වෛරස් එන්නත මාත්‍රා දෙක, තුනක් (RV)
  • නියුමොකොකල් කන්ජුගේට් එන්නත (PCV, PPSV) මාත්‍රා හතරක්
  • හෙපටයිටිස් එන්නත (HAV) මාත්‍රා එකක් හෝ දෙකක්
  • උණ එන්නත (වාර්ෂිකව )

අවධානය යොමු කළ යුතු පොදු රෝග නම්  උණ, පැපොල,  සරම්ප, කම්බුල් ගාය හා ආහාර අසාත්මිකතාවන් ය.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවාගේ බරෙහි හදිසි වෙනසක් ඔබ දුටුවහොත් එය සැලකිලිමත් වෙන්න.
  • මේ වයසේදී උණ ඇතිවීමද බරපතල දෙයකට හේතු වෙන්න පුළුවන්, එබැවින් ඔබේ කුඩා දරුවාගේ උණ දිගටම තිබේ නම් නම් හෝ වේදනාවක් ගැන කියන්නේ නම් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.

 

මීලඟ ලිපියෙන්  පෙර පාසැල් ළමා  සංවර්ධනය  අවුරුදු 3  මාස 01

 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

 

පරිවර්තනය: නදීශා ලක්මිණි

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
  • /
  • අවුරුදු 3ක් වයසැති දරුවා – මුල් ළමා සංවර්ධනය
බෙදාගන්න :
  • අවුරුදු 2 මාස 3 ළමා වර්ධනය පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 2 මාස 3 ළමා වර්ධනය පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 3යි මාස 3ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 3යි මාස 3ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 2 මාස 3 ළමා වර්ධනය පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 2 මාස 3 ළමා වර්ධනය පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 3යි මාස 3ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 3යි මාස 3ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it