theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අවුරුදු 3යි මාස 10ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

8 අවම කියවීම
අවුරුදු 3යි මාස 10ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනයඅවුරුදු 3යි මාස 10ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

ඔහු තව ටික දවසකින් ලොකු පොඩ්ඩෙක්.  ඔබේ අවුරුදු  හතරකට ආසන්න දරුවා මේ මාසයේ කරන්නේ කුමක්ද?

වයස අවුරුදු 3 මාස 10 ළමා වර්ධනය: ඔවුන් ඉක්මනින්ම ඔබේ උණුසුමින් ඈතට ඉගිල යාවි නේද?,  ඔබේ අවුරුදු 03 සහ මාස 10  ක් වයසැති දරුවා  ( මාස 46) දෙස  බලන්න. ඔහු වේගයෙන් වැඩෙනවා නේද?

වයස අවුරුදු තුනත්  හතරත්  අතර,   පුදුම සහගත පරිකල්පනයක් ඔබේ කුඩා දරුවා  සතු වෙනවා.

මෙම කාලය තුළ ඔහු බොහෝ පැතිවලින් පරිණත වෙනවා දැකීමෙන් ඔබට සතුටක් ලැබේවි. ඔහුගේ ඊලග වර්ධනයන් ගැන දැනුවත් වෙමු.

වයස අවුරුදු 3 මාස 10 ළමා වර්ධනය -  ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?

අවුරුදු 03 මාස  10 පෙර පාසැල් ළමා සංවර්ධනය - ශාරීරික සංවර්ධනය

මේ යුගයේදී ඔබේ දරුවාගේ ක්‍රීඩා කුසලතා වේගයෙන් වර්ධනය වෙනවා.  අවුරුදු 03 මාස  10 ක් වයසැති දරුවෙකුට තත්පර පහක් දක්වා තනි කකුලෙන්  හිටගෙන  ඉන්නත්,  පනින්නත් පුළුවන්.

ඔබේ දරුවාට අම්මාගේ වැඩි උදව්වක්  නැතිව පඩිපෙල නගින්න හා බහින්න  පුළුවන්. එහෙනම් ඔබට දැන් පුංචි විවේකයක් ගත හැකි වේවි නේද?  සෑම පියවරක් ගානේම  ඔබට උදව් කරන්න බැරිවේවි.

ඒත්  දරුවාගේ ස්වාධීනත්වය වර්ධනය වන අයුරු  දැක ඔබට ආඩම්බර වෙන්න  පුළුවන්. ඒ නිසා ටිෂු ටිකක් ඔබේ  ලගින් තියාගන්න. එය ආදරණීය මතක් කිරීමක් පමණි

ඔවුන්ගේ චලන කුසලතා  අවධානය  යොමු කළ යුතු තවත් සංවර්ධන අංගයකි.  

බෝලය වටේටම යන්න පයින් ගැසීම හා එය උරහිස්සට උඩින් වීසි කිරීම් ඔබේ පෙර පාසල් දරුවාට තව දුරටත් අභියෝගයක් නොවේ.

ඔබ එය හිතන්නත් කලින්, ඔබේ දරුවාගේ ඉක්මන් චලනයක් වළක්වන්න ඔබට අවශ්‍ය වෙන්න  පුළුවන්. ඔහුගේ නව දක්ෂතා කුසලතාවන් සමඟ ඔහුට දැන් ඉදිරියට හා පසුපසට පහසුවෙන් ගමන් කරන්න පුළුවන්.

එපමණක් නොවේ. ඔබේ කුඩා දරුවාගේ චලන කුසලතා වැඩි දියුණු වීම ගැන ඔබ පුදුම වේවි. මේ වයසේදී ඔබේ දරුවා චතුරස්‍ර හැඩයන් කැපීමට හා කතුර භාවිතා කිරීමට දක්ෂ බව ඔප්පු කරාවි.

තම දරුවන් රවුම්, චතුරස්‍ර සහ ශරීර කොටස් දෙකක් හෝ හතරක් ඇති මිනිස් රූප අදිනු දෙමාපියන්ට දැකගන්න  පුළුවන් වේවි.

දෙමාපිය ඉඟි:

  • ඔහුගේ නව ශාරීරික වර්ධනයන් සමඟ, බට්ටා පැනීම (hopscotch) වැනි ඔබේගේ පුංචි කාලයේ ප්‍රියතම සෙල්ලම් නිදහසේ  ඔහුට හඳුන්වා දෙන්න   දැන්  ඔබට    පුළුවන්. දෙදෙනාම සෙල්ලම් කර ගුණාත්මකව   කාලයක් එකව ගත කරන්න.
  • පැසිපන්දු අත්හදා බැලීම් ආරම්භ කරන්න  මේක හොඳ කාලයක්,  දැන් ඔබේ දරුවාට බොහෝ විට බිම වැදී එන බෝලයක් අල්ලා ගන්න පුළුවන්. 
  • බාස්කට්බෝල් කොටස ගැන  අපි විහිලු කලත්  බිම වැදී එන බෝලය ඔබේ අවුරුදු හතරකට ආසන්න දරුවා සදහා හොද  ප්‍රහාරයක්  වේවි.
  • ඔබේ වැඩෙන පුංචි සිත්තරාට චිත්‍ර අදින්න අවැසි දේවල්  වැඩිපුර  දෙන්න. හැබැයි මතක සටහන් එකතු කර ගන්න අමතක කරන්න එපා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

සියලුම ළමයින්    වර්ධනය වෙන්නේ වෙනස් ආකාරයකින් හා තමන්ගේම වේගයෙකිනි. නමුත් වයස අවුරුදු තුනත් හතරත් අතර ඔබ දරුවා ඉහත ක්‍රියාකාරකම්  සම වයසේ ළමයින් මෙන් නොකරන බව ඔබ දුටුවහොත්, ඔබ ඔබේ පවුලේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න.

වයස අවුරුදු 3 මාස 10 ළමා වර්ධනය- මානසික සංවර්ධනය

මේ වයසේදී ඔබේ පොඩ්ඩාට දේදුන්නක් දිහා බලන්නත්,  එහි සියලු ලස්සන වර්ණ   නිවැරදිව නම් කරන්න පුළුවන්.

සැබෑව හා මවාගත් දේ තුල වු කටයුතු වල නිරත වීම මේ වයසේ දී විශාල ලෙස සිදුවේ.

බොහෝ දුරට,  තම දරුවන් සතුටින් ප්‍රශ්න අසන අයුරු හා ඔවුන්ගේ ප්‍රියතම පොත්වල දේවල් පෙන්වා දෙන අයුරු  දෙමව්පියන්ට ඇහෙනවා.

තවද ඔබට, ප්‍රියතම කොටසක් කියවීම අමතක වුවොත් එය අනිවාර්යයෙන්ම ඔබට මතක් කරන්නෙක් ඉන්න බව මතක තබා ගන්න.  ඔබේ දරුවාගේ මතකය ලෝකය කෙරෙහි වු ආකර්ෂණීය  හැඟීමක් එක්කම  වර්ධනය වෙනවා.   

"කවුද" "කුමක්ද" සහ "ඇයි" යන ප්‍රශ්න රැසකින් ඔබ වැසි යන කාලය  මෙයයි.

 ඔබේ  දරුවාට කාලය පිළිබඳ පැහැදිලි හැඟීමක් ඇති බවත්  එකම හා වෙනස් යන  සංකල්පය තේරුම් ගත හැකි බවත් දෙමව්පියෙක් ලෙස ඔබට වැටහේවි. ඊට අමතරව, ඔබේ දරුවාද තමන් ගැන හැඟීමක් ඇති කර ගන්නවා.

ඔබේ මනස සහ ඔහුගේ මනස දෙකක් බව ඔහු දැන් තේරුම් ගන්නවා. ඔහුට දැන් තනි දෘෂ්ටි කෝණයකින් ගැටලුවකට එළඹෙන්න  පුළුවන්.

දෙමාපියන්ට  ඉඟි:

  • මෙම අවස්ථාවෙහිදී ඔබේ දරුවාගේ පරිකල්පනය හා නිර්මාණශීලිත්වය පෝෂණය කිරීම සඳහා කලාත්මක උත්සාහයන් සදහා අවස්ථා ඔවුන්ට ලබාදෙන්න.
  • නින්දට යාමේදී සහ එකට සිටියදී පවා ඔබේ දරුවාට පොත් කියවීම දිගටම කරන්න. ඔබේ දරුවාට තනිවම සරල පොතක් කියවන්න පුළුවන්.
  • ඒ නිසා දීප්තිමත් පින්තූර සහ පහසු වචන ඇති පොත් ලබා දෙන්න. ඔබේ ආදරණීය දරුවාගේ කියවීමේ හැකියාව දෙස බලාසිටින්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා මවාගත් සෙල්ලමක නිරත නොවන බව, ඔබෙන් වෙන්වීමට අපහසුතාවයක් තිබීම හෝ ඉහත ලැයිස්තුගත කර ඇති ක්‍රියාකාරකම් කිරීමේ දුෂ්කරතා පෙන්නුම් කරයිද?

මේ ගැන ඔබට යම් ගැටළුවක් ඇත්නම් ඔබේ පවුලේ වෛද්‍යවරයා සමඟ කතා කළ යුතුය.

වයස අවුරුදු 3 මාස 10 ළමා වර්ධනය - සමාජීය හා හැගීම් සංවර්ධනය

ඔබේ දරුවා පෙර පාසලට පිවිසෙත්ම, සෙල්ලම් කිරීම ඔවුන්ගේ සමාජ හා හැගීම් කුසලතා වර්ධනය කිරීමේදී  වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා.

මෙම මාසය වන විට, ඔබේ දරුවා ලෝකය කෙරෙහි උනන්දුවක් දක්වන බව පේනවා.  ඔහු නව අත්දැකීම් ගැන කුතුහලයෙන් පසුවෙනවා.

මේ කාලයේදී මිතුරන් ඇති කර ගැනීම, කුඩා කණ්ඩායම් ලෙස සමාජගත වීම සහ බෙදාහදා ගන්නා ආකාරය ඉගෙන ගැනීමට ඔහු ප්‍රිය කරනවා. ඔබේ දරුවාට විනෝද වීමට ක්‍රීඩා දින සුදානම් කරන්න.

ඇතැම් කාර්යයන්හි දී දෙමාපියන්ගේ උදව් ප්‍රතික්ෂේප   කිරීම මගින් සංවේදනය සහ වර්ධනය වන ස්වාධීනත්වය ද ඔහු ප්‍රදර්ශනය කරනවා.

මෙය ඔහුගේ කමිසය බොත්තම් දැමීමේ සිට ඔහුගේ සපත්තු ලේස් ගැටගැසීම හෝ වැසිකිළිය භාවිතා කිරීමෙන් පසු ඔහුව සේදීම වැනි ඕනෑම දෙයක් වෙන්න  පුළුවන්.

අලුතින් එක් වු රංගනයේ වැඩි වීමක් මෙම අදියරේදී දකින්න පුළුවන්. මේ අවස්ථාවේ දී ඔහු මවා ගත් මිතුරන්  කතා කරනවා  ඇසීම සාමාන්‍ය දෙයකි.

ඔබේ දරුවා අනෙකාගේ හෝ ඔහුගේ පෞද්ගලික අවයව කෙරෙහි කුතුහලයක් දක්වන්නේ නම්, මෙය සංවර්ධනයේ දී සාමාන්‍යයි.

අවුරුදු 03 මාස  10    දී ළමයින් ළමා ලිංගික හැසිරීම් ප්‍රදර්ශනය කිරීමේ ස්වභාවික ප්‍රවණතාවක් තියෙනවා.

දෙමාපියන්ට  ඉඟි:

ඔබේ අවුරුදු 03 මාස  10   ක් වයසැති දරුවාට සැබෑ දේ සහ මවාගත් දේ අතර වෙනස හඳුනා ගැනීම සමහර විට දුෂ්කර වෙන්න පුළුවන්. එය මතක තබා ගන්න. 

ඔහු ඔබෙන් වැදගත් ප්‍රශ්න අසාවි. නැතිනම් සැබෑව  පිළිබඳ ඔහුගේ අවබෝධය ගැන පැහැදිලි කිරීමක් සොයාවි.  එසේ කිරිමේදී  ඔහු නොසලකා හරින්න එපා. ඔවුන්ගේ විමසීම් සඳහා සරල තොරතුරු ලබාදෙන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

අභියෝගාත්මක හැසිරීම් (පාලනයකින් තොරව පහර දීම), අනෙක් දරුවන් නොසලකා හැරීම හෝ සරල කාර්යයන්ට විරුද්ධ වීම සැලකිලිමත් විය යුතු සමහර සලකුණු  වෙනවා.  ඔබේ දරුවා ගැන සැලකිලිමත් වන්නේ නම් වෛද්‍යවරයෙකුගෙන් විමසන්න.

වයස අවුරුදු 3 මාස 10 ළමා වර්ධනය - කථනය හා භාෂාව සංවර්ධනය

පුංචි පුංචි කතා ගොඩාක් ඇහෙන කාලයයි මේ.

ඔබ වඩාත් නිහඩව ඉන්න කැමති කාලයක් වෙන්න පුළුවන්. නමුත් අවුරුදු 03 මාස  10   දී, ඔබේ දරුවාගේ භාෂා කුසලතා වර්ධනය වෙමින් පවතින අතර, ඒ ගැන ඉතා උද්යෝගිමත් වන්න ඔබට බොහෝ දේ තියෙනවා.

ඔහු තම දෙමව්පියන්ගේ කතාබහට සියල්ල ග්‍රහණය  කරගන්නා අතර වචන තුනක් හෝ පහක් අමුණා වාක්‍ය තනන්න ඔහුට  පුළුවන්. බොහෝ අවස්ථාවන්හිදී, ඔහුට අවශ්‍ය දේවල් සන්නිවේදනය කරන්න  ඔහුට පුළුවන්.

ඔබේ දරුවාට සංකීර්ණ වාක්‍ය සහ ව්‍යාකරණ  හොඳ හසුරුවන්න පුළුවන්.  නමුත්  ඔහුට සමහර විට මේ  වයසේදී  සමහර  ශබ්ද ගැටලුවක් වෙන්න පුළුවන් (s, r, z, th, v, f)

ඔබම කතන්දර කියනවා  ඔබේ දරුවා  ඇහුම්කන් දෙනවා වෙනුවට, ඔහුව  තමාගේම දේවල්  පැවසීමට යොමු  කරන්න. 

ඔහු විහිළුවක් හෝ දෙකක් කියනු ඔබට ඇසේවි.

දෙමාපියන්ගේ  ඉඟි:

  • සංගීතය සහ සුදුසු වීඩියෝ ඔවුන්ගේ සංවර්ධනයට උපකාරී වන හොඳ මාධ්‍යයක් වෙනවා.
  • කථනයේදී විශ්වාසය වැඩි කිරීම සඳහා කවි සහ රිද්ම එකට කියවන්න.
  • මේ අවස්ථාවේ දී ඔබේ දරුවා උත්තේජනය කිරීම සඳහා දිරිගැන්වීම් සහ ප්‍රශංසාවන් ලබා දෙන්න. 
  • ආදරයෙන්  යම් සීමාවන් පැනවීමට හා ඒවා බලාත්මක කිරීමට සූදානම්ව වෙන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා ඉවත්වීම, ආක්‍රමණශීලී වීම හෝ කනස්සල්ලේ සලකුණු පෙන්නුම් කරයි නම් ඔබ වෛද්‍යවරයා හමුවෙන්න. 

වාචික උපදෙස් පිළිපැදීමට හෝ සරල වාක්‍ය සැකසීමට නොහැකි නම්   කථන දුෂ්කරතා සම්බන්ධයෙන්  සැලකිලිමත් වීම සදහා  ඒවා අවශ්‍ය තවත් කාරණා වෙනවා.

වයස අවුරුදු 3 මාස 10 ළමා වර්ධනය - සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

අවුරුදු 03 මාස  10     දරුවෙකුට විවිධ සෞඛ්‍ය සම්පන්න ආහාර රස විදින්න පුළුවන්.

මෙම අවස්ථාවෙහිදී, ඔබේ දරුවා රස අංකුර බොහෝ දුරට වර්ධනය වී  ඇති අතර ඔහු  බ්‍රොකොලි වැනි ඔහු අකමැති රසයන් ඇති ආහාර  සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න  කරන්න පුළුවන්.

ඔබේ දරුවා ඔහුගේ පෞරුෂය වර්ධනය වන විට,  ඔහුගේ මතයද වර්ධනය වෙනවා.

එක ආහාරයක් දින ගණනක්  එක දිගට ඔහු ඉල්ලා සිටින්න පුළුවන්. නැතහොත්  කලින් කැමති ආහාරයක් ගැනීම එකපාරටම  ප්‍රතික්ෂේප කරන්න පුළුවන්.

මෙම වයස් කාණ්ඩයේ ළමුන් සඳහා මෙම හැසිරීම සාමාන්‍යයි.

ඔහුගේ ආහාර වේල සමබරව හා සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීම සඳහා, සෑම ආහාර වේලකටම ආහාර කාණ්ඩ හතරෙන්ම සපිරි ආහාර ලබා දෙන්න.

මේ ආකාරයෙන්, ඔහු කෑම කවන්න අසීරූ දරුවෙක් වුවද, ඔහුගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීමට ඔබට තවමත් හැකිවේවි. 

විවිධ ආහාර සඳහා රසයක් වර්ධනය වීම  ජීවිත කාලය පුරාම සිදුවන ක්‍රියාවලියක් බව සමහරු කියනවා.

මෙම මාසය සදහාත් එන්නත් නැහැ. නමුත් ඔබේ ළමා රෝග විශේෂඥ  වෛද්‍යවරයා සමඟ නැවත ඒ සම්බධයෙන්  පරීක්ෂා කරන්න.

උණ එන්නත් ලබා දීමට ඇත්නම් එය ලබාදෙන්න.

සෙම්ප්‍රතිශ්‍යාව, කණේ ආසාදන, පැපොල, සරම්ප, කම්බුල්ගාය, රුබෙල්ලා, කකුල් කැස්ස මෙන්ම ක්‍රූප් මෙම වයස් සීමාව තුළ ඇති වන පොදු රෝගාබාධ වෙනවා. වයස අවුරුදු පහට අඩු ළමයින් ක්‍රූප් බහුලව වැළදෙනවා. 

මේ නිසා ඔබේ කුඩා දරුවාට හුස්ම ගන්න අපහසු වෙනවා. ඒ නිසා ඔබේ දරුවන් ගැන විමසිල්ලෙන් සිටින්න.

ඔවුන් කහිනවා ඇසුනොත් වෛද්‍යවරයා වෙත ගෙන ‍යන්න.

 මෙම කාල පරිච්ඡේදයට  “වේගයෙන් වර්ධනය වන විය” ලෙස හඳුන්වන්නේ ඇයි කියා ඔබට තේරුම් ගන්න පුළුවන් වේවි. 

මෙම කාල පරිච්ඡේදයේදී ළමයින් සාමාන්‍යයෙන් වසරකට කිලෝග්‍රෑම් 2 ත් 3 ත් අතර ප්‍රමාණයක් බර වැඩි කරගන්න. මේ අතර වසරකට සෙන්ටිමීටර 5 ත් 8 ත් අතර ප්‍රමාණයකින් උස වැඩි කර ගනී.

ඔන්න දැන්  ඔබේ පුංචි  පැටියාට   අලුත් සපත්තු, ඇදුම් ගේන්න කාලේ ඇවිල්ලා.

දෙමාපියන්ට ඉඟි:

  • ඔබේ දරුවාට ඔහුගේ ආහාර වේල කවාගන්න අපහසු නම්, ඒ සම්බධයෙන් පමණට වඩා ක්‍රියා කිරීම හෝ ඔවුන්ට කෑම සදහා  බල කිරීම නොකරන්න.
  • ඔහුට විවිධ ආහාර දිගටම දෙන්න. ඔහු යම් ආහාරයකට පුරුදු වීමට නම් එය 15-20 වාරයක් ලබාදෙන්න වෙනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

බර අඩු වීමක් හෝ ‍රෝගී වීමක්  පිළිබඳ  සලකුණක්  ඔබ දුටුවහොත් වහාම වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගන්න.

ඔබේ අවුරුදු 03 මාස  10  ක් වයසැති දරුවා සැමවිටම ඔබේ ප්‍රීතියේ උල්පත  වේවි.

ඔහු මිතුරන් ඇති කර ගැනීම, චිත්‍ර ඇදීම, හැමතැනම  පැනීම හා අලුත්  ආහාර සොයා ගැනීම නැරඹීමෙන් සතුටක් ලබන්න.

මෙම මතකයන් දිනෙන් දින එකතුකර ගනිමින් එය ආදරයෙන් හදවතට තුරුල් කර ගන්න.

 

මීලඟ ලිපියෙන්  පෙර පාසැල් ළමා  සංවර්ධනය  අවුරුදු 03 මාස  11

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

 

පරිවර්තනය: නදීශා ලක්මිණි

 

 

 

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
  • /
  • අවුරුදු 3යි මාස 10ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය
බෙදාගන්න :
  • අවුරුදු 3යි මාස 3ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 3යි මාස 3ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 3යි මාස 2ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 3යි මාස 2ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 3යි මාස 3ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 3යි මාස 3ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 3යි මාස 2ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 3යි මාස 2ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it